ව්‍යාපාරික ලොව ජයගත් තවත් ලාංකීයෙකුගේ ජය ගමන්මග

author
1 minute, 16 seconds Read

අද ව්‍යාපාරික ලෝකය තුළ බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර ඉතාමත් ඉහළ මට්ටමින් දියුණු කර ගන්නේ ඉතාමත් හොඳ අධ්‍යාපනයක් හා ඒ වෙනුවෙන් සුවිසල් කැපකිරීම් සිදු කරමිනි.

වෘත්තීය ජීවිතය තුළ රැකියාවල නියැලෙන පිරිස් අතරින් පහල මට්ටමේ සිට ව්‍යාපාරයේ ඉහළම තනතුර කරා යමින් සාර්ථක ව්‍යාපාරික ජීවිතයකට පිය නඟන්නෙ ඉතාමත් සුළු පිරිසක් පමණි.

එලෙස සිය ව්‍යාපාරික ගමන්මග ඉහළින්ම සාර්ථක කරගත් තවත් ව්‍යාපාරිකයෙකු අද අපට මුණගැසුණා.

ඔහු නමින් සුකිත් නානායක්කාර.

අද කතාබහ ඔහු සමගයි.

අපි මුලින්ම ඔබ ගැන කතා කරමු.

මම සුකිත් නානායක්කාර. දැනට මම Camms නම් ඕස්ට්‍රේලියානු සමාගමේ Regional Vice President ලෙස කටයුතු කරනවා.

මගේ අධ්‍යාපන අවධිය ඉඳලා කතා කරනවා නම්, මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. උසස් අධ්‍යාපනය සිදුකලේ මම ගණිත අංශයෙන්.

මම මගේ පළමු උපාධිය ලබා ගත්තේ Staffordshire පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන්. ඒ BSc in Computing අංශයෙන්. උපාධිය අතරතුර මම අවුරුදු තුනකට ආසන්න කාලයක් ඩයලොග් ආයතනයේ අර්ධකාලීන රැකියාවක් කරන්න පටන් ගත්තා. උපාධිය තුන්වෙනි වසරෙන් පස්සේ Virtusa ආයතනයේ අවුරුද්දක පමණ කාලයක් මම සීමාවාසික පුහුණුව ලැබුවා.

උපාධියේ අවසාන වසර සම්පූර්ණ කරනවාත් සමඟම මම දැනට රැකියාව කරන ඔස්ට්‍රේලියානු සමාගමක් වන camms හි Software Engineer කෙනෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

ඒ ගැන කතා කරනවා නම් එම ස්ථානයේ අවුරුදු තුනක් පමණ කාලයක් මම Software Engineer ලෙස වැඩ කටයුතු කළා. ඒ කාලයෙන් පසුව මට අවශ්‍ය වුණා Project Management අංශයෙන් ඉදිරියට යන්න. එහිදී මම ඇමරිකානු Project Management Institute (PMI) USA වෙතින් ලබාදෙන Certification Cause එකක් කරන්න පටන් ගත්තා. එහිදී මට හැකිවුණා ඒ අවධියේ PMP Certification එක ලබාගත් ලාබාලතම ලාංකිකයා බවට පත් වෙන්න.

ඉන්පසුව මමඅප සමාගම තුළ Implemention Consultant, Senior Consultant , Head Of Implemention Department, Head Of Business Intelligent සහ Vice President යන තනතුරු රැසක කටයුතු කලා.

දැන් මම Business Intelligence අංශය යටතේ අප ආයතනය තුළ Vice President ලෙස කටයුතු කරනවා. මේ වනවිට මගේ යටතේ ඉන්නවා සේවකයින් 60කට ආසන්න ප්‍රමාණයක්.

ස්ථිර රැකියාවක් හැටියට මම වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු දාහතරක් විතර වෙනවා. අර්ධ කාලීන රැකියාවලින් බැලුවත් දැනට අවුරුදු 18 විතර පළපුරුද්දක් මා සතුව තියෙනවා.

මෙලෙස රැකියා කටයුතු කරන අතරතුර (2010 – 2012) කොළඹ විශ්වවිද්‍යාලයේ Master Of Business Administration උපාධිය කළා. මේ වනවිට මම කොළඹ විශ්වවිද්‍යාලයේ Department Of Accounting And Finance පීඨයට අනුබද්ධව අචාර්ය උපාධියේ අවසන් අදියර සිදු කරමින් ඉන්නවා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට හේතුව කුමක්ද?

කොළඹ ආනන්ද විද්‍යාලයේ මම උසස් පෙළට හැදෑරුවේ ගණිත අංශයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වුණත් මට රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ලකුණු යම් ප්‍රමාණයකට මදිවුණා. ඉතින් ඊට පස්සේ මම බැලුවේ උපාධියක් හදාරන්න හොද ක්ෂ්ත්‍රය මොකද්ද කියලා.

2003 – 2004 කාලය වෙනකොට තොරතුරු තාක්ෂණය විෂය ගොඩක් ඉදිරියට ඇවිත් තිබුණා. ඒ දවස් වල රජයේ විශ්ව විද්‍යාල වල වුණත් A 3 සාමාර්ථ ගත්ත අය බොහෝ වෙලාවට බැලුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයට හෝ මොරටු විශ්වවිද්‍යාලයට තොරතුරු තාක්ෂණ පීඨයට ඇතුළත් වෙන්න. ඒ වගේම අපිට මේ උපාධියම පෞද්ගලිකව කර ගන්න පුළුවන්ද කියලා බැලුවහම ඒ කාලය ඇතුළත දී පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලබාදෙන්න පටන්ගත්ත උපාධියක් තිබුණා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්.

ඒ දවස් වල තිබ්බ අවස්ථාවන් වලින් ගත්තම සෑහෙන්න ප්‍රසිද්ධ අවස්ථාවක් වෙලා තිබ්බා තොරතුරු තාක්ෂණය.
අපිට කැමැත්ත තිබුණෙත් ඒ අංශයෙන් ඉදිරියට යන්න. මොකද එහි තියෙන සහ එහි වැඩ කරපු කට්ටියගේ දියුණුව ගැන බැලුවහම එය ඉතාමත් හොඳ අංශයක් හැටියට මට තේරුම් ගියා. ඉතින් ඒ විදිහට මමත් ඒ අංශයට යන්න පෙලඹුනා.

03. ඔබේ ආයතනයේ කාර්යභාරය

දැනට මම හොබවන තනතුර වන්නේ Vice president Solution. මේ තනතුරේ වැඩ කරන මම enterprise integration සහ enterprise reporting යන area එක තමයි බලන්නේ. මේකට පොදුවේ කියන නම තමයි business intelligence. business intelligence (BI) ආශ්‍රිත සේවා (Services) සැපයීම තමයි මගේ කාර්යභාරය.

ඒ වගේම ආයතනය කාර්යභාරය ගැන කතා කරනවා නම්, අප නිෂ්පාදනය කරන්නේ software product එකක්. අපි ළඟ software products කිහිපයක් තියෙනවා. මේ නිෂ්පාදනය අපේ පාරිභෝගික ලබා දීලා තමයි අපි ආදායමක් උපදවා ගන්නේ.

අපේ නිෂ්පාදනය Governance Risk Compliance (GRC platform) කියන area එක ආවරණය වන enterprise level software product එකක්.

ඒක ලෝකයේ ප්‍රධාන රටවල් හැම එකම වගේ සිටින පාරිභෝගිකයින් භාවිත කරනවා. ඊට අමතරව අපි හදලා තියනවා strategic management, performance management, project management කියන වෙනම product එකක්. මෙවැනි නිෂ්පාදන රැසක් අප ආයතනය මගින් සිදුවනවා. මේවා සියලුදේ අපි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙමින් ඒ හරහා උපදවන ආදායමෙන් තමයි අපේ ආයතනයේ සියලුම නඩත්තු කටයුතු සිදුවන්නේ.

ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් කරන ආයතන තියෙනවා. උදාහරණයක් හැටියට Gartner, Forester වැනි ආයතන. ඒ ශ්‍රේණිගත කිරීම යටතේ අපේ නිෂ්පාදන දැනට leading categories වලට නිර්දේශ වෙලා තිබෙනවා. එවැනි නිෂ්පාදනයක් අප විසින් සිදුකර තිබීම සෑහෙන වැදගත් වෙනවා. එය සෑහෙන්න ආඩම්බර විය යුතු දෙයක්. මොකද මේකේ තනිකරම development එක සිදු කළේ ලංකාවේ. මේක ලංකාවට මහත් ආඩම්බරයක්.

මෙතෙක් ඔබ ලබපු ජයග්‍රහණ ගැන කතා කරමු.

අධ්‍යාපනික වශයෙන් ගතහොත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට නොලැබුණත් මම මගේ පළමු උපාධිය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබා ගත්තා. දෙවන උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයේ management අංශයෙන්. තෙවන උපාධිය දැන් ලබමින් ඉන්නවා.

වෘත්තීය වශයෙන් ගතහොත් අවුරුදු තුනකට වතාවක් වගේ අලුත් අභියෝග භාරගෙන තිබෙනවා. ඒ හැම අභියෝගයක්ම මම ලද ජයග්‍රහණය කරලා තිබෙනවා.

ඒ වගේම මම දැනට සේවය කරන ආයතනයේ ආරම්භක සේවකයන් දස දෙනාගෙන් කෙනෙක්. Software Engineer ලෙස සේවයට එක්වී යායුතු ඉහළම ස්ථානයට මම අද වනවිට මම පැමිණ තිබෙනවා.

එම ආයතනයේ කරපු වැඩ හින්දා අපිට පුළුවන් වුණා සේවකයින් දැනට 300 පමණ ප්‍රමාණයක් බදවාගෙන මේ අංශය හරහා රැකියා ලබා දෙන්න. මෙය අභියෝගාත්මක කර්තව්‍යයක් වගේම සතුටු වීමට පුළුවන් කර්තව්‍යයක්.

අපිට ඩොලර් ආදායමක් ගේන්න ප්‍රධාන මූලාශ්‍රයක් හැටියට මේ ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා අවුරුදු පහළොවකට ආසන්න කාලයක් BOI registerted company හැටියට. ඇත්තටම ඒක ලොකු ජයග්‍රහණයක්.

ඊට අමතරව මට හැකියාව ලැබුණා ලංකාවේ පිට ගිහිල්ලා ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය වැනි අපේ විදෙස් සේවා දායකයින් සමග වැඩ කරන්න. මෙසේ software product එකක් විකුණමින් sales achievement එකක් ලබනවා කියන එක ඇත්තෙන්ම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.

මෙම ක්ෂේත්‍රය තුළ වෘත්තීයේ යෙදීමට කැමැත්තක් දක්වන නවකයින් සදහා ඔබ ලබාදෙන උපදෙස කුමක්ද?

මේ ගැන කතා කරනවා නම්, දැනට ලංකාව තුළ සෑහෙන්න තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වැඩ කරන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන ආයතන වලට අපි හොයන දැනුම තියෙන මට්ටමේ ළමයි එනවා හරි අඩුයි. පොතේ පතේ දැනුම තිබුනට වැඩ දන්න කට්ටිය හරි අඩුයි.

තමන්ගේ උපාධිය සම්පූර්ණ කිරීමේදී පොතපතට පමණක් සීමා වෙන්න එපා. මෙතැනදී ඉතාම වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව software එක ඩිවලොප් කරන්න පුළුවන් වෙන එක සහ Code කරන්න පුළුවන් වෙන එකයි.

ඒ වගේම අද වන විට තාක්ෂණය ගොඩක් දියුණුයි. අන්තර්ජාලයට ගියාම විවිධ Platform තියෙනවා ඉගෙන ගන්න පුලුවන්.

