අද මම අරන් ආවේ ලොකු පොඩ්ඩොයි පොඩි පොඩ්ඩොයි දෙගොල්ලොම මාර ආසාවෙන් මේ දවස්වල කතා වෙන Stitch ගෙ Live ඇනිමේශන් Movie එක. Movie එකේ නම Lilo & Stitch මේක Live Action Movie එකක් උනාට ලොකු පොඩි හැමෝම පිස්සු වට්ටපු චරිතයක් විදියට අද වෙද්දි Stitch ව හදුන්වා දෙන්න පුලුවන්. ඇත්තම කියනවනම් මේ වෙද්දි ලොව පුරා මේ Stitch ගේ Soft Toys හා වෙළඳ භාණ්ඩ දාස් ගානක් Trend එකක් වෙලා තියෙනවා. ලොවපුරා විසිරිලා ඉන්න Stitch රසිකයෝ මේ Movie එකත් එක්ක නැවතත් Stitch ව ආදරෙන් වැලඳගෙන තියෙනවා. මේ Lilo & Stitch මූවි එක 2002 වසරේ ආපු Animation Cartoon එකේ Live Action Movie එක. Cartoon එකේ තිබුන ලස්සන ලෝකය අපි හිතුවටත් වඩා ලස්සනට මේ Movie එකට ගේන්න සමත් වෙලා තියෙනවා.

මේ Movie එක ලස්සන කරන Stitch ගේ යාලුවා එහෙමත් නැත්නම් මේකේ ප්‍රධාන චරිතයක් වන Lilo විදියට අලුත්ම පොඩි දඟකාර නිළියක් තමයි තෝරගෙන තියෙන්නේ. එයාගේ නම Maia Kealoha එයා Hawaii වල ජීවත් වෙන අවුරුදු නමයක් වෙන පුංචි දුවෙක්. එයාගේ පළමුවෙනි Movie එක තමයි මේ. ඇත්තටම Cartoon එකේ හිටපු දඟකාරි ඒ විදියටම හොයාගෙන තියෙනවා. හරිම දක්ශ විදියට ඇය Lilo ගේ චරිතයට මෙතනදි පණ දීලා තියෙනවා. Lilo ගේ අක්කා තමයි Nani. මේ අක්කා විදියට Sydney Agudong රංඟනයෙන් දායක වෙනවා. මේ Sydney කියන තරුණිය Hawaii වල රංගන ශිල්පිණියක් වගේම ගායිකාවක් විදියටත් ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් ඔයාලගේ ආදරණීය Stitch චරිතය සහ හඬ පණ පොවන ප්‍රධාන Caractor එක අතිදක්ශ Animator කෙනෙක් වගේම Voice Actor කෙනෙක් වන Chris Sanders විසින් තමයි මෙච්චර ලස්සනට සහ හරිම Cute විදියට නිර්මාණය කරලා තියෙන්නේ.

මේ ප්‍රධාන චරිත ඇරුනම Zach Galifianakis (Jukeeba), Billy Magnussen (Pleakley), Tia Carrere (kekoa), Courtney B. Vance (Cobra) යන දක්ශ නළු නිළියන් මේකට දායක වෙලා තියෙනවා. Dean Fleischer Camp කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරපු මේ Movie එක ලස්සනට හැඩ වැඩ දාලා ලියලා තියෙන්නේ Chris Kekaniokalani Bright විසින්. IMDb අගය 6.8 ක් අරන් තියෙන මේ Movie එක අද වෙද්දි ලොකයේ මිලියන ගානකගේ හදවත් දිනාගන්න සමත් වෙලා. ඒ අතර පොඩ්ඩෝ විශේෂයි.
කතාව ගැන කියනවනම් පෘථිවියෙන් ඈත පිටසක්වල වෙල්වටික් කියන මන්දාකිණියේ ඉන්න දියුණු ජීවීන් කොට්ඨාසයක් පරීක්ෂණයක් කරලා කවදාවත් විනාශ කරන්න බැරි ජීවියෙක් හදනවා. හැබැයි මේ ජීවියා විනාශකාරී සහ දඩබ්බර විදියට තමයි වැරදිලා නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ වෙල්වටික් වලට අධිපති කැප්ටන් නියෝග කරනවා මේ ජීවියාව විනාශ කරන්න කියලා. ඒත් විනාශ කරන්න අමාරු සහ අති නවීන විදියට හදපු මේ ජීවියා වෙල්වටික් වලින් පැනලා පෘථිවිය දිහාට යනවා. මේ දඟකාර දඩබ්බර වැඩකාරයා තමයි Stitch. ඉතින් මේ දඩබ්බරයා පෘථිවියට ඇවිත් මොනවද කරන්නේ සහ එයා කොහොමද පෘථිවි ජීවීන් එක්ක හැප්පෙන්නේ කියලා හරිම විනෝදෙන් පවුලේ හැමෝම එක්කම රසවිදින්න පුළුවන්. මේ Movie එකේදි පවුලක් නැති, හිත්පිත් නැති Stitch කොහොමද පවුලක් හොයාගන්නේ කියලා බලන්නම වටිනවා. මේ Movie එක හරි විනෝදයි වගේම හරිම සංවේදියි. පවුලේ වටිනකම සහ එකමුතුකම ගැන ලස්සන පාඩමක් අපිට මේකෙදි කියලා දෙනවා.
මේ Movie එකේ හරි අපූරු දෙබසක් තියෙනවා. මං ආසම සහ මාව සංවේදී කරපු ඒ දෙබස තමයි,
“This is my family. I found it, all on my own. It’s little, and broken, but still good. Yeah, still good.”
මගේ ඇස්වලට තෙතමනය ගෙනාපු හරිම ආදරණීය ලස්සනම Movie එකක් විදියට මං මේ Movie එක ඔයාලට Recommend කරනවා. පවුලේ හැමෝම එකතු
වෙලා බලන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයේ ලස්සන Movie එකක් හොයාගෙන එනකල් පරිස්සමින් ඉන්න.
-Casper
