වර්තමානයේ දී බොහෝ තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වටා ඇති තොරතුරු රූප මඟින් ද වීඩියෝ මඟින් ද නැරඹීමට හැකි වීම හා ඒ පිළිබඳව ගවේෂණය කිරීමට හැකිවීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ හැකි වීමත් තම අදහස් හුවමාරු කිරීමට හැකි වීම යන ආදී වූ සිත් ඇදගන්නා සුළු විශේෂාංග සමාජ මාධ්‍ය තුළ අඩංගු වීම හේතුවෙන් මෙලෙස බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය භාවිත කිරීමට පුරුදු වී සිටී.
එසේ නම් අද අප සූදානම් වන්නේ තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සමාජ මාධය හා අරගලය ලිපි මාලාව ඔස්සේ සමාජ මාධ්‍යවල නැගීම ආරම්භ වූයේ කවදාද සහ අදවන විට විශාලතම වෙබ් අඩවි මොනවාද? ලොව පුරා භාවිත.කරන සමාජ මාධ්‍ය වේදිකාවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඔබට ලබා දීමටයි.
සමාජ මාධ්‍යයේ ආරම්භය
සමාජ මාධ්‍යයේ ආරම්භය පිළිබඳ කතා බහ කිරීමේ දී සමාජ මාධ්‍යයේ මුල්ම අඩිතාලම sixdegrees.com මගින් ආරම්භ වූවා යැයි සැලකේ. වර්ෂ 1997 දී පමණ ආරම්භ වූ මෙය ලෝකයේ පළමු සමාජ මාධ්‍ය අඩවිය ලෙස බොහෝ දෙනා හඳුන්වා තිබේ.
මීට ප්‍රථම 1994 දී Yahoo, Geocitiesනමින් වෙබ් අඩවියක් ආරම්භ වී තිබුණා. වර්ෂ 1994 නොවැම්බර් මාසයේදී ඩේවිඩ් බොනට් සහ ජෝන් රෙස්නර් විසින් ආරම්භ කරන ලද මෙය ප්‍රථමයෙන් හඳුන්වා දී තිබුනේ beverly hills internet නමිනුයි. එම අවධියේ දීම classmate.com, hy5, myspace, friendsterනමින් තව තවත් සමාජ වෙබ් ජාල සුළු වශයෙන් ආරම්භ වීම දක්නට ලැබුණා.
නමුත් බොහෝ දෙනා පිළිගත් සමාජ මාධ්‍ය අඩවියක් ලෙස ව්‍යාප්ත වී තිබුණේ sixdegrees.com වෙබ් අඩවියයි.
මෙලෙස එම අවධියේදී ආරම්භ වූ සමාජ ජාලා බොහෝ අය සමාජ මාධ්‍ය ලෙස අර්ථකථනය කර තිබුණ ද වර්තමානයේ දී සෑම දෙනෙක්ම පාහේ එය නිවැරදි කර හඳුනාගෙන තිබෙනවා facebookyoutube , online gaming යන වේදිකා සමාජ මාධ්‍ය වෙබ්අඩවි බව.
උදාහරණයක් වශයෙන්,
secondlifeනමින් හඳුන්වන online platform එක 2006 , 2007 යන වර්ෂ වලදී ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. මෙම වේදිකාව ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි සමාගමක් වන Linden Lab විසින් නිර්මාණය කොට ඇති අතර secondlifeහි සුවිශේෂත්වය වන්නේ මෙය ෆේස්බුක් හා සමාන platform එකක් වීමයි. ෆේස්බුක් මෙන් profile එකක් සාදා ගැනීමෙන් අනතුරුව එය භාවිත කරන පරිශීලකයා හා සමාන රූපයක් එම platform එක හරහා නිර්මාණය කරගත හැකියි. පසුව එම වේදිකාව ඔස්සේ පරිශීලකයාට කැමති ආකාරයේ රැකියාවක හෝ වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක නිරත විය හැකියි. මේ සෑම ක්‍රියාකාරකමක්ම මුදල් හා පදනම් ව සිදු කල යුතුයි. මෙම වේදිකාව කෙතරම් ජනප්‍රිය වීද යත් එක්තරා අවස්ථාවකදී ඇමරිකාව, මාලදිවයින වැනි රජයන් ද මෙම වේදිකාව භාවිත කිරීමට කටයුතු කළා. එම නිසා මෙය මිනිසුන් අතර ඉතාමත් ජනප්‍රිය වේදිකාවක් බවට පත්වී තිබුණා.
මෙය online gaming platform එකක් වුවද සැබෑ ලෝකය හා සමාන ආකාරයට එම වේදිකාව නිර්මාණය කොට තිබේ.
එබැවින් මෙම වේදිකාව online gaming යනුවෙන් නිර්වචනය කරනවාට වඩා social world ලෙස නිර්වචනය කිරීම ඉතාමත් සුදුසු වේ.
කෙසේ වෙතත් මෙම අවධීන්හිදී බොහෝ අය සමාජ මාධ්‍ය කෙරේ ක්‍රමක්‍රමයෙන් යොමු වුණ ද 2008 දී ෆේස්බුක් පැමිණීමත් සමඟ ඉතා සීඝ්‍ර වශයෙන් මිනිසුන් සමාජ මාධ්‍ය කෙරෙහි යොමුවීම ඇරඹුණා.
සමාජ මාධ්‍ය ජනගත කිරීම ඇරඹුණේ මෙතැන් සිටයි.
ෆේස්බුක් හි ඉතිහාසය පිළිබඳව ගත්කල Facebook යනු ඉතාමත්ම ජනප්‍රියට පත් විශාල පරිශීලකයන් පිරිසක් සහිත සමාජ ජාල වෙබ් අඩවියකි.
වර්ෂ 2003 ඔක්තෝබර් 28 දින facemashලෙස ඇරඹි මෙම සමාජ ජාලය 2004 පෙබරවාරි 04 දින Facebook ලෙසින් දියත් කරන ලදී.
Meta platform සමාගමේ කොටසක් ලෙස ඇමරිකානු ඔන්ලයින් සමාජ ජාල සේවාවක් වන මෙය නිර්මාණය කරන ලද්දේ එවකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාක් සකබර්ග් ඇතුළු Eduardo Saverin, Dustin Moskovitz, and Chris Hughes යන සිසු පිරිසයි. ඔවුන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය එවකට හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුවද පසුව එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වීම ඇරඹුණි.
ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින්ට නොමිලේ ලියාපදිංචි විය හැකි අතර එයින් මිතුරන් පරිශීලකයකු පින්තූර සංගීත වීඩියෝ ලිපි මෙන්ම ඔවුන්ගේ අදහස් කැමති අය සමග බෙදා දැක්විය හැකිය.
ෆේස්බුක් හි ප්‍රධාන විශේෂාංග කිහිපයක්
- Facebook ඔබට මිතුරන් ලැයිස්තුවක් පවත්වා ගැනීමට සහ පුද්ගලයාට ගැලපෙන පරිදි සැකසුම් තෝරා ගැනීමට ඉඩ සලසයි.
- ෆේස්බුක් ඔබට ඡායාරූප උඩුගත කිරීමට සහ ඔබේ මිතුරන් සමඟ බෙදා ගැනීමට ඉඩ සලසයි.
- Facebook අන්තර්ක්‍රියාකාරී ඔන්ලයින් කතාබස් සහ ඔබගේ මිතුරාගේ සමග තොරතුරු බෙදා ගැනීමට හෝ අදහස් දැක්වීමට ඉඩ සලසයි.
- Facebook සමාජ මාධ්‍ය ව්‍යාපාර අලෙවිකරණය කටයුතු සඳහා යොදාගත හැකිවීම.
- Facebook Live භාවිතයෙන් වීඩියෝ සජීවීව ප්‍රවාහ කළ හැකිවීම.
මෙසේ විශේෂාංග රැසකින් සමන්විත facebook 21 වන සියවසේ මුල් භාගයේ දී වන විට බිලියන 2.23 කට වඩා වැඩි සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටින ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය බවට පත් විය.
ඒ අනුවගෝලීය මට්ටමෙන් ෆේස්බුක් පරිශීලකයන් පිළිබඳව සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය වූ තොරතුරු කිහිපයක් පහතින්,

වර්තමානයේ දක්නට ලැබෙන සමාජ මාධ්‍ය වේදිකාවන්
අද වන විට, සමාජ ජාල වෙබ් අඩවිවල අතිවිශාල විවිධත්වයක් ඇති වී තිබේ. මේ වන විට ලෝ පුරා බොහෝ අය භාවිත කරන සමාජ මාධ්‍ය වේදිකාවන් අතරින් ලොව වැඩිපුරම පරිශීලකයින් පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය වේදිකා බවට පත් ව තිබෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවියයි. ඒ බිලියන 2.934 පමණ පරිශීලකයන් පිරිසකි. එමෙන්ම youtubeබිලියන 2.515ක්ද, whastupබිලියන 2 ක් ද instagramමිලියන 1.3ක්ද චීනයේ ඉතාමත් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වේදිකාවක් වන WeChat බිලියන 1.3 ක පරිශීලකයින් පිරිසක් භාවිත කරයි.
පසුගිය ලිපියේ සඳහන් කල පරිදි සමාජ මාධ්‍යයේ එන ප්‍රධාන කාණ්ඩ 5 ඔස්සේ වර්තමානයේ දක්නට ලැබෙන සමාජ මාධ්‍ය වේදිකාවන් මෙලෙස කාණ්ඩ වශයෙන් වෙන්කර දක්වන්නට පුළුවන්.
1.Collaborative projects
පුද්ගලයින් කිහිප දෙනෙකු එකතු වී සිදු කරන ව්‍යාපෘතියක් මෙයින් හදුන්වා දෙයි.
උදා – Wikipedia
Wikipedia එකට ඇතුලත් කරන තොරතුරු තනි පුදලයකු විසින් කරන දෙයක් නෙවෙයි. පුද්ගලයින් විශාල ප්‍රමාණයක් එකතු වී සිදු කරන දෙයක්.
2. blogs and micro blogs
බ්ලොග් එකක් යනු අන්තර්ජාලය මත පදනම් වූ ඕනෑම කෙනෙකුට නොමිලේ තැනිය හැකි සාමාන්‍ය වෙබ් අඩවියකි. මයික්‍රො බ්ලොග් එකක් යනු වචන ප්‍රමාණය 140කට සීමාවුණ වෙබ් අඩවියක්.
උදා – WordPress, Twitter
3.content community
එකම වර්ගයට අයත් තොරතුරු පල කිරීම content community කොටසට අයත් වේ.
උදා – YouTube, Flickr, slideshare, instragram
4. Social networking sites
පුද්ගලයින් අතර සමාජ සහසම්බන්ධතා ඇති කරගැනීමට භාවිත කරන අන්තර්ජාලය පදනම් කරගත් මාධ්‍ය වේදිකාවක්.
උදා – Facebook, Pinterest, LinkedIn
5.Virual world
මෙය ඔන්ලයින් ගේමින් ප්ලැට්ෆෝම් එකක් හරහා තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමට භාවිත කරන වේදිකාවක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවනි.
උදා – secondlife , world of warcraft
ඒ අනුව මේ වන විට ලොව පුරා බොහෝ දෙනා භාවිත කරන සමාජ මාධ්‍ය වේදිකාවන් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1. ෆේස්බුක්
2 YouTube
3 WhatsApp
5 ටික් ටොක්
6 Snapchat
7 Pinterest
8 Reddit
9 LinkedIn
10 ට්විටර්
පහත දැක්වෙන්නේ ගෝලීය මට්ටමෙන් සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතය පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ තොරතුරු කිහිපයකි.
එසේනම් දැන් ඔබට සමාජ මාධ්‍යයේ ආරම්භය සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි වනු ඇත.
ලබන සතියේ දී අපි බලාපොරොත්තු වන්නේ සමාජ මාධය හා අරගලය ලිපි මාලාව ඔස්සේ සමාජ මාධ්‍යය පුද්ගලයින් අතර ක්‍රියා කරන ආකාරය ( how social media works) පිළිබඳව තොරතුරු රැසක් ඔබට ලබා දීමටයි.
සාකච්ඡා කලේ – Dr. Werawatte is an expert in the field of IT and Technology, He is a Dr. of Philosophy in IT and is currently reading for his doctorate in Business Administration. Dr. Werawatte is at present the Director –School of IT Naganananda International Buddhist University.
සැකසුම – බිනාලි රාජපක්ෂ
