මෙවර මුන්දලම කොට්ඨාසයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර අනෝන්‍ය සුහදත්වය හා සහයෝගිතාවය වර්ධනය කරගනු වස් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය විසින් සංවිධානය කළ 2024 ප්‍රාදේශීය ලේකම් අභියෝගතා ක්‍රිකට් තරගාවලිය පසුගිය 24 වන ඉරු දින පුලිච්චාකුලම ඕමර් ෆාරුක් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.මුන්දලම පොලීසීය,තැපැල් කාර්යාලය,පුත්තලම ප්‍රාදේශීය සභාව,කල්පිටිය ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,මුන්දලම රෝහල,වර්ල්ඩ්විෂන් ආයතනය,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙම තරගාවලිය සදහා සහභාගි වූ අතර,World Vision Lanka ආයතනය මෙහි පූර්ණ නිල අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේය.
අයහපත් කාලගුණික තත්වයක් මධ්‍යයේ පැවැත්වූ මෙම තරගාවලියේ සුවිශේෂීත්වය වූයේ අවසන් පන්දුව දක්වාම ජයග්‍රහණය දෝලනය වූ ඉතා අවිනිශ්චිත තියුණු ක්‍රීඩාශීලී සටනකින් හෙබි තරගාවලියක් වීමයි.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම හා කල්පිටිය ප්‍රාදේශීය සභා කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී අවසන් පන්දු පහ තුළ ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් හඹා යමින් මුන්දලම ප්‍රාදේශීය ලේකම් පිල 2024 ප්‍රාදේශීය ලේකම් අභියෝගතා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.එසේම කල්පිටිය ප්‍රාදේශීය සභා කණ්ඩායම අනුශූරතාව දිනා ගත් අතර,තුන්වෙනි ස්ථානය පුත්තලම ප්‍රාදේශීය සභා පිල විසින් දිනා ගන්නා ලදී.මෙහි තරගයේ වීරයා ලෙස සම්මානය මුන්දලම ප්‍රාදේශීය ලේකම් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක ක්රිෂෝත්ඛාන් විසින් ලබා ගත්තේය.මෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ රුමේෂ් ක්‍රීඩකයා සම්මානයට පාත්‍ර විය.
සැකසුම හා වාර්තාකරණය:-
එච්.එම්.එස්.සංජීවනී කුමාරි