1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විදිමත් කිරීමේ) පනත පනතේ අරමුණු වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයන්ට සේවා පහසුකම් සැලසීම, සේවා කාලයන් නියම කිරීම, අතිකාල දීමනා පිළිබඳ විධිවිධාන පැනවීම, වේතන පිළිබඳ නීතිරීති ක්‍රියාත්මක කිරීම හා පනත මගීන් ආවරණය ලබන සේවිකාවන්ට ප්‍රසූතිකාධාර පහසුකම් සැපයීම ආදී කරුණු සඳහා නීති රීති පැනවීම යනාදියයි.

20 වැනි සියවසේ මුල් භාගයේදී ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද සාප්පු සහ කාර්යාල සේවක පනත, සිල්ලර හා කාර්යාල සේවකයන් මුහුණ දෙන සූරාකෑම සහ දුර්වල සේවා තත්ත්වයන් පිළිබඳ වැඩෙන උත්සුකයන්ගෙන් මතු විය. ඓතිහාසික වශයෙන්, මෙම කම්කරුවන් බොහෝ විට දිගු පැය, ප්‍රමාණවත් විවේකයක් සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවරයන් වලට යටත් විය. මෙම පනත සැලසුම් කර ඇත්තේ සේවා කොන්දේසි සඳහා අවම ප්රමිතීන් සකස් කිරීම සහ නීතිමය ආරක්ෂාව සැපයීම මගින් මෙම ගැටළු විසඳීම සඳහා ය.
මෙහිදී සාප්පු හා කාර්යාල පණත අනුව සාප්පුවක් හා කාර්යාලයක් යන්නට දී ඇති අර්ථකථනය අනුව සාප්පුවක් යනු බොහෝවිට භාණ්ඩ හා සේවා අලෙවි කරන ස්ථානයක් අදහස් කරන අතර කාර්යාලයක් යනු ලිපි කටයුතු කරන ස්ථානයක් අදහස් වේ. සමහරවිට එකම ස්ථානයක සාප්පුවක් හා කාර්යාලයක් තිබිය හැක. ඒ අනුව සාප්පුවක් යනුවෙන් සිල්ලර හා තොග වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන, නේවාසික හෝටල්, ආහාර හා බීම වර්ග අලෙවි කරන ස්ථාන, කොණ්ඩා කපන්නන් හා සකස් කරන ස්ථාන, ලොන්ඩරි, ඩයි කිරීම්, ඩයික්ලීන්, ඡායාරූප ශාලා ආදිය ඇතුළත් වේ. බැංකුවක, රක්ෂණ සමාගමක, නැව් සමාගමක, සංයුක්ත ස්කන්ධ සමාගමක,වතු නියෝජිත, ප්රචාරක නියෝජිත, ප්‍රවාහන නියෝජිත වැනි පුද්ගලයෙකුගේ සමාගමක කටයුතු කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනද තවද වෙළෙඳ සැලක, කර්මාන්ත ශාලාවක, වත්තක, ආපන ශාලාවක, සමාජ ශාලාවක, පුවත්පත් හා පොත්පත් විකුණන ආයතනයක කාර්යාල සේවාවන් කාර්යාල සේවාවන්, ගණකාධිකාරීන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, වෙන්දේසිකරුවන්, තක්සේරුකරුවන්, මිනින්දෝරුවන්, කෙටුම්පත් කරුවන්, වෘත්තීය සමිති අනොයාන්යාධාර සමිති කාර්යාල, පෞද්ගලික පාසල් කාර්යාල, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන කාර්යාල ගණයට වැටේ.
රැකියා කොන්දේසි සහ අයිතිවාසිකම් පිළිබඳ විමසීමේදී අසාධාරණ පරිචයන්ගෙන් කම්කරුවන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් විවිධ රැකියා කොන්දේසි පනත මගින් තහවුරු කර ඇත. මෙයට වැටුප් පිළිබඳ රෙගුලාසි ඇතුළත් වේ, කම්කරුවන්ට ඔවුන්ගේ වැඩ සඳහා සාධාරණ වන්දියක් ලැබෙන බව සහතික කරයි. මීට අමතරව, සාධාරණ සහ සාධාරණ සේවා පරිසරයක් සඳහා සාමූහිකව දායක වන අවම වැටුප් ප්රමිතීන්, ගෙවීම් කාලසටහන් සහ දුක්ගැනවිලි හැසිරවීම සඳහා මාර්ගෝපදේශ අනිවාර්ය කළ හැකිය.
සාප්පු සහ කාර්යාල සේවක පනත යටතේ ආවරණය වන සෞඛ්‍ය සහ ආරක්ෂාව තීරණාත්මක අංගයක් වේ. නීති සම්පාදනයට සාමාන්‍යයෙන් ආරක්ෂිත සේවා පරිසරයන් පවත්වාගෙන යාමේ අවශ්‍යතා ඇතුළත් වන අතර, නිතිපතා පරීක්ෂා කිරීම් සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම ඇතුළත් වේ. මෙය සේවා ස්ථානයේ අනතුරු සහ රෝගාබාධ හා සම්බන්ධ අවදානම් අවම කිරීමට උපකාරී වන අතර එමඟින් සේවකයින්ගේ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා වේ.
වෙනස් කොට සැලකීම සහ හිරිහැර කිරීම් වලින් ආරක්ෂා වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වේ. මෙම පනතේ බොහෝ විට රැකියා ස්ථානයේ සිදුවන වෙනස්කම් කිරීම් සහ හිරිහැර වැළැක්වීමේ විධිවිධාන ඇතුළත් වේ. ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස හෝ වෙනත් පෞද්ගලික ලක්ෂණ නොසලකා සමාන සැලකීම සහතික කිරීම මෙයට ඇතුළත් වේ. පැමිණිලි ආමන්ත්‍රණය කිරීම සහ උල්ලංඝනය කිරීම් සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සැකසීම මගින්, ඇතුළත් සහ ගෞරවනීය සේවා ස්ථාන සංස්කෘතියක් පෝෂණය කිරීමට පනත උපකාරී වේ.
තවද සිල්ලර සහ කාර්යාල සැකසීම් වල සේවා කොන්දේසි නියාමනය කිරීමද මෙහි ඇතුළත් වේ. සිල්ලර හා කාර්යාල පරිසරය තුළ බහුලව පවතින සුවිශේෂී කොන්දේසි පනත විශේෂයෙන් ආමන්ත්‍රණය කරයි. නිදසුනක් වශයෙන්, ගබඩා විවෘත කරන වේලාවන් පිළිබඳ රෙගුලාසි එයට ඇතුළත් විය හැකිය, සේවකයින්ට අධික ලෙස දිගු මාරුවීම් හෝ සමාජශීලී නොවන වේලාවන්හිදී වැඩ කිරීමට බල නොකිරීම සහතික කිරීම. ඒ හා සමානව, කාර්යාල සේවකයින් අධික වැඩ බරින් ආරක්ෂා වන අතර සුදුසු විවේක සහ නිවාඩු හිමිකම් සහතික කරනු ලැබේ.
මෙම පනත කම්කරුවන් සහ සේවා යෝජකයන් මත බලපෑම මෙලෙස දැක්විය හැකිය.
1. කම්කරුවන් සඳහා:
සාප්පු සහ කාර්යාල සේවක පනත මෙම අංශවල සේවකයින්ගේ සේවා කොන්දේසි කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර ඇත. පැහැදිලි ප්රමිතීන් සහ ආරක්ෂාව ස්ථාපිත කිරීමෙන්, එය රැකියා තෘප්තිය වැඩි දියුණු කිරීමට, ආතති මට්ටම් අඩු කිරීමට සහ සේවකයන්ගේ යහපත් සමස්ත සෞඛ්‍යයට දායක වී ඇත. සේවකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට බලය ලබා දෙන දුක්ගැනවිලි සහ ආරවුල් විසඳීම සඳහා නීතිමය රාමුවක් ද එය සපයයි.
2. සේවා යෝජකයන් සඳහා:
පිළිපැදීම සහතික කිරීම සඳහා පුහුණුව, යටිතල පහසුකම් සහ පරිපාලන ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කිරීම ඇතුළත් වන පනත මගින් නියම කර ඇති රෙගුලාසිවලට සේවා යෝජකයන් අනුකූල විය යුතුය. මෙය යම් යම් මෙහෙයුම් පිරිවැයක් පැනවිය හැකි අතර, එය සාධාරණ සහ ස්ථාවර සේවා පරිසරයක් ප්‍රවර්ධනය කරයි, සේවක රඳවා තබා ගැනීම සහ ඵලදායිතාව ඉහළ නැංවීමට හේතු විය හැක. එපමණක් නොව, පනතට අනුකූල වීම සේවා යෝජකයන්ට නීතිමය ආරවුල් සහ දඬුවම් වළක්වා ගැනීමට උපකාරී වේ.
මෙම පණත යටතේ දවසකට අයත් සේවාකාලය සඳහා දිනකට කෑමට පැයක විවේකයක් සමඟ පැය 09ක කාලයක් අයත් වේ. කෑම පැය නොමැතිව පැය 08ක කාලයක් අයත් වේ. මෙම පණත යටතේ සතියකට අයත් සේවා කාලයට දින 5 1/2ක් හෝ පැය 45ක් අයත් වේ. එමෙන්ම මෙහිදී වේතන ගෙවිය යුත්තේ මාසිකව ගෙවීම අනුමත ක්‍රමයටයි.
- තවද මෙම පනතෙන් ආවරණය ලබන ස්ථාන අතරට,
- සිල්ලර හා තොග වෙළඳාම කරන ආයතන
- ආපන ශාලා
- ආහාරපාන හා බීම වර්ග විකුණන ස්ථාන
- කොණ්ඩා කපන සහ සකස් කරන ස්ථාන
- ලොන්ඩරි
- ඡායාරූප ශාලා
- බැංකු
- රක්ෂණ සමාගමක කටයුතු
- නැව් සමාගමක කටයුතු
- සංයුක්ත ස්කන්ධ සමාගමක කටයුතු
- බ්රොකර්වරයෙකුගෙ කටයුතු
- වතු නියෝජිතයෙකුගෙ කටයුතු
- ප්රචාරක නියෝජිතයෙකුගෙ කටයුතු
- ප්‍රවාහන නියෝජිතයෙකුගෙ කටයුතු
- ආයතන හා සමාගම් වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත කර ඇති ස්ථාන
- වෙන්දේසිකරුවෙකුගේ, තක්සේරුකරුවෙකුගේ, මිනින්දෝරු කෙටුම්පත් කාර්යාල, පෞද්ගලික පාසල්, අන්‍යෝන්‍ය සමිති අයත් වේ.
මෙහිදී කාර්යාල සේවයේ යෙදවිය හැකි අවම වයස වයස අවුරුදු 14 අඩු කිසිදු අයෙකුව සේවයේ යෙදවීම මෙම පනත මගීන් තහනම් කර ඇත. යම් අවස්ථාවකදී බලයලත් නියෝජිතයෙකු පරීක්ෂණයට පැමිණි විටදී තමා යටතේ සේවය කරන සියලුම දෙනා වයස අවුරුදු 14 ට වැඩි අය බව සේවා යෝජකයා තහවුරු කල යුතු වේ. සේවයේ යෙදවිය හැකි කාලය සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 08කි. මෙයට අමතරව කෑම වෙලාව වෙනුවෙන් අමතර පැයක් ලබා දිය යුතු වේ. කෑම විවේකය ලබා නොදෙන්නේ නම් වැඩකල හැකි පැය ගනන පැය 05කි. මේ අනුව කෑම විවේකයද ඇතුලුව සතියක සේවා කාලය පැය 45කි. අවුරුදු 18 ට අඩු කාන්තාවන් හා 16 ට අඩු පිරිමින් පෙරවරු 6.00 ට පෙර සහ පස්වරු 6.00ට පසුව සේවයේ යෙදවිය නොහැක. ඒ අනුව 18ට අඩු කාන්තාවන් හා 16 ට අඩු පිරිමින් සේවයේ යෙදවිය හැක්කේ පෙරවරු 6.00 ත් පස්වරු 6.00ත් අතර කාලයේදී පමණි. අවුරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 10.00 දක්වා හෝටලයක හෝ භෝජනාගාරයක සේවයේ යෙදවිය හැක. අවුරුදු 18 වැඩි කාන්තාවන් නේවාසික හෝටලයක දුරකතන ක්‍රියාකරවන්නියන්, පිලිගැනීමේ නිලධාරීන්, කාන්තා සහයිකාවන් වශයෙන් සේවයේ යෙදවිය හැකි අතර ගුවන්තොටුපල කාර්යාලයක රාත්‍රී කාලයේ ගොඩබිම් සත්කාර කරන්නියන් ලෙසද සේවයේ යෙදවිය හැක. අව්රුදු 16ට වැඩි පිරිමින් හෝටලයක, භෝජනාගාරයක හෝ විනෝද ශාලාවක රාත්‍රී 10 වනතෙක් සේවයේ යෙදවිය හැකිය. අතිකාල දීමනා දිනකට හෝ සතියකට නියමිත සේවා කාලය ඉක්මවා වැඩ කරන කාලය අතිකාල සේවා ලෙස සැලකේ. අතිකාල සඳහා සාමාන්‍ය වැඩකරන පැයකදී ගෙවන මුදල මෙන් 150% ක මුදලක් ගෙවිය යුතුය. පැයක වැටුප ලෙස සලකනුයේ මාසික වැටුපෙන් 240න් 1 ක ප්රමාණයකි.
එමෙන්ම සතියක උපරිම අතිකාල පැය ගණන පැය 12 ට වඩා වැඩි නොවිය යුතුය. සති නිවාඩුව අතිකාල සේවාවන් හැර සතියක් තුලදී පැය 28කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කල සෑම සේවකයෙකුම සතියකට, වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් හිමිය. මෙය සෙනසුරාදා හෝ ඉරිදා දිනවලදීම ලබා දිය යුතුයැයි නීතියක් පනතේ නැත. මෙම දිනය සේවක – සේව්‍ය දෙපක්ශයේ කැමැත්ත මත තීරණය කල හැක. වාර්ෂික නිවාඩු :්බබම්ක කැ්ඩැි* සම්පූර්ණ වැටුප් සහිතව වසරකට දින 14ක නිවාඩු හිමිකමක් සේවකයෙකුට ඇත. නමුත් සේවයට එක්වී ගතවන පළමු වසර තුලදී මෙම නිවාඩු සඳහා හිමිකමක් නොලැබේ. දෙවන වසරේදී මෙම නිවාඩු සඳහා හිමිකම ලබන අතර එහිදීද සේවයට බැඳනු දිනය අනුව නිවාඩු 14 න් යම් ප්‍රමාණයක් පමණක් හිමි වේ.
එම නිවාඩු ලැබෙන්නෙ පහත ආකාරයටය.
*යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක, අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වේ.
* අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වේ.
* ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07 ක් හිමි වේ.
* ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමි වේ.
තෙවන සේවා වසරේදි වාර්ෂික නිවාඩු 14ම හිමි වේ. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නොමැති නම් ඉතිරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් නොකෙරේ. යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝධි කටයුත්තකි. තවද වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට පවතී. අනියම් නිවාඩු යම් සේවකයෙකුට බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුණ පෑමට සිදුවූ විටකදී ලබා ගැනීම සඳහා අතිරේක දින 07 ක නිවාඩු හිමිකමක්ද ඇත. යම් සේවකයෙකුට සේවයට එක්වූ පලමු වසර තුළදී සම්පූර්ණ කරන ලද මාස දෙකකට 01 බැගින් අනියම් නිවාඩු හිමිකම ලැබෙන අතර දෙවන වසරේ සිට දින 07ක අනියම් නිවාඩුවක් හිමි වේ. යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුළදී ලබා නොගත්තේ නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගත නොහැක.
ප්‍රසිද්ධ නිවාඩු රජය මගීන් ප්රකාශිතයට පත් කරන ලද වෙළඳ නිවාඩු දිනයන්, ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස සැලකේ. එවැනි නිවාඩු 9ක් පමණ ඇත. ඒවා පහත පරිදි වේ.
* තෛපොන්ගල් දිනය
* ජාතික දිනය
* සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය
* සිංහල හින්දු අලුත් අව්රුදු දිනය
* මැයි දිනය
* වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය
* ජාතික වීර දිනය
* නබි තුමාගේ උපන් දිනය
* නත්තල් දිනය
මෙම නිවාඩු දින 09 ම කාර්යාල හා සාප්පු සේවකයිනට හිමි වන අතර කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව මෙම නිවාඩු දිනයන්හීද සේවකයන් සේවයේ යෙදවිය හැකිය. එහෙත් එසේ සේවයේ යොදවන සේවකයින් හට වැටුප් සහිත වෙනත් නිවාඩු දිනයක් එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක සේවකයෙකු සේවයේ යෙදවීම වෙනුවෙන් එම දිනය සඳහා සාමාන්‍ය දිනක වේතනය මෙන් දෙගුණයක් එම සේවකයා හට ගෙවිය යුතුය. පෝය නිවාඩුව පසළොස්වක පොහොය දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ. පෝය දිනයන්, සති නිවාඩු දිනයක යෙදුණහොත් ඒ වෙනුවට අතිරේක නිවාඩු ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා නොමැත.
ප්‍රසූතිකාධාර/ප්‍රසූත නිවාඩු මෙම විධි විධානයන් බොහෝ දුරට ප්‍රසූතිකාධාර ආඥා පනතේ වූ විධිවිධාන වලට සමානය. එහෙත් සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙනා සේවිකාවන්ට හිමිවනුයේ ප්‍රසූත නිවාඩුය. පනතේ 18 වන වගන්තියේ ‘අ‘ උප වගන්තියේ සිට ‘ඌ‘ උප වගන්තියේ සඳහන් වන්නේ ප්‍රසූත නිවාඩු වලට අදාල නියමයන් වේ. මෙම පනත යටතට ගැනෙන සේවිකාවන් තමා ප්‍රසව අවස්ථාවට එලඹෙන බව දින 14කට පෙර සේවා යෝජකයාට දැන්විය යුතු අතර සේවා යෝජකයා විසින් ඇයගේ නිවාඩු අනුමත කලයුතුය. මෙම සේවිකාවන් හට පළමු සජීවී දරු උපත් දෙක සඳහා එක් වතාවකට වැඩ කරන දින (84) ක බැගින් වැටුප් සහිත නිවාඩු දින සඳහා හිමිකම් ඇත. සජීවී දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සඳහා එක් ප්‍රසූතයකදී දින 42ක නිවාඩුවක් හිමිය. මෙම නිවාඩු වලට අමතරව එම කාලය තුල යෙදෙන සති, පෝය හා ප්‍රසිද්ධ නිවාඩුද හිමිය. දරු ප්‍රසූතියට තෙමාසයකට පෙර හා තෙමාසයකට පසු කාලය තුල දරුවාට හෝ මවට අනතුරුදායක වන කිසිදු කටයුත්තක සේවිකාව යෙදවීම සේවායෝජකයා විසින් කිසි සේත්ම නොකළ යුතුය. ප්‍රසූතය නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම හේතුවෙන් සිදුවිය හැකි කවර ආකාරයේ රෝගී තත්වයක් හේතුවෙන් සේවිකාවක් සේවයෙන් පහකිරීම කල නොහැක. යම් විටක සජීවී දරු උපතක් නොවී මළ දරු උපතක්, කලල රූපයක් හෝ ප්‍රසූත කල විටද එම සේවිකාවන්ටද ප්‍රසූත නිවාඩු හිමිකම ඇත. මේ සඳහා කලල රූපයක් පහත සඳහන් කරුණු සම්පූර්ණ වශයෙන් සපුරා ඇති බවට සෑහීමකට පත් විය යුතුය.
1.සති 28ක් වයස් ගත වීම.
2.අවම වශයෙන් අඟල් 12ක් දිග වීම
3.අවම වශයෙන් රාත්තල් 02ක් බරැති වීම.
මෙම පනතට අනුව ශුභසාධන පහසුකම් ලෙස
1.ආලෝකය හා වාතාශ්‍රය සෑහෙන ප්‍රමාණයට ආයතනය තුළට වැටෙන්නට සැලැස්විය යුතුය.
2.ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයටම වෙන්ව වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් සැපයිය යුතුය.
3.කෑම ගැනීම සඳහ සුදුසු ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැපයිය යුතුය.
4.සේවයේ නියුක්ත කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් තිදෙනෙකුට එකක් වශයෙන් ආසන පහසුකම් තිබිය යුතුය. (මෙම නියමය අදාල වන්නේ සාප්පු සේවිකාවන් සඳහා පමණි.)
සාප්පු සහ කාර්යාල සේවක පනත යනු කාර්මික නීතියේ මූලික අංශයක් වන අතර එය සේවා කොන්දේසි නියාමනය කිරීමේදී සහ සිල්ලර සහ කාර්යාල පරිසරයන්හි සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. වැඩ කරන වේලාවන්, රැකියා කොන්දේසි, සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා වීම පිළිබඳ එහි විධිවිධාන හරහා, කම්කරුවන්ට සාධාරණ ලෙස සලකන බව සහතික කිරීමටත්, ආරක්ෂිත සහ ආධාරක පරිසරයක වැඩ කිරීමටත් පනත උපකාරී වේ.
උක්ත කරුණු අනුව සනාථ වන්නේ සාප්පු හා කාර්යාල සේවක පණත යනු කාර්මික නීති ක්ෂේත්රයේ වැදගත් පණතක් බවයි.
සටහන –

H.M.N.D හේරත්
දර්ශනය විශේෂවේදී උපාධිධාරී කැලණිය විශ්ව විද්‍යාල