නායකත්වය පිළිබඳ කතා බහ කිරීමේ එහි දැක්වෙන මූලික න්‍යායන් දෙකක් පිළිබද කෙටි හැඳින්වීමක් අපි පෙර ලිපියෙන් ඔබට ලබා දුන්නා. එසේ නම් අද අප සූදානම් වන්නේ එම න්‍යායන් දෙක පිළිබඳව පුළුල් විග්‍රහයක් සිදු කිරීමටයි.
නායකයන් යනු, උප්පත්තියෙන්ම බිහිවූ පිරිසක් ද? නැත්නම් ඔවුන්ව පුරුදු පුහුණු කරමින් ගොඩනැඟිය යුතු පිරිසක් ද ? මෙම කරුණු දෙක නායකත්වයේ එන න්‍යායන් දෙක ඔස්සේ මෙලෙස විග්රහ කල හැකි ය.
එහි එන මූලික න්‍යායන් දෙක මෙසේය.
1. Traits theory
2. Behavioral theory
1. Traits theory
මෙමගින් කියැවෙනුයේ, නායකයින් කියන පිරිස උත්පත්තියෙන් ඒවා අරගෙන එන සහ උපතින්ම එන නායකත් ගතිගුණ, ගති ලක්ෂණ ඔවුන් සතුව පවතිනවා කියන එක. මේ පිළිබඳ පලවෙනියටම අදහසක් පළ කරපු කෙනෙක් තමයි ස්කොට්ලන්ත ජාතිකයකු වූ රචකයෙකු, ඉතිහාසඥයෙකු සහ දාර්ශනිකයෙකු වන තෝමස් කාලයිල් කියලා කියන්නේ. වර්ෂ 1841 දී තෝමස් කාලයිල් (Thomas Carlyle) කියන පුද්ගලයා great man theory නමින් සංකල්පයක් හදුන්වා දෙනු ලැබුවා. great man theory සංකල්පය තුළින් ඔහු පෙන්වා දුන්නේ නායකයින් යනු උපතින්ම බිහිවන්නේ මිස නිර්මාණය නොවන බවයි.

great man (ශ්‍රේෂ්ඨ මිනිසා) උපතින්ම කැපී පෙනෙන පුද්ගලයෙකු වුණා. පවුල් පසුබිම, දේහ ලක්ෂණ, චරිත ලක්ෂණ, බාහිර ස්වරූපය මේ හැමදේකින්ම ඔහු සාමාන්‍ය අයට වඩා කැපී පෙනෙන පුද්ගලයෙකු වුණා. ඔහුගේ පවුල් පසුබිමත් ඒ වගේ වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු උපතින්ම නායකත්ව ලක්ෂණ සියලුම දේ රැගෙන එනවා කියන එකයි. මෙහිදී එම පුද්ගලයාට සහජ කුසලතා, දිගු දැක්මක්, මිනිස්සු ගැන සානුකම්පිත/ සුහදව කතා කළ හැකි, අයුක්තිය අසාධාරණයට විරුද්ධව කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන් පුද්ගල චරිතයක් තමයි මෙම great man theory මගින් තෝමස් කාලයිල් පෙන්වා දෙනු ලැබුවේ. මේ න්‍යාය තමයි වැඩිදුරටත් දියුණු වෙලා traits theory ලෙස ඉදිරියට පැමිණියේ.
මෙම න්‍යාය තවත් ඉදිරියට යමින් ෆ්‍රැන්සිස් ගැල්ටන් නම් පුද්ගලයා (Francis Galton) 1869දී මෙම traits theory තවදුරටත් පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. එතැනදී ඔහු තේරුම් ගත්තා නායකයෙකු සිටීමට නම් එම පුද්ගලයාට අනුගාමිකයන් ද සිටිය යුතු බව. එහිදී නායකත්වය සහ අනුගාමිකයන් අතර ගති ලක්ෂණ පරස්පර විරෝධී සහ වෙනස් විය යුතු බවත් නායකයකුට තිබෙන ලක්ෂණ අනුගාමිකයටත් තිබුනොත් එතැනදි නායකයාගේ පැවැත්මක් නොමැති බවත් ඔහු කියා සිටියා. මේ ආකාරයට විවිධාකාරයේ පරීක්ෂණ ගොඩක් පවත්වලා ඒ පරීක්ෂණ එක්ක තමයි ඔවුන් පවසන්නේ නායකයින් කියන පිරිස උත්පත්තියෙන්ම ඒ ගති ලක්ෂණ අරගෙන එන අය කියලා.

එතකොට මෙතනදී චරිත ස්වභාවය, ගති ලක්ෂණ සිතුවිලි, පෞද්ගලික ආකල්ප, බුද්ධිය, මිනිසුන් කෙරෙහි දක්වන අනුකම්පාව, දයාව මෙන්න මේ වගේ දේවල් තමයි හොද නායකයෙක් තුළින් පෙන්නුම් කෙරෙන ලක්ෂණ වන්නේ මේ ආකාරයට දරුණු නායකයො ලෝකෙ ඉඳල තියෙනවා. උදාහරණයක් විදිහට හිට්ලර් කියන කෙනා බොහොම දරුණු පාලකයෙක්. එතකොට එයාට ඒ දරුණු සහ ඒකාධිපති පාලනය කරගෙන යන්න අවශ්‍ය ගතිගුණත් උත්පත්තියෙන් එන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ සහ නරක යන ලක්ෂණ දෙකම ඇති නායකයකු තුළ තිබිය යුතු ලක්ෂණ බහුතරයක් උත්පත්තියෙන් අරගෙන එනවා කියන එක තමයි traits theory මගින් ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙලෙස ෆ්‍රැන්සිස් ගැල්ටන් අමතරව රැල්ෆ් ස්ටොග්ඩිල් (Ralph Stogdill) නැමැති පුද්ගලයා ද 1948 දී ඔහු සිදු කළ පරීක්ෂණ වලින් මූලික කාරණා දෙකක් හඳුනා ගත්තා. ඉන් එකක් තමයි සාමාන්‍ය පුද්ගලයාගේ තියෙන ගති ලක්ෂණ. එම ගති ලක්ෂණ ගත්තොතින් නායකයාගේ සහ අනුගාමිකයින්ගේ බාහිර ගති ලක්ෂණ එහෙම නැත්නම් හැසිරීම් රටාවවල බුද්ධි මට්ටමේ ලොකු වෙනසක් නැහැ කියලා ඔහුගේ පරීක්ෂණවලින් ඔහු පෙන්වා දුන්නා. උදාහරණයක් විදිහට නායකයෙක් විදිහට එයාගෙ අනුගාමිකයා සමහරවිට උස වෙන්න පුළුවන්, සමහර විට මිනිස්සුන්ට එක සුහදශීලී වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා කාරණා ඒ කාරණා අනුව නායකයෙකි අනුගාමිකයෙකු වූ අතර ලොකු වෙනසක් නැහැ කියලා තමයි ඔහු පෙන්වා දුන්නේ.
එහෙත් ෆැන්සිස් ගැල්ටන් පෙන්වා දුන්නේ නායකයෝ සහ අනුගාමිකයන් අතර ගති ලක්ෂණ පරස්පර විරෝධී බවයි. ලංකාවේ ගත්තොත් එහෙම රදල පවුලක ඉපදුණු බලසම්පන්න නායකයකුගේ අනුගාමිකයන්ට බොහෝ වෙලාවට යටහත් පහත්ව ඉන්න ඕනේ කියන කාරණාව ෆැන්සිස් ගැල්ටන්ගේ පරීක්ෂණය තුළින් ඔහු තහවුරු කළා. නමුත් රැල්ෆ් ස්ටොග්ඩිල් පැවසුවේ එය එසේ නොවන බවයි. ඔහු තේරුම්ගත් පළවෙනි කාරණාව තමයි අනුගාමිකයන්ට දෙගොල්ලම බාහිර ගති ලක්ෂණ චරිත ලක්ෂණ අනුව එක වගේ වෙන්න පුළුවන් සහ බුද්ධිය අනුව ඔවුන්ට යමක් කරන්න දරන උත්සාහය ඔවුන් පීඩනය දරන හැකියාව වගකීම් මිත්රශීලීත්වය සුදු ශීලිත්වය ආධිපත්‍ය පැතිරීමේ හැකියාව තිබෙන අතර මෙවැනි කටයුතු වලදී ඔවුන් නායකයෝ විදිහට ඉදිරියෙන් ඉන්නවා කියලා. එතනදි එයා තේරුම්ගත තමයි උගත් බුද්ධිමත් මහන්සියෙන් වැඩ කරන සුහදශීලී අවශ්‍ය අවස්ථාවලදී දිරිමත් වෙලා වගකීම් ගන්න පැකිලෙන්නේ නැති තමන්ගේ මිනිසුන් වෙනුවෙන් කතා කරන පුද්ගලයින් තමයි බොහෝ වෙලාවට නායකයෝ වෙන්නේ කියලා.
නමුත් සමහර අවස්ථාවන් වලදී මේ කියන ලක්ෂණ ඔක්කොම තිබිලත් එම පුද්ගලයා නායකයෙකු බව සීයට සීයක් සහතික කරන්න බෑ. මේවත් එක්ක තමයි ඊළඟට ප්‍රශ්නයක් මතු වුණේ මේ කියන ලක්ෂණ ඔක්කොම තිබිලත් ඔහු/ඇය නායකයෙකු වීමට හැකියාවක් නැත්නම් කොහොමද අපි කියන්නේ නායකයෝ කියන අය උත්පත්තියෙන් බිහිවන්න කියලා.

මෙතැනදී තමයි පටන් ගන්නේ නායකයෝ කියන අය මේ ලක්ෂණ විතරක් නොවෙයි ඊට වඩා තව දේවල් වැඩි දියුණු කරන්න ඕනේ කියලා. ඒ අනුව නායකයෝ කියන කට්ටිය පුරුදු පුහුණු කරන්න පුළුවන් සහ හදන්න පුළුවන් කියන දේ මත තමයි Behavioral theory නමින් හදුන්වන න්‍යාය බිහිවුණේ.
එසේනම් ලබන සතියේ දී අපි සූදානම් වන්නේ මෙම න්‍යාය පිළිබඳව පුළුල් විග්‍රහයක් ඔබට ලබා දීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
