වර්තමාන වෙළඳපොළ තුළ ස්වයං රැකියා වලට හිමි වී ඇත්තේ ඉතාමත් සුවිශේෂ ස්ථානයකි. සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සහ ලාංකීය වෙළඳපොළ තුළ නවෝත්පාදනයන් බිහිකරමින් සිදු කරන ස්වයං රැකියා අතරින් අනෙකුත් ව්‍යාපාර පසෙකලා අද වන විට ආහාර නිෂ්පාදනයට වැඩි ඉඩකඩක් හිමි වී තිබෙන බව අපට දකින්නට පුළුවන්.
එලෙස විවිධ ආකාරයේ අමුද්‍රව්‍ය යොදාගනිමින් ඉතාමත් රසවත් ආහාර නිෂ්පාදනයෙහිලා නියැලෙන ව්‍යාවසායිකාවක් පිළිබඳවයි BIZ REVIEWS විශේෂාංග ඔස්සේ අද ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.
“ඔබ මිල දී ගන්නේ සැබැ ආදරයෙනුත් කැපවීමෙනුත් ගෙදර හදපු නිෂ්පාදනයක්. ” දිනූ පෙරේරා
කාන්තාවක සතු සිය නිර්මාණශීලී හැකියාව සහ ශක්තිය ලොව සියලු කාන්තාවන්ටම ආදර්ශයක් වෙමින් කටයුතු කර ඇය Gizzy and Jo’s Cookie Lab ආයතනයේ ප්‍රධානී දිනූ පෙරේරා.
ඉතින් අපි බලමු ව්‍යාවසායිකාවක් විදියට ඇය සිය ව්‍යාපාරය ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද කියලා.

කොහොම ද Gizzy and Jo’s Cookie Lab කියන වෙළඳ නාමයකින් මෙවැනි ස්වයං රැකියාවක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,
Gizzy and Jo’s Cookie Lab වෙළඳ නාමය තුළින් ස්වයං රැකියාවක් පටන් ගන්න ඕන කියන අදහස ආවේ ඇත්තටම මගේ විශාල හීනයක්. මගේ මුල්ම අරමුණ වුණේ මගේ බබාලා දෙන්නට ගුණාත්මක සහ උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් කුකීස් හදල දෙන්න. නිතරම එහෙම කෑම වර්ග හදන්න ආසාව මට තිබුණ. බබාලට හොඳම දේ දෙන අරමුණින් තමයි පටන් ගත්තේ. මගේ ආදරණීය පවුලේ අය ලොකු සහයෝගයක් දෙනවා, මාව දිරිගන්වනවා ඒ නිසා තමයි ශක්තියක් අවේ මේ ව්‍යාපාරය පටන් ගන්න.

ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළේ ඇයි?
මගේම ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කලේ මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ගමන් හොඳ නිෂ්පාදනයක් පාරිභෝගිකයට දෙන්න. කෙනෙකුට ඔහුගේ අරමුණු ඉටු කරගන්නත්, ආදරයෙන් කරන දේ කැමැත්තෙන් කරලා ඉස්සරහට එන්නත් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳම මගක්.
දැනට ඔබ විසින් ආහාර පාන වර්ග කොපමණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවාද ?
දැනට, කුකීස් විතරක් නෙවෙයි, කුකීස් වලින්ම හදන කේක් වර්ග සහ කුකීස් විවිධ රසයන්ගෙන් මම පාරිභෝගිකයන්ට පිරිනමනවා. අළුත් අත්හදා බලන කුකී වර්ග, විශේෂයෙන්ම season වලට විවිධ කුකීස් හදන්නත් හිතන් ඉන්නවා.

ඉදිරියේදී සිදු කරන්නට නියමිත නව ආහාර වර්ග මොනවද?
ඇත්තටම ඉදිරියේදී, අලුත්ම ආහාර වර්ගවල් කිහිපයක් හදන්න මම වැඩ කරනවා.
වර්තමාන වෙළඳපොළ තුළ ඔබේ ආහාර නිෂ්පාදනයට ඇති ලොකුම අභියෝග මොනවාද?
වර්තමාන වෙළඳපොළේ මගේ නිෂ්පාදනයට අභියෝග ගොඩක් තියනවා. ඇසුරීම් සොයා ගැනීම සහ ගුණාත්මක් සහ තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය මන් බවිතා කරන නිසා කුඩා ව්‍යාපාර වලට සරිලන පරිනොගිකයට දැරිය හැකි මුදලකට නිෂ්පාදනය දීම.
ඉල්ලුම් වැඩිම ආහාර වලට විවිධභාවයක් එකතු කරන්නම අභියෝගයි.
සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වැදගත්ම සාධකය ලෙස ඔබ සිතන්නේ කුමක්ද?
සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. මගේ ව්‍යාපාරයේ මූලික ගුණාංග පාරිභෝගිකයන්ට විස්තර කලාම, එය අනාගත සාර්ථකත්වයට පෙනෙන මඟක් වේවි.
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට ඔබ දෙන උපදෙස් මොනවාද?
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට මම කියන්නේ, ඔබේ අරමුණු පැහැදිලිව තියාගෙන, ඔයාගෙම මාර්ගයක් හදාගන්න. අභියෝග එනවා, නමුත් ඔයාගෙ ආදරය සහ කැපවීම ඔය කරන දී වෙනුවෙන් 100% දෙන්න.

පාරිභෝගිකයන්ට දෙන පණිවුඩය
පාරිභෝගිකයන්ට මගේ පණිවුඩය තමයි, ඔබ මිල දී ගන්නේ සැබෑ ආදරයෙනුත් කැපවීමෙනුත් ගෙදර හදපු නිෂ්පාදනයක්. ඔබ මට දුන්න විශ්වාසයට හා ගෞරවයට ස්තුතියි.
ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?
මගේ අනාගත ඉලක්කය තමයි Gizzy and Jo’s Cookie Lab නව නිෂ්පාදන නිර්මාණාත්මක සහ වෙනස්ම අත්දැකීම් එක්කර පාරිභෝගිකයන්ට පිරිනැමීම. මගේ ආදර්ණීය සැමියාත් දරුවන් දෙදෙනා මට ශක්තියක්, ඒවගේම මට ආදරේ කරන ලස්සන ලොකු පුවුලක් ඉන්නවා. එයාලගේ සහයෝගයත් ආශීර්වාදයත් එක්ක ඉස්සරහට යනවා.

සටහන –
බිනාලි රාජපක්ෂ