‘මට නැටුම වරදින්නට ඇති හැබැයි මට ජීවිතේ වැරදිලා නැහැ’ චන්දිමාල් ජයසිංහ

author
0 minutes, 7 seconds Read

ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් අතරේ සිය නාමය brand එකක් බවට පත් කරගත් ඔහු මේ දිනවල බොහෝ දෙනා අතර ඉතාමත් කතාබහට ලක්වන චරිතයක්.

ඔහු නමින් චන්දිමාල් ජයසිංහ.

සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔහු සිය ගමන් මග පිළිබඳ අපත් සමග මෙලෙස කතාබහක යෙදුණා.

කොහොමද මේ දවස් වල වැඩකටයුතු?

මගේ උපන්දිනයෙන් පසුව සුපුරුදු පරිදි නැවතත් මගේ වැඩකටයුතු ආරම්භ කළා. ඉදිරියේදී විදේශගත වීමට නියමිතයි.ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු සහ pageant (පැජෙන්ට්) වල වැඩකටයුතු මේ දවස් වල සිදුකරමින් ඉන්නවා.ඒ වගේම රටේ තත්වය නැවතත් යථා තත්ත්වයට පත්ව ඇති නිසා Mrs Word තරගාවලිය ලබන අවුරුද්දෙ ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

ඔබගේ උපන්දින උත්සවය සෑම වසරකම බොහෝ පිරිසකගේ කතාබහට ලක්වෙන දෙයක්. පසුගියදා පැවැත්වුණු සාදයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා. වෙනදාට උපන්දින උත්සවයෙන් පස්සේ විවේචන හා ප්‍රශ්න වැඩියි. ඉතින් මෙවර එවැනි දේ සිදුවීම ඉතාමත් අඩුයි. ලබන අවුරුද්දේ මීටත් වඩා ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.මට අවශ්‍ය වන්නේ ලස්සන දෙයක් කරන්න විතරයි.එහෙම නැතුව මගේ ප්‍රසිද්ධියවත් උත්සවයට පැමිණෙන අයගේ ප්‍රසිද්ධියවත් නෙමෙයි. සමාජය කුමනාකාරයෙන් ඒ දේවල් දැක්කත් මම හිතනවා ඕනෑම කෙනෙක්ට තමන්ට කැමති විදිහට අඳින්න, සතුටු වෙන්න අයිතියක් තියෙනවා කියලා. මම හිතනවා මම ලස්සන වැඩක් කරලා ඉවර වුණා සහ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනා මාත් එක්ක එකතු වෙලා සතුටු වුණා කියලා.

මෑතකදී ඔබ නැවතත් සම්මානයට පාත්‍ර වුණා. අපි ඒ ගැන කතා කරමු.

මගේ වෘත්තිය තුළ සම්මාන කියන දේවල් ලොකුවට බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි. මොකද මම මගේ පාඩුවේ තනියම වැඩ කරගෙන යන කෙනෙක්. විවිධ ආයතන විසින් පවත්වන ජනප්‍රිය සම්මාන කියන අංශයෙන් මගේ නම යෝජනා කර තිබුණා. මම ඔවුන්ට සහයෝගයක් ලෙස එයට සහභාගි වුණා. මගේ ජීවිතයේදී කා සමගවත් මට තරඟයක් නැහැ.හැබැයි මම හිතුවා මෙවැනි දේවල් සංවිධානය කරන සංවිධායකවරුන්ට ශක්තියක් වෙන්න සහ අපේ ක්ශේත්‍රය වෙනුවෙන් කරන දෙයක් නිසා සහභාගි වන්න. පිට පිට වසර දෙකක් ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියා සම්මානය මට ලැබුණා.සම්මානයක් ලැබීම කියන්නේ ඕනෑම කෙනෙකුට සතුටු හිතෙන දෙයක්.එය මටත් එසේමයි.එය මගේ වැඩකටයුතු වලට අභිප්‍රේරණයක් (motivation) සහ මම වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරන්නන්ට එය අවස්ථාවක් කියලා මම හිතනවා.මම මෙම සම්මාන වලින් උද්දාමයට පත් වීමටවත් ඔලුව උදුම්මවා ගැනීමටවත් යන්නේ නැහැ.බොහොම නිහතමානි පොඩි මනුස්සයෙක් විදිහට ඒ වගේ ආදරයක් සම්මානයක් හරහා ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ඔබ නොමැකෙන සටහනක් තබා අවසන්.ඒ ආ ගමන ගැන ඔබට හිතෙන්නේ මොනවද?

අවුරුදු 23 ක් පුරාවට ආ ගමන ගැන මට ලොකු සතුටක් වගේම තෘප්තියක් තියෙනවා.මම මේ ක්ෂේත්‍රය තෝරා ගන්න විට අද සිටින තැනට මට එන්නට හැකිවේ යැයි සිතුවේ නැහැ. වෘත්තීය ජීවිතය තුළ මුදල් ඉපයීම පමණක්ම සිදුනොකොට නිවැරදි දේ සිදුකොට මිනිස්සුත් එක්ක ඉදලා තමා මම මේ තත්වය ගොඩනගා ගත්තේ.දැන් තිබෙන තත්ත්වය වගේ නොවේ අපි ජීවිතයේ ආරම්භ කළ කාලය හා මේ ක්ෂේත්‍රය තෝරා ගත්ත කාලය.රූපලාවන්‍ය ශිල්පියකු ලෙස වෘත්තීය ජීවිතයේ ඉහළටම යාමට හැකියාව ලැබීම ගැන මම සතුටු වෙනවා.

පසුගියදා පැවති සම්මානනීය රාත්‍රියේදී ඔබ නර්තනාංගයකට සහභාගි වුණා. බොහෝ අය සමාජ මාධ්‍ය තුළින් ඔබගේ ඒ නර්තන හැකියාව පිළිබඳව විවිධ මත ,විවේචන පළ කළ තිබුණා. ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?

මම ලන්ඩන් වල ඉදලා ඒ සම්මාන උළෙලට දවසකට කලින් විතර තමා ලංකාවට ආවේ.
මම කවදාවත් නටපු කෙනෙක් නෙමෙයි.මගේ ක්ශේත්‍රයේ දෙයක් නිසා මම මගේ උපරිමයෙන් ඔවුන්ට සහයෝගය දැක්වූවා.එය නර්තනයක්ම නෙමෙයි. පොඩි Movements ටිකක් කළේ. මිනිස්සු මොන දේ කිව්වත් මට ඒවා ප්‍රශ්නයක් නෙවෙයි.මම චන්දන වික්‍රමසිංහගේ හෝ චන්න විජේවර්ධනගේ පුතා වූවා නම් ඒ නර්තනය මට ප්‍රශ්නයක් වෙනවා.මම වෘත්තියෙන් නර්තන ශිල්පියෙක් නෙවෙයි.මම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක්.මට තේරෙන්නේ නැහැ මිනිස්සු ඇයි ඒ වගේ දෙයක් අල්ලගෙන දඟලන්නෙ කියලා.කවුරු මොනවා කිව්වත් මට පුළුවන් උපරිම දේ මම එතනදි කළා.එය හරි වෙන්නත් පුළුවන්.වැරදි වෙන්නත් පුළුවන්. මම කියන එකම දේ තමයි ‘මට නැටුම වරදින්නට ඇති හැබැයි මට ජීවිතේ වැරදිලා නැහැ’ කියලා. ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිතේ වරද්දගෙන අනිත් අයට වැරදිච්ච පොඩි දෙයක් හොයනවා.මම ඒ වගේ post එකක් දැම්මෙත් අන්න ඒ නිසා.ඒ සිදුවීම එක මොහොතක දෙයක්.ඒක වයිරල් කරලා මිනිසුන් අතරට ගෙන යා යුතු දෙයක් නොවෙයි.මට ඒ ගැන කිසිදු පසුතැවීමක් නැහැ.

ජාතික මෙන්ම ජාත්‍යන්තරවත් ඔබ රූපලාවන්‍ය තරගවල තීරකවරයා ලෙස කටයුතු කරනවා.ඒ අත්දැකීම් මොන වගේද?

ක්ෂේත්‍රයට ආපු කාලයේ ඉඳන් මම Beauty Pageant ගැන අධ්‍යයනය කළා වගේම අදටත් ඒවා අධ්‍යයනය කරනවා.ඒ නිසා ලංකාව තුළ මට Beauty Pageant කියන දේ අංක 1ට ගෙන ඒමට හැකි වුණා.අවුරුදු 35කට පසුව ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගෙන ඒමට හැකියාව ලැබුණා.ඒ නිසා මම හිතනවා විනිශ්චය මණ්ඩලයක් තුළ ඉදලා නිවැරදි කෙනාව තෝරා ගැනීමේ හැකියාව මට තියෙනවා කියලා.එය සමාජය විසින් පිළිගන්නා නිසා ජාතික වගේම ජාත්‍යන්තරවත් විනිශ්චය සදහා මට ආරාධනා ලැබෙනවා.ඒ සදහා මෙම වර්ෂය පුරාවටම මම මගේ කාලය යෙදවීමට සූදානමින් ඉන්නවා.මට සිදුකරන දේවල් හි පවතින නිවැරදිභාවය හා විනිශ්චයන්හි ඇති නිවැරදිභාවය නිසා මට ඒ දේවල් ලැබෙනවා කියලා මම හිතනවා.ඒ නිසා මම බොහොම සතුටින් ඒ දේවල් සිදුකරනවා.ලංකාවේ Pageant වැටිලා තිබුණු වෙලාවක එයට ජාත්‍යන්තර ප්‍රමිතියක් ගෙනදීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා වගේම ඉදිරියටත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් මට කළ හැකි උපරිම දේ කිරීමට මම සූදානම්.

“චන්දිමාල් ජයසිංහ” කියන්නේ Brand එකක් කියලා මම කිව්වොත්.මම නිවැරදි ද?

ඔව්. මම හිතනවා මම Brand එකක් කියලා.ගොඩක් අය තමන් Brand එකක් කියලා හිතන්නේ තමන් අඳින ඇඳුම්,භාවිතා කරන සුවද විලවුන් , වාහන වගේ දේවල් වලින්. මම විශ්වාස කරන්නේ තමන්ගෙ නම තමයි Brand එක කියලා. අද සමාජයේ දකින්නට ලැබෙන්නේ තමන් Branded දේවල් භාවිතා කොට තමන් Brand එකක් යැයි සිතාගෙන සිටින පුද්ගලයන්. අවුරුදු 23 ක් පුරාවට මම මගේ නම Brand එකක් කරගෙන තියෙනවා.මගේ නම හැර මගේ වටපිටාවේ Branded දේවල් දකින්නට නැහැ.මම හැමෝටම කියන්නේ තමන්ගේ නම Brand එකක් කරගන්න උත්සාහ කරන්න.Branded දේවල් පැළදීමෙන් අපි Branded වෙන්නේ නැහැ.

වර්තමානයේ ඔබ සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය චරිතයක්.ඔබට ඇති ජනතා ප්‍රසාදය ගැන මොකද හිතෙන්නේ?

මම ජනප්‍රිය චරිතයක් කියලා දැනෙනකොට මට සතුටුයි.මම කලාකරුවෙක් නෙවෙයි.නමුත් ඔවුන්ට තියෙන ආදරය,ජනප්‍රියත්වය,පිළිගැනීම මටත් ලැබෙනවා.එවැනි දෙයක් මට ලැබෙන්න රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙස මම වාසනාවන්තයි කියලා මම හිතනවා.ලංකාවෙත් ඉන් පිටතත් මට ඒ ආදරය ලැබෙනවා.මම හිතනවා ඒ දේවල් ලැබෙන්න මම සංසාරයේ පින් කරලා ඇති කියලා.මේ හැම දෙයක් ගැනම මම නිහතමානීව සතුටු වෙනවා වගේම තෘප්තිමත් වෙනවා.

මේ ක්ෂේත්‍රය නියෝජනය කරන්න පැමිණෙන නවකයන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?

2000න් පසුව පැමිණි නවකයන්ට මම කියන්නේ රැල්ලට යන්න එපා සහ කාගෙවත් කොපියක් වෙන්න එපා.වෘත්තීය ජීවිතය තුළ කෙටි මාර්ග වලින් තමන්ගේ තැන හදාගන්න උත්සහ කරන්න එපා.ඒවා තාවකාලික දේවල්.මේ ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ පිරිසක් ඉන්නවා.නමුත් අද වන විට ශිල්පීන් ලෙස ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නේ අතලොස්සක් පමණයි.තමන් තමන්ව තේරුම්ගෙන තමන්ගේ අනන්‍යතාවක් ගොඩනගාගෙන ඉදිරියට යන්න. දැන් ඉන්න අයට අනෙකා එක්ක තරඟයක් තියෙනවා.නමුත් අපේ කාලේ අපිට තරඟය තිබුනේ තමන් සමගමයි.වෘත්ති‍යේ වැදගත්කම ගරුත්වය ආරක්ෂා කරමින් තමන්ගේ සේවාදයකයාව රවටන්නේ නැතුව සාධාරණ ලෙස තමන්ගේ නම හදාගන්න. එවිට තමන්ට මේ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් ඇති වේවි.

අවසාන වශයෙන් ඔබට ආදරය කරන පිරිසට යමක් කියමු.

මට ආදරේ කරන හැමෝටම මම හැමදාමත් ආදරෙයි.ඔවුන්ගේ ඒ ආදරය තමයි මට ශක්තියක් වෙන්නේ.මගේ දේවල් දැකලා සුළුතරයක් මොන දේ කිව්වත් මාව ඇගයීමට විශාල පිරිසක් ජාතික වගේම ජාත්‍යන්තරවත් එදා ඉදන්ම මාත් එක්ක හිටියා.වචනයකින් පවා මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි. ආදරෙයි.මට ලැබෙන ඒ ආදරයත් එක්ක නිහතමානීව මගේ රූපලාවන්‍ය ජීවිතයේ අවසානය දක්වාම රැඳිලා ඉන්නට මම බලාපොරොත්තු වෙනවා.

සටහ⁣න

පෙවින්ද්‍යා රශ්මි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa