සියුම් නූලකින් විසිතුරු රටා මැවීම අප සිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඉවසීම , නිර්මාණශීලි හැකියාව වගේම මැහුම් කලාව වෙනුවෙන්ම වූ කැපවීම මේ විසිතුරු මැහුම් රටා මැවීමට හේතු වෙනවා. සමහර විට එය සහජයෙන්ම පිහිටා තිබුන දෙයක් වෙන්නත් පුළුවනි.
කුරුවිට පදිංචි ලක්ෂිකා.. ඉතුරු නම විසිතුරු මැහුම් වෙනුවෙන් හැකියාවක් පෙන්නුම් කළ අයෙකුත් නොවෙයි. නමුත් අද වෙන විට ඇය Lai stich Home යන සන්නාමයෙන් විසිතුරු මැහුම් පිළිබඳව ව්‍යවසායිකාවක් බවට පත් වී සිටිනවා. අපි ඇගේ කථාවට මේ විදිහට මුල පුරමු.
මැහුම් ගෙතුම් වෙනුවෙන් විශාල ඇල්මක් නොතිබුනත් ඔබ අද වෙන විට මේ ක්ෂෙත්රයේ නමක් ගොඩ නගා ගත් කාන්තාවක්. ඒ ගමනේ ආරම්භය වුනේ කොහොමද?
මම කුරුවිට ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව SLIATE ආයතනයේ ්යභෘ් පාඨමාලාව හැදෑරුවා. ඔය විදිහට කාලය ගෙවෙද්දී මටත් අමතර ආදායමක් ලබන්න හැකියාවක් තිබෙන මාර්ග මොනවාද කියල හොයන්න හිතුනා.

මුලින්ම තෝරා ගත්තේ
මම මුලින්ම ස්ක්‍රන්චි වගේ නිර්මාණ කළා. ඒවාත් ලස්සනට ආවා. මම ඒවායේ ෆොටෝ වට්ස්ඇප් ස්ටේ්ටස් ඡායාරූපයකින් මගේ මිතුරන්ට යොමු කළා. මේවා දකින හැම කෙනෙක්ම හරිම ඇගයීමෙන් කථා කළා.
මට මුල්ම ඇනවුම ලැබුනේ මගේ මිතුරියකගෙන්. සැතපුම් ගණනාවක ගමනක ආරම්භය එක් පියවරකින් වගේ මටත් ඒ ඇනවුම ලොකු ශක්තියක් වුණා. මගේ නිර්මාණ වෙනුවෙන් ඉල්ලුමක් ගොඩ නැගෙනවා නේද කියන විශ්වාසය මට එතැනින් ගොඩ නැගුනා.
මේ අත්තිවාරම අද වෙන විට ව්‍යාපාරික සන්නාමය දක්වා ගමන් කිරීමට විශාල පිටුවහලක් වුන බව අනිවාර්යෙන්ම කියන්න ඕන.
එතැනින් පසුව
ඊට පසුව මම එම්බ්‍රොයිඩර් hoop part එකක් නිර්මාණය කළා. මම ඒ නිර්මාණයත් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ බෙදා ගත්තා.මම නිර්මාණයක් කරල එතැනින් නවතින්නේ නැහැ. තව තවත් අළුත් දේවල් හොයනවා. දැන් සමාජ මාධ්‍ය ජාලා නිසා අපට ලෝකය පීරා ගෙන නිර්මාණ රැල්ලක් වුනත් ගොඩ නගා ගන්න පුළුවනි. මේ විදිහට තව තවත් ඔබ්බට නිර්මාණ හොයද්දී මම දැක්කා එම්බ්‍රොයිඩර් වලින් කොණ්ඩ කටු හදනවා.
Lai stich Home
ඔබ දැන් කොණ්ඩ කටු වෙනුවෙන් හිත යොමු කරන්න පටන් ගත්තා
ඔව්.. මම ඒ නිර්මාණ ආශ්‍රය කර ගෙන මගේම අළුත් නිර්මාණ හදන්න පටන් ගත්තා. කොණ්ඩ කටු විතරක් නොවෙයි, බෝ වගේ දේවල් හැදුවා. මේවා විසිතුරු මැහුම් නිසා හරිම ආකර්ශණීයයි. පුංචි ගැහැණු ළමයින් බොහොම ආසයි මේ වගේ විසිතුරු දේවල් පළඳින්න. මේවායේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා ගත්තා. මට ඇනවුම් ඒ ඔස්සේ ලැබෙන්න පටන් ගත්තා.

