සමාජ මාධ්‍ය වර්තමානයේ බොහෝ දෙනෙකු අතර ඉතාමත් සුලබව කතා බහට ලක් වන මාතෘකාවක්. සමාජ මාධ්‍ය තුලින් සමාජය තුළ සිදු වන යම් සිදුවීම් හමුවේ සමාජ මාධ්‍ය තුලට නිශ්චිත නියාමයක් සහ ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යතාවය පිළිබඳව මතයක් බොහෝ දෙනෙකු තුළ ඇති ව තිබෙනවා. එසේ නම් අද කතා බහ ඒ පිළිබඳව යි.
ඔබතුමිය කවුද ?
මම කලණි ඉරෝෂා ධර්මසිරි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය වරියක් වගේම මම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදියට කටයුතු කරනවා. මේ දවස් වල මම මගේ PHD Degree හදාරමින් ඉන්නවා.එතනදි මගේ පර්යේෂන මාතෘකාව වෙන්නෙ සමාජ මාධ්‍ය නියාමනය සදහා නෛතික සාක්ෂරතාවයේ වැදගත්කම. ඒ කියන්නෙ සමාජයේ පුරවැසියන් නිතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ කියනවා. නමුත් බහුතරයක් පිරිස නිතිය ගැන දැනුවත් නැ. පාසල් පද්ධතිය තුල හෝ විෂය නිර්දේශය තුල නිතිය පිළිබද කෙරෙන දැනුවත් කිරීම හරිම අවමයි. අන්න ඒ වගේ තැනකදි සමාජයේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරිම තුලින් සමාජ මාධ්‍ය නියාමනය කරන්න ගන්න ඔනි පියවර ගැන තමයි මම එතැන කතා කරන්නෙ. එතකොට ඔයා අහනවා සමාජ මාධ්‍ය නියාමනයට නිශ්චිත නියාමනයක් සහ අචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව ගැන.ඉතින් අද දවසට බොහොම වැදගත් සහ කාලෝචිත මාතෘකාවක් තමයි කතා කරන්නෙ.එය ගොඩාක් හොද මාතෘකාවක්.

වර්තමානයේ සමාජ මාධ්‍ය පරිශීලකයෙක් විදියට ඔබ තුමියගෙ අදහස මොකක්ද සමාජ මාධ්‍ය සම්බන්ධව?
වර්තමානයේ සමාජ මාධ්‍ය කියලා ගත්තම වාර්ෂිකව නිකුත් කරනවා statistical report එකක්.එ අනුව ගත්තම මේ වන විට අපි work from home කියන concept එකත් එක්ක කොරෝනා අර්බුදය එක්ක නොසිතන වේගයෙන් ඔන්ලයින් කියන ක්‍රමවේදයට එක්වෙනවා.එකක් තමයි work from home මෙහිදි පාසල් අධ්‍යාපනය පවා zoom තාක්ෂණයෙන් එතකොට එ අදාල පණිවිඩ ලබා දීම සදහා පහසුම මාර්ගය වට්සැප් ගෘප් මොන්ටිසෝරියේ ඉදලා විශ්වවිද්යාලිය අධ්‍යාපනය දක්වා මේ ගෲප් නිර්මාණය වෙනවා.