මෙරට අධ්‍යාපනය තුළ සුවිශේෂී කඩයිම් විභාගයක් ලෙස පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර ය සාමාන්‍ය පෙළ විභාගය මේ වන විට පැවැත්වෙමින් තිබේ .
අද අප සූදානම් වන්නේ සාපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට අ.පො.ස සාපෙළ ජයගමු තේමාව ඔස්සේ සුවිශේෂී උපදෙස් මාලාවක් ලබාදීමටයි.
ඔබතුමිය කවුද?
මම අනුශා දිල්හානි මෙත්තානන්ද. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සේවය කරන්නේ නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස මම ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරිනියක්.
O/l විභාගය කියන්නෙ ජිවිතේ ලොකු කඩයිමක් මොකක්ද ඔබ තුමියගේ අදහස ඒ සම්බන්ධව?
ලාංකික පාසල් අධ්‍යාපන ක්ෂේත්රය තුළ විභාග තුනකට දරුවන්ට මුහුණ දීමට සිදුවෙනවා. එහිදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉතාමත් අත්‍යවශ්‍යය සහ ළමයා සමත් විය යුතුම විභාගය කියලා කියන්න පුළුවන්.මොකද ඔහුගේ ජීවිතය තීරණය වෙන්නේ මොන වෘත්තියද කරන්නේ මොන වෘත්තීය ද ඔහු අනාගතේ නියැලෙන්නේ මොන ක්ෂේත්රයද තෝරගන්නේ ඒ පිළිබඳව තීරණාත්මක තීරණය වෙන්නේ ඔහු ගන්න මේ අ.පො.ස.සාමාන්‍ය පෙල ප්‍රතිඵලය අනුව. ඒක නිසා මේක කඩයිම් විභාගයක් ඒ කියන්නේ ජීවිතයට බලපාන. ඔබ දන්නවා වර්තමානයේදී බොහෝ අය අ.පො.ස.සාමාන්‍ය පෙළෙන් පසු අ.පො.ස.උසස් පෙළ කරන්නේ නැහැ. වෙනත් ඩිප්ලෝමා ඩිප්ලෝමා හෝ nv q වගේ වෙනත් ක්ෂේත්රයන් තෝරගෙන ඒ අධ්‍යාපනයට යොමු වෙනවා. දැන් වර්තමානයේ ඕනම වෘත්තීයකට ගියාම ඉල්ලන්නෙ අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගය් සාමාර්ථයන්. ඉතින් ඒක නිසා මේක දරුවෙක්ගෙ ජිවිතේ කඩයිම තීරණ ය කරන විභාගයක් කියලා කියන්න පුලුවන්.

අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගය නියමිත කාල පරාසය තුල නොපැවැත්වීම ගැන මොකද හිතෙන්නෙ?
අපි දන්නවා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මෙවරත් කල් ගියා.කල් ගිහින් තමයි මෙවරත් ප මේ මැයි මාසෙට පැවැත්වීමට තීන්දු උනේ. ඉතින් ප්‍රධානම හේතුව විදියට කොවිඩ් වසංගතයත් එක්ක අපේ පාසල වසා තිබුණා. ඊළඟට අපිට ආර්ථික අර්බුදයකට මුහුණ දිමට සිදුවුණා.ඉතින් ඒ තත්වටන් එක්ක මේ විභාගය ත් කල් ගියා.කෙසේ වෙතත් මේක කල් යෑම ඉතාමත් ප්‍රබල ලෙස දරුවන්ට බලපානවා.ඔවුන්ගේ වයස යනවා. ඔවුන්ගෙ වයසේ ලෝකයේ අනිත් රටවල දරුවන් ඉස්සරහට යනවා.ඔවුන්ගේ අනාගතය සකසාගෙන ඔවුන් සමෘද්ධිමත් වෙනවා. එතකොට අපේ රටේ මෙ විභාග කල් යනකොට අපේ දරුවන් තාම ඉගෙන ගන්න යොමු වෙලා තියෙනවා. ඉතින් අර ඒ කාලය ඔහුට නැවතත් ලැබෙන්නේ නෑ. ඉතින් එතනදී ලෝකයත් එක්ක බලනකොට අපේ රටේ දරුවා පස්සේ ඉන්නේ. ඉතින් මේක අපේ රටේ අනාගතයට වගේම දරුවාගේ අනාගතයට ප්‍රබල තර්ජනයක් ලෙස තමයි මා දකින්නේ මේ විභාග කල් යෑම.
මේ සාමාන්‍ය පෙල විභාගය උසස් ලෙස සමත් වෙන්න දරුවන්ට ඔබ තුමිය දෙන උපදෙස මොකක්ද?
අපොස සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ එතරම් අමාරු විභාගයක් නොවේ. මොකද අවුරුදු දෙකක විෂය නිර්දේශයක දැනුම තමයි මෙතන දි උරගා බලන්නෙ.ඉතින් ඔවුන් ඒ අවුරුදු දෙක තුළ ඔහු පටන් ගත්ත දවසේ ඉඳන් එදිනෙදා වැඩ එදිනා කළොතින් මේක අසීරු අමාරු විභාගයක් නොවෙන්න පුළුවන්. දැන් ගුරුවරයා පාසලේ ඉගැන්නුවහම ඊට පස්සේ ඒක ගිහිල්ලා හවස පාඩම් කරන්න ඕන.පැය විසි හතරක් ඇතුළත තමයි දරුවට මතක ශක්තිය නැවත හොඳට තියාගන්න පුළුවන් වෙන්නෙ. ඔහුට ගොඩාක් අපහසුවෙන් අමාරුවෙන් නැවත නැවත පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නෑ එහෙම එදිනෙදා වැඩ එදිනෙදා කරල තිබ්බම. ඒ වගේම සාමාන්‍ය පෙල දරුවා ඒ වෙනකොට ත් විභාග හයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් විභාග හයක් එ කියන්නෙ දහය වසරේ වාර විභාග තුනක් සහ එකොලහ වසරෙ වාර විභාග තුනයි. ඉතින් ඒ දරුවාට නැවත නැවත මේ පාඩම් කියවන්න අවස්ථාව හොදටම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක අසීරු විභාගයක් නෙවයි. ඉතාමත් පහසු විභාගයක්.හැබැයි ඔබ එදිනෙදා දෙන වැඩේ එදිනෙදා කරන්න ඕනේ. ඒ වගේම දිනපතා පාසල් පැමිණෙන්නත් ඕනේ. පාසල් පැමිණීම තුළින් ඔහු ගන්න දැනුම ඔහුට ටියුෂන් පන්ති වලට ගිහින් ලබාගන්න බෑ. ඉතින් ඒ පැමිණීම නිසා ලබන දැනුමයි,තමන්ගෙ කැපවීම,අධිෂ්ඨානය සහ උත්සාහය මත හොදට වැඩ කරනව නම් මේ විභාගය තුලින් විශිෂ්ඨ ලෙස සමත් වෙන්න පුලුවන්. ඒ වගේම අපි දන්නවා ඒ කියන්නේ පාඩමක් කරාට පස්සේ අවුරුදු පහක ප්‍රශ්න පත්තර ඒ ඒ පාඩමට අදාළ අවුරුදු පහේ ප්‍රශ්න පත්තර ඒ ඒ පත්‍රයේ පාඩමට අදාළ ප්‍රශ්න ටික කරනවා පාසල තුල. ඉතින් දරුවා ප්‍රශ්න පත්‍රවල ලියන්න සහ ඒ ලියන විදිය ඒ ක්‍රමයත් උගන්නලා නොදන්නා කරුණු තියෙනවනම් ඒවා දැනගන්න ත් අවස්ථාව පාසල තුලින් ලැබෙනවා. ඉතින් දරුවාට මේ සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත් වෙන්න පුලුවන් ඒකට තමන්ගෙ කැපවීම,අධිෂ්ඨානය තියෙන්න ඔන.

විභාගය කල් යාම හේතුවෙන් ලමයිට මොන වගේ බලපෑමක් වෙන්න ඇති ද?