ඉතින් Code කරන්න ඉගෙන ගන්න පුළුවන් platform එකක් භාවිත කරලා ඔබ උපාධිය කරන පටන් ගත්ත ගමන්ම නැත්නම් උපාධිය කරන්න අවශ්‍යත් නැහැ. උපාධිය කරන්න කලින් වුණත් ඔබට software engineering වල development කරන්න Coding කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඔයාට වැඩිම වුනොත් මාස හතරක් හයක් වගේ කාලයක් යයි. මේ කාලය ඔබ ඒ දෙයට යෙද වුවොත් ඔබට මේ අංශයේ පුළුවන් ඉතාමත් ලේසියෙන් ඒ ආශ්‍රිතව රැකියාවක් ලබාගන්න. ඒ රැකියා අනෙකුත් රැකියා වගේ නෙමෙයි. ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට ගෙදර ස්වයං රැකියාවක් විදියට මෙය කරන්න පුලුවන් සහ උදේ 8 ඉඳන් හවස 5:00 වෙනකන් කරන රැකියාවකට වඩා වැඩි මුදලක් මේ හරහා ඔබට උපයා ගන්නට පුලුවන්.

ඒ නිසා ප්‍රායෝගික දැනුම වර්ධනය කරගන්න. තමන්ගේ ඩිග්‍රිය Paper Qualification එකක් විදිහට භාවිතා කරන්න.

තව දෙයක් තමයි ලංකාවේ ඉගෙන ගන්න ළමයි පෞද්ගලික රජයේ විශ්වවිද්‍යාල හෝ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්නේ නැහැ. ගොඩක් අය අවුරුදු තුනක් හෝ හතරක් ඉගෙනීම සම්පූර්ණ කරලා තමයි රැකියාවකට යොමු වෙන්නේ.

මම ඒ දෙයට කැමති පුද්ගලයෙක් නෙමෙයි. මම හිතන්නේ කවුරු වුනත් ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න පුළුවන් නම් ඒක කරන්න ඕන.

අපේ හුගක් අය ලංකාවෙන් පිට ගිහිල්ලා උපාධි හදාරන කොට හුගක් වෙලාවට උපාධිය කරන ගමන් රැකියාවක් කරනවා. ඒකෙන් යමක් උපයාගන්න එක ඉතාමත් වැදගත් දෙයක්. එකක් අධ්‍යාපනය ලබන කොට ඒකට යන වියදම අධ්‍යාපනය ලබන ගමන්ම තමන්ටම දරා ගන්න පුලුවන්, මුල ඉඳන්ම ඒ Corporate Environment එකට පුරුදු වෙන්න සහ අනුගත වෙන්නේ කොහොමද corporate එක වැඩ කරන්නෙ සහ ඒ පරිසරයට හැඩ ගැසෙන්නේ කොහොමද කියන එක ඉතාම වැදගත්. රැකියාව මොකක්ද කියන එකේ ගැටළුවක් නැහැ. මොකක් හරි රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් සෑහෙන්න අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් බව මං විශ්වාස කරනවා.

ඒ වගේම වැදගත්ම දේ තමයි ඒ ඒ කාලවලදී ඒ ඒ ආයතන වලින් මම ලබපු අත්දැකීම් මට මේ දක්වා සාර්ථක වීමට ප්‍රබලවම බලපෑවා.

ඔබේ ගමන්මගෙහි සාර්ථකත්වය වෙනුවෙන් උපකාර කළ අය ගැනත් මතක් කරමු.

ප්‍රධාන වශයෙන්ම මගේ දෙමාපියන් මතක් කරන්න ඕනා. මේ දක්වා වූ මගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ඔවුන් මං ළඟ හිටියා.මට අධ්‍යාපනය ලබාදුන් පාසල හා විශ්වවිද්‍යාල මම ආදරයෙන් සිහිපත් කරනවා. ගුරුවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මට මේ තත්වයට එන්නට බලපෑවා. ඒ වගේම මම සේවය කළ Dialog හා Virtusa ආයතනය වගේම වර්තමානයේ සේවය කරන Camms ආයතනයත් සිහිපත් කරන්න ඕනා.

අනාගත ඉලක්කය මොකද්ද?

මගේ අනාගත ඉලක්කය තමයි මගේම ආයතනයක් ලංකාව තුළ ආරම්භ කිරීම. එහි තොරතුරු තාක්ෂණ අංශය මගින් ලාංකික දරුවන්ට පිටරට රැකියා අවස්ථා ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා.

එමගින් ලංකාවට ඩොලර් ගෙන ඒම තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තුව.

සටහන
පෙවින්ද්‍යා රශ්මි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa