2024 මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් දේශීය සම්පත් රටේ ආර්ථිකය කරා යොමු කරවමින් ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ හා සේවා සැපයීමට අදාළව කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය ඇගයීම හා නිෂ්පාදන අලෙවිය සඳහා පහසුකම් සැලසීම උදෙසා සංවිධානය කරනු ලබන ලිය ශක්ති 2024 නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ මෙම මස 06 හා 07 දිනයන්හි පෙ.ව. 9.00 සිට දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අත්කම් නිෂ්පාදන, රෙදිපිලි හා ඇඳුම් පාවහන් ඇතුළු නිෂ්පාදන රැසක් පහසු මිලට මිලදී ගැනීමට ජනතාවට මෙමගින් අවස්ථාව හිමිවන බව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කරයි
