මිතිල පුරා දෙදිනක් අමායගේ පවුලේ ඔවුන් නොදත් තොරතුරු ගැන සෙයා බැලුවේ සනහස් පිස්සෙක් මෙන් එකම විඩීයෝව නරඹමින් කාලය ගත කරද්දියි..
“මේ උඹ ඔහොම ආපහු පිස්සෙක් වෙන්නද හදන්නේ එකම රූපය තිබුණට ඔය ඉන්නේ උඹ ආදරේ කරපු කෙල්ල නෙවෙයි මචං අමායා පැහැසරණි වීරවර්ධනගේ නංගි සයාරා නෙතුසරණි වීරවර්ධන උඹ ආදරේ කරේ ඔය කෙල්ලගේ අක්කට ඔය ඉන්නේ නංගි..”
“උඹ කොහොමද දැනගත්තේ..”
“මං හොයලා බැලුවා දුරින් ඔය පවුලට නෑ වෙන එකෙක් මගේ යාළුවෙක් මං හොයන්නේ ඇයි කිව්වේ නෑ මං ශේප් එකේ අහ ගත්තා..මැඩම් ඩිවෝස් වෙද්දි එයාලගේ නිවුන්නු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්ව එයාගේ හස්බන්ඩ්ට අයිති වෙලා මැඩම් ගාව ඉදලා තියෙන්නේ අමායා නංගි එයාගේ නංගිව හදාගෙන තියෙන්නේ එයාගේ අප්පච්චි මේ දෙන්නව ඒකයි කවුරුත් වැඩිය දැකලා නැත්තේ සයාරා කොළඹ තමයි චුටි කාලේ ඉදන්ම හැදිලා තියෙන්නේ අමායා කුරුණෑගල අවුරුදු පහකට කලින් අමායා නංගි නැතිවුණ ආරංචිය ඇහුණ ගමන් සයාරා නංගියි එයාගේ අප්පච්චියි කුරුණෑගල එද්දි ඒ දෙන්නව ඇක්සිඩන්ට් වෙලා එදා ඉදන් සයාරා නංගිට ඇවිඳින්න බෑලූ..අංකල්ට නම් එච්චර අවුලක් වෙලා නෑ වාහනේ වැදිලා තියෙන්නේ ලයිට් කණුවක නංගි හිටිය පැත්තේ වාහනේ උඩට කණුව කඩාගෙන වැටිලා නංගිගේ කකුල් දෙක තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ..”
“සයාරට වෙච්ච දේටත් වගකියන්න ඕන මමද මචං..අමායට එදා එහෙම දෙයක් නොවුණනම් සයාරා අද රෝදපුටුවක නොයින්න තිබුණා නේද..”
“ඔන්න ඉතිං ආපහු පටන් ගත්තා පරණ අඩෝවැඩියාව යකෝ උඹ මොනවා කරන්නද බං උන් හරියට වාහනේ ඩ්‍රයිව් නොකරට මං උඹට එකක් කියන්නම් සනහස් මෙතන විකාර නටන්නනම් ලෑස්ති වෙන්න එපා ආපහු පරණ විදිහටම..”
හිත යම් තරමකට හරි හදාගන්න උත්සහ කරන හැම පාරම හිටියටත් වඩා හිත කැඬිලා බිඳිලා යද්දි සනහස්ට ජීවත් වෙනවා කියලා හිතද්දි පවා දැණුනේ කලකිරීමක්..
එකම දිනයේ තමන් නිසා සහෝදරියන් දෙදෙනෙකුගේ ජිවිතේ කනපිට හැරුණ එක ගැන ඔහු සිටියේ වේදනාවෙන් පසුතැවෙමින්..
“මං කලින් දන්නවනම් මගේ ආදරේ නිසා මේ තරම් මිනිස්සුන්ට විඳවන්න වෙයි කියලා මං කවදාවත් ආදරේ නොකර ඉන්න තිබුණා මචං..එහෙනම් මං කවදාවත් ආදරයක් ගැන හිතන්නෑ..”
දින කිහිපයක් කාමරයට කොටුවී අතීතය ගැන සිතමින් පසුතැවෙමින් කාලය ගත කරපු සනහස් තීරණයක් රැගෙන සූදානම් වී නිවසින් පිට වුණේ රූපවාහිනී ආයතනයෙන් සයාරගේ නිවසේ ලිපිනය ඉල්ලගෙන ඇයව හමූවීමට ඇගේ නිවසටයි..
“මේ මහත්තයා කවුද..”
සනහස්ගේ මෝටර් රථය දෙමහල් නිවසේ ගේට්ටුව ඉදිරිපිට නතර කරද්දි මුරකරු එලෙස ඇසුවේ ඔහු මීට පෙර නිවසට පැමිණි අයෙක් නොවුණු නිසයි..
“මට හම්බෙන්න පුළුවන් ද සයාරා නෙතුසරණි වීරවර්ධනව..”
“අනේ..සමාවෙන්න ඕන මට මහත්තයව අඳුනගන්න බැරි වුණානේ මේ සනහස් මහත්තයා නේද..”
“ඔව් මාමේ සනහස් තමයි..”
“පුංචි බේබි ඇතුලේ ඉන්නවා මහත්තයෝ ඔහොම ඉන්නකෝ මං ගේට්ටුව අරින්නම් මහත්තයා පුංචි බේබිට කතා කොරලද ආවේ බේබි සාමාන්‍යයෙන් එහෙම කාව වත් වැඩිය හම්බෙන කෙනෙක් නම් නෙවෙයි..”
“මං හදිස්සි වැඩකට ආවේ මාමේ සයාරට නම් කතා කරන්න බැරි වුණා..”
“කමක්නෑ මහත්තයෝ පුංචි බේබි ඇතුලේ ඉන්නවා ගිහින් මහත්තයා කතා කරන්නකෝ..”
සනහස් මෝටර් රථය නිවස ඉදිරිපිට නතර කරලා ඉන් පිටතට පැමිණියේ වටපිටත් බලමින්..
සනහස් දිහා විමසිලිමත් බැල්මක් හෙළමින් නිවස ඇතුළත සිට පිටතට පැමිණියේ අවුරුදු පහනක පමණ වයසක කතාවක්..
“මේ දරුවා..”
“ආන්ටි මං සනහස් රවිහංස දිසානායක..”
“මං ඔය පුතාව දන්නවා මං මේ කල්පනා කරේ පුතා ඇයි මෙහේ ආවේ කියලා..”
“ආන්ටි මට සයාරව ටිකක් හම්බෙන්න පුළුවන් ද..”
සනහස් තමන් පැමිණි කාරණාව කෙලින්ම එම කාන්තාවට පැවසුවේ ඔහුට ඇයත් සමඟ කතා කිරීම ඒ මොහොතේ අත්‍යවශ්‍ය වුණ නිසයි..
“ඔහොම ඉන්න මං දෝණිට කතා කරන්නම් පුතා..”
නෙළුම් සයාරගේ කාමරයට පිවිසුණේ ඇය හමුවට අමුත්තෙකු පැමිණි බව පවසන්න..
ඇය පැමිණෙන විට සයාරා සිටියේ රෝදපුටුව මතට වී ගිටාරයේ තත් සුසර කරමින්..
“දෝණි..”
“ඕ නැන්දි..”
“ඔයාව හම්බෙන්න සනහස් පුතා ඇවිත්..”
“කවුරු..”
“ඔයාගේ singing competition එකේ ජජ් බෝඩ් එකේ ඉන්නේ අන්න ඒ ළමයා..”
“එයා මොකටද මාව හම්බෙන්න ආවේ.. හිතුවද දන්නෑ අක්කා වගේම මාවත් මරන්න..”
“දෝණී..කට තිබුණ පලියට ඔයත් අම්මා වගේ ඔය මෝඩ කතාව කියවන්න එපා දරුවෝ.. ඔයාලා සේරම කුණු ඒ අහිංසක දරුවගේ පිටින් ඇරියට අප්පච්චියි මමයි නම් කීයටවත් ඔයාලා ඔය කියන මෝඩ කතාව පිළිගන්නෑ..ඒ ළමයා කරපු එකම වරද ඔයාගේ අක්කට ආදරේ කරපු එක විතරයි අපි ඇස් දෙකෙන්ම එදා Cctv ෆුටේජ් දැක්කනේ අමායා පාර පනින්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අර ළමයා ඒ වෙලාවේ ලේ විලක් මැද වැටිලා හිටපු ඔයාගේ අක්කව බදාගෙන අඬපු හැටි මට අද වගේ මතයි..
ඔයාලා හැමෝටම වඩා මේ දෙයින් ජිවිතේ වෙනස් වුණේ ඒ ළමයගේ ඉස්කෝලේ දක්ෂ දරුවෙක් කැම්පස් යන එක ෂුවර්මයි කියලා ලේබල් කරපු දරුවෙක් එදා ඒ සිද්ධිය නිසා ඒලෙවල් ලියන්න වුණේ නෑ ගමෙන් කොන් වුණා ඇස් දෙක ඉස්සරහට තමන් ආදරේ කරපු ගෑණු ළමයා නැති වුණා කොයිතරම් දේවල් වලට ඒ දරුවට මූණ දෙන්න වුණාද මට නම් සනහස් පුතා ගැන හරි දුකයි..
“එයා ගැන දුකයි නම් ගිහින් නලවන එකනේ ඇත්තේ මට මොකක්ද කියන්නේ ඔය මුකලන් බස්සා නිසා තමයි අද මං මෙහෙම ඉන්නේ මගේ හීන නැති වුණේ ඔය මනුස්සයා නිසා ඔයාට මාව පේනැද්ද නැන්දි..”
“හරි හරි දැන් ඔය කතාව ඇති ගිහින් අර ළමයා එක්ක ටිකක් කතා කරන්න මොකක් හරි හදිස්සියකට ආවද දනිනෑනේ..”
සයාරා නෙළුම්ට ගස්සලා කරලා රෝදපුටුව හසුරවගෙන ඉදිරිපස වැරැන්ඩා කොටසට පැමිණියේ ඔහු නිවස ඇතුළට පැමිණි නොසිටි නිසයි..
සනහස් අවට වට පිට බලමින් එකම තැන එහාට මෙහාට ඇවිඳිමින් සිටියේ හිතේ තිබුණ නොසන්සුන් හැඟීම් යටපත් කිරීමට උත්සහ දරමින්..
සයාරව දුටු මොහොතේ සනහස්ට දැණුනේ වරදකාරී හැඟීමක්..මෙතරම් සුන්දර තරුණියකට අත්වුණ ඉරණමට තමනුත් වගකියන්න ඕන නේදයි කියා හදවත මොර ගාද්දි සනහස් සයාරා සමීපයට කිට්ටු වුණේ ඇය හමුවීමට පැමිණියත් ඇයත් සමඟින් කුමක් කතා කල යුතුදැයි කියා ඔහු මීට පෙර සිතා නොතිබුණු නිසා ව්‍යාකූල වුණ මනසකින්..
“ඇයි මෙහේ ආවේ..”
“ඔයා මාව දන්නවද සයාරා..”
“අපේ පවුලේ අය ඔයා ගැන දන්නේ නැත්තන් ඒ මනුස්සයා අපේ පවුලේ කියන්නත් ලැජ්ජයි ඇයි මාව හම්බෙන්න ආවේ අක්කා වගේම මාවත් මරලා දාන්නද..”
සයාරගේ වචන වලට සනහස්ට දැණුනේ දැඩි අපහසුතාවයක් තුන් හිතකවත් අමායව මරන්න අදහසක් නොතිබුණු තමන් සයාරට එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් කොහොමද කියලා සනහස් තමන්ගෙන්ම ඇසුවේ ඇය දිහා අසරණව බලමින්…
“මගේ අතින් වුණේ ගොඩක් ලොකු වැරැද්දක් ඒත් මගේ තුන් හිතකවත් ඔයාගේ අක්කව මරන්න අදහසක් තිබුණේ නෑ නංගි..”
“ඔයාට එහෙම අදහසක් තිබුණේ නැති වුණාට;අන්තිමට ඔයා නිසා මගෙ අක්කා මේ ලෝකෙන් යන්නම ගියානේ..”
“එදා සිද්ධ වුණ දේට මං වැරදියි තමයි නංගි අමාට සහෝදරියක් ඉන්නවා කියලා මං දැනගෙන හිටියේ නෑ ඔයා අමායා වගේමයි..”
“ඔව් මම මගේ අක්කා වගේ තමයි එයා අද හිටියනම් මං මේ විදිහට රෝදපුටුවක ඉන්නෑ එහෙනම් අද මං මගේ හීන වලට ගිහින් අපි දෙන්නගෙම ජිවිත විනාස වුණේ තමුන් නිසා තමුන් කොහොමද රෙද්දක් ඇදන් මාව හම්බෙන්න ආවේ මට මීනිමරුවොත් එක්ක කිසිම කතාවක් නෑ තවත් අපිට පවු නොඳී යන දේවාලෙක යනවා..අපේ අම්මා අවුරුදු ගාණක් දුක් විඳින්නේ තමුන් නිසා..”
“දෝණි…දැන් ඔය කතාව ඇති ගෙදරට ආපු මනුස්සයෙක්ට ඔහොමද කතා කරන්නේ..
අනේ පුතා මෙයා කියන දේවල් ගණන් ගන්න එපා මේ ළමයා එන්න එන්නම දැන් හරි මුරංඩුයි ඉන්නකෝ මං අයියා ආවහම කියන්න..”
සනහස්ට බීම එකක් සාදමින් සිටිය නෙළුම්ට සයාරා උස් හඬින් කතා කරනවා ඇසුණු නිසා අඩියට දෙකට වැරැන්ඩාවට පැමිණියේ කොතෙක් පැවසුවත් සයාරා ඇය කියනා කිසිවක් නොඅසන එක ගැන හිතින් සයාරට බනිමින්..
“අපි ගෙට යමු පුතා හෙමීට කතා කරමු මං මේ බොන්න මොනවා හරි හද හද හිටියේ මං සද්දේ ඇහිලා ආවේ..”
“අනේ කරදර වෙන්න එපා ආන්ටි..මං දැන් යන්න ඕන..මං එහෙනම් ගිහින් එන්නම්..මං වෙන දවසක එන්නම්කෝ මොනවා හරි බීලා යන්න..”
සනහස් එලෙස පවසා ඔවුන්ට සමුදී මෝටර් රථයේ අසුන්ගත්තේ විසල් සුසුමක් හෙළමින්..
“මම නොහිටියනම් මේ කිසිම දෙයක් මෙහෙම වෙන්නෑ..එහෙනම් අමායත් ජිවත් වෙනවා සයාරත් එයාගේ හීන වලට ගිහින් මං මහ කරුමක්කාරයෙක්…”
සනහස් තනිවම ඔහුට බැන ගනිමින් මත්පැන් හලක් සමීපයෙන් මෝටර් රථය නවත්වා ඊට ඇතුල් වුණේ හිතේ තියෙන සේරම දුක් අමතක කරන්න සිහි විකල් වන තුරු මඳුවිත පානය කිරීමට සිතාගෙන..
තනිවම කියවමින් ඔහේ සනහස් මේසයක් මත හොඳටම මත් වී වැටී සිටියේ සිහිකල්පනාවෙන් තොරවයි..
කිසිවෙක්ට නොපවසා සනහස් නිවසින් පිටව ගිය නිසා මිතිල,රන්දි ඇතුලු සියලුම දෙනා සිටියේ ඔහු ගැන බියෙන් තැවෙමින්..
“අපි දැන් මොකද මිතිල මල්ලි කරන්නේ කෝල් ගත්තට ආන්සර් කරන්නෑ..”
“මට හරි බයයි දරුවනේ මේ දවස් වල හොඳටම අපලයි කියලා කිව්වා හාමුදුරුවෝ කේන්දරේ බලලා මල්ලිට මොකක් හරි කරදරයක් වත් වෙලාද දන්නෑ සුදු මැණිකේ..”
“බය වෙන්නේ නැතුව ඉන්න අම්මේ apartment එකට ගියාද දන්නෑ සමහර විට මං අයියට කතා කරා එහෙට ගිහින් බලන්නම් කිව්වා..”
“වෙන්දා යන අහක මිතිල පුතාට කියලනේ යන්නේ ගිය දවස් ටිකේම කාමරේට වෙලා කල්පනා කර කර හිටියා මල්ලි ජිවිතේට වත් මොනවා හරි..”
“පිස්සුද නැන්දා මං දන්නේ නැද්ද ඌ ගැන ඒ වගේ මෝඩ වැඩක් නම් කරන්නේ නැති වෙයි
අපි බලමුකෝ ටිකක් සමහර විට වාහනේ ටයර් පන්ච් එකක් වුණාද දන්නෑනේ..”
“අනේ මංදා දරුවනේ මල්ලිට ලබලා තියෙන්නේ පුදුම අපල කාලයක් එකක් යනකොට තව එකක් ප්‍රශ්න..දැන් අර ගෑණු ළමයට ඇත්ටම ඇවිඳින්න බෑද පුතේ..”
“බෑ නැන්දේ කකුල හුඟක් ඩැමේජ් වෙලා කියලා තමයි කිව්වේ සනහසා ටිකක් හිත හදාගෙන ආපහු ජිවිතේ පටන් ගන්න ගියා විතරයි ගිය දවස් ටිකේම ඒ කෙල්ල හිටපු විඩීයෝ එක බල බල ඔහේ කල්පනා කර කර හිටියා වැඩේ කියන්නේ ඒ එක්සිඩන්ට් එකත් වෙලා තියෙන්නේ එදාමනේ තවත් සනහස්ට අවුල් ගියේ ඒකයි එකම දවසේ අක්කයි නංගියි දෙන්නටම මෙහෙම වුණ එක..”
පවුලේ සියලු දෙනා සිටියේ තැන තැන ඔහේ අසුන්ගෙන සනහස් ගැන,අතීතය ගැන කල්පනා කරමින්..
සනහස්ගේ වැඩිමල් සහෝදරයා වුණ සංඛ ඔහු සිටින තැන සොයාගෙන ගිහින් ඔහුව නිවසට රැගෙන ආවේ වදෙන් පොරෙන්..
සංඛ සනහස්ව ඔසවගෙන ගෙන මෙන් පැමිණ කුෂන් පුටුව මතින් හාන්සි කරේ සනහස් ඔහේ එකිනෙක නොගැලපෙන දේවල් කියවමින් හඬන්න ගනිද්දියි..
“ශික්..හොඳටම ගහලා මූ කොහෙද අයියේ හිටියේ..”
මිතිල සනහස්ගේ සපත්තු දෙක ගලවා පසෙකට කරමින් එලෙස ඇසුවේ සංඛගෙන්
“බාර් එකක හිටියේ GPS ට්‍රැක් කරලා හොයාගත්තේ මං යද්දිත් කුණු වෙන්න ගහලා ඔය විදිහට මේසයක් බදන් හිටියේ කවුද මංදා කෙල්ලෙක් කියපු මොකක්ද මන්දා කතාවක් ගැන කිය කිය මග දිගට ඇඬුවා මූ හදන්නේ අම්මේ විහින් නාස්ති වෙන්න..”
“අපි මොකක්ද දරුවෝ මේකට කරන්නේ මට නම් තේරෙන්නෑ මං මොනවා කරන්නද කියලා..”
ශිරන්ති හඬමින් එලෙස ඇසුවේ සනහස්ගේ හිස පිරිමඳිමින්..
“සේරටම කලින් දෙහි ගෙඩියක් අරන් එන්න නංගි මූව පියවි සිහියට අරන් එපැයි කරන දෙයක් ගැන හිතන්න..”
“ඊයේ මිනෝල කිව්වේ ෂෝ එකකට සල්ලිත් අරන් එන්න බෑ කියලා කැන්සල් කරලා මෙහෙම ගියොත් මුගේ නමත් කැත වෙනවා අයියේ..”
“ගිය දවස් ටිකේ ශේප් එකේ හිටියා නේද මිතිල මල්ලි එකපාරටම මොකද වුණේ මෙහෙම පිස්සු නටන්න..”
“ඇයි අයියේ මං අර කිව්වේ අමායා නංගිගේ නංගි සයාරා ගැන..”
“එහෙනම් එන මග දිගට කිව්වේ ඒ කෙල්ල ගැන වෙන්නැති ඔහොම නමක් තමයි කියෙව්වේ..”
මතුසම්බන්ධයි…
පසුගිය සතියේ කොටස මෙතැනින් –
