ගැහැණු දරුවෙකුගේ ජීවිතය බොහොම තීරනාත්මකයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව යම් කල වයසකට පත් වුනාම රැකියාවක් කිරීම සමගම විවාහයත් ඉක්මන් වෙනවා. ඒ නිසාම ඇය අදාල වයසේදී විවාහ වෙනවා. එයින් අනතුරුව විවාහය සමග රැකියාවත් ගලපා ගෙන යම් දුරක් ගියත් දරුවන් ලැබීමත් සමග ඒ වෙනුවෙනුත් යම් යම් ගැටලු ඇති වෙනවා. දරුවන් හදා වඩා ගෙන නිවසේ නතර වෙන්න තීරණය ගන්නා නමුත් , පවුලේ ආර්ථිකයට යම් අන්දමකින් සවියක් වීමටත් ඇය බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අද වෙන විට කාන්තාව වූ කලී දරු මල්ලන් රැක බලාගෙන පවුලේ ආර්ථිිකයටත් යම් දායකත්වයක් ලබා දෙන චරිතයක් බවට පත් වී සිටිනවා. අද එවැනි කාන්තාවක් ගැන අපි කථා කරමු. ඉතින් ඒ ගැන ඇගේ වචනයෙන්ම ඇහුවොත්,
මගේ නම ඉනෝකා ගලපිටගෙදර. මම මුලින්ම පාසල් ගියේ අපේ ගෙදර ළගම තිබෙන පො/ කොහොඹ දමන කණිෂ්ට විද්‍යාලටයි. මගේ පියා සුළු වෙළඳාම් සහ ගොවිතැන් කටයුතු කළ කෙනෙක්. ඊට පසුව මම 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවා. මම උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් හැදෑරුවා. උසස් පෙළ අවසානයෙන් පසුව රැකියාවක නිරත වීම කාගේත් බලාපොරොත්තුව බව ඇත්ත. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා මම සුලු සුළු රැකියාවන් කළා. ඉතින් මමත් ඒ විදිහටම උසස් පෙළ අවසාන වී ඇගලුම් කර්මාන්තශාලාවක රැකියාවකට සම්බන්ධ වුණා. මම ඒ ආයතනයේ coordinator කෙනෙක් එහෙම නැත්නම් සම්බන්ධීකාරක තනතුරක සේවය කරනවා.

■ විවාහයටත් කාලය ආවා…
මේ විදිහට රැකියාව කර ගෙන ඉන්න අතරතුර විවාහය ගැනත් හිතන්න වුණා. මටත් අදාල වයසේදී විවාහ වෙන්න වුණා. විවාහයෙන් පසුව රැකියාවත් විවාහයත් ගලපා ගෙන ගියත් දරුවා ලැබුනාට පසුව නම් මට සේරටම වඩා දරුවා හදා වඩා ගැනීම වටිනා බව හිතුනා. ඒ නිසා මම රැකියාවෙන් අයින් වෙලා නිවසේ නැවතී දරුවා බලාගෙන ඉනන් තීරණය ගතතා.
■ කාලයෙන් ප්‍රයෝජන ගන්න හිතුවා…
දරුවා ටික ටික ලොකු වෙනවා. ඊටත් මට ඉන්නෙත් දුවක්. දුවක් හැඩ කරන්න හැම අම්මා කෙනෙක්ම ආසයි. මම විසිතුරු කොණ්ඩ කටු හදන්න හිතුවා. මගේ දෝනි හැඩ ගන්වන්න මම ආසයි වගේම අනිත් අම්මලාත් දියණිවරුන්ගේ හැඩ වැඩ දකින්න ආසයි.
දුවගේ වැඩ කටයුතු අවසාන වුනාම මට කාලයත් දැන් තිබෙනවා. මේ කාලයෙන් ප්‍රයෝජන අරගෙන කුමක් හෝ ව්‍යාපාරයක් කරන්න මම හිතුවා. මම විවිධ ව්‍යාපාර ගැන හිතුවා. අත්හදා බැලුවා. නමුත් මගේ හිත නැවතුන තැනක් තවම ඇති වුනේ නැහැ.
■ ලස්සන කොණ්ඩ කටු ගැන…
මේ අතර සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට කොණ්ඩ කටු , සෙරෙප්පු වගේ දේවල් අලංකාර ලෙස හැඩ කරන්න හිතුවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ වෙනුවෙන් තියෙන තොරතුරු පරිශිීලනය කළා. මේවා හදන්න අමුද්‍රව්‍ය ඕන… ඒවා ගන්නේ කොහොමද….? මේ සේරම මම හෙව්වා.
අන්තිමේදී මම හාපුරා කියලා කොන්ඩ කටු 12 ක් අරගෙන එවා යුගල විදිහට ජෝඩු හයකට සකස් කළා. මේ කොණ්ඩ කටු විසිතුරු කරන්න මම වූල් වලින් ලසස්න හා පටවු, මහ විවිධ හැඩතල හදලා ඒවායේ ඇලෙව්වා. ඇත්තටම ඒ කොන්ඩ කටු මම හිතුවටත් වඩා ලස්සනට හැදුනා.
ඔන්න ඔය විදිහට තමයි මගේ ව්‍යාපාරය පටන් ගත්තේ…ඉතින් මම මේ කොණ්ඩකටුවල ඡායාරූප අරගෙන ඒවා මගේ face book ගිණුමේ දැම්මා. ඒවා දැකපු කෙනෙක් මගේ කොණ්ඩකටු මිළට ගත්තා. මට හරිම සතුටක් ඇති වුණා. දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඇනවුම් ලැබෙනවා. තෑගි දෙන්නත් මගේ කොණ්ඩ කටු ගන්න අය ඉන්නවා.


■ මහා පරිමාණයෙන් නොවුනත් ඔබට යම් ලාබයක් තිබෙනවාද..?
ඔව් ඇත්තටම මට ලොකුවට නොවුනත් සතුටුදායක ආදායමක් ලැබෙනවා. ඊටත් වඩා මම හරිම තෘප්තිමත්. මගේ දරුවත් බලාගෙන, ගෙදර දොර වැඩ ටිකත් කර ගෙන සැමියාටත් ආර්ථික වශයෙන් යම් ශක්තියක් ලබා දෙන්න මට දැන් හැකියාවක් තිබෙනවා. ඒ සතුට මට වටිනවා.
මම තවම ව්‍යාාපර ක්ෂෙත්‍රයේ ආධුනිකයෙක්. නමුත් මම මේ ව්‍යාපාරය සමග ඉදිරියට යනවා. මගේ අධිෂ්ඨානය එයයි. මගේ සැමියා මේ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මට ඒක ලොකු හයියක්. එහෙම ශක්තියක් නොලැබුනා නම් මට මේ විදිහට ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
■ ඔබේ අනාගත අපේක්ෂාව….
මගේම කියලා විසිතුරු භාන්ඩ අලෙවි කරන වෙළඳසැලක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. ඉතින් අනාගතයේදී ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම මගේ අපේක්ෂාවයි.
එහෙමනම්….පුංචිවට පටන් ගත් ඉනෝකාගේ පුංචි ව්‍යාපාරය අනාගතයේදී විශාල ව්‍යාපාරයක් විදිහට අපට ුඇස ගැටෙන දිනයක් උදා වේවා යැයි Colombo Journal වෙනුවෙන් ඇයට සුබ පතමු.
සටහන –
සිල්වා, සී
