වර්තමාන ලෝකයේ තාක්‍ෂණයේ සීග්‍ර දියුණුවත් සමග බොහෝ තරුණ පිරිස් ව්‍යවසායකයන් ලෙස වයවසායකත්වය සඳහා යොමු වී සිටින බව දකින්නට පුළුවන්. තාක්ෂණය එක්කාසු කොට ගෙන විවිධ උපාංග බිහි කරමින් ඉදිරියට එන මොවුන්ගේ අරමුණ වන්නේ රටක ආර්ථිකයේ දියුණුව උදෙසා වැදගත් යමක් ඉටු කිරීමයි. පසුගිය අවුරුදු කිහිපය ගත් කල 2020 වන විට ලොව පුරා ව්‍යවසායකයින් මිලියන 582 ක් සිට තිබෙන බව වාර්තා වි තිබේ.
නව ව්‍යවසායකයකු ලෙසින් ඉදිරියට ඒමේ අභිලාෂය ඇති ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය වන්නේ කුමක්ද සහ ඔබ සාර්ථක ව්‍යවසායකයකු වන්නේ කෙසේද? සමාජයට ව්යවසායකත්වයේ බලපෑම කුමක්ද සහ මෙම භූමිකාව එතරම් වැදගත් වන්නේ ඇයි? ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය කුසලතා, පියවර සහ මූලික ව්‍යාපාරික සම්පත් ආවරණය වන පරිදි ව්‍යවසායකත්වය පිළිබඳ සවිස්තරාත්මක කරුණු ඇතුලත් කරමින් ලිපි මාලාවක් මෙතැන් පටන් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
එසේනම් පළමුව ව්‍යවසායකයෙකු යනු කවුරුන්දැයි හඳුනාගනිමු.

ව්‍යවසායකයෙකු යනු
ව්‍යවසායකයෙකු යනු කුමක්ද යන්න පිළිබඳව නිර්වචනය කිරීමේදී විවිධ අදහස් කිහිපයක් පවතී. බොහෝ දුරට එම පුද්ගලයා අනිත් අය නොදකින දෙයක් දකින කෙනෙක්. ඒවගේම අවදානමක් අරගෙන දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඊට අමතරව එම පුද්ගලයා ලාභය කියන දේ පිළිබඳ වෙනස්ම කෝණයකින් දකින සහ ඒ වෙනුවෙන් අවදානමක් ගෙන තමන්ගේ ආදායම හෝ වත්කම් වලින් කොටසක් ආයෝජනය කරන්න පුළුවන් සහ කැමැත්තක් තියෙන කෙනෙක් .
බොහෝ දුරට එවැනි පුද්ගලයින් නිර්භීත තීරණය ගැනීමට වගේම අධිෂ්ඨානය තියෙන දුර දකින පුද්ගලයින් කොටසක්. ඔවුන් වර්තමානයේ තත්ත්වයට පමණක් සීමා නොවී අනාගතය ගැන සිතමින් බොහොම සැලසුම් සහගතව කටයුතු කරන පුද්ගලයන් කොටසක් ලෙසත් ඔවුන් නව්‍ය නිෂ්පාදනයක් හෝ සේවාවක් හඳුන්වා දීමෙන් හෝ නව වෙළඳපොළක් නිර්මාණය කිරීමෙන්, අපගේ සමාජයේ ඇති ආර්ථික ගැටලු සදහා යම් විසදුමක් ලබා දීමට උත්සහ කරන පිරිසක් ලෙසත් හදුන්වා දෙන්නට පුලුවන්.
ලංකාවේ ව්‍යවසායකයින් පිළිබඳ සඳහන් කිරීමේ දී ඔවුන් සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හා තනි පුද්ගල ආදි වූ විවිධ ආකාරවලින් කටයුතු කරයි.
මේ දිනවල ලෝකයේ වැඩි අවධානයක් යොමු වී තිබෙන සංකල්පයක් තමයි අලුතින් අරඹන ව්‍යාපාර (startups). ඒවායින් සමහරක් කිසිදු මූල්‍යමය ආයෝජකයෙක් නොමැතිව සුළුවට සාර්ථක වුන ව්‍යාපාර වේ. උදාහරණයක් වශයෙන් MICROSOFT, APPLE, GOOGLE, FACEBOOK. මේ සියලු දේම සලකා බැලීමේදී මොවුන් සියලු දෙනාම විශ්ව විද්‍යාලයට යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝය. ඒ කාලයෙදී ඔවුන් විසින් හදුනාගත් අවස්ථාවන්ට අනුව ඔවුන් තීරණය කරනවා ඔවුන්ගේ කුසලතාවන් උපයෝගී කරගෙන අලුතින් ව්‍යාපාරයක් අරඹන්න. Microsoft හි බිල් ගේට්ස්, Facebook හි මාක් සකර්බර්ග් හා Apple හි ස්ටීව් ජොබ් යන මේ සියලු දෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත්ව කුඩා කාමරයක තමන්ගේ අදහස් ක්‍රියාවට නංවන්න සෑහෙන්න උත්සාහයෙන් හා මහන්සියෙන් කටයුතු කරපු පුද්ගලයින් කොටසකි. මෙලෙස අරඹන ලද මෙවැනි ව්‍යාපාර වලට තමයි startups කියලා කියන්නේ. මෙවැනි ව්‍යාපාර වල සාර්ථකත්වය නිසා අද වන විට බොහෝ ඉල්ලුමක් සහ ජනප්‍රියතාවයක් මෙන්ම අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම ව්‍යාපාර ආරම්භ කරපු ව්‍යාවසායකයින් ලෙස අපි දකින බිල් ගේට්ස් අද වන විට බිලියන ගණනකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙක් . ඒ වගේම ෆේස්බුක්හි නිර්මාතෘ මාක් සකර්බර්ග් අද වන විට ලෝකයේ නොදන්නා කෙනෙක් නොමැති තරමට ජනප්‍රියයි. මොවුන් සියලු දෙනාම නිර්මාතෘන් සහ නවෝත්පාදකයින්. මෙලෙස නව ව්‍යාපාරයක ආරම්භය (startup) එක සාර්ථක වුණා ම ඔවුනට පුළුවන් තවත් අලුත් දෙවල් වලට ගමන් කරන්න. උදාහරණයක් වශයෙන් ඊලෝන් මස්ක්.ඔහු විසින් ආරම්භ කරන ලද පේපැල් (PayPal) එක සාර්ථකත්වයට පත් කරගැනීමෙන් අනතුරුව ඔහු වේගවත්ම ටෙස්ලා (Tesla) විද්‍යුත් රථය නිපදවන්නට ආරම්භ කලා. පසුව ඔහු අඟහරු ලෝකයට මිනිසුන් රැගෙන යාම සඳහා රොකට්ටුවක් (ස්පේස් එක්ස්) සෑදීමේ ව්‍යාපෘතියකට යොමු වුණා . එම ව්‍යාපෘතිය අසාර්ථක වුවද අවධානමක් දරමින් ඔහු තම සියලුම මුදල් ආයෝජනය කරමින් එම ව්‍යාපෘතිය සාර්ථක කරගත්තා. එතැන් සිට තමයි ඔහු පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නට පටන් ගැනුණේ. මේ වනවිට twitter විද්‍යුත් උපාංග මිලට ගනු ලැබු ඔහු දැන් ලොව දනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි.
ඒ අනුව ව්‍යවසායකයෙක් යනු අවධානමක් දරමින් නිර්මාණයශිලිව ආනාගතය දකින පුද්ගලයෙක් ලෙස හදුන්වා දිය හැකිය.
කෙසේ හෝ ව්‍යවසායකයින් ව්‍යවසායකත්වයට පැමිණෙන ආකාරය කුමක් වුවත්, ඔවුන් අපගේ ආර්ථිකයේ සහ අපගේ සමාජයේ වැදගත් කොටසකි. මෙවැනි ව්‍යවසායකයින් නොමැතිව, අද අප භාවිතා කරන බොහෝ නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් අපට නොතිබෙනු ඇති බව දැන් ඔබට වැටහෙනු ඇත.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
