ජොසෆින් බේකර් (Josephin Baker) ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක්. නර්තන හා රංගන ශිල්පිනියක් ලෙස දැවැන්ත සාර්ථකත්වයක් ලැබූ ඇය දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රංශ ඔත්තුකාරියජ් ලෙස ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රශංසනීය කාර්යයක් සිදුකල චරිතයක් ලෙස පසුකලක ලොවපුරා ආදරයට ගෞරවයට පාත්‍ර වුණා. ප්‍රංශ ඉතිහාසයේ වඩාත් සාර්ථකම අප්‍රිකානු-ඇමරිකානු රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු අතරින් ප්‍රධානම ශිල්පිනියක් ලෙස ඇය ඉතිහාසගත එක් වී තිබීම විශේෂත්වයකි.
1906 වර්ෂයේ ජුනි 3 වන දින ඇය ෆ්‍රෙඩා ජොසෆින් මැක්ඩොනල්ඩ් (Freda Josephin Macdonald) නමින් ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරිහි ශාන්ත ලුවිස්හි (St Louise, Missouri) උපත ලබා තිබේ. ඇගේ දෙමව්පියන් වීදී හා වේදිකා රංගනයන් හී නිරතවූ ශිල්පීන් වන අතර ඔවුන් එතරම් සාර්ථක ජීවිකාවක් ගත නොකල අයයි. කුඩා කල සිටම ජොසෆින්ට වෙනත් රැකියාවක් කිරීමට හුරුකරල නමුත් ඇය සාර්ථක නොවූ අතර ඇය සිය දෙමව්පියන් මෙන් වීදිවල නර්තනයේ යෙදෙමින් මුදල් එකතු කරන්නට දැඩි ආශාවක් දක්වා තිබුණි.

ඇගේ කුඩා කාලය ඉතාමත් අමිහිරි අත්දැකීම් වලින් පිරුණු එකක් විය. ශාන්ත ලුවිස්හී කලු ජාතිකයන් විශාල වශයෙන් තාඩන පීඩන වලට ලක්වූ අතර සුදු හම ඇති වර්ණභේදවාදීන් ඔවුන්ගේ නිවාස ගිනිබත් කරමින් ප්‍රචණ්ඩ පරිසරයක් එහි නිර්මාණය කර තිබුණි. කුසට සරිලන ආහාරයක් නොමැතිව ඇය කුසගින්නේ සිටි දවස් ගණනය කල නොහැකි තරම් ප්‍රමාණයක් තිබුණි. වයස අවුරුදු 12දී පාසැල් අධ්‍යාපනයට සමුදුන් ඇය අවන්හල් සේවිකාවක් ලෙස රැකියාවක නිරත වුණි. දිගටම වීදි නර්තනය ද සිදුකල ඇයට විලී වෙල්ස් (Willie Wells) නම් තරුණයා මුණගැසුනු අතර වයස අවුරුදු 13දී ඇය ඔහු හා විවාහ වුණි. නමුත් මෙම වුවාහය පැවතුනේ වසරක් පමණයි.

ජොසෆින් ක්‍රමයෙන් තරුණ වියට පැමිණෙන විට ඇගේ හැකියාවන් එවකට ශාන්‍ත ලුවිස්හී සිටි ජනප්‍රිය නර්තන කණ්ඩායමක් වූ ජෝන්ස් ෆැමිලි බෑන්ඩ් (Jones Family Band) නම් නර්තන කණ්ඩායමේ අවධානයට ලක්වූ අතර ඇයට ඔවුන් සමග කණ්ඩායමට එකතු වන ලෙස ආරාධනාවක් ලැබුණි. මව්පියන්ගේ කැමැත්තෙන් එය සිදුකල නොහැකි බව හොදින් දැන සිටි ඇය නිවසින් පැනගොස් ඔවුන් සමග එක්විය. එවකට ඇගේ වයස අවුරුදු 15ක් පමණක් බවයි වාර්තා තුල සදහන් වන්නේ. මෙම නර්තන කණ්ඩායම සමග කටයුතු කරමින් සිටින අවදියේදී ඇය නැවත විවාහයබ පත් වූ අතර ඒ ඇයට නර්තන කණ්ඩායමෙන් හමු වූ තරුණයෙකු වූ විලියම් හොවාඩ් බේකර් (William Howard Baker) සමගයි. ජොසෆින් හා විලියම් අතර විවාහය පැවතුනේද වසර 4ක් පමණයි. නමුත් ඇය ඔහුට අසීමිත ගෞරවයක් දැක්වූවා. ඒ නිසාම ඇය ඔහුගේ වාසගම දික්කසාදයෙන් පසුවත් ඇය මියයන තුරුම භාවිතා කොට තිබුණි. ඒ අනුව තමයි ඇය ජොසෆින් බේකර් ලෙස පසුකාලීනව ප්‍රසිද්ධියට පත් විය.
නර්තනයෙන් ඇය දක්වන ලද දක්ෂතා අති විශිෂ්ඨයි මෙන්ම අද්විතීයයි. ඒ ලෙසම ඇගේ සුන්දර සිහින් සිරුරේ තිබුනු ලාලිත්‍ය දකින ඕණෑම අයෙකුගේ සිත් සොරා ගැනීමට සමත් වුණි. 20 වන සියවසේ ජනප්‍රිය නාට්‍ය කලාවක් වූ වවුඩෙවිල් නාට්‍ය (Vaudeville shows) ශිල්පිනියක් ලෙස ඇය වඩාත් සාර්ථක වුණි. අවසානයේදී ඇය නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය වූ අතර එවකට මෙන්ම අද දක්වා රග දැක්වෙන Harlem Renaissance හා Celebration of black life නම් ප්‍රකට කලා නිර්මාණ වලට එහිදී ඇයට රංගනයෙන් දායක වීමට අවස්තාව උදා වුණි.

ඇගේ සාර්ථකත්වය එවකට කලාකරුවන්ගේ නගරය ලෙස සැලකූ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ඇයව රැගෙන ගිය අතර බේකර් ඇගේ සුවිශේෂී නර්තන විලාසය සහ අද්විතීය ඇඳුම් පැළඳුම් නිසා වඩාත් ඉල්ලූම ඇති රංගන ශිල්පිනියක් බවට පත්විය. ඇගේ ප්‍රේක්ෂකයින් වැඩි වශයෙන් සුදු ජාතිකයින් වුවද, බේකර්ගේ රංගනයන් අප්‍රිකානු තේමාවන් සහ ශෛලීන් අනුගමනය කොට තිබුණි. ඇගේ සුප්‍රසිද්ධ ප්‍රසංගය වන Danse Sauvage (Savage Dance) හී ඇය කෙසෙල් ගෙඩි වලින් සෑදූ සායක් (Banana Skirt) ඇඳ වේදිකාව පුරා කල නර්තනය පැරීසිය පුරා ඉතාමත් ජනප්‍රිය විය. ජොසෆින් බේකර් බහුවිධ දක්ෂතා දැක්වූ අතර, ඇය නැටුම් හා ගායනය නිසා එවකට වැඩි ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.
ප්‍රංශයේදී ඇය ඇගේ ජනප්‍රියත්වයේ එලිපෙත්තටම ගෙනගිය අතර ඇය යුරෝපයේ වඩාත් ජනප්‍රියම නර්තන ශිල්පිනියක් බවට පත්විය. මෙම වකවානුවේ දෙවන ලෝක යුද්ධයේ දරුණුම ප්‍රචණ්ඩත්වයට ප්‍රංශය මුහුණ දෙමින් සිටි අතර 1939 වසරේදී ජර්මානු හමුදාව පැරීසියට ඇතුල් විය. එම සිදුවීමට පෙර ප්‍රංශ රහස් ඔත්තු සේවයේ කපිතාන් Jacques Abtey, ජොසෆින් වෙත පැමිණ ඇය මුනගැසී තිබුණි. ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රංශය සිය අධිපත්‍යයෙන් ගිලිහෙමින් පවතින බවත් පැරීසිය යටත් වුවහොත් ඔත්තු සපයන්නියක් ලෙස ඇගේ සේවය ප්‍රංශයට අවශ්‍ය බවයි. මෙම ආරාධනාව පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශ බුද්ධි අංශ මාතා හාරි (Matha Hari) නම් ප්‍රකට නලගන සේවයේ යෙදවීම හා සමාන ආරාධනාවක් වූ නමුත් මාතා හාරිට අවසානයේ සිදුවූ දේ පිළිබදව ගැටලු කිහිපයක් පවතී.
ප්‍රංශයට ඇති ලෙන්ගතුකම නිසාවෙන් ජොසෆින් එම ඉල්ලීම භාරගන්නා ලදී. ඇය ජර්මානුවන් ඇතුල්වීමෙන් පසු ඔවුන්ගේ රසස්වාදය වෙනුවෙන් එම නිලධාරීන්ගේ ලැගුම් හල්, කදවුරු හා නිවාස වල රංගනයේ යෙදුනු අතර ඇය දකින අසන සියලු යුධ තොරතුරු ඇය සංගීත තනු හා වචන ලියූ පත්‍රිකාවල නොපෙනෙන තීන්තයකින් ලියා ප්‍රංශ බුද්ධි අංශවෙත යැවූ බව මූලාශ්‍ර සදහන් කරයි. ඇය විසින් ඉතා කෙටි කලක් තුල යුධ රහස් විශාල ප්‍රමාණයක් ප්‍රංශ ඔත්තු සේවා වෙත අනාවරණය කර තිබූ අතර ඇගේ කාර්ය යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රංශ බුද්ධි අංශයේ දැඩි ගෞරවයට හා ඇගයීමට ලක්විය. ඇය විසින් කරන ලද කැපකිරීම හුදෙක් ඇගේ ලිංගිකත්වය අභිබවා ගොස් තිබූ අතර සුළු අත්වැරදීමකින් තමාට භයානක මරණයකට ලක්වීමට සිදුවන බව දැනදැන ඇය තමන්ට පැවරූ කාර්යය දැඩි කැපවීමකින් යුතුව ඉටුකරනු ලැබීය.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජොසෆින් නැවත සිය මව් රට වූ එක්සත් ජනපදයට පැමිණි අතර ඒ වර්ෂ 1950දී. නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමත් සමග ඇයට තමා පෙර අත් නොවිදි අත්දැකීම් කිහිපයකට මුහුණ දීමට සිදුවුනි. ඇගේ නිර්මාණ රස විදීමට විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් එක්වූ නමුත් ඇයට බොහෝ ප්‍රසංග සංවිධායකයන් හා සමාජශාලා හිමියන් ආරධනා කලේ සුදු ජාතියකයන් හෝ කලු ජාතිකයන් පමණක් සහභාගී වූ සංදර්ශන සදහායි. මෙලෙස කලු ජාතිකයන්ට පමණක් හෝ සුදු ජාතිකයන්ට පමණක් ලෙස ප්‍රසංග බෙදා වෙන්කර සංවිධානය කිරීම ජොසෆින් බේකර්ට ගෙන ආවේ දරාගැනීමට අසීරු සිත් වේදනාවකි. පසුව ඇය මෙලෙස කලු සුදු ලෙස ජාතීන් බෙදා වෙන්කිරීමට එරෙහිව හඩ නැගූ අතර ඇය එවැනි ප්‍රසංග සදහා සහභාගීවීම දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇය කළු ජාතිකයන්ට ඇතුල්වීමට අවසර නොදුන් අවන්හල්, සමාජශාලා හා ආයතන වලට සෘජුව සිය විරෝධය දැක්වූ අතර ඇගේ ජන්ප්‍රියත්වය අභිබවමින් වර්ණ වාදය ඉස්මතු වී ඇයට සමහර ප්‍රකට ආපනශාලා වෙත ඇතුල්වීමට අවසර නොදුන් බවද වාර්තා තුල සදහන් වේ. ඇගේ මෙම විරෝධය එවකට ප්‍රකට සංවිධානයක් වූ National Association for the Advancement of Colored People (NAACP) විසින් පසුව ඇගයීමට ලක් කරනු ලැබීය.
ඇය 1963 වර්ෂයේ මාර්තු මාසයේදී වොෂින්ටනයේ පැවති රැකියා හා නිදහස සදහා වූ ප්‍රකට රැලිය ඇමතූ කාන්තාවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු බවටද පත් විය. ඇය දිගින් දිගටම කලු ජාතිකයන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අතර තම ප්‍රසිද්ධිය ජාතියේ සුභසාධන වෙනුවෙන් භාවිතා කල අතලොස්සක් වූ වීරවරියන්ගෙන් කෙනෙකු ලෙස අදටත් ඇයව ගෞරවයට පාත්‍ර වේ. එදා එම රැලිය අමතා ඇය කල කතාවේ ඇය මෙලෙස සදහන් කරන ලදී.

“මිත්‍රවරුනි මා රජවරුන්ගේ හා බිසෝවරුන්ගේ මාළිගා ජනාධිපතිවරුන්ගේ නිවෙස් ආදී බොහෝ ස්තානවලට ගොස් ඇත්තෙමි. (නර්තන ශිල්පිනියක් ලෙස) නමුත් නැවත ඇමරිකාවට පැමිණි මට ආපනශාලාවකින් කෝපි කෝප්පයක් ලබා ගැනීම තහනම් වූවා. එය මා අපහසුතාවයට පත් කලා මෙන්ම මා දැඩිව කම්පනයට ලක් කලා”
ඇය කලු ජාතික කාන්තාවක් වූ බැවින් ඇය සිය මව් රට තුල අත්දැකි අමිහිරි අත්දැකීම් විස්තර කරමින් ඇය එදා කරන ලද එම දේෂණය ලොව බොහෝ කතා බහට ලක්වුනි. ජොසෆින් බේකර් 1970 දශකය දක්වා වාර්ගික අසාධාරණයන්ට එරෙහිව සටන් මෙහෙය වූ අතර ඇගේ පෞද්ගලික ජීවිතය ඇගේ දේශපාලන න්‍යාය පත්‍රයට මනාවට සාක්ෂි දරයි. ඇය සිය වෘත්තිය කාලය තුළ විවිධ රටවලින් දරුවන් 13 දෙනෙකු දරුකමට හදා ගත් අතර ඇය තම පවුල “දේදුන්න ගෝත්‍රය (Rainbow Tribe)” ලෙස හැඳින්වූ අතර වාර්ගික හා සංස්කෘතික සමගිය පැවතිය හැකි බව පෙන්වීමට තම දරුවන් වීදි සටන් වෙත ඇය රැගෙන ගියා. අද ඇමරිකාවේ කළු ජාතිකයන් යම් නිදහසක් අත්විදීද එම ජයග්‍රහණය වල ප්‍රධාන කොටස්කාරියක් ලෙස ජොසෆින් බේකර්ගේ නම රන් අකුරුන් ලියවී තිබේ. තම ජනතාව වෙනුවෙන් මෙන්ම ප්‍රංශයේ නිදහස වෙනුවෙන්ද විශාල සේවයක් කල ඇය 1975 වසරේ මියැදුනේ ප්‍රංශයේ මෙන්ම ඇමරිකානු කලු ජාතිකන් අතරත් වීර කාන්තාවක් බවට පත් වෙමිනි.
සටහන –
මනුජිත් අබේරත්න
