තමන්ගේ සැමියා සහ වැඩිමහල් දියණියගේ නමේ මුල් අකුරු එකතුවෙන් AK සන්නාමයෙන් විජලනය කරන ලද විවිධ ආාහර ද්‍රව්‍ය වෙළදපොලට සපයන ඇය බදුල්ල කැන්දගොල්ලවත්ත , තෙල්බැද්ද පදිංචි ටී. විශාලනී. ඇය මේ අන්දමින් ව්‍යවසායිකාවයක් බවට පත් වුන ගමන් මග ඇගෙන් විමසා දැන ගනිමු.

මුලින්ම අපිට කියන්නකෝ AK කියන අකුරු වල අදහස..
මගේ සැමියා කසුන්.. වැඩිමහල් දියණිය අහිංසා.. ඒ දෙන්නාගේ නමේ මුල් අකුරු K සහ A එකතුව AK කියන සන්නාමය හදා ගත්තා.
ඔබ ව්‍යාපාරයකට යොමු ුවනේ කොහොමද?
මම කලෙයිවානි දමිිල විද්‍යාලයේ අධ්‍යාපනය ලබා එතැනින් පසුව කොළඹ ආයෝජන කලාපයේ රැකියාවකට සම්බන්ධ වුණා. මගේ සැමියා හමුදා සේවයේ යෙදුන අයෙක්. මේ කාලයේ ඉඳලාම මගේ සැමියා තේ කොළ අරගෙන පැකට් කරල විකුණන සුළු ව්‍යාපාර කළා. විවාහයෙන් පසුව මමත් ආයතනයෙන් අයින් වුණා. සැමියාත් හමුදා සේවයෙන් ඉවත් වෙලා අපි ලියාපදිංචි විදිහට තේ කොළ ව්‍යාපාරය කර ගෙන ගියා.

සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ධ වෙන්න… අපට ස්වාමින්වහන්සේ උපදෙස් දුන්නා
හන්තානේ ගගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ගේ ෆේස් බුක් පිටුවක තිබුනා පුංචි පරිමානයේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වනවා කියලා. මමයි මගේ සැමියයි දෙන්නාම ඒ වැඩ මුළුවට ගියා. එතැනදී ගගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවෝ කිව්වා ව්‍යාපාරයක් කරන අය තමන්ට කියලා ෆේස් බුක් පිටුවක් පටන් ගෙන ඒ ඔස්සේ ව්‍යාාපර වලට ලොකු ප්‍රචාරණයක් ලබා ගන්න පුළුවන් කියලා.

ඒ අදහස් අනුගමනය කළා.
ඔව්.. ෆේස් බුක් සැරිසරද්දී අපට තවත් ආයතන ගැන තොරතුරු ලැබුනා. ආාහර විජලන තාක්ෂණය ගැන දැන ගන්න ලැබුණා. ඒ අවස්ථාවේදී අපට ආාහාර විජලනය කරන යන්ත්‍රයක් අරගෙන දෙන්න ෂම්මු චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් වුණා. ඒ මහත්මිය අපි තේ කොළ ව්‍යාපාරය කරන කාලයේ අපෙන් තේ කොළ මිළට ලබා ගත් මහත්මියක්. ඒ මහත්මියගේ පුද්ගලික ධනයෙන් ආහාර විජලන යන්ත්‍රය අපට අරගෙන දුන්නා. ඒ ගැන අදටත් කෘතවේදීත්වයෙන් සඳහන් කරන්න ඕන.
දැන් ඔබ විජලන නිෂ්පාදන කර ගෙන යනවා..
ඔව්,ඔබේ නිෂ්පාදන ගැන සඳහන් කරනවා නම්, කටු අනෝදා , පොළොස් , වරකා , කරවිල, මුරුංගා කොළ හීන්බෝවිටියා , කරපිංචා , දෙල්, ගොටුකොළ ,වැල්පෙනෙල මේ වගේ නිෂ්පාදන කරනවා. ඊට අමතරව කැට තේ කොළ ,ටී බෑග් වගේම , කැට තේ කොළ ටී බෑග් අපේ අලෙවිය අතරට ඇතුලත්. මේ අතර ටී බෑග් නිෂ්පාදනයක් විදිහටත් මේවා වෙළඳපොළට හඳුන්වා දෙනවා. කරපිංචා, කටු අනෝදා , යකි නාරං , හීන්බෝවිටියා සාමාන්‍ය තේ බෑග් එකක් විදිහට නිකුත් කරනවා.

මේ නිෂ්පාදන වෙනුවෙන් වෙළඳපොළ..
ලංකාව තුළ කොළඹ, මඩකලපුව , මාතලේ වගේ ප්‍රදේශවලට යවනවා. ඔන්ලයින් ක්‍රමයට ලැබෙන ඇනවුම් වලටත් අපි සැපයුම් කරනවා. ඊට අමතරව ඉතාලිය, රුමේනියාව සහ කොරියාව වැනි විදේශ රටවලත් අපේ නිෂ්පාදන දැන් ලබා දෙන බව සතුටින් සඳහන් කරන්න පුළුවනි.
මේවායේ කල් ඉකුත් වීම ගැන
අපි එක පෙට්ටියක තේ බෑග් 25 ක් අසුරනවා. මේවා අවුරුද්දක් කල් තබා ගන්න පුළුවන්.
නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේ..
අපට අවශ්‍ය ශාඛ පත්‍ර වෙනම බිම් කොටසක වගා කර ගෙනත් තියෙනවා. දැන් ඖෂධීය පාන වර්ග වෙනුවෙන් හැම දෙනක්ම පෙරට වඩා උනන්දුයි. ඒ නිසා හොඳ ඉල්ලුමක් තියෙනවා. අනාගතයේදී මේ ඉල්ලුම තවත් ඉහළ යාවි… ඒ නිසා ශාඛ පත්‍ර , එළවළු, පළතුරු විජලනය ආශ්‍රිත කර්මාන්ත වෙනුවෙන් හොඳ වෙළඳපොලක් බිහි වේවි.

සටහන – සිල්වා , සී