වැඩ කරන ස්ථාන වල වෙන සමිති සමාගම් වල හැමතැනදිම මේ කාරණය එලියට එන්නෙ කොරොනා අර්බුදය එක්ක.අද වන විට ඉතාම පහසුවෙන් කණ්ඩායම් සන්නිවේදනය කියන කාරණයට සමාජ මාධ්‍ය විදියට fb,whtsapp,twitter,instrgram කියන හැමදේම භාවිතා කරනවා. එතනදි twitter කියන සමාජ මාධ්‍ය අනිකුත් සමාජ මාධ්‍ය වලට සාපේක්ෂව වචන බොහොම සිමිත ව නිල පණිවිඩ හුවමාරු කරන විශ්වාසනීය මාදිලියක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි අනිත් ඒවගෙ එවැනි පූර්ණ විශ්වාසයක් නොමැති බවක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම උනත් එක පැත්තකින් මාධ්‍ය විෂය පිළිබද කතිකාචාර්ය වරියක් සහ අනිත් පැත්තෙන් පුරවැසියෙක් විදියට මගෙ අදහස වෙන්නෙ අර මාශල් මැක්ලූහන් කියපු විශ්ව ගම්මානයක් බවට පත්වෙන සැබෑ උදාහරණය තමයි සමාජ මාධ්‍ය කියන්නෙ. අපේ ගෙදර එකට ඉන්න ස්වාමියාට බිරිඳ ට කතා කරන්න කාලය නැති උනත් ලෝකයේ ඉන්න පන්දාහක් දහදාහක් එක්ක එක මොහොතක දි ගණුදෙනු කරන්න පුලුවන් තැනකට සමාජ මාධ්‍ය පත්වෙලා තියෙනවා. එතකොට මම මේක දකින්නෙ ඕනිම දේක යහපත් අයහපත් වාසි සහ අවාසි දෙකම තියෙනවා.මම මෙකෙ හැමවිටම දකින්නෙ වාසි සහගත පැත්ත.මොකද අවාසි සහගත පැත්ත ඉවත් කරගන්න අපිට හැකියාව තියෙනවා. බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය කියලා ගත්තම මම fb,whtsapp කියන බහුලව භාවිතා කරන මාධ්‍ය පරිශීලකයෙක් විදියට සහ එතනදි තියෙන advantage එක ගත්තම ස්වයං රැකියා වෙන්න පුලුවන් ආධ්‍යාපන කාරකයක්,වෙළෙඳපොළක් ,විචාරශිලිත්වය ගොඩනැගිමක් ,අදහස් හුවමාරු කිරිමක්,යම් මතයක් සමාජ ගත කිරිමක් විශේෂයෙන් දොරටුපාල සංකල්පය යටතේ ඇතම් විට නූතන මාධ්‍ය ඔස්සෙ ප්‍රධාන් ධාරාවේ මාධ්‍ය ඔස්සෙ වාරණයට ලක්වෙන භාෂණය හා ප්රකාශනයෙ අයිතිය එතනදි නැති වෙලා තියෙනවා.එතනදි මිනිසුන්ගෙ නිදහස් අදහස් ප්‍රකාශ කිරිම,තොරතුරු දැන ගැනීමක් සදහා මෙතන තියෙන්නෙ ඇත්තටම information sharing කියන concept එක යටතේ මම දකින්නෙ මේක වර්ථමාන සමාජය තුල ලෝකයේ මේ තොරතුරු මත ඉදිරියට යාමේදි ප්‍රබල භූමිකාවක් සමාජ මාධ්‍ය තුලින් ඉටුකරනවා කියන එක.
සමාජ මාධ්‍ය තුලින් මොන වගේ බලපෑමක් ද වෙන්නෙ පුද්ගලයාට සහ සමාජයට?
සමාජ මාධ්‍ය නෙවෙයි සමස්ථ මාධ්‍යම මාධ්‍ය කියන්නෙ සන්නිවේදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන දෙයක්.අද වන විට අපි කියන්නෙ මාධ්‍ය සිව්වෙනි ආණ්ඩුව කියලා.නමුත් අද වන විට ව්‍යවස්ථාදායක විධායක අධිකරණ වලින් එහාට ගිහිල්ලා සමස්ථ සමාජ දේහයම රාජ්‍ය පාලනය ගත්තත් ආර්ථි,සමාජ,දේශපාලන ,සංස්කෘතික වශයෙන් ගත්තත් අපේ දෛනික ජිවිතය ගත්තත් ඒවා පාලනය කිරිමේ ප්‍රබල බලපෑම් කාරකයක්. ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය කියන්නෙ පුද්ගල පාදක මාධ්‍යයක්. ඒ නිසාම ප්‍රථමයෙන් ම පුද්ගලයාට සිදුකරන සෘජු සහ වක්‍ර බලපෑම අවසානයේ දි ගමන් කරන්නෙ සමාජයට. ඉතින් ඇත්තටම සමාජ මාධ්‍ය ධනාත්මක ව සමාජ ප්රගමනයට යොදාගැනීම තුලින් පුද්ගලයට වගේම සමාජයට යහපතක් වෙනවා.නමුත් මිනිස් සංස්තානයේ පවතින ප්රචණ්ඩත්වය,කුතුහලය කියන තැන් වලදි අපේ යටිසිතට ලේසියෙන් ම ආමන්ත්‍රණය කරන්න පුලුවන් ග්‍රහණය කරගන්න පුලුවන් අපි ආශක්ත වන මාධ්‍යක් විදියට සමාජ මාධ්‍යයේ ඇතම් applications හදුන්වන්න පුලුවන්.අන්න එතනදි පුද්ගලයාට සමාජය, සංස්කෘතිය කියන කාරණා මත යටපත් කරගෙන ඉන්න ඔහුගේ යටිහිත සමාජ මාධ්‍ය හරහා ක්‍රියාකාරි මට්ටමේ සාමාන්‍යය සමාජ තලයේ තියාගන්න පුලුවන් වෙන තැනක් එනවා.ඒ වගේ ස්ථාන වලදි අර අපි කියන සංස්කෘතික බැමි අපි කියන සමාජ සීමාවලින් ඔබ්බට ගිහින් මාධ්‍ය පරිශීලනය කිරිම තුල උදාහරණයක් විදියට අසභ්‍ය විඩියෝ දර්ශන,අසභ්‍ය ප්‍රකාශන,බෝම්බ නිශ්පාදන,විඩියෝ ගේම්,පුද්ගලයන්ට අපහාස වන පොටෝ,විඩියෝ ඒ වගේ තව කෙනෙක් ගෙ පුද්ගලිකත්වයට පවා හානි කරන්න පුලුවන් තත්වයකට සමාජ මාධ්‍ය ඇවිත් තියෙනවා.අන්න එතනදි පුද්ගලයට වගේම සමාජයටත් මේක හානිකර විදියට බලපානවා.ඇතම්විට පුද්ගලයන් සියදිවි හානිකර ගැනිම දක්වා මේ වෙන හිංසනය දිව යනවා.එහෙම ගත්තොත් එකේ තියෙන්නෙ ඝෘණාත්මක ප්‍රවේශයක්.කොහොම නමුත් කුමන මාධ්‍යක් අපි පරිශිලනය කරත් පුරවැසියන් විදියට අපිට නිසි මාධ්‍ය සාක්ෂරතාව ක් අවශ්‍යය යි.මේ මාධ්‍ය නිසිලෙස හසුරුවා ගැනීම අපේ දෙයක්.විපරීත බවෙන් තොර සමාජයක් ගොඩනගා ගැනීමට නම් සමාජ මාධ්‍ය පරිශිලකයන්ට හොද මාධ්‍ය සාක්ෂරතාව ක් අවශ්‍යය යි.
ජනමාධ්‍ය වලට වඩා සමාජ මාධ්‍ය භාවිතයට පුද්ගලයන් ගොඩාක් යොමු වෙලා තියෙනවා මොකක්ද ඒකට හේතුව විදියට ඔබ දකින්නෙ?
මුලින් සදහන් කල විදියට ජනමාධ්‍ය කියලා කියන්නෙ ඉහල සිට පහලට ගමන් කරන සිරස් සන්නිවේදනයක්. එහි වගකිමක්,වගවීමක්, අධිකාරිමය බලයක් කියන කාරණා තියෙනවා.කිසියම් සන්දේශයක් ජනමාධ්‍ය හරහා සමාජ ගත විමේදි එහි පෙරණයකට ලක්වෙනවා,එ කියන්නෙ ප්‍රාදේශිය වාර්ථාකරුවෙක්,නිදහස් වාර්ථාකරුවෙක්,වැඩසටහන් නිශ්පාදකවරයෙක් දුන්න පලියට ඒ තොරතොරු ජනමාධ්‍ය මගින් මහජනතාවට ලබා දෙන් නැ.ඒක නියාමනයකට ලක්වෙනවා. අධීක්ෂණයකට ලක්වෙනවා.මෙහෙවිම,පාලනය කියන ගොඩක් කාරණා සිද්ද වෙනවා.අපි දන්න දොරටුපාලන සංකල්පය ට අනුව කිනම් හෝ වැඩසටහනක්,සාකච්ඡාවක්,ප්‍රවෘත්තියක් නිර්මාණය වෙනකොට එය යම් පාලනයකට හෝ වාරණයකට ලක්වෙනවා.එතකොට අපිට අපි හැමෝටම අවශ්‍ය වේදිකාව ජනමාධ්‍ය තුල සකස් වෙන් නැ. ජනමාධ්‍ය සමාජයේ එක්තරා පිරිසකගේ ජනප්‍රියත්වයට,කාලින බව,වැදගත්බව කියන කාරණා තියෙනවා නමුත් එතනදි අපි සියලුම දෙනාට අපෙ අදහස් පල කරන්න ඒක වේදිකාවක් වෙන් නැ.හැබැයි සමාජ මාධ්‍ය කියන්නෙ තිරස් සන්නිවේදනයක් සහිත එවැනි අධිකාරිමය බලයක් නැති සෘජු පාලකයෙක් නැති එ කියන්නෙ social media වලින් fb ගත්තම fb පාලනය කරන්න පුලුවන් විදුලි සංදේශ හා නියාමන කොමිශන් සභාව,පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ හැමතැනදිම මේක නිරීක්ෂණය වෙනවා. නමුත් මේක නිරික්ෂණය වෙන්නෙ යම්කිසි වරදක් සිදු වුනාම.ඒ හැරුණු කොට ජනමාධ්‍යට සාපේක්ෂව සමාජ මාධ්‍යයේ එහෙම වාරණයක්,පාලනයක් ආදිය නෑ .එ නිසා අපේ සිතැඟි පරිදි සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුලුවන්. එය ඔනි කෙනෙක්ට විවෘත වේදිකාවක්.අපෙ පුද්ගල සිතැගියාවන් බෙදාගන්න පුලුවන්.ජනමාධ්‍ය මගින් එහෙම බැහැ. එ නිසා වර්තමානයේ සමාජ මාධ්‍ය පුරවැසි මාධ්‍යකරණයට ලක් වුන මාධ්‍යක්.ඒ නිසා පුද්ගලයන් මේකට ඉතාම කැමති සහ ජිවිතයේ අත්‍යාවශ්‍යම භාවිතයක් බවට පත්කරගෙන තියෙනවා.

යම් මාධ්‍යක තිබෙන මාධ්‍ය නියාමනය සහ ආචාරධර්ම පද්ධතිය කියන්නෙ මොකක්ද ඒ තුලින් මොන වගේ ක්‍රියාවලියක් ද සිදු වෙන්නෙ?
නියාමනය කියන්නෙ යම්කිසි ව්‍යුහයක කිසියම් පාලනමය ක්‍රමවේදයක්.නීතිය ගත්තම නීතිය එන්නෙ ආචාරධර්ම ,තහංචි,රීති වගේ දේවල් වලින් පස්සෙ ඒවට එහා ගිය කිසියම් වූ දඩුවක් ක්‍රමයක් හා සම්බන්ධ දැඩි පාලන ක්‍රමයක් තමයි නීතිය එන්නෙ.හැබැයි නිති තරම් දැඩි නොවෙන ස්වයං ලෙස පුද්ගලගපාදකව,ආයතනගතව,සමාජගතව අදාල ව්‍යුහය අදාල සමාජ දේහය පාලනය කිරීම සදහා ඒ ඒ අංශ වලින් පැන නැගෙන එකක් තමයි ආචාරධර්ම කියලා කියන්නෙ සහ ආචාරධර්ම ගොඩක් වෙලාවට නීතියට එහා ගිය ගොඩක් වෙලාවට සංස්කෘතිය ,සදාචාරය,සාරධර්මය එක්ක බැදිච්ච දෙයක්.උදාහරණයක් විදියට දියේ ගිලිච්ච කෙනෙක් අපිට බේරගන්න බැරි වෙන්න පුලුවන් අපිට පීනගන්න බැරි නිසා හැබයි එතනදි අපි එ කෙනාට ඒ අවස්ථාවෙදි කිසියම් මානුශීය ප්රවේශයකින් උපකාරයක් කරේ නැත්තොත් අපිට එන්නෙ සමාජ අපවාද ආචාරධර්මිය ප්‍රවේශයක් ඇතුලේ. උදාහරණයකට අපි හෙල්මන්ට් දාගෙන අපි බයික් එකෙ යන් නැත්නම් ඒක නීතිමය වරදක්.එතනදි අපිට නිතියට අවනත නොවීම නිසා දඬුවමකට ලක්වෙන්න සිදුවෙනවා.ඊට සාපේක්ෂව අපි තව කෙනෙක්ගෙ දෙයක් හොරකම් කරනව නම් හොරකම් කිරිම වරදක්. හැබැයි ඒකට අදාල පරිසරයත් එක්ක එන සමාජ කාරණා වල අපේ ආචාරධර්මිය ප්‍රවේශයක් තියෙනවා.මෙතන තියෙන්නෙ ගොඩක් වෙලාවට ආචාරධර්ම හෘද සාක්ශිය ත් එක්ක බැඳෙන සමාජ භීතිකාව,සමාජ ප්‍රතික්ෂේපවීම,සමාජ අපවාදයට ලක්වෙන කාරණයක්.නියාමනය කියන්නෙ මේ නීතිය සහ ආචාරධර්ම අතරමැද තියෙන කාරණයක්.නීතිය තරම් බරපතල නොවුනත් ආචාරධර්ම තරම් සාරධර්ම,සදාචාරය මත පදනම් නොවුණු මධ්‍යස්ථ කාරණයක්. නියාමනය ගත්තම කිසියම් දෙයක යම් කිසි පාලනමය රාමුවක් තමයි තියෙන්නෙ.නීතිය තරම් එහි දන්ඩණ ක්‍රමයක්,දඩ පැණවීමක් නැ. නමුත් මේ නියාමනය නීතිය හා තරම් ම අපිට සමීප වෙනවා. දැන් විදුලි සංදේශ හා නියාමන කොමිශන් සභාව ගත්තම එයින් පණවන යම් යම් රෙගුලාසි ,නියමයන්, කොන්දේසි අපි පිළිපදිනවා.නියාමනය ගත්තම අපිට පුලුවන් ස්වයං නියාමනයක් වෙන්න.උදාහරණයක් ගත්තොත් මම Vegetarian කෙනෙක් නම් මම මා විසින් ම පනවගන්නො මම මස් මාංශ ආහාරයට ගන්නෙ නැ කියලා.අපි වාර්තා කරුවෙක් ගත්තොත් එයා තුලම තියෙනවා නියාමනයක්.ඔහු ඔහුගේ දෙශපාලන අදහස් එක්ක ගැටෙන නිව්ස් ලියන් නැ. ඒ වගේ ස්වයං නියාමනයන් තියෙනවා.සමහර ආයතන තියෙනවා අභ්‍යන්තරික නියාමනයක්.උදාහරණයක් කිව්වොත් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව ගත්තම වෙනම ප්රවෘත්ති ආචාරධර්ම එ අය අනුගමනය කරනවා.ඊට අමතරව තියෙනවා සහ නියාමනය.උදාහරණයකට ඒ ආයතන නැත්නම් කතෘ සංසදය හෝ චිත්‍රපට නිශ්පාදකයන්ගෙ සංගමය ,තිර පිටපත් රචකයන්ගේ සංගමය ආදී මේ සියලු දෙනා තමන්ගෙ ව්‍යහුය ඇතුලේ නිර්මාණය කරගන්නා නියාමනයන් තියෙනවා. එතනින් එහාට ව්‍යවස්ථාපිත නියාමනය කියන එක එන්නෙ.ඒක රජය මැදිහත් වෙලා රජය විසින් නීතියට වඩා අඩුවෙන් බලපෑම් කරමින් මාධ්‍ය ආයතන වලට නිකුත් කරන නිති තියෙනවා.කොහොම නමුත් මාධ්‍ය නියාමනය කියලා හැදින්වුහම තියෙන්නෙ කිසියම් අනුගත වීමක්.ආචාරධර්ම ඇතුලෙ තියෙන්නෙ සදාචාරමය බැදිමක්. එය ඔනිම අවස්ථාවක කඩවිම් වලට ලක්වෙන්න පුලුවන්.නමුත් නියාමනය කඩ කිරීම තුලින් සමාජ අපවාදයට එහා ගිය ආයත්නික,සමාජ, ව්යහුහාත්මක,ව්‍යවස්ථාපිත බලපෑමකට ඒ අදාල කෙනාට ලක්වෙන්න සිදුවෙනවා.එ දෙකෙන් ම සිදු වෙන්නෙ කිසියම් හැසිරිමක් පාලනය කිරිමක්.
සමාජ මාධ්‍ය තුලට නිශ්චිත නියාමනයක් සහ ආචාරධර්ම පද්ධතියක් තිබිය යුතු ද? ඒකට හේතුව මොකක්ද ?
අනිවාර්යයෙන් ම සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි නූතන මාධ්‍ය,නව මාධ්‍ය මේ හැමතැනටම නියාමනයක් අවශ්‍යය යි.මාධ්‍ය සදහා නිති පැනවීම තුල එක පැතතකින් මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා.අනිත් පැත්තෙන් ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතියට බාධාවක්.ප්‍රධාන වශයෙන් ඒක භාෂණය හා ප්රකාශනයේ අයිතිය කියන අපේ මූලික අයිතිවාසිකමට බාධාවක් ඇතිවෙන්න පුලුවන්.අද වෙනකොට මේ තොරතුරු යුගය ඇතුලෙ අසත්‍ය පුවත් ව්‍යාප්ත වෙනවා.විශේෂයෙන් සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි සමස්ථ මාධ්‍ය දේහයටම මේ නියාමනය සහ ආචාරධර්ම පද්ධතියක් කියන දේ අවශ්‍යය යි.මම් මුලින් කිව්ව වගේ සමාජ මාධ්‍ය කියන්නෙ පාලනයක්, මෙහෙයවීමක් නැති තිරස් සන්නිවේදනයක්.එ නිසා මේ සමාජ මාධ්‍ය වලින් අනවශ්‍ය බලපෑම් ඇති වෙනවා ජනමාධ්‍යයට ත් වඩා.එ නිසා සමාජ මාධ්‍යයට නියාමනයක් සහ ආචාරධර්ම පද්ධතියක් අනිවාර්යයෙන් ම අත්‍යාවශ්‍යම කාරණයක්.
සමාජ මාධ්‍ය තුල සිදුවෙන විවිධ දුශ්ක්රියාවන් නැවැත්වීමට ලංකාව තුල හෝ ලෝක මට්ටමින් මොනයම් හෝ වැඩපිළිවෙළක් තියෙනවද?
