සුදු වෙන්න ක්‍රීම් ඕනෙමද?

author
0 minutes, 45 seconds Read

මාධවී  16 හැවිරිදි පාසල් සිසුවියක්. ඇත්තට ම ඇයට හිමි වෙලා තිබුණේ පැහැපත් තළෙලු  සමක්.ඒත් මාධවීගේ සිහිනය  වුණේ ඇගේ හොඳම හෙහෙළිය කුමුදු වගේ සුදු ම සුදු සමක් හිමි කර ගන්නයි .කුමුදුගේ  අම්මා තාත්තා දෙන්නම පැහැපත් සුදු සමක් තිබෙන අය. කුමුදුට එවන් සුද සමක් හිමිවෙලා තිබුණේ ජානමය හේතූන් මත කියලා කුමුදු ගේ අම්ම තාත්තා දකින ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒත් මාධවී  මේ තත්ත්වය අවබෝධ කර ගන්නා විට හුඟාක් ප්‍රමාද වෙලා. අන්තර්ජාලයේ තිබුණු දින 07 න් සම පැහැපත් කරන ක්‍රීම් වර්ගය ඇය භාවිත කළේ දෙවරක් නොසිතා. ඇත්තට ම මධාරාට බලාගෙන ඉදිද්දී  සුදු දිදුලන සමක් හිමි වුණා. ඇගේ යහළු යෙහෙළියෝ කතා කළේම ඇගේ සුදු වීමේ රහස. ඇය සිටියේ වෙනදාට වඩා ඉතාමත් සතුටින්. ක්‍රීම් වර්ගය වෙනුවෙන් වැය කළ මුදල කෙතරම් සාධාරණ දැයි ඇය උදම් ඇනුවා.

කාලය ටිකෙන් ටික ගතවුණා. ඇගේ සමේ පැහැය අදුරු වෙන්න පටන් ගත්තා. අප්‍රසන්න ලප කැළල් වගයක් සම මතුපිට තැනින් තැන මතු වන්නට පටන් ගත්තා. ඇයට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගන්නට සිදු වුණේ මේ අවස්ථාවේදීයී.

මේ අද සමාජයේ සම සුදු  වෙන්න විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග භාවිත කරන යුවතියන්ට මුහුණ පෑමට සිදු වන අදුරු පැති කඩක් පමණයි. කෘත්‍රිමව සුදු වෙන්න වීවිධ වර්ගයේ ක්‍රීම් වර්ග භාවිත කරන තරුණ තරුණියන් බෙහොමයකට මුහුණ පෑමට සිදුවන  අතුරු ආබාධ පිළිබද මනා අවබෝධයක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙනවා. නිරෝගී තළෙලු සමක් තිබෙන තරුණ තරුණියන් ද  මෙවැනි ක්‍රීම් වර්ග භාවිතයට පෙළඹීම කණගාටුවට කරුණක්. අවසානයේදී සිදු වන්නේ තාවකාලිකව සුදු වෙලා සදාකාලික කායික හා මානසික පීඩාවන්ට ලක් වෙන්න.

ඇත්තටම අපට උපතින් ම හිමි වෙලා තියෙන්නේ දුඹුරු පැහැයට හුරු තළෙලු සමක්.

ඝර්ම කලාපීය උෂ්ණ  රටක ඉන්න අපට මේ සම ඉතාමත් වටිනවා. විශේෂයෙන් ම අපේ මේ මෙලනින් වර්ණකය මගින් අපේ සම ආරක්ෂා වෙනවා. සමේ  රෝග සෑදීම වළක්වන අතර වයසට යෑම ද පාලනය කරනවා.  අද බොහෝ තරුණ පිරිස් හිතන දෙයක් තමයි පැහැපත් වීම කියන්නේ සුදු වීම කියලා. ලස්සන පැහැපත් සමක් පවත්වා ගෙන යාමට සුදු වීම අවශ්‍ය  වන්නේ නැහැ. නිරෝගී සමක් යනුවෙන් හඳුන්වන්නේ ලප කැළල් වලින් තොර දීප්තිමත් නිසි ජලය ප්‍රමාණය සම මත ඇති සමයි.

සමේ පැහැය වෙනස් වීම සඳහා කෑම බීම, පාරිසරික සාධක මෙන්ම ජීවන රටාව ආදී කරුණු ද බලපෑ හැකි නමුත් මූලික වශයෙන් අපේ සමේ පැහැය පවතින්නේ අපේ ජානමත. ඒ නිසා ක්‍රීම් වර්ග භාවිත කළත් ඉන්ජෙක්ෂන් භාවිත කළත් සමේ පැහැය තාවතාලිකව වෙනස් වනවා හැර දීර්ඝකාලීනව වෙනස් වන්නේ නැහැ. දීර්ඝකාලීනව මේ පැහැය පවත්වා ගෙන යාමට නම් දිගින් දිගටම මේ දේවල් කළ යුතු වෙනවා. එය සමට ඉතා අහිතකරයි. විශේෂයෙන් ම ඉතා කෙටි කලකින් සුදු වන බව පවසන ක්‍රීම් වර්ග සමට  ඉතා හානිදායකයි.

ඒවයේ අහිතකර දේවල් අඩංගු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළයි. මේවා  අධිසාන්ද්‍රවලින් යොදා ඇති නිසා ඉතා කෙටි කලකින් සුදු වෙන්න පුළුවන්. නමුත් මේවා භාවිතයෙන් සම අඳුරු වීම,  සම වයසට යාම මෙන් ම සම මත පිළකා පවා හැදීමට ඉඩ කඩ තියෙනවා. ඇතැම් ක්‍රීම් වර්ග සඳහා භාවිත කරන බැරලෝහ නිසා සම මතු පිට විතරක් නෙවේ සම අභ්‍යන්තරයට පවා හානි වෙන්න පුූළුවන්. වකුගඩු රෝග මෙන්ම පිළිකා ද මේවායේ අතුරු ප්‍රතිඵල විය හැකියි.

ඒ වගේම අද සුදු වීමට  එන්නත් වර්ග ද භාවිත කරනවා. අධි මාත්‍රාවෙන් දිගින් දිගටම එන්නත් කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ලෝකයේ කිසිම රටක එන්නත් කිරීම ආරක්ෂාකාරී  බවට ලියාපදිංචියක් දීල නැහැ.

හොද ක්‍රීම් වර්ගයක් තෝරා ගන්නේ  කෙසේද?

තමන් භාවිත කරන ක්‍රීම් වර්ගය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ක්‍රීම් වර්ගයක් දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගන්න පුළුවන්. ඇතැමුන් ක්‍රීම් වර්ග හිතුමතේට භාවිත කළත් ඒ්වයේ අඩංගු ද්‍රව්‍ය ගැන හෝ  කල් ඉකුත්විමේ දිනය ගැන අවධානය යොමු කරන්නේ නැහැ.  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ක්‍රීම් වර්ග නියාමනයට ලක් කළ ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචියට ලක් නොවූ ක්‍රීම් වර්ග  රට පුරා පවතින්න පුළුවන් . අන්තර්ජාලය හරහා විකුණන ක්‍රීම් වර්ගත් රූපලාවන්‍යගාරවල සකස් කරන ලද විවිධ ක්‍රීම් වර්ගත්  නිසි නියාමනයට ලක්  නොවන ඒවා වන්න පුළුවන්.

ක්‍රීම් වර්ග නැතුව සුදු වෙන්න බැරිද?

සම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්  චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ප්‍රතිකාර ගැනීම වඩා  සුදුසුයි. ඊට අමතරව පැහැපත් නිරෝගී සමක් පවත්වා ගෙන යාමේදී දැඩි හිරු රෂ්මියෙන් ආරක්ෂා විය යුතුයි. අව්වේ ගමන්  කිරීමේදී කුඩයක් මෙන්ම හොඳ සන්ස්ක්‍රීන් ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකියි. මෙම සන්ස්ක්‍රීන් වල SPF  අගය 30 ට වඩා වැඩි විය යුතුයි. ඒ වගේ ම සම පිරිසිදුව තබාගත යුතුයි. ඇතැමුන් මුහුණ නිතර සෝදන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තට ම මෙය එතරම් හොඳ තත්ත්වයක් නෙවේ. නිතර නිතර සම සේදීමෙන් සම වියලෙන්න පුූළුවන්. සමේ තෙතමනය රඳවා ගැනීමට හොඳ මොයිස්චරයින් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. වයසට යාමේදී සිදු වන රැලි වැටීම සඳහා වෛද්‍ය උපදෙස් මත විටිමින් අඩංගු ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. නිරෝගී පැහැපත් සමක් සඳහා කායික හා මානසික නිරෝගීභාවය ද හේතු වෙනවා. ඒ නිසා සිතු සතුටින් පවත්වා ගන්නා අ‍තර කොල වර්ග , එළවලු වර්ග ,පලතුරු, ඛණිජ ලවණ අඩංගු හොඳ ආහාරවේලක් මගින් ශරීරයට අවශ්‍ය සියලුම විටමින් වර්ග ලැබෙනවා. අධික පිෂ්ටය සහිත ආහාර සීිනී සහිත ආහාර හැකිතරම් අඩු කල යුතුයි. ව්‍යයාම ද නිරෝගී සමකට අවශ්‍යයයි. අද බොහෝ තරුණ තරුණියන් අන්තර්ජාලය භාවිත කරමින් රාත්‍රි කාලය නිදා ගන්න තිබෙන ප්‍රමාණය ද අඩු කර ගෙන තිබෙනවා. නිරෝගී සමකට සුව පහසු නින්දක් අවශ්‍යයමයි. නින්ද අඩු වෙනවිට සමේ රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩියි.

මේ කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කර  නිරෝගී බව රැකගන්නවා ද  කෘතිමව සුදු වෙන්න විවිධ ක්‍රීම් වර්ග භාවිත කර නිකරුනේ  රෝගී භාවයට පත් වෙනවා ද යන්න ඔබ ම තීරණය කරන්න.

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් පවත්වනු ලැබූ මාධ්‍යවේදීන්  දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ඇසුරෙනි.

ඉරේෂා මධුරකාවිනී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa