සිංහල ජාතිය අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කියන අභීත ජාතියකි. සිලෝන් ,සෙයිලාන්, සෙරන්ඩිබ් යන නාමයන්ගෙන් අප රට කුලුබඩු නිසාම අපරදිග රට වල ප්‍රචලිත විය. රත්නදීප ඉන්දියන් සාගරයේ මුතු ඇටය ,වැව් බැදි රාජ්‍ය ,පෙරදිග ධාන්‍යාගාරය යන නාමයන්ගෙන් පෙරදිග කීර්තියට පත් විය. දේශ ගවේෂණයන්වල යෙදුන පෘතුගීසි ලන්දේසි ජාතිකයන්ට මෙම කුළුබඩු දිවයින සොයා ගැනීම සිහිනය විය. 1948 දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබට වස්කෝද ගාම පෘතුගීසීන්ගේ පෙරදිගට පැමිණීමේ සිහිනය සැබෑ කරගත්තේය. වස් පන්සිය පහ වන විට ඔවුන් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ සිය අණසක පැතිරවීමට සමත් විය. කුරුඳු වලින් පෘතුගීසීන් විශාල ලාභයක් ලබන බව දුටු ලන්දේසීන්ටද මෙරට වෙරළබඩ ප්‍රදේශයේ බලය ව්‍යාප්ත කර ගැනීමට සිත් විය. උඩරට රජු හා සබඳතා පවත්වමින් කෙසේ හෝ ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ පෘතුගීසීන් පලවා හැර ලන්දේසි බලය ව්‍යාප්ත කිරීමට ඔවුහු සමත් විය. පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන් ද ආසියාවේ ලාභ ලබන අයුරුදු ඉංග්‍රීසි ජාතිකයන්ද පෙරදිගට පැමිණීමට මාන බැලුවේය. අනතුරුව ඔවුන් ඉන්දියාවටත් සුව ලංකාවටත් පැමිණුම් ඔවුන්ගේ පෙරදිග මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට සමත් විය. 1797 වන විට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ බලය සියතට ගැනීමට ඉංග්රීසිහු සමත් වූහ.
වෙරළබඩ ප්‍රදේශයේ බලයෙන් පමණක් සෑහීමකට පත් නොවූ ඉංග්රීසිහු ලංකාවම ගැනීමට විවිධ ප්රයත්න දැරිය. එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් එක් 1815 මාර්තු 02 දින උඩරට මගුල්මඩුවේ දී උඩරට ප්‍රධානීන් හා ඇති කරගත් ගිවිසුම මගින් මෙරට නීත්යානුකාල පාලකයන් බවට ඉංග්රීසිහු පත්වූහ.
ඉංග්‍රීසීන්ගේ පාලනය වැඩි කල් ඉවසාගත නොහැකි වූ ලාංකිකයෝ තම මව්බිමේ නිදහස වෙනුවෙන් අරගලයට පෙළඹුණහ. 1818 දී මෙරට බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම නිදහස් අරගලය ඌවවෙල් ලෙස ප්‍රදේශයෙන් ආරම්භ විය. මොනරවිල කැප්පටිපොළ නිලමේ, මඩුගල්ලේ දිසාව, කිව්ලේ ගෙදර මොහොට්ටාල ,පිළිමතලාවේ දෙවන අධිකාරම්, බූටෑවේ රටේ රාළ ,කොහො කුඹුරේ රාළ වැනි නායකයෝ මෙහිදී වැදගත්වූහ. අපට රජෙක් නොමැතිවීම, බුදු දහමට හානි සිදුවීම, වෙල්ලස්සේ මඩිගේ මුහන්දිරම් තනතුරු සඳහා හජ්ජිමරිකාල් පත්කිරීම වැනි හේතු මෙම සටන සඳහා බලපා තිබේ. මෙහි නායකයන් තුළ පැවති ප්‍රතිවිරුද්ධ මත වාදයන් මෙන්ම සටන මනාව සංවිධානය නොවීම ,නිසි නායකත්වයක් නොමැති වීම වැනි කරුණු හේතු කරගෙන මෙම සටන පහසුවෙන් මර්දනය කිරීමට බ්රිතානයෝ සමත් වූහ. එමෙන්ම මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමාට වෙඩි තබා ඝාතනය කිරීමත් ඇතැම් නායකයන් මෙරටින් නෙරපාදමීමත් අවසාන ප්‍රතිඵලය විය.


ඉංග්‍රීසීන්ගේ කෲර පාලනය ඉවසාගත නොහැකිව දෙවන නිදහස් අරගලය මාතලේ මුල්කරගෙන 1848 දී ඇති විය. ගොංගාලේගොඩ බණ්ඩා හෙවත් පෑලියගොඩ ඩේවිඩ්, පුරන් අප්පු හෙවත් පැන්සිස්කෝ, ඩිංගිරාළ එහි ප්‍රධාන නායකයෝ වූහ. හොරින්ටන් සාමිවරයා විසින් මෙරටින් අධික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව ඇති කරන ලද බදු ප්‍රතිපත්තිය මෙයට ප්‍රධානම හේතුවයි. උඩරට මහ කැරැල්ල නමින්ද හැඳින්වූ මෙය මනා සංවිධානයක් නොවීම, ආයුධ නොමැතිවීම, නිසි නායකත්වයක් නොමැති වීම යන කරුණු හේතු කරගෙන අසාර්ථක වූ මෙම කැරැල්ල පහසුවෙන් මර්දනය කිරීමට බ්රිතාන්යෝ සමත් වූහ. එම සටන සිංහලයන්ගේ අවසාන විමුක්ති අරගලයයි.
බ්‍රිතාන්‍ය වතු ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර බොහෝ මිනිසුන්ට තමන්ගේ ඉඩකඩම් අහිමි වූයේ ඒවා පිළිබඳ නීත්‍යානුකූල ලියවිල්ලක් නොමැති වූ නිසාය. ඒ පමණක් නොව එදා වේල පිරිමසා ගැනීමට තමන්ගේම ඉඩම් වල කුලීකරුවන් වීමට ද ඇතැමුන්ට සිදුවිය. ලංකාව මෙන්ම ආසියාවේ රටවල් කීපයක් මේ බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත බවට පත්ව තිබිණි.
ඉන්දියාව, මුරුසි දිවයින ඒ අතර විය. ලාංකිකයෝ 1948න් පසුව නිදහස උදෙසා අරගල නොකළ අතර විවිධ ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායකයට නියෝජන වරම් ලබා ගැනීමට යටත් විජිත භාර ලේකම්වරයාට පෙත්සම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කළහ. 1919 වසරේදී ලංකා ජාතික සංගමය පිහිටුවා ගනිමින් ඒ සඳහා අවශ්‍ය දේශපාලන ශක්තිය ගොඩනගා ගැනීමට ඔවුහු සමත් වූහ. එම සංවිධානවල ප්‍රතිඵල වශයෙන් කෝල්බෲක් – කැමරන් ප්රතිසංස්කරණයත් කෲ මැකලම් ප්රතිසංස්කරණයත් මැණිං ප්රතිසංස්කරණයත් මැණිං ඩෙවොන්ෂයර් ප්රතිසංස්කරණයත් මෙන්ම ඩොනමොර් සංස්කරණයත් උද්ඝෝෂණ කරමින් ලබා ගැනීමට හැකි විය. උද්ඝෝෂණ ව්‍යාපාරය ගෙනගිය නායකයන් අතර පොන්නම්බලම් රාමනාදන් මහතා, පොන්නම්බලම් අර්නාචලම් මහතා, සර් ජේම්ස් පීරිස් මහතා, එච්.ජී.සී. පෙරේරා මහතා වැනි පුද්ගලයෝ වැදගත් වූහ.
1931 දී සර්වජන ඡන්ද බලය හඳුන්වාදීමෙන් පසු මෙරටට ප්රජාතන්ත්රවාදයේ අඩිතාලම වැටුණි. ලාංකිකයන් විධායක කාරක සභා වලට පත්විය. එමෙන්ම ඒ තුළින් සාමාන්‍ය ජනයාට දේශපාලනමය වටිනාකමක් හිමිවිය. ඉන්පසු ලාංකිකයන්ගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස1947 දී බ්‍රිතාන්‍යයන් විසින් නව ආණ්ඩුක්‍රම සංස්කරණයක් ලෙස සෝල්බරී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුනි. ඒ තුළින් ලාංකිකයන්ට නිදහස උරුම විය. මේ අනුව 1948 පෙබරවාරි 04වන දින අප රටට ඩොමීනියම් තත්ත්වයේ නිදහසක් හිමිවිය. වසර සීයකට අධික කාලයක් අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස සිටියෙමු . පස් නවසිය හතලිස් අටේ පෙබරවාරි හතර දින නිදහස ලැබුවත් ඒ දින උත්සව පවත්වා නොමැති බව සඳහන්ය. 1815 දී බිම හෙළූ සිංහල ජාතික කොඩිය නැවත ඔසවමින් උත්කර්ෂවත් ලෙස උත්සව පවත්වා ඇත්තේ පෙබරවාරි 10වන දින සිට 12 වන දින දක්වාය.එම දිනයන් ජාතික නිවාඩු දින බවට දැනුම් දී තිබිණි. එසේ ලැබූ නිදහස සංකේතවත් කරමින් සෑම වසරකම පෙබරවාරි 04 වන එනම් අද දින අපි නිදහස සමරන්නෙමු. ජාති භේද ආගම් භේද නොමැතිව එකමුතු ජාතියක් ලෙස අපි අභිමානවත් හැත්තෑ හත් වන නිදහස උත්සවශ්‍රීයෙන් සමරමු.
සටහන –

අනූජා දසවර්ධන