ඔව් තියෙනවා.ගෝලීය වශයෙන් එක් එක් රටවල් ගත්තම ඒ ඒ රටවල් වලින් ඔවුන්ට ආවේණික විවිධ නෛතික ක්‍රියාවලින් තියෙනවා.දැන් ලංකාව ගත්තම අපි හැමෝම භාවිත කරන සමාජ මාධ්‍ය මෙවලම fb.මේ තුල සිදුවන අකටයුතුකම් සදහා සියලු ම පොලිස් ස්ථාන වල සුලු හා විවිධ පැමිණිලි අංශ වලින් පැමිණිලි භාරගන්නවා.එ වගේම මාලිගාවත්ත පොලිස් ස්ථානයේ තියෙනවා විශේෂ ඒකකයක්.ඒ හරහාත් මේ සම්බන්ධ දුශ් ක්‍රියාවලට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් සහය ලබා දෙනවා.එ වගේම ශ්‍රි ලංකා හදිසි ප්‍රතිචාර පරිගණක සංසදය මෙතනින් අපිට පුලුවන් වෙබ්සයිට් එකක් ඔස්සෙ තමන්ට සිදුවුණ අසාධාරණය පුද්ගලිකව තමන් විසින් හෝ ආයතන මට්ටමින් පැමිණිලි කරන්න පුලුවන්.එමගින් වඩා බරපතල ගනයේ ඒවා ඉකමනින් විසදීමට ඒ අය කටයුතු කරනවා.ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තුලින් අපේ සියලුම fb accounts පාලනයකට ලක් වෙනවා.ඕනිම කෙනෙක් ට අදාල වරද අනුව මහේස්ත්‍රාත් හෝ දිසා අධිකරණයක නඩු කටයුතු ගොනු කරන්න පුලුවන්.විශේෂයෙන් මහේස්ත්‍රාත් හෝ මහාධිකරණයක නඩු කටයුතු ගොනු කරනවා නම් පොලිසියේ සහයෙන් කරන්න ඔනි.ඊට අමතරව පෞද්ගලික මට්ටමින් දිගින් දිගටම වන හානි වල දි දිසා අධිකරණයේ පිහිට පතන්න පුලුවන්.බොහෝ වෙලාවට මේක පුද්ගලයාට විතරක් නෙවේ ඒක සමස්ථ සමාජයට ම කරන හානියක් නිසා මේක අපරාධමය නිතිමය යටතට ගැනෙන නිසා පොලිසියට කෙරෙන පැමිණිල්ලක් හරහා මේ හ සම්බන්ධව පීඩනයට පත්වන පුද්ගලයාට සහන් ලබා ගැනිමේ ක්රමවෙද ලංකාව තුල තියෙනවා.විවිධ කාල වල සමාජ මාධ්‍ය නියාමනය ඒ හා සම්බන්ධ විවිධ පනත් එනවා ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම ව්‍යවස්ථාදායකය විසින් ම සම්මත කරන නිතින් ඉදිරියේ දී සමාජගත වීම තුල සාමාන්‍ය නිතිය තුලින් ලංකාවේ මෙවැනි දුශ් ක්‍රියාවන්ට එරෙහිව පිළිසරණ පතන්න ඔනිම කෙනෙක්ට හැකියාව තියෙනවා.
සමාජ මාධ්‍ය තුලින් යම් යම් බලපෑම් වලට ලක් වෙනවනම් කවුරු හරි නීතිමය පැත්තෙන් මොන වගේ සහයක් ද ගන්න පුලුවන් ?
නීතිය මගින් සහය ගන්න නම් නීතීඥවරයෙක්ගෙ සහය ගන්න පුලුවන් නැත්නම් ශ්‍රී ලංකා නිතී ආධාර කොමිශන් සභාව ඒකේ ශාඛා තියෙනවා ඔනීම අධිකරණ පරිශ්‍රයක් තුල.මේ ඕනිම තැනකින් මානව හිමිකම් කඩවීමක්,මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් එහෙම නැත්නම් තමන්ගෙ පුද්ගලිකත්වයට හානීවීමක්,අපරාධමය වරදක් මේ ඔනෑම දෙයක් සමාජ මාධ්‍ය වලින් වෙනවනම් ඒ සදහා නිතියේ රැකවරණය ලබා ගන්න ශ්‍රි ලංකා නීතිය යටතේ ප්‍රතිපාදන තියෙනවා.සමාජ මාධ්‍ය නියාමනය හා ඒ නීති සම්බන්ධ වෙනම පනතක් නැති වුනාට යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත,විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරි පනත වගේ දේවල් හැදෙනවා.ඊට අමතරව පරිගණක අපරාධ සම්බන්ධයෙන් සහ සාක්ෂි විශේෂ විධිවිධාන පනත මේ හැමතැනදිම මීට අදාල රැකවරණය යම් මට්ටමකින් හෝ සමාජගත වෙලා තියෙනවා.ඒ ඔස්සේ ගොස් යම් පුද්ගලයෙක් සමාජ මාධ්‍ය හරහා යම් බලපෑමකට හෝ හානීයකට ලක්වෙනවනම් ඔහුට හෝ ඇයට නීතිය පැත්තෙන් සහය ලබා ගන්න හැකියාව තියෙනවා.
S.K.A.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදන ( ගෞරව )
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