විසිතුරු මැහුම් කියන්නේ යන්ත්‍රයකින් කරන වියමනක් නොවයි…ඇනවුම් ලැබුනාම ඔබට ඒවා තනියම කර ගන්න පුළුවනිද?
යන්ත්‍රයකින් වියමන් කරනවා නම් එක වර විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන්න පුළුවනි. නමුත් මේවා අතින් කරන්නේ. ඒ වෙනුවෙන් හැකියාව තියෙන තවත් දෙදෙනෙක් මට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වගේ කලාවක් ඉක්මනින් කරන්නත් බැහැ. බොහොම ඉවසීමෙන් ආකර්ශණීය අන්දමින් කරන්නත් ඕන.දැනට මම මේ දෙදෙනාගේ සහයෝගයෙන් ලැබෙන ඇනවුම් බාර ගෙන පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් ලබා දෙනවා.
විදේශයන්ටත් ඔබේ නිර්මාණ යැවීම ගැන කිව්වොත්
විදේශ රටවල සියුම් කලා නිර්මාණ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා. දැනට මම රටවල් කීපයකට මගේ නිර්මාණ යවා තිබෙනවා. ඒ අතරින් වැඩිම ඉල්ලුම මට ලැබී තිබෙන්නේ ඉතාලියෙන්. ඊට අමතරව කැනඩාව , ඉතාලිය , ඇමරිකා එක්සත් ජනපදය , ඉන්දියාව සහ ඔස්ටේ්රලියාව වැනි රටවල්වලටත් යවා තිබෙනවා.

Lai stich Home සන්නාමය කිව්වොත් ව්‍යවසායිකාවන් දැණුවත් කිරීමේ ආයතනයක මුහුණුවරටත් දැන් ඔබ ප්‍රවිෂ්ඨ වෙලා කිව්වොත්..?
ඔව් නිවරැදියි. අද හතු පිපෙනවා වගේ කාන්තාවන් ව්‍යාපාර පටන් ගන්නවා. නමුත් මාස හෝ අවුරුදු දෙක තුනකින් ඒවා නිකම්ම වැහිලා යනවා. ඒ නිසා මම හිතුවා ව්‍යාපාරවල යෙදෙන්න කැමැති කාන්තාවන් දැණුවත් කිරීමේ පාඨමාලාවක් ආරම්භ කරන්න. මෙහිදී ව්‍යවසායිකාවකගේ භුමිකාව ගැන ඔවුන් දැණුවත් කරනවා. අත් එම්බ්‍රොයිඩර් වලින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමැති කෙනෙකුට නම් මූලික මැහුම් ක්‍රම වලින් පටන්ගෙන ඒවා යොදා ගෙන කළ හැකි අයිටම් ගැන…
ඒ වගේම මානසික සුවතාවය වෙනුවෙන් අප සමග සම්බන්ධ වෙන අය ඉන්නවා. එතැනදී අතින් මහන මල් මෝස්තර ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන අන්දම වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒවා අලෙවි කරන ආකාරය ගැනත් දැණුවත් කරනවා. අද සමාජ මාද්‍ය ජාලා ඔස්සේ පහසුවෙන්ම සෘජු වෙළඳපොළක් ගොඩ නගා ගැනීමේ හැකියාව හැම දෙනකෙුටම තියෙනවා. නමුත් ඒ ගැන දැණුවත් වීම ප්‍රමාණවත් නැති නිසා බොහෝ කාන්තාවන්ගේ ව්‍යාපාර අතරමග බිඳ වැටෙනවා. ඒවායේ අලෙවිය ප්‍රවර්ධනය කරන අන්දම වගේ සියළුම දැණුවත් වීම් ලබා දෙනවා.
තමන්ගේ ඇඳුමක් අත් එම්බ්‍රොයිඩර් වලින් හැඩ කර ගන්නා ආාකරය ගැනත් ඉගෙන ගැනීමේ අවස්ථාව මේ අයට ලැබෙනවා.
ඔබේ නිෂ්පාදන මිළට ගැනීමට අවශ්‍ය නම්
මගේ 075 0932770 වට්ස්ඇප් දුරකථන අංකයෙන් ඇනවුම් කරන්න පුළුවන්. එහෙමනම්… සියුම් නූල් පොටකින් ආකර්ශණීය මැහුම් කලාවෙන් අපේ නෙත සිත පිනන ඇයගේ Lai stich Home අනාගතයේදී ජාත්‍යන්තර තලයේ කීර්තිමත් සන්නාමයක් බවට පත් වේවා යැයි “කලම්බු ජර්නල් ” වෙතින් සුබ පතමු.
සටහන –
සිල්වා , සී
