උත්සව සමය නිමා වීමත් සමඟ නව වසරට ඔබේ ශරීරය සහ මනස සූදානම් කර ගැනීමටත්, ප්‍රබෝධමත් කර ගැනීම සඳහා නිවැරදිව භාවිතා කරන ආකාරය.
- විෂ ඉවත් කිරීම සඳහා ස්නානය (Detox bath)
මේ සඳහා ඔබට ත්‍රිඵලා කුඩු, වෙනිවැල්ගැට කුඩු වැනි ඖෂධීය ස්නානයක් (herbal bath), ලුණු (salt bath) භාවිතා කළ හැකිවේ. මෙමඟින් සම හරහා විෂ ඉවත් කිරීම සිදු කරන අතර මාංශ පේශි ලිහිල් කරයි. එය ඉතා සංසුන් පරිසරයක නිදහසේ ලබා ගැනීම තුළින් මානසික වශයෙන්ද සැහැල්ලු බවක් ලබා ගත හැකිවේ. - ඖෂධීය තේ හා පානයන්
ඉඟුරු, කහ, ලෙමන් සහ කුරුඳු වැනි ඖෂධීය ද්‍රව්‍ය සමඟ උණුසුම් තේ මිශ්‍ර කර සකසා ගන්නා ඖෂධීය තේ පානය මඟින් ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කරයි. මෙම පානයන් මඟින් ආහාර ජීර්ණය වැඩි දියුණු කරන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි. බෙලිමල්, ඉරමුසු තැම්බූ වතුර වැනි ඖෂධීය පානයන්, තැඹිලි හෝ පොල් වතුර මඟින්ද ශරීරය සිසිල් කර, ප්‍රබෝධමත් කරයි. - මුඛය ශෝධනය
තල තෙල් මේස හැන්දක් විනාඩි 10-15 අතර කාලයක් ඔබේ මුඛයේ තබා ගන්න. ඉන්පසු එය ඉවත් කරන්න. මෙම පැරණි ආයුර්වේද පිළිවෙත සමඟ ඔබේ උදෑසන ආරම්භ කිරීම තුළින් ඔබේ මුඛ සෞඛ්‍යය පිරිසිදුව පවත්වා ගැනීමටත්, මුඛයෙන් ඇතිවන දුර්ගන්ධය නැති කර ගැනීමටත්, මුඛය ආශ්රිත මුහුණේ මාංශ පේශී ශක්තිමත් කිරීමත් සිදුවේ. - මනස පිරිසිදු කර ගැනීම
ජර්නලයක් භාවිතා කිරීම, භාවනාව සහ යෝගාසන මඟින් ඔබේ මනස තුළ සන්සුන්බව ඇති කරයි. මානසික විවේකය යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. එසේම මිහිරි හා සංසුන් සංගීතයන් ඇසීම තුළින් ද ආතතිකාරී තත්වයන් අඩු කර ගත හැකිවේ. ඉදිරි වසර තුළ සාක්ෂාත් කර ගත යුතු අභිලාෂය නිසි ලෙස හඳුනා ගනිමින් ඒවා සියල්ල ළඟා කර ගැනීමට අවශ්‍ය ධනාත්මක ශක්තිය තමා තුළ ඇති කර ගැනීමට නිතර කටයුතු කරන්න. - උපවාසය (fasting)
සැහැල්ලු ආහාර / නිරාහාරය සමඟ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලබා දෙන්න. පැය 12-16 ක් පමණ ජලය, ශාකසාර තේ සහ සැහැල්ලු, ශාක පදනම් වූ ආහාර පරිභෝජනය කෙරෙහි අවධානය යොමු කරන්න. - උද්වර්තනය (Scrub)
ඖෂධීය චූර්ණ භාවිතා කර සම පිරිමැදීම තුළින් සමෙහි මිය ගිය සෛල ඉවත් කර, සම පැහැපත් කිරීම සිදුවේ. මෙය වසා පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද උත්තේජනය කරයි - දහඩිය
දහඩිය හරහා ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය මුදා හැරීම සිදුවන බැවින් ඒ සඳහා මධ්‍යස්ථ යෝග, වේගවත් ඇවිදීම හෝ වාෂ්ප ස්වේදය සුදුසු වේ. - ඩිජිටල් මාධ්‍ය භාවිතය
නව වසර එළඹීමට මත්තෙන් සමාජ මාධ්‍ය සහ රූපවාහිනී, දුරකතන ආදියේ තිර කාලයෙන් විවේකයක් ගන්න. ඔබේ ආදරණීයයන් සමඟ සම්බන්ධ වීම හෝ සොබාදහම සමඟ කාලය ගත කිරීම සඳහා අමතර කාලයක් වැය කරන්න.
නව වසර ඔබේ ශරීරය හා මනස නැවුම්ව පවත්වා ගනිමින් ආරම්භ කරන්න.
ඔබ සැමට සුබ නව වසරක් වේවා!
සටහන – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය