දමිළ අයගෙ නිවෙස්වල නිතරම හැදෙන කරියක් මේක.උත්සව,දාන වලදිත් අනිවාර්යයෙන්ම මේ කරිය හදලා තියනව.
වම්බටු කඩල ව්‍යාංජනය
අවශ්‍ය දෑ-
(තමන් කැමති ප්‍රමාන ගන්න.සමසමව එන විදිහට ගන්න.)
රැයක් පෙගවූ කඩල
වම්බටු
ලූණු
අමුමිරිස්
සුදුලූනු,කරදමුන්ගු,කුරුදු පොත්තක්
කරපිංචා
මාදුරු
කහ ස්වල්පයක
යාපන තුනපහ කුඩු
බැදීමට තෙල්
උකු පොල් කිරි
ලුනු
සියඹලා ඉස්ම
සාදන අයුරු
*කඩල ලුනු එක්කර හොදින් තම්බා ගන්න.
*වම්බටු හීනි තීරු කපා ලුනු සහ කහ අතගා තෙලේ බැදගන්න වම්බටු මෝජු වලට මෙන්.කරකරගන්න එපා.
*තෙල් ස්වල්පයක් වෙන බදුනකට දමා එයට සුදුලූනු,කරදමුන්ගු,කුරුදු පොත්ත,ලූනු,අමුමිරිස්,
මාදුරු,කරපිංචා දමා ස්වල්ප වෙලාවක් බැදගන්න.
*එයට කඩල එක්කර හොදින් මිශ්‍රකරගන්න.පහේ වර්ග එක්කරන්න.
*පොල් කිරි එක්කර එයටම බැදගත් වම්බටු එක්කරන්න.පොල් කිරි ගොඩක් අවශ්‍ය නෑ.කඩල වැහෙන ප්‍රමානෙට ඇති.සියඹලා ඉස්මද එකතු කර ගන්න.
*ලුනු එක්කිරීමේදි පරිස්සමෙන්.මොකද කඩල සහ වම්බටු දෙකටම කලින් ලුනු එක්කර ඇති නිසා.
*කැමති නම් ග්‍රේවී ගතියට එනකොට සීනි ස්වල්පයක් එක්කරලා ලිපෙන් බාගන්න..හොද්දට වඩා උකු ගතියට රස.නමුත් මෙයට උතුරුකරයේ අය සීනි නොදමයි.