සාමාන්‍ය පෙළ කල් ගියා කලිනුත් එ වගේම මේ වර්ෂයේද සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි තියන්න බැරි වුණා. මේක ලොකුම බලපෑමක් වෙලා තියෙනවා දරුවන්ට. ඔවුන්ගේ වයස යනවා. ඔවුන්ගේ අනාගතේට. දැන් ලන්ඩන් වල ළමයි ගත්තොත් ඔවුන් ඕ ලෙවල් කරල එයාල වයස 18 වෙද්දි university ත් යනවා.නමුත් අපේ මේ ලාංකික අධ්‍යාපනය තුළ දරුවා වයසට යනවා.ළමයා එතනමයි.අර ළමයි එළියට ගිහිල්ලා රැකියාවක් කරනකොට අපේ ළමයි තාම university යන්න බලාගෙන ඉන්නවා.ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ විභාග කල් යෑම විශේෂයෙන් අපේ මේ රජයේ පාසල් වල දරුවන්ට බෙහෙවින්ම බලපෑම් ඇති කරනවා කිව්වොතින් නිවැරදි. ඇත්තටම මට මගේ අත්දැකීමත් කියන්න පුළුවන් මොකද මගේත් මම ඕ ලෙවල් ලියන කාලෙත් කොහොමහරි මාස තුනක් ol කල් ගියා. ඇත්තෙන්ම අපිට එපා වුණා. එක අපි අතහැරියා. දැන් වර්තමානේ දරුවන්ට ඒක එපාවෙලා තියෙන්නේ මොකද ඔහු සැලසුම් කරලා පාඩම් කරල හිටියට එදාට විභාගය කරන්න වෙන් නැ මේ විභාග කල් යාම නිසා. ඒක එයාට අපහසුතාවයක්.මේ නිසා දරුවන් තුල අර කම්මැලිකම ඇතිවෙනවා. ඉතින් මේක විශාල බලපෑමක් ඇති කරනවා දරුවට.මම නම් කොහෙත්ම කැමති නෑ මේ විභාග කල් දාන එකට මොකද නියමිත පරිදි අපි නිවාඩු කාලෙත් දරුවන්ට වැඩ කරා.ඒ කියන්නේ ළමයිව පාසල් ගෙනල්ලා සිදු ඉගනීම් සිදු.කරා. එතකොට දරුවට අපි නියමිත පරිදි සිලබස් එක ආවරණය කරා. ඉතින් එහෙම වෙලත් මේ විභාග කල් ගියාම දරුවන් කිසි වැඩක් නොකර ගෙදර ඉන්නවා.එ වගේම මෙ තත්වය නිසා ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි මාර්තු මාසේ ඉඳන් ළමයා පාසල් පැමිණිම තිබුනෙ. ඉතින් ළමයට පාසල අත ඇරුණා මේ නිසා. මේ තුළින් ළමයට කරන්න තිබුණු දේවල් පාසලෙන් ඒ සියල්ලම කිරීමට පාසලට නොහැකි වුණා. ඇත්තෙන්ම මම නම් ඉතාමත් අකමැතියි මේ විභාග කල් යෑමට.
ඔන්ලයින් අධ්‍යාපනය එක්ක අද ගොඩක් දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථා උදා වෙලා තියෙනවා ඒක හොද දෙයක් විදියට ඔබ දකිනවාද?
ඔන්ලයින් අධ්‍යාපනය හොඳ නෑ කියලා මං කියන් නෑ.ඔන්ලයින් අධ්‍යාපනය හොඳයි. online අධ්‍යාපනය තිබ්බේ නැත්තං අර කොවිඩ් සමයේදී අපේ ළමයට කිසිම දෙයක් ඉගෙන ගන්න බැරිවෙනවා.ඒ කාලය තුල මේ ඔන්ලයින් අධ්‍යාපනය ඉතාම වැදගත් වුණා.එක තිබ්බේ නැත්තං අපි සෑහෙන්න විදියකට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ලාංකික අධ්‍යාපනය ලොකූ පසුබැස්මකට පත් පත්වෙනවා. නමුත් ඔන්ලයින් අධ්‍යාපනය නෙවේ අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය කියන්නේ පාසල තුලින් ලැබෙන අධ්‍යාපනය ට.පාසල තුලින් ලබන අධ්‍යාපනයට සම කරන්න බෑ ඔන්ලයින් අධ්‍යාපනය. මොකද දැනුම විතරක් නෙවෙයි, ආකල්ප ඒ වගේම කුසලතා හා හොඳ ජීවන පුරුදු සහිත පුරවැසියෙකු බිහි කිරීම තමයි පාසලේ අරමුණ වන්නේ. ඉතින් ඔන්ලයින් අධ්‍යාපනය තුළින් දැනුම පමණයි ලැබෙන්නෙ.ආකල්ප ,කුසලතා ලබාදීම online අධ්‍යාපනය කරන්න ත ඉතාමත් අසීරුයි. ඉතින් මං කියන්නේ දරුවා පාසල තුළට ඇවිල්ලා සමාජානූයෝජනය වෙලා, කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න පුරුදු වෙන්න ආදි සියලු දේ ලැබෙන්නෙ පාසල් අධ්‍යාපනය තුලින්.ඉතින් ඔන්ලයින් අධ්‍යාපනයෙන් මේ කිසිවක් ලැබෙන්නේ නැහැ. හ රැකියාවක් කරනකොටත් තනියෙන් නෙමේ නේ රැකියාව කරන්නේ. කණ්ඩායමක් එක්ක එකතුවෙලා නෙ රැකියාව කරන්න ඔනි. එවැනි දේ වල දි ඉවසීම අනිත් අයත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන්න ,අන් අයගේ අදහස් වලට ගරු කරන්න වගේ දේවල් ඔනි.ඉතින් ඒක පාසලෙන් ලැබෙන අධ්‍යාපනය තුළින් තමයි ලැබෙන්නෙ. ඔන්ලයින් අධ්‍යාපනය තුලින් ලැබෙන්නේ ආත්මාර්ථකාමී බවට පත්කිරිමක්. ඉතින් පරාර්ථකාමී හොඳ ආකල්ප ඇතිවෙලා ගුණගරුක දරුවෙක් බිහි කරන්න නම් අනිවාර්යෙන්ම පාසල් අධ්‍යාපනය අවශ්‍යමයි.
ලංකාවේ මේ විභාග ක්‍රමය සහ අධ්‍යාපන රටාව ගැන මොකක්ද ඔබ තුමියගෙ අදහස?
ලංකාවේ විභාග ක්‍රමය ගැන නම් මං සෑහීමකට පත්වෙන්නෙම නෑ. මොකද ඒක තනිකර අනිත් එක්කෙනා පරයා අනිත් කෙනා නැගී සිටීමක් වගේ. ඒ කියන්නේ හරිම ආත්මාර්තකාමියි. දැනුම පමණයි මෙහි මැනීම සිදුවෙන්නේ.දැනුමෙන් විතරක් ඔහුගේ ඉදිරි අනාගතය ඔහුට තීරණය කරන්න බැහැ. ඇත්තෙන්ම කුසලතාවයයි මනින්න ඕනේ. දරුවා කොහොමද ඒක ලබාගන්නෙ.ඒ කියන්නේ මේ වර්තමානයේ අධ්‍යාපන ක්‍රමය හැමතිස්සෙම මේ දරුවාගේ දැනුමට පමණක් තීරණය වන නිසා වර්තමානය ගොඩාක් දෙමව්පියන් ළමයව ආත්මාර්ථකාමී බවට පත් කරල තියෙනවා.ඉතින් මම හැමතිස්සෙම කියන්නේ අපේ අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕන.ඒක අපේ රටට ගැලපෙන පරිදි.නමුත් දැනුමට විතරක් නෙවෙයි කුසලතාවයට තමයි මුල් තැන දෙන්න ඕනේ කියලා. මොකද ඔබ දන්නවාද කලා විෂයන් හදාරුව උසස් පෙළ දරුවාට විශ්ව විද්‍යාලට ගියේ නැත්නම් වෙන පාරවල් ඉතාමත් අඩුයි එයාට යන්න.මොකද එයාට කිසිම කුසලතාවයක් නෑ. කුසලතාවයක් අපි ඒ දරුවා තුළ ඇති කරන්නේ නෑ. කටපාඩම් සංස්කෘතියක් තමයි තියෙන්නේ අපේ. තමාගේ හැකියාව අනුව කුඩා කාලෙදිම තෝරගෙන තමන් තමාගේ හැකියාවතියෙන්නේ කොහෙද තමන්ගේ ප්‍රතිභාව තියෙන්නේ කොහෙද කියලා තෝරගෙන ඒ ඒ අනුව එයාට වෘත්තියකට පොඩි කාලේ ඉඳන්ම පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නනම් ඒ ළමයා ඒ ක්ෂේත්රයේන් ඉහළටම ගිහිල්ලා හොඳ නිර්මාණ බිහි කරන දරුවෙක් බවට පත්වෙනවා.
අපොස සාමාන්‍ය පෙළෙන් පස්සෙ මොනවද තියෙන අවස්ථා අපේ දරු දැරියන්ට?
අපොස සාමාන්‍ය පෙළෙන් පස්සේ එහි ප්‍රතිඵල අනුව දරුවට තෝරගන්න පාසලෙන්ම පුළුවන් අපොස උසස් පෙළ සිදු කරන්න.දරුවා සාමාන්‍ය පෙල සමත් වෙලා නැත්තං එම දරුවන්ට පුළුවන් දහතුන් වස්සරක අඛණ්ඩ අධ්‍යාපනය කියන ක්ෂේත්රයට යොමු වෙලා දරුවාට වෘත්තියක් පුහුණු වෙන්න. පුළුවන්. ඒ වගෙම කාර්මික විද්‍යාල,ජර්මන් කාර්මික කාර්මික විද්‍යායතනය ,වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. ඒවට මේ දරුවන්ට එකතු වෙන්න පුළුවන්. ඒවායින් තමන්ගේ කැමති ක්ෂේත්රයක් තෝරගෙන ඒකෙන් ඉහළට යන්න පුළුවන්.ඊළඟට අපොස සාමාන්‍ය පෙළෙන් පස්සේ ඇතැම් දරුවන් උසස් පෙළ කරන්නැතුව ඩිප්ලෝමා කරන්න නැඹුරු වෙලා තියෙනවා. උසස් පෙළ කරන්නේ නැතුව දරුවන් අර පදනම් පාඨමාලාවන්ට සහභාගී වෙලා ඊට පස්සේ එතනින් උපාධිය හදාරලා ඉස්සරහට යනවා. ඉතින් අද වර්තමාන ලංකාවේ විවිධ මාර්ග තියෙනවා දරුවන්ට අපොස සාමාන්‍ය පෙළෙන් පස්සේ තෝරගෙන තමාගේ ජීවිතය ගොඩනගා ගන්න අවස්ථා ගොඩක්.කවුරුවත් අත හැරෙන් නැ මේ තුලින් .
ඇත්තටම පාසල් අධ්‍යාපනය තුල නිසියාකාරව ඉගැන්වීම් රටාවක් වෙන් නැති නිසා ද මේ ටියුශන් වලට ළමයි යොමු වෙලා තියෙන්නෙ?
දරුවන් පාසල් අධ්‍යාපනය වෙනුවට ටියුෂන් වලට යොමු වෙලා තියෙන්නේ පාසලෙන් අධ්‍යාපනය නිසියාකාරයෙන් සිදුකරන් නැති හින්දා කියන එකට මට එකඟ වෙන්න නෑ . නමුත් යම් අඩුපාඩු තියෙනවා. සමහර විට ගුරුවරුන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව වෙන්න පුළුවන් මේ ගුරු හිඟය. ඒකට රජය වග කියන්න ඕන. ඒ වගේම ගුරුවරුන්ගෙන් හොඳ සේවයක් ලබාගන්න නම් ගුරුවරුන්ට හොඳ වැටුපක් ලබා දෙන්න ඔනි. රජය විසින් එය සිදු කරල නෑ. සමහර අවස්ථාවලදී පාසල තුළ නිසි ආකාර අධ්‍යාපනයක් ලබා දෙන්නෙ නැති අවස්ථා තියෙනවා. නමුත් ළමයි ටියුෂන් වලට යොමු වෙන්නේ ඒ හේතුව නිසා ම විතරක්ම නෙවෙයි. සමහරවිට මේ තරගකාරී අධ්‍යාපන රටාවකට දරුවා යොමු කරන්න ටියුෂන් වලට යොමු කරලා වැඩි අධ්‍යාපනයක් ලබා දෙන්න දෙමව්පියන් ඔවුන් උත්සාහ දරනවා. ඒ වගේම ටියුෂන් වල පාසල තුළ නැති, නිදහසක් දරුවට ටියුෂන් තුළ ලැබෙනවා. ඒකත් ඇතැම් දරුවන්ට බලපාලා කියලා කියන්න පුළුවන්. එ වගේම ටියුශන් එක දැන් විලාසිතා වක් වෙලා.ඉතින් මම නම් කියන්නේ පාසල තුළ හොඳ අධ්‍යාපනයක් දෙනවා. දැනුම විතරක් නෙවෙයි අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය කියන්නේ දැනුම ආකල්ප කුසලතා හොඳ ජීවන පුරුදු ඉතින් දැනුම හඹා යන සමාජයකට තමයි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දරුවන්ව දෙමව්පියෝ ටියුෂන් වලට යොමු කරනවා .ඉ නමුත් පාසල තුළ හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා කියන එක මම අදටත් කියනවා.
එස්.කේ.ඒ.චරිතා ලක්මිණි සමරවික්‍රම
ජනසන්නිවේදන (ගෞරව )
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
