වැවක් ඇතුලේ හැංගිච්ච කාන්තා සිරුරුවල අභිරහස හොයන් යන චාර්කාවක්

author
0 minutes, 30 seconds Read

TV Series ගැන කතා කරද්දි ඉස්සෙල්ලම ඔලුවට එන්නේ ඉංග්‍රීසි , කොරියන් වගේ හෝ වෙනත් රටක හදපු Series ටිකක් නේද? ඒත් ලංකාවේ හදපු සිංහල TV series එකක් ගැන කිව්වොත් ඔයාලා මොකද හිතන්නේ?
මම දන්නවා ඔයාලා හිතන දේ. අපෝ ලංකාවේ එකක්ද? එහෙනම් වැඩක් නෑ. ලංකාවේ හදන සීරිස් බලන එකත් පාඩුයි වගේ අදහසක් නේද?

සාමාන්‍යයෙන් TV series එකක අභියෝගය තමයි ඊළගට මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි විදියට ඊළඟ එපිසෝඩ් එක එනකල් නොඉවසිලිවන්තව ප්‍රේක්ෂකයා ඇද බැද තබා ගන්න එක කියලා මම විස්වාස කරනවා. අන්න එතනදි මම මේ අද කතා කරන සිංහල TV series එක ඉස්සරහින් ඉන්නවා කියලා කියනවා.

TV series එකේ නම කියනවනම් ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන The Lake කියන TV series එක. මේකේ පළවෙනි Season එක දැනටමත් විකාශය වෙලා ඉවරයි සහ දෙවන Season එක දැනටමත් විකාශය පටන් අරගෙන. පළවෙනි එක බලලා හොල්මන් වෙච්ච සෙට් එක හිතාගන්නවත් බැරි තැනක අතරමන් වෙලා දෙවනි එක බලන්න සෙට් වෙලා ඉන්නේ කියන එක ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්ම ඔප්පු වෙලා ඉවරයි.

පළවෙනි series එකෙන් කුතුහලය කියන එකේ උපරිමයට ගිහින් උඩුයටිකුරු කරලා තියෙන මේ TV series එක ගැන අද ගොඩක් ප්‍රේක්ෂකයෝ තමන්ගේ මතයන් දරලා තියෙනවා ඊළඟට මොකක් වෙයිද කියන එක ගැන. මේක ජාතික රූපවාහිනියේ වගේම Youtube හරහාත් නරඹන්න පුළුවන් නිසා දෙස් විදෙස් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මේක රසවිදගන්න පුළුවන් .

Psychological Thriller ගණයට හදපු මේ TV series එක නවීණ තාක්ෂණය භාවිතා කරගෙන තරුණ අධ්‍යක්ෂක වරයෙක් යටතේ නිර්මාණය වෙන TV series එකක්. මේක අධ්‍යක්ෂනය වන්නේ Dhanushka Raymond කියන තරුණ අධ්‍යක්ෂකවරයා අතින්. ඔහු නරඹන්න ආසම psychological Thriller ෆිල්ම් කියලා වරක් රූපවාහිනී වැඩසටහනකදි ඔහු පැවසුවා. මලයාලම්, තෙලිගු වගේ ෆිල්ම් බලපු අයටනම් ඒ මට්ටමට හුරුවෙච්ච රහක් එක්ක මේ TV series එක බලද්දි මලයාලම් Movie Feeling එක මේකෙදි දැනෙන්න ගන්න එක නම් නවත්තන්න බෑ. මං එහෙම කියන්නේ ඒ තරමට මේ Series එක සාර්ථකයි කියලා දැනෙන නිසයි.

මේ සුපිරි TV series එකේ Script එකේ අයිතිකාරයා තමයි ප්‍රවීණ තිර රචක රසික සුරවීරආරච්චි. ඉතින් ඔහු ගැන කතා කරනව නම් සිල්ලර කාසි, තත්පරයක් දෙන්න, Metro හීන, පාවෙන යකඩ වගේ ටෙලීන් ගනනාවක් මොහු අතින් ලියවෙලා තියෙනවා. එවැනි අත්දැකීම් රාශියක් ඇති ප්‍රවීණයෙක් අතින් තමයි The Lake TV series එකත් ලියවෙන්නේ. මේ TV series එක ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් පාට කරපු නිසාම ඉහළ මට්ටමේ අගයක් series එකට ලැබිලා තියෙනවා. අත්දැකීම් බහුල සහ චරිත ඇතුලේ අපිව ජීවත් කරවන්න පුළුවන් ශිල්පීන් රැසක් මේ TV series එකේ චරිත රඟදක්වද්දි අපිත් මේ කතාව ඇතුලෙම කොටසක් කියලා අපට දන්වන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ අතරින් Saumya Liyanage, Semini Iddamalgoda, xaviar Kanishka, Jagath Chamila, Chamathka Lakmini කියන දක්ශ රංගන ශිල්පීන් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම Session 02 එකෙනුත් දක්ශ වගේම ප්‍රවීන රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම අපට මේ කුතුහලය පිරිච්ච TV Series එකෙන් බලාගන්න පුළුවන්. මේ TV Series එකෙන් අපට හුරු පුරුදු නැති අලුත් මුහුණු කීපයකුත් දකින්න තියෙනවා. ඒ උනාට ඒ කිසිම චරිතයක් ආධුනිකයි කියල නම් කියන්න බැහැ. හැමකෙනෙක්ම අපිව TV Series එක ඇතුලේ ජීවත් කරවන්න පුළුවන් තරමට දක්ශ රංගනයක නිරත වෙනවා.

මේකෙදි කතා නොකරම බැරි තැනක් තියෙනවා ඒ තමයි Music පැත්ත. ඕනම අවස්ථාවක් අපේ හිතට දැනෙන්න දෙන්න නම් ඒකට අනිවාරෙන්ම හොද Background Music එකක් ඕන. ඉතින් මේකේ ඒ Part එක නම් නියමෙට කරලා තියෙනවා. Thriller ගතිය එක්ක අපිව ගැස්සිලා යන්න වගේම ඒ භයංකාර බව කුතුහලය, තනිකම හැම එකක්ම Music වලින් අපට මාර විදියට feel කරලා දෙනවා. දෙබස් කියවද්දි ⁣තව පොඩ්ඩක් Background Music අඩු උනානම් හොදයි කියලත් හිතෙනවා. Vidu Kahapola, Gayan Amarasooriya, Dilhara Nandasiri කියන Music Director ලා තුන්දෙනෙක්ගේ එකතුවකින් තමයි මේකේ Music නිර්මාණය වෙලා තියෙන්නේ. අනිත් එක තමයි makeup. මේ Series එක මිණීමැරුම් වටා ගෙතුන එකක්. ඉතින් සමහර Dead Body පරණ වෙලා කුණු වෙච්ච විදිය තාත්විකව පෙන්නන එක අභියෝගයක්. ඒත් ඒකටත් මේ නිර්මාණ කරපු සෙට් එක දක්ශ වෙලා තියෙනවා. ඒවා තාත්වික විදියට නිර්මාණය කරලා තියෙන්නේ Oshan yapa කියන දක්ශ makeup artist අතින්.

ත්‍රාසය, භීතිය, කුතුහලය අතින් අඩුනැතිව බලන්න පුළුවන් අඩුපාඩු අවම සුපිරි Series එකක් විදියට මේ TV Series එක කැත නැතිව අදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දැනටමත් පළවෙනි Season එක ඉවරවෙලා තියෙන නිසා ඔයාලට එක පෙළට ⁣Episode ටික බලන්න පුළුවන්කම තියෙනවා Youtube හරහා. වැවක් ඇතුලේ හැංගිලා ගියපු අභිරහස් කාන්තා මළසිරුරු කීපයක සුලමුල හොයන් යන මේ කතාව ඔයාලටත් බලන්න කියලා මං ආරාධනා කරනවා. මොකද මේ වගේ සුපිරි series එකක් මීට කලින් ලංකාවේ කරලා නෑ කියන එක තමයි මගේ අදහස. 

ලිවුවේ –

Casper

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa