සුව දිවියකට ආයුර්වේදය හා කොළකැඳ – 01 කොටස

author
0 minutes, 0 seconds Read

“පථ්‍යාහාර විහාරාභ්‍යම්
කාය මානස කල්‍යතා
මිථ්‍යාහාර විහාරාභ්‍යම්
රෝගශ්චාප්‍යුපජායතේ “

පථ්‍ය හෙවත් යහපත් ආහාර හා විහරණ, ඖෂධ සේවනයෙන් මිනිසාගෙ කායික, මානසික සුවය ඇතිවන අතර එකිනෙකට විරුද්ධ වූ දෝශ සහිත ආහාර විහරණ මගින් මිනිසා රෝගී වන බවත් මෙමගින් අර්ථවත් කෙරේ.

“ආරෝග්‍යා පරමා ලාභා සංතුෂ්ටී පරමං ධනං”

නිරෝගී බව යනු, මිනිසෙකු ලද හැකි පරම ලාභයයි. ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික නිරෝගී සෞඛ්‍ය සම්පන්න බවින් යුත් සමාජයක් රට ජාතියට මහත් වූ භාග්‍යයකි.

වසර ගණනාවක් මුළුල්ලේ විකාශනය වෙමින් පැමිණි වේද යුගයේදී පටන්ගත් ආයුර්වේදය මානවයාගේ නිරෝගී බව රැකගනීමට මහත් සේ උපකාරී වී ඇත. දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන මිනිසා ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර්වර්ග සම්පත්තිය ලගා කරගැනීම අවශ්‍ය වේ.

නිරෝගී වීමට නම් සමතුලිත ආහාරයක් ගත යුතු වන අතර සෑම විටම මාත්‍රාවකට අනුව ආහාර ගත යුතු වේ. සම්පූර්ණයෙන් හිස්ව ඇති ආමශයෙන් අඩක් ආහාර ද, ඉතිරි අඩෙන් හරි අඩක් වතුර ද, ඉතිරි ප්‍රමාණය හිස්ව ද තැබිය යුතුය. ස්වභාවික ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරයෙ නිරෝගී බව වැඩි වී ශරීර බලය, ශක්තිය, වර්ණය ද වර්ධනය වේ.

ආයුර්වේදයට අනුව ආහාරයේ රස වර්ග හයකි.

1. මධුර
2. අම්ල
3. ලවණ
4. කටුක
5. තික්ත
6. කශාය

ත්‍රිදෝශයන්ගේ සමතාවයට මෙකී රසයන් ප්‍රයොජනවත් වේ. මධුර, අම්ල, ලවණ යන රසයන් වාතය කෝප කරන අතර සෙම සංසිදුවයි. කටුක, අම්ල, ලවණ යන රස තුන පිත කුපිත කරයි. මධුර්, තික්ත, කශාය යන රසයන් පිත සංසිදුවයි.

“සමදෝෂ: සමාග්නිශ් ච
සමධාතු මල: ක්‍රියා
ප්‍රසන්නයාත්මෙන්ද්‍රීය මන:
ස්වස්ථ ඉථ්‍යා භි ධීයතේ”

ආයුර්වේදානුකූලව වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන්හි සමතුලිත බවත්, රස,රක්ත,මාංශ,මේදස්,අස්ථි,මජ්ජා,ශුක්‍ර යන සප්ත ධාතුන්ගේ මනා වූ පෝෂණයත්, ප්‍රසන්න වූ ඉන්ද්‍රියයන්, ආත්ම හා මනසකින් ද යුක්ත වූ පුද්ගලයා ස්වස්ථයෙකු හෙවත් නිරෝගී පුද්ගලයෙකු ලෙස ආයුර්වේදයේ හදුන්වා දී ඇත. මේ සදහා කොළකැඳ පානය ඉතාමත් වැදගත් වන අතර එය ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේදී ශරීර සුවයට හා රෝග සුවයට නිර්දේශ කර ඇත.

එසේනම් ලබන ස්තියේදී අප බලාපොරොත්තු වන්නේ දේශීය වෙදකමේදී ශරීර සුවයට හා රෝග සුවයට නිර්දේශ කර ඇති කොළකැඳ මොනවාද යන්න ඔබව දැනුවත් කිරීමටයි.

සටහන –

පී. කේ. චමාෂි දමින්ද්‍රා රණවීර
ආයුර්වේද වෛද්‍ය
චීන කටු චිකිත්සක
මනෝ උපදේශිකා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa