ලොවම උඩුයටිකුරු කළ Chat GPT

author
1 minute, 34 seconds Read

වර්තමානය වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක් වී තිබෙන, එමෙන්ම නවීන තාක්ෂණය සමග යාවත්කාලින වන පිරිස අතර වඩාත් ප්‍රචලිත මාතෘකාවක් ලෙස  Chat GPT( Generative Pre – Trained Transformer ) හැදින්විය හැකිය.

Chat GPT අයත් වනුයේ 2015 දී SAM Altman, Elon musk, Greg Brockman, Iya Sutskever සහ Wojciech Zaremba විසින් San Francisco හි ආරම්භ කරන ලද Open AI පර්යේෂණ සමාගමට වේ. පසුව එය 2022 නොවැම්බර් මාසයේදී Open AI විසින් වැඩි දියුණු කරන ලද  GPT-3 කෘතීම බුද්ධි භාෂා ආකෘතියෙන් බල ගැන්වෙන Chatbot ස්වරූපයෙන් ලෝකයට නිරාවරණය කරන ලදී. එනම් ප්‍රායෝගිකව අපට එය ස්වභාවික සංවාද පැවැත්වීම සදහා පුහුණු කර නිර්මාණය කරන ලද කෘතීම බුද්ධි සංවාදයක් ලෙසින් අර්ථ දැක්විය හැකිය.

මිලියන 175 කට අධික පරාමිතීන් සමගින් පරිවර්තනය සහ පෙළ උත්පාදනය වැනි විවිධ භාෂා පාදක කාර්යයන් ඉටු කිරීම සදහා විශාල පෙළ දත්ත ප්‍රමාණයක් මත මෙය පුහුණු කර තිබීම මෙහි ඇති විශේෂත්වයක් ලෙස හැදින්විය හැකිය. ඒ නිසාවෙන්ම මෙය විවිධ යෙදුම් සඳහා භාවිත කල හැකි සජීවී මානව නියෝජිතයෙක් ලෙසින් බලවත් මෙවලමක් ලෙස අර්ථ දැක්විය හැකිය.

Chat GPT හි භාවිතයන්

මෙමගින් ඔබට ඉතා පුළුල් පරාසයක මාතෘකා හා ශෛලීන් ඔස්සේ පෙළ ජනනය කිරීමේ හැකියාවක් පවතී. ඊට අමතරව  ගැටළු විශ්ලේෂණය මෙන්ම විවිධ විෂය පථයන් ඔස්සේ දිගහැරෙන ප්‍රශ්න සඳහා විසදුම් හෝ පිළිතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී. එමෙන්ම,

  • අධ්‍යාපනය
  • විද්‍යාව හා තාක්ෂනය
  • සමාජ විද්‍යාව
  • සෞඛ්‍ය හා වෛද්‍ය
  • නීතිය හා යුක්තිය
  • කලාව හා විනෝදය
  • ක්‍රීඩා හා යෝග්‍යතාවය 

වැනි ක්ෂේත්‍ර ඇතුළුව විවිධ විෂය පථයන් රාශියක් පුරා තොරතුරු පිරික්සීමට මේ තුලින් ඉඩ සලසා දී තිබේ.

එමෙන්ම වර්තමානය  වන විට මෙය සමාජ ජාල සදහා ආකර්ෂණීය පල කිරීම් සහ පණිවිඩ ජනනය කිරීමට භාවිත කල හැකිය.  මේ අනුව එදිනෙදා ජීවිතේදී  අපට ,

  • ඉගෙනුම් ආධාරකයක් ලෙසත්
  • සංකීර්ණ  මාතෘකා පැහැදිලි කිරීමට
  • කේත ලිවීමට , දොස්හැරණයට සහ පැහැදිලි කිරීමට
  • බහු භාෂා වලින් අන්තර්ගතයන් සෑදීමට
  • කතා බස් සහකරුවෙක් ලෙසද  Chat GPT භාවිත කිරීමට හැකියාව පවතී.

Chat GPT භාවිත කරන්නේ කෙසේද?

ඉහත කරුණු සලකා බැලූ  විට Chat GPT යනු Transfer Architecture “ මත පදනම් වූ උත්පාදක භාෂා ආකෘතියකි. මෙය පරිශීලනය කිරීම සදහා GPT විශාල පෙළක් මත පුහුණු කල යුතුය.

උදාහරණයක්  ලෙස , GPT –3 ආකෘතිය පුහුණු කරන ලද්දේ ලේඛන මිලියන 8 කට අධික ප්‍රමාණයක් සහ වචන බිලියන 10 කට අධික ප්‍රමාණයක් ඇතුලත් පෙළ කට්ටලයක් මතය.

මෙහිදී Chat GPT භාවිත කරන්නා විසින් සපයන ලද ආදාන විමසුම් මත පදනම්ව මානව වැකි පෙළ ජනනය කිරීමට සහාය වීම සදහාත්, එමෙන්ම ස්වභාවික භාෂා සැකසීම (NLP -Natural Language Processing ) සදහාත් පුහුණු කර ඇත .ඒ අනුව මෙම ආකෘතිය  හොදින් පුහුණු වූ පසු ඉතා පුළුල්  පරාසයක කාර්යයන් ඉටු කිරීමට  භාවිත කල හැකි වේ.

මෙහිදී ඔවුන් සලකා බැලු ප්‍රධානම සාධකය වුයේ සංසන්දනාත්මකව දත්ත එකතු කිරීමයි. මෙය ගුණාත්මකභාවයෙන් ශ්‍රේණිගත කරන ලද ආකෘති ප්‍රතිචාර දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වේ. මේ ආකාරයට  ඔවුන් පුහුණුකරුවන් Chat GPT සමග කල සංවාද කිහිපයක් අතරින් අහඹු ලෙස තෝරාගත්  අතර ඉහත ශ්‍රේණිගත කිරීම් සදහා විවිධ අවස්ථාවන්හිදී පර්යේෂණ කරන ලදී.

මේ වන විට Chat GPT පිළිබඳව දළ අදහසක් මෙම ලිපිය මගින් ඔබ ලබාගෙන ඇතැයි සිතමි.

 කෙසේ නමුත් Open AI  විසින් වැඩි දියුණු කරන ලද අතර එය Web Browser වල පොදු භාවිතය සදහා ලබා ගත හැකිය.

එය chat.openai.com වෙබ් අඩවියේ භාවිත කල හැකිය. Chat GPT බලගන්වන්නේ විශාල භාෂා ආකෘතියක් වන LLM (Large Language Models) මගිනි. මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ට සමාන ප්‍රතිචාර තේරුම් ගැනීමට Chat GPT සමත් බවයි. Open AI, Chat GPT නිර්මාණය කර ඇත්තේ ඕනෑම වයසක අයෙකුට භාවිත කල හැකි ආකාරයට වීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස සදහන් කල හැකිය.

නමුත්  Open AI නිෂ්පාදකයන් තවමත් එහි යෙදුම් අනුවාදය දියත් කර නොමැත. එබැවින්, එය භාවිත කිරීමට  ඔබට  Open AI වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය.

මෙම Chat GPT  Platform  එක තුලට පිවිසුණු පසු  messaging platform එකක් අපට දැකගත හැකිවේ. ඉන්පසුව පරිශීලකයාට සංවාදයකට එලබීමට  හැකි අයුරින් Chatbox එකක් ලබාදීමක් සිදු වේ. ඉන්පසුව පරිශීලකයා ලබාදෙන ආදනයන් මත පෙළ සැකසුම් සිදු වේ.

උදා:  ඔබ යම්කිසි විෂයකට අදාල වූ පැවරුමක් පිලිබදව  සංවාදය ආරම්භ කළහොත් ඒ හා සම්බන්ධ සියලුම තොරතුරු ඔබට ලබා ගැනීමට හැකියාවක් පවතී.

එමෙන්ම මෙහි යම්කිසි දුරකට සීමාවන් පවතී. Chatbot එකක මූලික කාර්යය මානව සංවාද කරන්නෙකු අනුකරණය කිරීම වුවද, Chat GPT  බහුකාර්ය වේ. BBC ට අනුව , 2022 දෙසැම්බර්  වන විට Chat GPT  හට දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදීමට අවසර නැත. කෙසේ නමුත් විවිධ ක්ෂේත්‍රයන් තුළ Chat GPT  භාවිත කලද, එය අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කෙතරම් දුරට සාර්ථකත්වයට පත්ව ඇත්ද යන්න කරුණු විමසා බැලීම මෙම ලිපියෙහි ප්‍රධානතම අරමුණක් ලෙස සැලකිය හැකිය.

Chat GPT අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කෙතරම් දුරට සාර්ථකද?

Chat GPT යනු පුළුල් පරාසයක මාතෘකා පිළිබඳව තොරතුරු සැපයීමට සහ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි AI බලයෙන් ක්‍රියාත්මක වන සංවාද මෙවලමකි. වර්තමානය වන විට සිසුන් විශාල පිරිසක් Chat GPT හරහා තම ඉගෙනුම් කටයුතු කිරීමට නැඹුරුතාවයක් දක්වයි. විශේෂයෙන්ම ඇතැම් රටවල විශ්ව විද්‍යාල සිසුන් තම පර්යේෂණ කටයුතු සදහා Chat GPT යොදා ගැනීමට පෙළඹ තිබේ.  ඉතා කෙටි කාලයක් ඇතුලත ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි වුවද, එමගින්  සිසුන් ප්‍රයෝගිකව යමක් ඉගෙනීමට නැඹුරුවන අවස්ථාව අල්ප වේ.

මෙහිදී ඔවුන් යම්කිසි රාමුවක් තුළ පමණක් තොරතුරු හා දත්ත ලබා ගැනීමක් සිදු වේ. එම රාමුවෙන් පිටත දෙයක් සිතීමට ඔවුන් නැඹුරුවක් නොදක්වයි. කෙටි කලක් තුල තමන්ගේ ඉලක්ක සපුරාලීමට  සිසුන් Chat GPT යොදා ගත්තද  එමගින් සිසුන් අලුතින් යමක් සිතීමට , අලුතින් දෙයක් සොයා බලා කිරීමට මැලිකමක් දක්වයි.

විශේෂඥයන් පවසන්නේ Chat GPT වැනි කෘත්‍රිම බුද්ධිමය Chatbot සිසුන්ට උගන්වන සහ අධ්‍යයනය කරන ආකාරය වෙනස් කරන බවයි. සිසුන් බොහෝ විට සමාජ මාධ්‍ය හරහා තථ්‍ය කාලීනව නව AI තාක්‍ෂණය ගැන ඉක්මනින් ඉගෙන ගන්නා අතර නව ක්‍රම අත්හදා බැලීමට උනන්දු වේ. Chat bot සමඟ සංවාදාත්මක අන්තර්ක්‍රියා තුළින් සිසුන්ට ඔවුන්ගේ භාෂා හැකියාවන් ඉගෙනීමට සහ පුහුණු කිරීමට උපකාර කිරීම සඳහා ඉගැන්වීමේ මෙවලමක් ලෙස Chat GPT භාවිතා කළ හැකිය. Chatbot හි ප්‍රතිචාර විශේෂිත භාෂා ඉගෙනුම් විෂය මාලාවකට ගැලපෙන පරිදි සකස් කළ හැකි අතර, සිසුන්ට පුද්ගලාරෝපිත අධ්‍යාපනයක් ලබා දෙයි.

එමෙන්ම එය පර්යේෂණ මෙවලමක් ලෙස ද භාවිතා කළ හැකිය. එය පර්යේෂකයන්ට වාචික අන්තර්ක්‍රියා සහ භාෂා භාවිතය විශ්ලේෂණය කිරීමට සහ අවබෝධ කර ගැනීමට සහාය විය හැක. Chat GPT හි ඇති විය හැකි එක් අඩුපාඩුවක් නම් එය ගුරුවරුන් සහ සිසුන් අතර මුහුණට මුහුණ ලා අන්තර් ක්‍රියා අඩු කළ හැකි වීමයි.

Chat bot හි ප්‍රතිචාර සෑම විටම නිරවද්‍ය හෝ අර්ථවත් නොවීමට ඉඩ ඇත. ප්‍රතිචාර සැපයීම සඳහා චැට්බෝට් ස්වභාවික භාෂා සැකසුම් භාවිතා කළද,  සියුම් හා සංකීර්ණතා තේරුම් ගැනීමට එයට නොහැකි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යයා ව්‍යාකූලත්වයට හෝ වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.

මේ සම්බන්ධයෙන් මෑතකදී ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පල කර තිබූ අදහසක් පිලිබදව සමාජය තුළ විශේෂ කතා බහකට ලක් විය.

එනම්, රචනා ලිවීමට AI භාවිතා කළ සිසුන් හසුවීමෙන් පසු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල නැවත ‘පෑන සහ කඩදාසි’ විභාගවලට යෑමට තීරණය කර තිබේ. සිසුන් රචනා ලිවීම සඳහා නැගී එන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතා කරයි යන බිය මධ්‍යයේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විභාග සහ අනෙකුත් ඇගයීම් පවත්වන ආකාරය වෙනස් කිරීමට බල කෙරී ඇත.එනම් Chat GPT  ශිෂ්‍ය ඉගෙනීම කෙරෙහි ඍණාත්මක බලපෑමක්  ඇති කරන ආකාරය ඔවුන් වැඩිදුරටත් මෙහිදී සදහන් කර තිබේ.

Chat GPT ඉගෙනුම් ක්ෂේත්‍රය තුල වටිනා සම්පතක් විය හැකි නමුත්, එය විධිමත් අධ්‍යාපනය සදහා ආදේශකයක් නොවේ. එමගින් ඉගෙනීම සදහා ව්‍යුහගත  හා පුළුල් ප්‍රවේශයක් සපයනු ලැබුවද, එය විධිමත් අධ්‍යාපනය සදහා ආදේශකයක් නොවේ. එයට මූලිකම හේතුව වනුයේ විධිමත් අධ්‍යාපනයට විවේචනාත්මක චින්තනය, ගැටළු විසදීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කිරීම සදහා  නිර්මාණය කර ඇති දේශනා, පැවරුම් සහ ඇගයීම් වැනි උපදේශන උපාය මාර්ග රාශියක් ඇතුලත් වේ.

ඉතා දියුණු මට්ටමේ තාක්ෂණයක් වුවද Chat GPT  වැනි කෘතීම බුද්ධිය නිසා අධ්‍යාපන මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර තුලද බොහෝ විට මෙවැනි ගැටලුකාරී තත්වයන් ඇති විය හැකිය. නමුත් නිවැරදි ආකාරයට මෙම තාක්ෂණය උපයෝගී කරගැනීම තුළින් අනාගතයේ විශාල වෙනස්කම් රැසක් ඇතිකරලීමට හැකිවේ.

සාකච්ඡා කලේ –

Madara Lahiruni Bandarigodage

IT Instructor – School of ICT | NIIBS

Nāgānanda International Institute for Buddhist Studies (NIIBS)

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa