Technology Management හි ඇතුළත් මූලික සංකල්ප මොනවාද?

author
1 minute, 5 seconds Read

පසුගිය සතියේදී සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද ? යන තේමාව යටතේ අප කතාබහ කලේ නව තාක්ෂණයේ වෙනස් වීමත් සමඟ සමාජය පරිසරය ද නව තාක්ෂණයට අනුකූලව වෙනස් වෙන ආකාරය පිළිබඳවයි.

එසේ නම් අද අප සූදානම් වන්නේ මෙකී තාක්ෂණයේ එන තාක්ෂණික කළමනාකාරණයේ සඳහන් ප්‍රධානතම සංකල්ප කිහිපයක් වෙතට ඔබේ අවධානය යොමු කිරීමටයි.

තාක්‍ෂණික කළමනාකරණය යනු කුමක්ද ?

තාක්‍ෂණ කළමනාකරණය යනු සමාගමක් තුළ පුද්ගලයන්, තාක්‍ෂණය සහ මෘදුකාංග නිෂ්පාදන අතර අන්තර්ක්‍රියා සම්බන්ධීකරණය සිදුවන ආකාරයයි. බොහෝ විට ඔවුන් සංකීර්ණ ව්‍යාපාරික ගැටළු විසඳීම සඳහා නවතම තාක්ෂණික විසඳුම් භාවිතා කරයි. සංවිධානවලට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීම , තාක්‍ෂණය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ උපරිම කිරීම සඳහා ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

තාක්ෂණික කළමනාකරණයේ ප්‍රධානතම සංකල්ප

1. Technology strategy (a logic or role of technology in organization)

– තාක්ෂණය වෙනස් වෙනවිට මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා එම තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න මෙයින් විග්‍රහ කරයි.

2.Technology forecasting (identification of possible relevant technologies for the organization, possibly through technology scouting)

– නව තාක්ෂණය සමග මිනිසාගේ හැඩ ගැසීම.

 උදාහරණයක් විදිහට crypto currency, Bitcoin, Artificial intelligence, Robotics වෙන්න පුළුවන් මේ සියල්ලම 2005 හෝ 2010 වගේ තමයි ආවේ. Social media ජනප්‍රිය වෙන්න ගත්තේ 2000 සිටයි.

 එදා මෙන්ම අනාගතයේ දීත් අලුත් තාක්ෂණයක් එන්න තියෙනවා. මෙලෙස නව තාක්ෂණය පිළිබඳ පුරෝකථනයක් කරලා තමයි මේ තාක්ෂණික කළමනාකරණය අපි හදාගන්නේ.

3. Technology roadmap (mapping technologies to business and market needs),

 තාක්ෂණයන් අපේ ව්‍යාපාරය තියෙන අවශ්‍යතාවන්ට කොහොමද ගලපගන්නේ යන්න මෙයින් විග්‍රහ කරයි.

4.Technology project portfolio (a set of projects under development) and technology portfolio (a set of technologies in use).

ඊළඟට ඒ ගලපා ගැනීම මොන අවස්ථාවන්, කොයි ක්‍රමවේදවලද අපි ආයතනය ඇතුළට සම්බන්ධ කරගන්නේ යන්න මෙයින් විග්‍රහ කරයි.

Diffusion of innovation theory

තාක්ෂණික කළමනාකරණය පිළිබඳ කතාබහ කිරීමේදී මේ  පිළිබඳව සඳහන් කෙරෙන ප්‍රධාන න්‍යාය තමයි Diffusion of innovation නමින් හඳුන්වනු ලබන්නේ .

මෙය 1962 දී ඇමරිකානු සන්නිවේදන න්‍යායාචාර්ය සහ සමාජ විද්‍යාඥ එවරසට් රොජර්ස් විසින් ප්‍රචලිත කරන ලද න්‍යායක් බව සදහන් වේ.

එවරසට් රොජර්ස්

මේ ප්‍රධාන කොටස් පහකින් සමන්විත වේ.

1. Innovators: Those who are open to risks and the first to try new ideas

නව නිපැයුම හඳුන්වා දෙන අවස්ථාව

ඔවුන් නව නිෂ්පාදනයක් එහි අවදානම් නොතකා පිළිගනී. ඔවුන් සෑම විටම නව වෙළඳපල නිකුත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම කණ්ඩායම කුඩා වන අතර සමස්තයෙන් 2.5% ක් පමණි.

2. Early adopters: People who are interested in trying new technologies and establishing their utility in society

නව තාක්ෂණයන් අත්හදා බැලීමට සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් වන ඔවුන් නව නිෂ්පාදන අත්හදා බැලීමට කැමති තරුණ පරපුරයි.

මෙම න්‍යායට අනුව ඔවුන් පාරිභෝගිකයින්ගෙන් 13% නියෝජනය කරන බව සදහන් වේ.

3. Early majority: Those who pave the way for the use of an innovation within mainstream society and are part of the general population

ඔවුන් සාමාන්‍යයෙන් නවෝත්පාදනය අනුගමනය කිරීමට කැමති වීමට පෙර එය ක්‍රියාත්මක වන බවට සාක්ෂි දැකීමෙන් පසු නවෝත්පාදනයන් මිලදී ගන්නා පිරිසයි. ඔවුන් සාමාන්‍ය පාරිභෝගිකයින්ගෙන් 34%ක් නියෝජනය කරයි.

4. Late majority: People who follow the early majority into adopting the innovation as part of their daily life and are also part of the general population

ඔවුන් නව නිෂ්පාදනයක් පිළිගනු ලබන්නේ බොහෝ අය දැනටමත් ඔවුන්ගේ සමාජය තුළ  නව තාක්ෂණය භාවිතා කරන විට පමණි.

5. Laggards: People who lag behind the general population in adopting innovative products and new ideas

නව්‍ය නිෂ්පාදන සහ නව අදහස් අනුගමනය කිරීමේදී සාමාන්‍ය ජනතාවට වඩා පසුගාමී පුද්ගලයින්.

මෙතෙක් අපි කතා කරපු දේවල් සරලව ගත්තොත් පළමුව අප කතා කළේ වෙනස පිළිබඳවයි. එම  වෙනස නව්‍ය තාක්ෂණයට භාවිත කිරීමේ දී තාක්ෂණික කළමනාකරණය  ගැනත්  තාක්ෂණික කළමනාකරණය කියන මාතෘකාව ගැන කතා කරද්දි එහි සදහන් ප්‍රධාන න්‍යාය වන Diffusion of innovation theory ය සම්බන්ධවත් අප ඔබත් සමග කතාබහට ලක් කරා.

එසේ නම් ලබන සතියේදී ඔබේ ජීවිතයට වැදගත් වන මෙවැනිම මාතෘකාවක් සමග ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමු

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත

Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.

සැකසුම – බිනාලි රාජපක්ෂ

.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa