Jeffrey Timmons යනු ඇමරිකාවේ බොස්ටන් වල බැබ්සන් විශ්වවිද්‍යාලය මහාචාර්යවරයෙකි. එතුමා ව්‍යවසායකත්ව, නවෝත්පාදන යන මාතෘකා යටතේ පොත් ගණනාවක් ලියන ලද සහ පාඨමාලා රැසක් නිර්මාණය කරන ලද ව්‍යවසායකත්වය සඳහා ශිෂ්‍යයන් රැසක් පුහුණු කරන ලද ඉතා දක්ෂ සහ ප්‍රසිද්ධ විශේෂඥයෙක්. වර්ෂ 1971 එතුමා සිය ආචාර්ය උපාධිය සදහා ලියන ලද නිබන්ධනයෙන් තමයි මෙම Timmons MODEL පිළිබඳ කතා බහ බහට ලක් වෙන්නේ.
පහත රූපයේ දැක්වෙන්නේ එතුමන් විසින් සකස් කරන ලද කරන Timmons MODEL රූපයයි.

එසේ නම් අද අප සූදානම් වන්නේ මෙම මොඩියුලය හරහා ව්‍යවසායකත්වයේ සාර්ථකත්වය පිළිබඳව ඔබත් සමග කතාබහ කිරීමටයි.
Jeffrey Timmons මහාචාර්යවරයා විසින් සකසන ලද Timmons MODEL පිළිබඳ පෙන්වා දී ඇති රූපසටහන අනුව එහි Founder ලෙස සඳහන් වන්නේ ව්‍යවසායකයා නොහොත් ආයතනය හෝ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය.
Founder ලී කැබැල්ලක් උරහිස මත තබා ගනිමින් එම ලීය සමබරව පවත්වාගෙන ආකාරය ඔබට රූපය මගින් දැකගත හැකිය. ඒ අනුව මෙම ව්‍යාපාරය සමබරව පවත්වාගෙන යන මූලික පුරුක වනුයේ Founder නොහොත් ව්‍යවසායකයායි.
රූපයේ Founder ට ඉහලින් රවුම් තුනක් දක්වා ඇති අතර එම රවුම් තුන මගින් පෙන්වා දෙනුයේ ව්‍යවසායකයකුට ව්‍යාපාරයක් සාර්ථක කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන සාධක තුනයි.
ඉන් පළවෙනි සාධකය වනුයේ,
1. Opportunity (අවස්ථාව)

බොහෝවිට ව්‍යවසායකයෙක් යනු අපි නොදකින අවස්ථාවන් දකින පුද්ගලයකි.
උදාහරණයක් වශයෙන්,
ෆේස්බුක් පිළිබඳ සඳහන් කිරීමේ දී Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දුටුවා එම කාලයේ දී මිනිස්සු සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමේදී මුහුණ දුන් තාක්ෂණික සම්බන්ධ ගැටලු මොනවාද යන්න පිළිබඳව. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් තමයි ඔහු ෆේස්බුක් නිර්මාණය කිරීමට පෙලඹුණේ. මෙවැනි පුද්ගලයින් තමයි ව්‍යවසායකයකු ලෙසින් අප හඳුන්වන්නේ.
හොඳ ව්‍යවසායකයෙක් නම් ගැටලුවක් කියන දේ දකින්නේ අවස්ථාවක් විදියට.
තවත් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත්,
කොරොනා වසංගතය ව්‍යාප්ත වූ කාලයේදළදී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක් වුණා. සංචරණ සීමා පනවා ඇති වාතාවරණයක් තුළ සංචාරකයින්ට මෙරටට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් සංචාරක හෝටල් වැසී ගියා. බොහෝ දෙනකුට පාහේ රැකියාවල් අහිමි වුණා.
නමුත් සමහරක් ව්‍යවසායකයන් එය අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොරෝනා වසංගතය සදහා සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට රජයට යෝජනා කලා. බොහෝ රෝහල් කොවිඩ් රෝගීන්ගේ පිරි ඉතිරි යාමත් සංචාරකයින්ට ආරක්ෂිතව මෙරට තුළ වාසය කිරීමට නොහැකිවීමත් හේතුකොටගෙන ආරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථාන ලෙස බොහෝ සංචාරක හෝටල් නම් කිරීමට රජය විසින් පියවර ගැණුනා.
මෙහිදී සමහර ව්‍යාපාර මෙම අවස්ථාවෙන් අයථා ලෙස ප්‍රයෝජනයට ගත්තද හොඳ ව්‍යවසායකයෙක් මේ අවස්ථා දකින්නේ හොඳ Opportunity එකක් විදියට. තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න නම් තමන්ගේ ව්‍යාපාරයට තියන ගැටලුවම අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව opportunity එක දකින ව්‍යාපාරිකයාට පුළුවන් තමන්ගේ ව්‍යාපාරයෙත් මොන ගැටළු ආවත් ඒ ගැටලුවට අවස්ථාවන් විසඳුම් සොයන්න. ඒ වගේම ඔහු දකින Opportunity නිර්මාණය කරන්න නම් ඔහු නිර්මාණශීලී විය යුතුයි.
මේ හැම තැනකදීම මතක තබා ගත යුතු දෙයක් තමයි අවස්ථාව කියන එක බොහොම අස්ථාවර, නියමයක් හෝ නියතයක් නැති අවදානමක් ගෙන ක්‍රියාවට නංවන දෙයක් බව.
2. Resources (සම්පත්)

ඕනෑම ව්‍යවසායකයෙකු දකින ඒ අවස්ථාව නිසි පරිදි capitalize කරගන්න නම් ඔහුට පහසුකම් තිබිය යුතුයි.
උදාහරණයක් වශයෙන්,
කොවිඩ් වසංගත ව්‍යාප්තව පැවති කාලයේදී ලංකාවේ සියළුම පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පිහිටුවා ගෙන යාමට රජයට එතරම් හැකියාවක් තිබුණේ නෑ. මෙහිදී සමහර පුද්ගලයින්ට අවශ්‍ය වුණේ මුදල් ගෙවා හෝ සියලුම පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටීමටයි. මෙම අවශ්‍යතාවය තේරුම් ගෙන අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් තමන්ගේ සැලසුමකට අනුව මේ ව්‍යාපාරය ගොඩනඟා ගැනීම තමයි ව්‍යාපාරිකයා මෙහිදී සිදු කළ යුත්තේ. මේ සඳහා ව්‍යවසායකයාට resources අවශ්‍යයි .
මේ නිරෝධායන මධ්‍යස්ථානය ගත්තොත් කාමර තියෙන සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් අවශ්‍ය යි. එමෙන්ම ආරක්ෂිතම ඉන්නට පුළුවන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ස්ථානයක් විය යුතුයි. එසේනම් මෙම ව්‍යාපාරිකයාට තියෙන සම්පත තමයි කාමර සහිත හෝටල් ගොඩනැගිල්ල. එසේනම් ව්‍යවසායකයාට අවස්ථාව තියෙනවා සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් තියෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදුකරගෙන යන්න. මෙය තමයි ව්‍යවසායකයෙකුට අවශ්‍ය දෙවැනි සාධකය.
මෙම සම්පත් නිසි පරිදි තිබුණේ නැතිනම් කොපමණ හොඳ Opportunity එකක් තිබුණත් කොච්චර දක්ෂ ව්‍යවසායකයකු වුවත් එතනින් එහාට යන්න බැහැ. මෙතනදි ව්‍යවසායකයාට තව පුද්ගලයින් අවශ්‍ය වනවා.
උදාහරණයක් විදිහට,
සමහර අවස්ථාවලදී සම්පත් ආදිය ලබාගන්න ආයෝජකයෙකු සොයා ගතයුතු වනවා. ආයෝජකයෙකු සොයාගත්තත් ව්‍යාවසායකයා දකින කෝණයෙන් නෙවෙයි ආයෝජකයා එම අවස්ථාව දිහා බලන්නේ. ව්‍යවසායකයාගේ නිර්මාණශීලීත්වය එතනදී නැති වෙනවා. ඒ නිසා resources කියන එක හරියට ලැබුණේ නැතිනම් හෝ අදාළ සන්නිවේදන කටයුතු නිසි පරිදී සිදුවුනේ නැත්නම්, සැලසුම් හරියට සකස් කර ගත්තේ නැතිනම් එම පුද්ගලයාට බොහෝවිට එතනින් එහාට යන්න බෑ. එතකොට ව්‍යවසායකයා අවස්ථාවක් දකිද්දී එයා නිර්මාණශීලි වනවා වගේම ඒ නිර්මාණශීලීත්වයෙන් අවස්ථාව හදා ගත්තට පස්සේ සම්පත් හොයාගන්න නම් සන්නිවේදනය හොඳට තිබිය යුතුයි .
3. Team (කණ්ඩායම)

ඉතින් මෙම සාධක දෙකම තියෙන කෙනෙකුට වැදගත්ම දේ තමයි හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ.
JEFFREY Timmons මහාචාර්යවරයා විසින් සකසන ලද Timmons MODEL හි සදහන් වන founder (ව්‍යාවසායකයා) අසලම Team (කණ්ඩායම) දක්වා ඇත්තේ එහි ඇති සහසම්බන්ධතාවය පෙන්වා දීමටයි. එතකොට ඔවුන් තමයි නායකයාගේ දැක්ම තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දැක්මට යන්න මේ අවස්ථාව සහ මේ සම්පත් හරියට පාවිච්චි කරන්න ව්‍යවසායකයාට උදව් කරන්නේ. මෙය තමයි Timmons MODEL හි සාමාන්‍ය යථාර්ථය.
බොහෝ ආයතන දිහා බැලූවොත් අපිට තේරුම් ගත හැකි දෙයක් වනුයේ එම ආයතනයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වයත් Timmons MODEL අතරත් ලොකු සම්බන්ධයක් තියෙන බව.
උදාහරණයක් වශයෙන්,
ලංකාවෙ තියනවා අවුරුදු එකසිය ගණනක් පැරණි ආයතනයක්. ඒ ආයතනයේ අවුරුදු එකසිය ගාණකට පසුව ලංකාව තුළ corona වසංගතය ව්‍යාප්තව පැවති අවධියේ තමයි වැඩිම ආදායමක් සහ මිලියන ගානක ලාභයක් උපයලා තිබෙන්නේ. එම කාලයේ මෙරට සියලුම දෙනා ආර්ථික අපහසුතාවලින් පීඩා විදපු, බොහෝ දෙනකුට පඩි නැතිවුනු කාලයක තමයි මෙම ආයතනය වැඩිම ආදායමක් සහ ලාභයක් උපයා තිබෙන්නේ. එසේ නම් මෙය සිදුවන්නේ කෙසේද? ඒකට හේතුව තමයි මේ Timmons MODEL හරි විදියට කළමනාකරණය කිරීම.
එතකොට මෙම Timmons MODEL කියන එක හරි විදියට තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් තමන්ගේ ව්‍යාපාරය හොඳ තැනකට රැගෙන යන්න.
මෙම සාධක තුන නිතරම තේරුම් අරගෙන වැඩ කලොත් තමයි ව්‍යාපාරයක් හරි විදියට සාර්ථක කරගන්න පුළුවන් වන්නේ.
එතකොට මෙම startup ගත්තොත් දැනට ලංකාවේ තියෙන ව්‍යාපාර අංශය තුළ ලොකු අවදානමක් තියෙනවා. මේවනවිට ලෝකයේ රැකියා වෙළෙඳපොළ තුළ රැකියා වල නියුතු සේවකයින් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක රැකියා අහිමි වී තිබෙනවා. මෙලෙස ලෝකයේ යම්කිසි ආර්ථික අවපාතයක් ඇති ව තියෙනව තිබෙන අවධියක ලංකාව තුළද ඒ හා සමාන විශාල ආර්ථික අර්බුදය ක් නිර්මාණය වී තිබෙන බව ඔබ අප සැම දෙනාටම පෙනී යන කරුණක්.
උදාහරණයක් වශයෙන් ,
ලංකාවේ තිබෙන ආයතන ලංකාවෙන් වෙනත් රටවලට යනවා. multi national companies ලංකාවෙන් අයින් වෙනවා . සමහර කුඩා ආයතන වැහිලා යනවා. රාජ්‍ය ආයතනවල සේවක කප්පාදු වලට යනවා. ඉතින් බොහෝ අය මෙතැනදී පෙළඹිලා තියෙනවා තමන්ගේම දෙයක් පටන් ගන්න. තමන්ගේම දෙයක් පටන් ගන්න නම් ඒක කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳ ඉතාමත් සැලකිලි මත් විය යුතු කරුණක්. මොකද එහි තිබෙනවා ලොකු අවදානමක්.
ව්‍යාපාරිකයා සහ ව්‍යාවසායකයා එකම සංකල්පයක් වුණාට කාරණා දෙකක්. ව්‍යවසායකයා අවදානමක් අරගෙන තමන්ගේ ලාභය වැඩි කරන්න කටයුතු කරනවා සහ ව්‍යාපාරිකයා කිසිම අවදානමක් ගන්නේ නැති දේවලට අවධානය යොමු කරනවා වෙන්න පුළුවන්. සෑම විටම ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයන් බවට පත්වන්නේ නෑ. ව්‍යවසායකයන් ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරද්දි එහි තියෙනවා අනෙකුත් අයට වඩා නායකත්ව හැකියාව, සන්නිවේදන හැකියාව, අවදානමක් දැරීමේ හැකියාව, නිර්මාණශිලිත්වය, කණ්ඩායමක් සමග එකට වැඩ කිරීමේ හැකියාව, සම්පත් කළමනාකරණය සහ අනිත් අය නොදකින අවස්ථාවන් දැකීම.ඉතින් මේවත් එක්ක තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ.
අනිත් එක සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගනිද්දි මාසෙන් දෙකෙන් තුනෙන් ලාභ ලබන්නට බැහැ. සමහරවිට අවුරුද්දක් හෝ දෙකක් හෝ ලාභයක් ලැබූවා හෝ නැතුවා හෝ ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අපට හැකියාව තියෙන්න ඕන. ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී සේවක පඩි , ආයතනය පවත්වාගෙන යෑමට කුලිය, යටිතල පහසුකම් ආදියට යන වියදම සහ ව්‍යාපාරය මෙහෙයුම පවත්වාගෙන යාමට යන වියදම සමහරවිට එක අවුරුද්දකින් දෙකෙන් සොයා ගැනීමට නොහැකි වන්නට පුළුවන්.
ඉතින් ව්‍යාපාර පටන් ගන්නවනම් කොයි මොහොතක දී වත් රැල්ලට ව්‍යාපාර ආරම්භ කිරීම සුදුසු නැහැ. කෙසේ හෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් Timmons MODEL කියන එක පිළිබඳ ගොඩක් හොද අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම බොහෝය අය කරන ව්‍යාපාර කරලා වැඩකුත් නැහැ. ඊළඟට ව්‍යාපාරයක් පටන් ගනිද්දී කණ්ඩායමක් නැතුව ඒ වැඩේට සම්බන්ධ වෙන එකත් සුදුසු නැහැ.
ලංකාවේ සහ ලෝකයේ තියෙන ව්‍යාපාර වර්ගීකරණය සහ ranking කරන ක්‍රමවේදයක් තිබෙනවා doing business index නමින්. රටක් විදියට ව්‍යාපාර පිළිබඳ ව්‍යාපාර සංස්කෘතිය, ව්‍යාපාර සඳහා මූලික පහසුකම්, ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට යන කාලය, ව්‍යාපාරයකට තමන්ට අවශ්‍ය මූලික පහසුකම්, ව්‍යාපාරයට අවශ්‍ය බලපත්‍ර ගැනීමට යන කාලය, ගොඩනැගිල්ලක් සෑදීමට බලපත්‍ර ගැනීමට සදහා ගතවන කාලය, බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ගතවන කාලය සහ එයට තියෙන ක්‍රමවේද, මෙවැනි නිර්ණායක මත පදනම් වූ ක්‍රමවේදයට තමයි මෙම Doing Business Index කියන්නේ.
Doing Business Index හි 2019 වන විට රටවල් 190 කින් ලංකාවට හිමිවී තිබෙන්නේ 100 වෙනි ස්ථානයයි. 2020 වන විට රටවල් 190 කින් ලංකාවට හිමිවී තිබෙන්නේ 99 වෙනි ස්ථානයයි ඉතින් එකෙන් අපි පෙනී යන්නේ ලංකාවේ ව්‍යාපාර තව තවත් දියුණු කරගැනීමට අවශ්‍ය බව. එමනිසා ලංකාව කියන රට අනෙකුත් රටවල් ගත්තම තව ගොඩක් දුරට අපිට යන්න තියෙනවා.
ඉතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී තමන්ගේ සියලුම ධනය යොදලා ව්‍යාපාර කරන්න හොඳ නෑ වගේම ඒ ගැන සැලසුමක් ඇතිව market research ආදිය ඇතුළුව ඒ හැමදේම සොයා බැලීමෙන් අනතුරුව තමයි ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු වන්නේ.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
