ඉපැරණි ව්‍යායාමයක් සහ භාවනාවක් වන යෝගා වර්තමාන කාර්යබහුල සමාජය තුළ වඩ වඩාත් ජනප්‍රියත්වයට පත් වී ඇත. ඒ මන්දයත් බොහෝ අය ශරීරයට සහ මානසට සුව ගෙනදෙන ව්‍යායාමයක් වශයෙන් යෝගා වල නියැලීමයි.
එසේනම් අද අප බලාපොරොත්තු වන්නේ ජීවිතයට සෝදන යෝගා යන මාතෘකාව යටතේ යෝගාමාලාවන් පිළිබඳව ඉතාම වටිනා කරුණු රැසක් ඉදිරිපත් කිරීමටයි.
යෝග යනු කුමක්ද?
යෝග යන වචනය ගත් කල එය අවුරුදු 5000 දක්වා අතීතයට දිවයන්නකි. ඉන්දියාවෙන් ලොව පුරා ගෙන ගිය ප්‍රබල වචනයක් ලෙස යෝග හැඳින්විය හැකිය. යෝග යනු කුමක්ද ඇසූ කල ලොව පුරා විවිධ මතවාද පවතී . මන්ද අතීතයේ ඉන්දියාවේ පැවති විවිධ ගුරුකුලවල බලපෑම් විවිධ ඓතිහාසික බලපෑම්, සංස්කෘතික බලපෑම්, යනාදිය කාලයක් තිස්සේ පැවතිම නිසා වෙනස් වූ දේවල් මත ලොව පුරා යෝග පිළිබඳව විවිධ මතවාද ගොඩනැගී ඇත.

යෝග යනු කුමක්ද යන්න නිවැරදි අදහසක් ලබා ගැනීම සඳහා යෝග දර්ශනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. යෝග පිළිබඳ විවිධ මූ ග්‍රන්ථ ඇතත් ඒ අතුරින් පතාන්ජලී යෝග සූත්‍රයට හිමිවන්නේ වැදගත් තැනකි.
පතාංජලී යෝග සූත්‍රයට අනුව යෝගා යනු “යෝගේෂ් චිත්ත වෘති නිරෝධා – yogas chitta vritti nirodha” යනුවෙන් සඳහන් කර ඇත. චිත්ත යනු අපේ සිතයි, වෘති යනු අපගේ සිත තුළ ඇතිවන වේදනාවන් චිත්තරූප සංඥා සිතුවිලි වල ස්වභාවයට අනුව අපගේ සිත මුලාවී ක්‍රියා කරන ස්වභාවයයි. නිරෝධ කිරීම යනු සිතට දැනෙන දේවල්වල යථා ස්වභාවය දැනගෙන එම දේවල් වලින් නිදහස්ව සිත පවත්වා ගැනීමේ හැකියාවයි.

මෙහිදී පතාංජලී යෝග සූත්‍රයට අනුව අපගේ සිත දේවල්වලට මුලාවී ක්‍රියා කරන ස්වභාවයෙන් නිදහස් කර ගැනීමෙන් පසුව අප තුළ ඇතිවන සිතේ මුල් ස්වභාවය සමඟ ඒකාත්මික වී සිටීමට එහෙම නැත්නම් ජීවත්වීමට හැකිවීමයි.
එමෙන් යෝග යනු සංස්කෘතික වචනයකි. “YUJ” ,එහි තේරුම නම් ඒකාත්මිකතාව (UNION) එනම් ශාරීරික මානසික හා අධ්‍යාත්මික ඒකාත්මිකතාව යෝග යනුවෙන් හැඳින්වේ. එනම් ශාරීරික මානසික හා අධ්‍යාත්මික ඒකාත්මිකතාවේ කරා යන මාර්ගයක් ලෙස යෝග හැඳින්වේ.
එමෙන්ම යෝග පුද්ගලික සවිඥානිකත්වයේ සහ විශ්වය සවිඥානිකත්වය ඒකාත්මික වීම ලෙසද හැඳින්වේ. (Yoga jivatma paramatmano Eikyam – maha nirvan thantra)
මේ අනුව යෝගා යනු ශාරීරික ව්‍යායාමවලින් එහා ගිය නිරෝගිමත්, සතුටින් හා සාමකාමීව ජීවත්වීමට පුරාණයේ සිට පැවත එන දැනුම පද්ධතියක් හෙවත් ඥානයක් ලෙස යෝග හැඳින්විය හැක.

යෝගා පිළිබඳ පොදු මිථ්‍යාවන්
අද වන විට සමාජයේ යෝගා පිළිබඳ බොහෝ මිථ්‍යාවන් පැතිර පවතී. ඒ අතුරින්
යෝගා යනු නම්‍යශීලී පුද්ගලයන් සඳහා පමණි.
යෝගාවල ඇති මිත්‍යා මතයක් නම් යෝගා යනු නම්‍යශීලී පුද්ගලයන් සඳහා පමණි යන්න. යෝගා වලදී තරඟයක් නොමැති අතර කෙනෙක්ට වඩා කෙනෙක් නම්‍යශීලී වීම සාමාන්‍ය වේ. නම්‍යශීලීත්වය උපරිම වීමෙන් පමණක් ඔබට හොඳ යෝගියෙක් වීමට නොහැක. කාලය සහ පුහුණුවත් සමඟ නම්‍යශීලීත්වය දියුණු කරගත හැකිය.
යෝගා යනු ආගමික කටයුත්තකි.
යෝග සම්බන්ධව ඇති තවත් මිත්‍යා මතයක් නම් යෝග පැවත එන්නේ හින්දු ආගමෙන් යන්නය. හින්දු යන නම ගොඩනැගී ඇත්තේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මත ගොඩනැගුණු බැවිනි. ඉන්දු යන වචනය පසුකාලීනව හින්දු ලෙස නම් කළ නමුත් මෙහි සඳහන් වන්නේ හින්දු ආගම නොව ඉන්දු නම් සංස්කෘතික භූගෝලීය ප්‍රදේශයක් හැඳින්වීමටය. යෝග යනු තාක්ෂණයකි. එය ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය.
යෝගා සිහින් සිරුරක් හිමි අය සඳහා පමණක් සුදුසු වේ.
මෙයද මිත්‍යා මතයකි. අද සමාජයේ යෝගා වලට වැඩි නැඹුරු වීමක් දැකිය හැකිය. මෙහිදී විවිද බරින් පුද්ගලයන් විවිද වයසින් පුද්ගලයන් විවිද නම්‍යශිලිත්වයෙන් යෝගාවලට යොමු වීමක් දැකිය හැකිය. එමෙන්ම භාවිතා කිරීම මගින් ඕනෑම ආකාරයක සිරුරක් හිමි පුද්ගලයකුට උවද යෝගාසන පුහුණු විය හැක.නිසා යෝගා සිහින් සිරුරක් හිමි අය සඳහා පමණක් සුදුසු වේ යන්න මිත්‍යා මතයක් බව පැහැදිලි වේ.
යෝගා පොතකින් හෝ වෙබ් අඩවියකින් ඉගෙන ගත හැක.
යෝගා පිළිබඳ තවත් මතයක් නම් යෝගා පොතකින් හෝ වෙබ් අඩවියකින් ඉගෙන ගත හැකි යන්නයි. නමුත් මෙය වැරදි මතයකි.මන්ද ඔබට ගුරුවරයෙක් සිටීම අනිවාර්ය වේ.
යෝගා යනු කාන්තාවන් සඳහා පමණි.
Yoga alliance හි දත්ත අනුව ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජර්මනිය හා බ්‍රසීලය වැනි රටවල සියයට 75 (75%)කට වඩා වැඩි ප්‍රතිශතයක් යෝගා කරන්නේ කාන්තාවන්ය. මේ අනුව ලොව පුරා මතයක් තියෙනවා යෝගා යනු කාන්තාවන් සඳහා පමණක් වූවක් බව, නමුත් මෙය සත්‍ය නොවේ. නූතන යෝගා හි පියා ලෙස සැලකෙන තිරුමලේ ක්‍රිෂ්ණමාචාර්යය (T.Krishnamacharya) 1926 ඉන්දියාවේ මයිසූර් වල පිරිමි ළමුන් සඳහා යෝග පාසලක් ඉදිකර තිබූණි. ඒ ඔහුගේ ගෝලයන් වන බී.කේ එස් අයියංගාර් (B.K.S Iyegar)සහ අෂ්ටාංග යෝගා හි නිර්මාතෘ වන පට්ටාබිහි ජොයිස් (Pattabhi Jois)විසින් යෝග ශ්‍රේෂ්ඨයට කළ බලපෑම වර්තමානය දක්වා දක්නට ලැබේ. එම නිසා යෝගා
යනු කාන්තාවක් සඳහා නොවන අතර කාන්තා පිරිමි ඕනෑම සිරුරකට යෝග සුදුසු වේ.
යෝග යනු තවත් ශරීර ව්‍යායාමයක් පමණි.
මෙයද තවත් මිත්‍යා මතයකි. යෝග යනු ආසන වලින් ඔබ්බට යන්නකි. ඇඟ නැවීම පමණක් යෝග නොවන අතර ශාරීරික , මානසික හා අධ්‍යාත්මික එකගතාවක් ඇති කිරීම යෝග නම් වේ. මෙසේ බැලූ කල මෙයද මිත්‍යා මතයකි.
අපි යෝග සඳහා යොමු විය යුත්තේ ඇයි ?
නූතන ජීවන රටාවත් සමග අපිට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවී ඇත.ඒ අතුරින් විවිදාකාර බෝවන හා බෝනොවන රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන්දින වැඩි වීම, ආර්ථිකමය ගැටළු, සමාජීය ගැටළු, සමාජ ක්‍රමවේදයන් වෙනස් වීම නිසා ඇතිවන ගැටළු, ඒ අතර ආතතිය ප්‍රධාන තැනක් ගනී.
රැකියාව, අධ්‍යාපනය, විවාහය සහ තාක්ෂණික දියුණුව නිසා සමාජ සම්බන්ධතා බිඳ වැටීම යනාදි විවිධ කරුණු දැකිය හැකි. නුතන ලෝකයේ ඇති අභියෝග ජයගැනීම සඳහා යෝගා විශාල මෙහෙවරක් ඉටු කරයි. ඒවා පහත පරිදි කැටිකොට දැක්විය හැකිය.
ශාරීරික සෞඛ්‍යය Physical health : විවිධ ආසන (ඉරියව්) හරහා නම්‍යශීලී බව, ඉරියව්ව, මාංශ පේශි ශක්තිය සහ සමතුලිතතාවය වැඩි දියුණු කරයි, තුවාල ඇතිවීමේ අවදානම අවම කර සමස්ත ශරීර පෙළගැස්ම වැඩි දියුණු කරයි.
ආතතිය අඩු කිරීම Stress reduction : යෝග අභ්‍යාස සහ භාවනා ක්‍රම මානසික
ආතතිය සහ කාංසාව කළමනාකරණය කිරීමට, විවේකය සහ සන්සුන් භාවය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
චිත්තවේගීය යහපැවැත්ම Emotional well-being: යෝගා ස්වයං දැනුවත්භාවය සහ චිත්තවේගීය නියාමනය පෝෂණය කළ හැකි අතර නිෂේධාත්මක හැඟීම් කළමනාකරණය කිරීම සඳහා ආධාර කිරීම.
සුවබර නින්දක් Improved sleep: යෝග අසන පුහුණුව, ශරීරය ලිහිල් කිරීමේ අභ්‍යාස ප්‍රනයාම හා භාවනාවට (breathing exercises & meditation) යොමු වීම නිසා නින්දේ ගුණාත්මක භාවය සඳහා දායක විය හැකිය.
ශක්ති මට්ටම් වැඩි කිරීම lncreased
energy levels – ශාරීරික හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමෙන්, යෝගාට බලශක්ති මට්ටම් සහ තෙහෙට්ටුව සමඟ සටන් කළ හැකිය.
මානසික පැහැදිලිකම Mental clarity: නිතිපතා පුහුණු වීමෙන් අවධානය සහ සංජානන ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කළ හැකිය.
ප්‍රතිශක්තිය ඉහළ නැංවීම Immunity boost: සමහර අධ්‍යන වලින් පෙනී යන්නේ යෝගා පුහුණුව නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කළ හැකි බවයි.
යෝගා මගින් නූතන ජීවන රටාවට අනුවර්තනය වීමේ හැකියාව ලැබේ. කාර්යබහුල ජීවන රටාවක වුවද යෝග සඳහා යොමු වීම නිසා තමා ශරිරිකව, මානසිකව නිරෝගිමත් වීම තුළින් තම පවුලේ සම්බන්ධතා මනාව පාලනය කරගනිමින් සමාජ යුතුකම් ඉටුකරන්නෙක් ලෙස ජීවත් වීමේ හැකියාව ලැබේ.
පී. ස්ටෙලා
Certified yoga instructor
(Tranquil Yoga Studio)
