සංසාර ගීය – 19 කොටස

author
0 minutes, 10 seconds Read

සනහස් රට හැර යාමට තීරණය කරත් මවගේ දැඩි පෙරැත්ත නිසා ඔහුට සිද්ධ වුණේ ඔහුගේ තීරණය වෙනස් කරන්න..

“අම්මා ටික කාලයක් මං මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක තමයි අම්මා හොඳම..”

“ජිවිතේ හැමදාම ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ සුදු පුතේ ඔයා මෙහෙන් යනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ.. දැන් ඔයා අලුතින් ඔයාගේ ජිවිතේ පටන් ගන්න ඕන..මියුසික් කියන්නේ ඔයාට වසානාව ගෙනාපු දේ මං කැමති නෑ මොනවා අතැරියත් ඔයා ඒක අතාරිනවට..”

“අම්මා හිතන තරම් මේ හැමදේම ආපහු මට පටන් ගන්න ලේසි නෑ අම්මේ..”

“ජිවත් වෙනවා කියන්නේ ඒකට තමයි පුතේ අපිට කන්න බොන්න පවා ලේසි නෑනේ අපි ඒකට ජොබ් කරන්න ඕන, කඩවල් ගානේ ගිහින් කෑම ගන්න ඕන,ඒ කෑම උයන්න ඕන මේ ලෝකේ අපේ මුලික අවශ්‍යතාවක් වත් එහෙම ලේසියෙන් අපිට ඉෂ්ට කරගන්න බෑ..මනුස්⁣සයෙක් ජිවත් වෙනවා කියන්නේ ඒකට ප්‍රශ්න නැති ජිවිතේ නෑ දරුවෝ.. මොනවා ඔයාට නැති වුණත් ඔයාට අපි ඉන්නවනේ ඔයා වැටුණ කාලේ දැන් ඉවරයි ඉස්සරහට එන්නේ ඔයා නැගිටින කාලේ දරුවෝ..මං හිතන්නේ දැනටමත් ඔයා ඉස්සරහට ගිහින් ඉවරයි..මියුසික් ෆීල්ඩ් එකේ නමක් හදාගන්න ⁣කොච්චර අමාරුද කියලා ඔයා දන්නවනේ දෙයියනේ කියලා ඔයා ඒ අමාරු වැඩෙත් කරානේ දරුවෝ මේ රටේ ඔයාව නොදන්න මනුස්⁣සයෙක් නෑනේ..අර විඩීයෝ එක වුණත් අර තරම් වයිරල් ගියේ ඒකනේ..

මට නැන්දා කිව්වා බෙන්තර පැත්තේ පංසලක් තියෙනවා කියලා හාස්කම් තියෙන ඒ පංසලේ බෝධි පූජා තිබ්බම සේරම ප්‍රශ්න විසඳිලා අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවලූ අපි හෙට දිහාවට එහේ පංසල් යමුද පුතේ කට්ටියත් එක්කම අප්පච්චිවත් ළඟදි අපි කොහෙවත් එක්කරන් යන්නත් බැරි වුණානේ..”

“හෙට උදේට මට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අම්මේ යන්න ඒකට ගිහින් ඇවිත් යමූ..හවස් වෙයි කොහොමත් එහෙට යද්දි හෙටම ආපහු එන්න බැරි නිසා අපි ඒ පැත්තේ කොහේ හරි නතර වෙලාම එමූද..”

“ම්..අපි එහෙනම් එහෙම කරමු මිතිල පුතායි අක්කලයි අපියි තුන්දෙනයි යමු අයියා කොහොමත් ඕවට එන්නෑනේ චේතනා දුවත් එයා වගේමයිනේ ඕවට එයත් එච්චර මනාප නෑ..”

සනහස් පසුදා උදෑසනම සූදානම් වුණේ මාසයකට පෙර දිනයක තමන්ට කතා කරමින් වෙලාවක් වෙන් කරගත් වැඩසටහනට පෙනී සිටින්න පිටත්ව යන්න..සිද්ධ වුණ දේවල් නිසා මිතිල දින කිහිපයක් සනහස්ගේ නිවසේ නතර වී සිටියේ සනහස්ගේ මානසික මට්ටම සුව අතට හැරෙන තුරුයි..

“කල්පනා කරලා ප්‍රශ්න වලට උත්තර දීපං පුළුවන් තරම් ප්‍රශ්න මඟ ඇරපං ඔය මොනවා හරි කියලා..වෙනදා වගේ බොක්කෙන්ම උත්තර දෙන්න එපා මචං..”

“මට හංගන්න දේවල් නෑ මචං අහන දේකට උත්තර දෙනවා එතනින් එහා වෙන දේවල් මං හිතන්නෑ..මං උඹට කලිනුත් කිව්වනේ මොන දේ වුණත් දැන් මට කමක් නෑ කියලා..
අම්මගේ හිත රිද්දන්න බැරි නිසයි මං ඕස්ට්‍රේලියා ගමන ටික දවසකට කල් දැම්මේ..”

“හරි හරි උඹ කැමති විදිහකට උත්තර දීපංකෝ..”

සනහස් ඉන්න මානසික මට්ටම ගැන හොඳ අවබෝදයකින් සිටිය නිසාම මිතිල එලෙස පවසා ඔහුගේ කාමරයෙන් පිටව ඇවිත් සනහස්ගේ රියදුරු වෙත ගියේ ඔවුන්ට නිවසින් පිටත්ව යන්න මෝටර් රථය සූදානම් කරන්න යැයි පවසන්න..

උදෑසන දහයට පමණ ඔවුන් දෙදෙනා රැගත් මෝටර් රථය විසිර ටිවී ආයතනයේ රථවාහන අංගනයෙන් වේගයෙන් පැමිණ නතර කරේ වැඩසටහන ආරම්භ වීමට සුළු මොහොතක් පමණක් ඉතිරි ⁣වී තිබුණ නිසයි..

සනහස් වැඩසටහන පැවැත්වෙන මැදිරියට පැමිණෙද්දි වැඩසටහනට සහභාගී වෙන සියලු කලා කරුවන් සිටියේ සූදානම් වී වැඩසටහන ආරම්භ කිරීමේ මොහොත පැමිණෙන තුරුයි..

“ඔව් අදත් අපි සූදානම් යුගයේ ආදරණීය වැඩසටහන මතක මංපෙත ඔබේ ආලින්දයට රැගෙන එන්න..අද අපිත් එක්ක එකතු වෙනවා ඔබ ආදරය කරන ගී තරු පහක්..

මගේ දකුණු පැත්තෙන් අපි පටන් ගමු අපේ ආදරණීය තරු හඳුනාගන්න..

අනෙකුත් ගායන තරු සියල්ලම හදුන්වා දී අවසන්ව නිවේදකයා සනහස් දෙසට හැරුණේ ඔහුව හඳුන්වා දෙන්න..

“අද අපේ වැඩසටහනේ පායපු අවසන් තරුව තමයි මොහු..මේ සිහින තරුවක්,ඔබ වඩාත් ආදරය කරන තරුවක්..ආයුබෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා සනහස් රවිහංස දිසානායකව..බොහොම ස්තූතියි අපේ ආරාධනය පිළිගෙන අද ආවට..ආයුබෝවන්..”

“ආයුබෝවන් කාවිංග..”

සනහස් දෙසට හැරවුනු කැමරාව දෙස බලා ඔහු සිනහසුනේ දෑත් එකතු කරමින්..

“ඉතිං අද අපි අපේ සිහින තරු පස්දෙනාව හඳුනාගෙන අවසන්..අපි වෙනදා ඔබේ ආලින්දයට රැගෙන එන්නේ රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් මේ හැමෝගෙම එකතුවක් ඒත් අද අපේ මැදිරියේ ඉන්නේ ගායක ගායිකාවන් පස් දෙනෙක්..

අද විශේෂ දවසක් මං එහෙම කියන්නේ මොවුන් සැම එකම වේදිකාවක ගීත ගායනවා කරනවා අපිට අහන්න පුළුවන් වෙන්නේ හරිම කලාතුරකින්නේ,ඉතිං ඒ නිසා ගීත වලට ආදරේ කරන උඹට අද විශේෂ දිනයක් වන බව නම් නොඅනුමානයි..

2346 456 දුරකථන අංකය ඔබට විවෘතයි ඔබට පුළුවන් අපිට කතා කරන්න ඔබ ආදරය කරන සිහින තරු එක්ක කතා කරන්න පුරා පැය දෙකක් උඹට ඒ වෙනුවෙන් අවස්ථාව තියෙනවා..

අපි මුලින්ම කතා කරමු අපේ සිහින තරුව සනහස් රවිහංස එක්ක පසුගිය දින කිහිපයේ සනහස්ට හොඳ කියන පිරිසක් වගේම විවේචනය කරන පිරිසකුත් අපි මුහුණුපොතේ දැක්කා..ඔබ මොකද හිතන්නේ ඒ දේ ගැන..මං මේ ආපු ගමන් උදේම පාන්දරම මෙහෙම ප්‍රශ්නයක් අහපු එක හරිද මංදා අලුත් ගීතයකුත් එළියට දාලා තියෙන වෙලාවක ඒ ගැන කතා නොකර..”

“අනේ එහෙම දෙයක් නෑ කාවිංග..මේ දවස් වල ඉතිං ගොඩක් අය එක එක දේවල් කතා වෙනවා මං ඉතිං හැමදේම උපේක්ෂාවෙන් බාරගන්න කෙනෙක් හොඳ වගේම නරකත් මං හිතනවා මේ ෆීල්ඩ් එකේ ඉද්දි අපිට අහන්න වෙනවා කියන දේ..ඒක හරිම සාමාන්‍ය දෙයක්නේ..”

“මං දන්න විදිහට නම් මීට කලින් ප්‍රේක්ෂකයෝ සනහස් ගැන එහෙම වැරදියට කතා බහ කරලා නෑ..මේ එක පාරටම සිද්ධ වුණ දේ ගැන සනහස් මොකද හිතන්නේ..”

“මං හිතනවා මගේ ගායනය ගැනනම් ප්‍රේක්ෂකයන්ට එහෙම වැරදි කියන්න තරම් අඩුපාඩුවක් නැහැ කියලා..ඇත්තටම මුහුණු පොතේ ඉන්න කෙනෙක් නම් මේ වෙනකොට ඇත්තටම අනිවාර්යයෙන්ම දැකලා තියෙන්න පුළුවන් මේ දවස්වල හැම තැනම සංසරණය වෙන වීඩියෝ එක..මං හිතනවා කාවිංග අහන්නෙත් ඒ ගැන කියලා..

මං කාවිංග මෙච්චර කාලයක් මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් ,සංගීත ජීවිතයේ වැඩ කටයුතු තියාගෙන හිටියේ එකට නෙමෙයි මං ඇත්තටම කැමති වුණේ නැහැ මගේ පෞද්ගලික ජීවිතෙයි සංගීත ජීවිතෙයි එකට එකතු කරලා ගමනක් යන්න..ඒ නිසා තමයි මගේ ගීත හැම එකක්ම මං ලිවුවේ කා වෙනුවෙන්ද කියන දේත් මේ තරම් කාලයක් මං මගේ ප්‍රේක්ෂකයන්ට නොකියා හිටියේ..හැමෝම දන්නවා මං මේ ගීත ලිව්වේ මගේ ගෑණු ළමයා වෙනුවෙන් කියලා හැබැයි එතනින් එහාට දෙයක් දන්නෑනේ..

මං හිතනවා මම මාසෙකට කලින් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න දිනයක් වෙන් කරලා තියාගෙන හිටපු එක සමහරක් විට මට අද වාසියක් වුණා කියලා මොකද සමහර දේවල් මං ප්‍රේක්ෂකයන්ට මේ තරම් කාලයකට කියලා නෑ කාවිංග..මං ඇත්තටම අද ප්‍රෝග්‍රෑම් එකට ආවේ නම් ඒ දේවල් ගැන කතා කරන්න නෙවෙයි ඒත් ගොඩක් අය කුතුහලයෙන් ඉන්න නිසා මං කතා කරන්නම් මට චූටි වෙලාවක් දෙනවද කාවිංග..”

“අනිවාර්යෙන්ම සනහස්..”

මං ඇත්තටම මෙච්චර කාලයක් කතා කරලා නැහැ මගේ ආදරේ ගැන..මගේ ගීත හැම එකක්ම ලියවුණේ ඇය වෙනුවෙන්

මං මේක අවස්ථාවක් කරගන්නේ නැහැ අතීතේ දේවල් ආපහු ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න මාව විවේචනය කරන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා මං දැක්කා මම ගැන ගොඩක් පෝස්ට් ෆේස්බුක් එකේ ශෙයා කරලා එහෙම තියෙනවා,ගොඩක් දෙනෙක් ඔවුන්ගේ අදහසුත් පළ කරලා තියෙනවා මං දැක්කා..මං මේක අවස්ථාවක් කරගන්නවා මගේ ප්‍රේක්ෂකයන්ට පුංචි දෙයක් කියන්න..

ඇත්තටම මං කැමති නැහැ මේ ලෝකෙ ජීවත් වෙන්නැති පුංචි ගෑණු ළමයෙක්ට මිනිස්සු අපහස කරනවට මං හිතනවා ආදරය ගැන අපි මේ තරම් කතා කරන්නේ ආදරේට මිනිස්සු ආදරය කරන නිසා කියලා, අපි පස්දෙනාගෙම ගීත හැම එකකම ආදරය කියන හැඟීම හරිම සමීපව සම්බන්ධ වෙලා තමයි ඒ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ..ඉතින් මේ ලෝකේ හැමෝම කවදම හරි ආදරේ කරලා තියෙනවා..මං හිතනවා හැමෝම ආදරේ කරලා ඇති කියලා ගෑණු ළමයෙක්ට, දෙමව්පියන්ට, ළමයින්ට, වයිෆ්ට ඉතින් මං කැමතියි මේ රටේ මිනිස්සුන්ගෙන් අහන්න ආදරය කරන එක වැරදිද..ආදරය කරන්න වයසක් බලපානවද කියලා..

මං හිතන්නේ නැහැ එහෙම වයසක් බලපානවා ඇති කියලා මගේ පළවෙනි ආදරය මට ඇති වුණේ මං ඒලෙවල් කරන කාලේ, මගේ ජීවිතේ පළවෙනි ආදරය තමයි ඒක..පුංචි වයස්වල ඉන්න අයට ඇත්තටම ආදරේ කියන හැඟීම දැනුනම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ කියන දේවල් ඇත්තටම ඔවුන් ගණන් ගන්නේ නෑ..

මාත් එහෙම ගණන් නොගෙන ආදරය කරපු කෙනෙක් මං පෙර ආත්මේ කරපු මොකක් හරි පවකට මගේ ආදරය ප්‍රකාශ කරන්නත් කලින් මට අහිමි වුණා ඒක ඇත්තටම මගේ ජීවිතේ අවාසනාවන්තම සිදුවීමක් ඒ වගේ සිදුවීමකට මුහුණ දුන් නැති කෙනෙක්ට කවදාවත් තේරුම් ගන්න බැහැ ඒ අවස්ථාවට මුහුණ දුන්න කෙනෙක්ට ඒක කොහොමද දැනෙන්නේ කියලා..එනිසා මං ආදරයෙන් ඉල්ලනවා ඔයාලගෙන් ඔයාලට පුලුවන්නම් මං ගැන ඔයාල කැමති විදිහට පෝස්ට් වලින් කමෙන්ට් වලින් ඔයාලගේ අදහස් පල කරන්න මං ඒ දේවල්වලට ඇත්තටම අද වෙනකන් කිසිම දෙයක් කියලා නැහැ අපි මේ සමාජය ඇතුලේ ජනප්‍රිය වෙන්න වෙන්න අපිව අපිට අයිති නෑ..අපි අයිති ප්‍රේක්ෂකයන්ට හැබැයි මේ ලෝකේ නැති පුංචි ගෑණු ළමයෙක්ට ඔයාලා කියන දේවල් ඇත්තටම දකිද්දි මගේ හිත ගොඩක් රිදෙනවා..ඒ නිසා ඔයාලා ඇය ගැන වැරදි විදිහේ මත සමාජගත කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා..”

“ඇත්ටම සනහස් ඔබ කිව්වත් වගේ එවැනි දේවල් නම් අපි කවුරුත් අනුමත කරන්නෑ..
ඇත්තටම සනහස් මං ඔයාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවෙත් ඔබ ගැන ප්‍රේක්ෂකයෝ දරන මතය වෙනස් කරන්න පුළුවන් ඔබේ පිළිතුරෙන්ම නිසා..”

“ඇත්තටම කාවිංග බොහොම ස්තූතියි මගෙන් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නේ අහපු එකට..”

“සනහස් ඔබේ සිංදුවක් අහලම අපි විරාමයකට යමුද..ඔබ තෝරගෙන තියෙන සිංදුව ගැන කියලම අපි ගායනා කරමු නේද..”

“මේ සිංදුව මට හරි විශේෂයි මගේ ආදරී ගැන කතා කරපු නිසා මුල්ම ගීතය මං ඇය වෙනුවෙන්ම කියන්න හිතුවා..”

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඈත්තටම ඔබ වගෙයි
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඈත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඈති බලා
මට යන්න දෙන්න සියුමෑලියේ
සුවද සොය සොයා
මෙ රාත්‍රියම නිසන්සලයි
එත් ඔබ නිසා
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඈත්තටම ඔබ වගෙයි

මල් පිපෙන තුරු ලතා
මද සුලගේ නෑලවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඈසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නෑති වුනා
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඈත්තටම ඔබ වගෙයි

“මල්ලි හරි පවු අම්මේ..මං කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා එක සිද්ධියකින් අපි හැමෝගෙන ජිවිත වෙනස් වුණා..අප්පච්චි පැරලයිස් වුණා,අපිට ගම දාලා එන්න වුණා,මට චමත්ව මැරි කරන්න පුළුවන් වුණා,මල්ලි නිහඬ චරිතයක් වුණා මේ කිසිම දෙයක් වෙන්නෑ එදා ඒ දේ නොවුණනම්..”

“නරක දේවල් ගොඩක් මැද්දේ ඔයාගේ ජිවිතේ හරි පිළිවෙළක් වුණ එක ගැන ම⁣ට සතුටුයි පුතේ..හැමදේම වුණේ දෛවයේ විදිහට අපි කාටවත් දෛවය වෙනස් කරන්න බෑ..මල්ලිගේ දෛවයත් එහෙමයි පුතේ එයාට ගැලපෙන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඇති..ඉරණම්කාරයා පහුවෙලා හරි හම්බෙනවා..”

මතුසම්බන්ධයි…

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa