හරිත නිෂ්පාදන වෙනුවෙන් යොමු වුන සේපාලිකා

author
0 minutes, 1 second Read

ව්‍යාපාරයක් වෙනුවෙන් අපේ හිත තිබුනත් එය එක් වතාවෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ විදිහට අසාර්ථක වුනොත් බොහෝ දෙනෙක් එය අත හරිනවා. නමුත් සේපාලිකා මල්ලවආරච්චි තමන්ගේ උත්සාහය අත හැරියේ නැහැ.ගම්පහ ගනේමුල්ල පදිංචි ඇය ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබුවා. පාසල් අධ්‍යාපනයෙන් පසු ඩී. එස්. අයි පාවහන් සමාගමේ සේවය කළ ඇය තම රැකියාවෙන් සමු ගත්තා. ඇය රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියා. එතැනදීත් ඇය මුල් තැන දුන්නේ ස්වභාවික ද්‍රව්‍ය වලටයි. කෝමාරිකා, කස්තුරි කහ වැනි අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවෙන් ඇය වැඩි තැනක් දුන්නා. කොහොම වුනත් ඇගේ රූපලාවන්‍යාගාරයත් වැසුනා. එතැනින් පසුව වැනිලා වගා කළත් එය සාර්ථක වුනේ නැහැ.දැනට කඩවත පදිංචි සේපාලිකාගේ ව්‍යවසායක තොරතුරු ඇගෙන් විමසමු.

මට අවශ්‍ය වුනේ කිසිම රසායන ද්‍රව්‍යක් එක් නොකළ පළතුරු බීම නිෂ්පාදනය කරන්න. මේ වෙනුවෙන් මම හැම තැනකින්ම විමසුවත් මට නිවරැදි තොරතුරක් ලබා ගන්න බැරි වුණා. ඊට පසුව මම ෆේස් බුක් එකේ මාපාකඩවර දෙළුම් ව්‍යාපාරයක් ගැන දැක්කා. ඔහු සම්පූර්ණයෙන්ම හරිත ව්‍යාපාරයක් කරන කෙනෙක්. මම ඔහුට ඉල්ලීමක් කළා. හරිත විදිහට පළතුරු බීම නිෂ්පාදනය කරන්න හැකියාවක් ගැන මට කියන්න කිව්වා. ඔහු මට ප්‍රතිචාර දැක්වූවා.

ඔබට රසායනික දේවල් නැති නිෂ්පාදනයක් කරන්න පුළුවන් වුණා..
ඔව්..මෙතෙක් මම පළතුරු බීම නිෂ්පාදනය ගැන පුහුණු පාඨමාලාවන් කීපයකට සම්බන්ධ වුනත් ඒවායේ යම් ප්‍රමාණයකින් රසායනික සංයෝග එකතු කරනවා. මම එයට කැමැති නැහැ. මට ඕන වුනේ සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍ය වලින් තොර කියන වචනයට සහතික වෙන නිෂ්පාදනයක් ලබා දෙන්න.

මුලින්ම…
මම මුලින්ම පැෂන් පෘට් පළතුරු බීම නිෂ්පාදනය කළා. ඒවා ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසලේ කැන්ටිමට දැම්මා. මට අවශ්‍ය වුනේ පාසල් දරුවන්ට වස විස නැති පළතුරු බීම ලබා දීමට වගේම ප්ලාස්ටික් බෝතලයකින් තිබෙන අනාරක්ෂිත බව නැති කරන්න. ප්ලාස්ටික් බෝතලයක අසුරා තිබීම සෞඛ්‍යට අහිතකර නිසා මම සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් ශුන්‍ය නිෂ්පාදනයක් වෙනුවෙන් හැමදාම කල්පනා කළා. අදටත් මගේ නිෂ්පාදනවල ප්ලාස්ටික් ඉතාම අවමයි.

පාසලට මම අලෙවි කළ පළතුරු බීම පැස්චරීකරනය කළ ඒවා නොවයි. එතැනින් පසුව මම පැස්චරීකරණය පිළිබඳ පාඨමාලාවකට සම්බන්ධ වුණා. මේ සඳහා මට ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශාල සහයෝගයක් ලැබුණා.ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහත්මියක් සමග මගේ නිෂ්පාදනය ගැන කිව්වා. ඇය මට මෙහෙම කිව්වා…ඔයා අපේ කැන්ටිමට මේ නිෂ්පාදන ගෙනත් තියන්න.. අපි බලමු අලෙවිය කිව්වා. 2024 වසරේ ජූලි 1 වැනි දා මම පළතුරු බීම බෝතල් කීපයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැන්ටිමට දැම්මා. ඒවා අලෙවි වුණා. ඒ මගේ මුල්ම උත්සාහය.

ඔබ පළතුරු සොයා ගන්නේ…
මම පළතුරු ලබා ගන්න තැන් කීපයක් තිබෙනවා. ඒවාත් වස විස නැති පළතුරු. සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් දිවුල්, අනෝදා,අඹ වගේ පළතුරු ලබා ගන්නවා. මේවා ගබඩා කර ගන්න පහසුකම් මට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තවත් පාවිච්චි කළ Freezer එකක් ගත්තා.

ඔබේ නිෂ්පාදනයට සන්නාමයක්..
මගේ හිතේ හීනයක් තිබුණා. මට අවශ්‍ය වුනේ කිසිම රසායනික දෙයක් නොදා පළතුරු බීම බෝතලයක් අපේ රටට දෙන්න. මගේ උත්සාහය සාර්ථක වුණා. ඒ නිසාම මම මගේ නිෂ්පාදන Greeny Natural products යනුවෙන් නම් කළා.
අද වෙන විට ඔබේ වෙළඳපොල..
මට විවිධ ආයතන වලින් ඇනවුම් ලැබෙනවා. ඒ මගේ නිෂ්පාදනයේ ගුණාත්මක බව හඳුනා ගත් නිසාම ඉල්ලුම් ලැබෙනවා. බොරැල්ලේ යුධ හමුදා කාන්තා බලකායෙන් ඉල්ලුම් ලැබෙනවා. ආදි ශිෂ්‍ය සංගම් මගින් ඇනවුම් ලැබෙනවා. නමුත් මට තිබෙන බෝතල් ප්‍රමාණය අනුව තවම ලොකු ඇනවුමක් ලබා දෙන්න අපහසුවක් තිබෙනවා. මේ පළතුරු බීමට අමතරව මම ජෑම්, කෝඩියල් වගේ නිෂ්පාදන වෙනුවෙනුත් උනන්දුවක් දක්වනවා. ලංකාවේ කොකෝවා ඇට යොදා ගෙන චොකලට් සම්බන්ධ නිෂ්පාදනයක් තිබෙනවා. ඒ වගේම චොකලට් නිෂ්පාදනය කරන්න මම අනාගතයේදී බලාපොරොත්තු වෙනවා.

වැනිලා වගාව ගැන..
මම වැනිලා වගා කරනවා. ඊට අමතරව වැනිලා ආශ්‍රිත අතුරු නිෂ්පාදන කීපයක්ම කරනවා. විජලන තාක්ෂණය ගැනත් මට දැණුම තිබෙනවා. වැනිලා මල්, කරල් ආශ්‍රිත නිෂ්පාදනත් කරනවා. ඉගුරු, කහ වගේ කෙටි කාලීන බෝග වගාවටත් මම කැමැතත්ක් දක්වනවා. මගේ වැනිලා නිෂ්පාදනත් “Vanila greeny” යන සන්නාමයෙන් හඳුන්වා දුන්නා.
ඒ වගේම අපි වගේ නැගීගෙන එන ව්‍යවසායිකාවන් වෙනුවෙන් අපට මුල්‍ය පහසුකම් නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වාර්තාවන් ලබා දීමේදී යම් සහනයක් හෝ කොටස් විදිහට ගෙවන ක්‍රමයක් හෝ තිබෙනවා නම් එය ඉතාම වටිනවා. ආර්මභක අවස්ථාව කියන්නේ කාටත් දුෂ්කර අවධියක්. මේ වෙලාවට වගකිව යුතු ආයතන විසින් අපි වගේ නැගී එන ව්‍යවසායිකාවන් දිරි ගැන්වීමට වැඩ පිළිවෙලක් සකස් වුනොත් අපට එය ලොකු ශක්තියක් වේවි.

මගේ මෙම ව්‍යවසායක කටයුතු වෙනුවෙන් ගම්පහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමෘද්ධි ආයතනය, වගේම ගොවිජනසේවා කාර්යාලයෙන් විශාල විදිහට සහයෝගයක් ලබා දුන්නා. ඒ විතරක් නොවයි, මගේ මේ වැරදිම්, බිඳ වැටීම් ඉදිරියේ මට ආපස්සට නොහැරී නොසැලී ව්‍යාපාරය මත්තේම ජයග්‍රහණය කරා යන්නට මට මලෙග් මව්පියන්, සැමියා වගේම දරු දෙදෙනාගෙන් ලැබුන සහයෝගයත් මෙතැනදී සඳහන් කරන්නම ඕන.

වස විස ආාහරපාන පිරුන ලෝකයක ඇය වගේ හරිත නිෂ්පාදන වෙනුවෙන් හඹා යන කාන්තාවන් ඇත්තටම රටට වාසනාවක්. ජීවිතයට අහිතකර නොවන ඇගේ හරිත නිෂ්පාදනයක් අවශ්‍ය නම් 0782391443 අංකයට අමතා අවශ්‍ය ඇනවුම් භාර දෙන්න පුළුවනි.

සටහන

සිල්වා.සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa