හොරකම් කරන එක, හොරෙක් වෙන එක සාධාරණිකරණය කරන්න පුළුවන්ද ?

author
0 minutes, 22 seconds Read

ඒක නම් අපට කොහෙත්ම එකඟවෙනන්න බැරි කාරණාවක්. ඒත් පවුල වෙනුවෙන්, පවුලට තියෙන ආදරය ගෞරවය වෙනුවෙන් කෙනෙකුට හොරකමක් කරන්න සිද්ද උනොත් අපට ඒක නොකර ඉන්න බැරි වෙනවා නේද?

අන්න ඒ වගේ Plot එකකට ලියවුන movie එකක් ගැන තමයි මං අද අරගෙන ආවේ. කතාවේ නම Jewel Thief. මේක 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ Netflix තිරගත වෙච්ච Movie එකක්. මේ Movie එක Action /Crime/Thriller ගණයට නෑකම් කියන Movie එකක්. මේක Directors ලා දෙන්නෙක් එකතුවෙලා තමයි හදලා තියෙන්නේ. (Kookie Gulati & Robbie Grewal)

මේකේ main Actor විදියට අසූව දශකයේ Fans ලගේ රෝමාන්තික කුමාරයෙක් වෙච්ච Saif Ali Khan තමයි Rehan Roy කියන චරිතයෙන් කරළියට එන්නේ. මෙයා මේ කතාවේ ලෝක ප්‍රසිද්ධ හොරෙක්ගේ චරිතය තමයි රඟදක්වන්නේ.

මේ සියවසේ අපිට ගොඩක් හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටි වලින් එළියට දාන මේ Black චරිතය සුදුහුණු ගාලා වීරයා කරලා දෙන එක බලාගන්න පුළුවන්. ඒක ගිය අවුරුද්දේ තිරගතවුන Lucky Baskhar (2024) චිත්‍රපටයෙනුත් අපට දැකගන්න පුළුවන් උනා. ඒක අපේ තරුණ පරම්පරාව කොහොම බාර ගනීද කියන එක ගැන නම් අපට සැකයක් තියෙනවා.

කතාව ගැන කියනවනම් Rehan Roy කියන දක්ශ වගේම සූක්ෂමව හොරකම් කරලා කිසිම හෝඩුවාවක් නොතියා ගේම් එක ගොඩදාන හොරෙක් ඉන්නවා. මෙයා හොරකම් කරන්නේ එසේ මෙසේ දේවල් නම් නෙවෙයි. World Class එකේ තියෙන වටිනම සහ දුර්ලභ දේවල් තමයි මෙයා හොරකම් කරන්නේ.

කොහොමහරි එයාගේ තාත්තා නම්බු පිටින් ජීවත් වෙන බොහොම සාධාරණව හම්බකරන දොස්තර මහත්තයෙක්. මේ හේතුව නිසාම Rehan ව ⁣තමන්ගේ දරුකමෙන් අයින්කරලා ගෙදරිනුත් එළවලයි තියෙන්නේ. ඒත් Rehan හැමදාම තාත්තට ආදරේ කලා. අන්න ඒ ආදරේ දැනගන්න පාතාල නායකයෙක් Rehan ගෙ තාත්තව ලොකු වංචාවකට අහුකරණ මුවාවෙන් Rehan ව පාවිච්චි කරලා ලොකේ වටිනම රතු දියමන්තියක් වෙන Red Sun කියන දියමන්තිය හොරකම් කරවනවා.

මේ පාතාල නායකයගේ නම තමයි Rajan Aulak. පාතාලා පෙනුමට සෙට් වෙන විදියටම චරිතය තෝරලා තියෙනවා. Jaideep Ahlawat තමයි මේ පාතාලයාට පණ පොවන්නේ. ඉතින් මේ Rajan ට හරි ලස්සන බිරිදක් ඉන්නවා. එයාගේ නම Farah. Nikita Dutta තමයි මේ ලස්සන චරිතය රඟදක්වන්නේ. ඉතින් මේ ලස්සන බිරිද එයා එක්ක ඉන්නේ සතුටකින් නම් නෙවෙයි. බලහත්කාරකම් කරලා තමයි වයිෆ්ව රඳවගෙන ඉන්නේ. අපේ කතාවේ හීරෝ Rehan මේ ලස්සන බිරිද එක්ක ආදරෙන් බැදෙනවා. මේ හැමෝගෙම දුෂ්ටයා විදියට ඉන්නේ CID Vikram Patel. ඒ චරිතෙත් ගැළපෙනම විදියට තෝරලා තියෙනවා මොකද Vikram විදියට තෝරගෙන තියෙන්නේ Kunal Kapoor කියන කඩවසම් තරුණ නළුවව. මුළු කතාවම කම්මැලි නැතිව ලස්සනට බලන්න පුළුවන් විදියට ගලාගෙන යනවා. Red Sun එක්ක තමන්ගේ ආදරෙත් Rehan ට දිනාගන්න වෙයිද කියලා බලන්නනම් ඔයාලට මේ Movie එක බලන්නම වෙනවා.

මේ Movie එකට ලැබුනු International Movie Database එක එහෙමත් නැත්නම් IMDb අගය 4.1 / 10 විදියට තමයි පෙන්නන්නේ. ඒ වගේම Netflix වල Watch Hours මිලියන 31 කට අධික සංඛ්‍යාවක් මේ movie එක නරඹලා තියෙනවා. IMDb score එක අනුව සහ විවේචකයන්ගේ අදහස් වලට අනුව Editing හා Suspense වල අඩුපාඩු විවේචනය කරලා තිබුනා. ඒ නමුත් බලන්න වටින Movie එකක් කියලා මං Suggest කරනවා.

ආ තව දෙයක් අර කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි වගේ රඟන්නා කෙසේ රැඟුවත් නරඹන්නා සිහිබුද්ධියෙන් නැරඹිය යුතුය කියලා එකකුත් තියෙනවා. මං එහෙම කියන්න හේතුව තමයි අපේ තරුණ පරම්පරාව හොද දේට වඩා නරක දේ ටාං ගාලා ඔලුවට දාගන්නත්, ඒවා අත්හදාබලන්නත් හරි කැමතියි. ඕන්න ඕකයි ප්‍රශ්නේ. දැන් දැන් එන බොහොමයක් Movies වල ගත යුතු දේට වඩා තියෙන්නෙම නොගත යුතු දේවල්.

-Casper

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa