මේ දිනවල බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වී තිබෙන චරිත අතරින් social media වලින් ප්‍රචලිත් වුණ තවත් එක් චරිතයක් අද අපට මුණ ගැසුනා.
ඉතාමත් ලාබාල වයසේ පටන් social media තුලින් ප්‍රේක්ෂකයින් අතරට එන මේ පුංචි පුතා මේ වන විට Social media influencer කෙනෙක් විදියට කටයුතු කරනවා. එසේ නම් දැන් අපි බලමු මේ පුංචි පුතාගේ ගමන සාර්ථක කරගත්තේ කොහොමද කියලා.
කොහොමද ඉතින් ජීවිතේ
හොඳින් ඉන්නවා. ලබන මාසේ E-book හරහා මගේ දෙවැනි පොත”දුලා ගිය ගමන” එළි දක්වන්න හිතාගෙන ඉන්නවා..ඉතින්..ඒ වෙනුවෙන් වැඩ ටික කරගෙන යනවා.

Travel with Dula යන නම ගැන කතා කරොත් මේ දිනවල ඔබ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් වී තිබෙනවා. කොහොම ද Travel with Dula කියන නාමයකින් traveling vlog එකක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,
අම්මයි තාත්තයි මමයි ගොඩක් වෙලාවට අලුත් තැන්වල ඇවිදින්න යනවා…ඉතින් ඒ යන අතරේ ආපු අදහසක් තමයි මේක…
Travel with Dula කියන නම අපි තුන්දෙනාම එකතු වෙලා හදපු නමක්. පුංචි කාලේ සිංදු , කතන්දර කියලා..පොඩි පොඩි video තාත්තා එයාගේ page එකේ upload කරා. ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුණා. දවසක් පොල්ගොල්ල dam එක සුද්ද කරන්න වහල තියෙන වෙලාවක එතන තිබුණ තත්ත්වය ගැන ..”මෙතන දැන් dam එකක් නෙමෙයි beach එකක් වෙලා යන්නේ…”කියලා මම කරපු video එක ගොඩක් fb share උනා. ඊට පස්සේ මට හිතුණා මම යන තැන්වල තියෙන වැදගත් දේවල් මේ විදිහට අනික් අයත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා…ඔන්න ඔහොම තමයි Travel with Dula පටන් ගත්තෙ.
Travel with dula තුලින් ළඟදීම සංචාරය කරේ කොහෙටද?
ලඟදීම නම් මම ගියේ..අනුරාධපුරේ …ඒ යන අතරේ කලාවැව..අවුකන පිළිම වහන්සේ බලන්නත් මම ගියා…

මේ සඳහා පවුලේ අයගේ සහ සහයෝගය කොහොමද?
මගේ වැඩවලට ගොඩක්ම සහාය වෙන්නේ මගේ අම්මයි තාත්තයි යන තැන් plan කරන්නේ.. video කරන්නේ තාත්තා. video වලට මට ඕන කරන තොරතුරු විස්තර කවි කතන්දර හොයාගන්න මට උදව් කරන්නේ අම්මා…
මේ දක්වා ලැබී ඇති ප්‍රතිචාර,
ඇත්තටම මට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යන හැම තැනකදීම මාව දන්න අය හුඟක් මට මුණගැහෙනවා. ඒ වගේම පිට රටවලඉඳන් මගේ video බලන..මට ආදරේ කරන…මට තෑගි බෝග එවන අය වගේම…විශේෂයෙන්ම කියන්න ඕන ජාති භේදයකින් තොරව මට ආදරේ කරන පිරිසක් ඉන්නවා.

වර්තමාන සමාජය තුළ සිටිනා Social media influencers ලා අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයෙක් සිටිනව ද?
Social Media වල මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි හිටපු ප්‍රවීණ රංගධරයෙක් වන ජැක්සන් ඇන්තනී මහත්මයා…ඒ වගේම මගේ ගුරුතුමන් වන.. ප්‍රවීණ නිවේදකයෙක් වන හරේන්ද්‍ර ජයලාල් මහත්මයා…එතුමන් මගේ මේ ගමනට ලොකු ආලෝකයක් වුණ කෙනෙක්…ඒ වගේම එතුමා බොහොම නිහතමානි..දක්ෂ…පුද්ගලයෙක්…ඊට අමතරව මම තවත් ආස කරන පුද්ගලයෙක් තමයි චන්දන සූරිය බණ්ඩාර මහත්මයා.
අනාගත ඉලක්කය
හැම වෙලාවකම නිවැරදි දේවල් හොයාගෙන ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. හැම වෙලාවකම අලුත් දෙයක් ..වෙනස් විදිහකට කරන්න උත්සාහ කරනවා..ඒ වගේම …හොඳින් ඉගෙන ගෙන මගෙන් සමාජෙට රටට යහපත් දෙයක් දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
බිනාලි රාජපක්ෂ