ඔබ මොන අන්දමින් උපත ලැබුවත් , හිතේ අධිෂ්ඨානය සහ ධෛර්ය ඇත්නම් ජීවිතය දිනා ගැනීම අරුමයක් නොවෙයි. මේ අදහස සහේතුක කරන අපෛ් කථා නායිකාව රමණි දේවිකා… කුරුවිට පදිංචිව සිටින ඇය දැන් ව්‍යවසායිකාවක්.
කාන්තාවක් ව්‍යවසායිකාවක් වීම ප්රාතිහාර්යක් නොවෙයි. නමුත් රමණි බාල කාලයේදී පෝලියෝ රෝගය නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්වයක පසු වුණා. ඇයට ඇවිද ගැනීමේ හැකියාව ලැබෙන විට වයස අවුරුදු 12 ක් පමණ වෙලා. පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුක්ත පවුලක ඇය හතරවෙනියා. සෙසු සහෝදර සහෝදරියන් ඉතා හොඳින් නීරෝගීව සිටියත් රේණුකා පවුල තුළ යම් පසුගාමී බවක් පෙන්නුවා. නමුත් ඇයට ප්‍රමාදය පසු තැවීමට හේතු වුනේ නැහැ.
රමණිගේ දුර්වල බව නිසා මව්පියන් ඇය නිවසට සීමා කළේ නැහැ. මේ පාසල වැඩිහිටි අධ්‍යාපන මගින් පවත්වන ශාස්ත්‍ර පංතියට ඇය ඇතුලත් කළා. මේ විජය මහ විදුහල පාසල් අධයාපනය අහිමි වුන වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ශාස්ත්‍ර පංතියක් විදිහට තිබුනත් රමණි ඒ පාසලට ඇතුලත් වුණා. ඇය විශේෂ අවශ්‍යතා ඇති දියණියක්. කොහොම වුනත් රමණිගේ හැකියාව නිසාම ඇය ඒ පංතියේදී පළවැනියා වීමට තරම් දක්ෂතාවයක් දැක්වූවා.

ඔබ මේ ගීතය අසා ඇති…
බනින්නෙපා සුදු දෝනිට බනින්නෙපා..හාල් මිටක් දුව අරගත්තේ සෙල්ලම් බත් උයන්නයි..
රමණිගේ මව බුද්ධිමත් කාන්තාවක් කිව්වොත් නිවරැදියි. පුංචි කාලයේ පටන්ම රෙදි කපන්න, මහන්න රමණි කැමැතියි. ඇයට රෙදි කැබැල්ලක් හම්බ වුනාම එය කපනවා. කවුරුත් ගෙදර නැත්නම් මැෂිම පාගනවා. මේ වගේ ඇඳුම් මහන්න ඇයට පුදුම ආසාවක් හිතේ තිබුනා. සමහර විට මතු දවසක සැබෑ වෙන ලස්සන හීනයක පෙරනිමිති වෙන්නත් ඇති..
ඔය විදිහට කාලය ගෙවුනා. දුවගේ මැහුම් හැකියාව ගැන අම්මට ඉව වැටුනා. අම්මා රෙදි ගෙනැවිත් දුවට දීලා මෙහෙ කිව්වා…
වැරදුනත් කමක් නැහැ.. මේවා කපල මහන්න කිව්වා.. රමණි හරිම ආසාවෙන් මහන්න පටන් ගත්තා. මේ විදිහට තමන්ගේ නිවසේ ඉඳන් ඇඳුම් මහන විට ඇගේ ලස්සන ඇඳුම් ගැන කටින් කටි පැතිරී ගියා. ඒ නිසාම රමණිගෙන් ඇඳුම් මහ ගන්න කට්ටිය එන්න පටන් ගත්තා.
දැන් ඉඩ ටිකක් ඕන..
නිවසේදී ඇඳුම් මැහුවත් ඇනවුම් වැඩි වෙද්දී ටිකක් ඉඩ කඩ ඕන බව ඇයට තේරුණා. තමන්ගේ ඇවිදීමේ අපහසුතාවය නිසා දුරක යන්නත් බැහැ. ඒ ගැටළුවට විසඳුමක් විදිහට පදිංචි නිවසට යාබදව කඩ කාමරයක් ගත්තා. එතැන ඉඳන් තමන්ගේ කර්මාන්තය කර ගෙන යද්දී තව තවත් ඇනවුම් එන්න පටන් ගත්තා. අන්තිමේදී ඇය මුලින් කුලියට ගත් කඩ කෑල්ල අත්පිට මුදලටම මිළ දී ගත්තා.

දැන් ව්‍යාපාර මට්ටමින්ම පටන් ගත්තා…
ඇනවුම් හොඳින් ලැබෙද්දී ඇය තමන්ගේ ව්‍යාපාරය J.M.J යනුවෙන් නම් කළා. ලැබෙන ඇනවුම් තනියම කරන්නත් බැහැ. මැහුම් කියන්නේ සියුම් කලාවක්. ඒ නිසා ඇය තමන් පදිංචි ප්‍රදේශයෙන්ම අත්උදව් සඳහා තවත් කාන්තාවන් තුන් දෙනෙක් බඳවා ගත්තා.
රෙදිත් මිළට ගන්න පුළුවන්…
ඒ අතර ඇයට තවත් අදහසක් ආවා. තමන් කැමැති රෙදි වර්ගයක් තෝරා ගෙන ඊට ගැලපෙනම මෝස්තරයකින් ඇඳුමක් මහ ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාවක් තිබුනොත් කොච්චර හොඳයිද…? රමණි හිතුවා. ඒ නිසාම ඇය තමන්ගේ ආයතනයේ කොටසක රෙදි වර්ග මිළට ගැනීම වෙනුවෙන් පහසුකම් ලබා දුන්නා. මේ රෙදි වර්ග අතර සාමාන්‍ය රෙදි පමණක් නොවෙයි, උත්සව, මංගල්‍යයන් වෙනුවෙන් ඇඳුම් සකස් කර ගත හැකි වටිනා වර්ගයේ රෙදි පිළි තිබෙනවා.
මේ වගේ ඇඳුම් මහගන්න අවස්ථාව..
ඔව් ඕනැම මංගල, උත්සව ඇඳුම් මහ දෙනවා.තමන්ට අවශ්‍ය මෝස්තරය කිව්වාම අපි ඒ අයට අවශ්‍ය විදිහට සකස් කරල දෙනවා.
ඔබේ කීර්තිනාමය දැන් ප්‍රසිද්ධයි..
මම වාණිජ මණ්ඩලය මගින් ප්රදානය කරන සබරගමු පළාතේ හොඳම ව්යවසියාක වෙනුවෙන් වූ තුන්වන ස්ථානය ( ලෝකඩ පදකක්ම ) සහ එම ආයතනයෙන් දෙවන ස්ථානය සඳහා ( රිදී ) පදක්කම අවුරුදු දෙකක්ම ලබා ගත්තා..

අද වෙන විට ඔබ ගැන කිව්වොත්..
මම විවාහකයි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ සැමියා සුළු පරිමාණයේ වයාපාරය නිරත වෙනවා. ලොකු පුතා රැකියාවක නිරත වෙනවා. දෙවැනි පුතා බටංගල විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දැන් උපාධි ප්රදානෝත්සවය වෙනුවෙන් සිටිනවා. දුව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඉතින් ඔබටත් රමනිට කියල ලස්සන ඇඳුමක් මහගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් 070 250 24 88 අංකයට කථා කරන්න.
එහෙමනම්.. හිත ඇත්නම් පත කුඩාද කියන අදහසට අර්ථයක් දුන් රමණි දේවිකාගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.
සටහන – සිල්වා, සි
