කරාබුනැටි
Syzygium aromaticum (L.) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරාබුනැටි රසකාරකයක් ලෙසත් ආහාර සුගන්ධකාරකයක් ලෙසත් මුළුතැන්ගෙයි බහුලව භාවිතා වන කුළුබඩුවකි. දත් කැක්කුම්, ආහාර ජීර්ණ ගැටලු, ඉක්කාව, මුඛයේ ඇති වන තුවාල, මුඛයේ දුගඳ වැනි තත්ව සඳහා අත්බෙහෙත් ලෙස කරාබුනැටි භාවිතා කරයි.

ආයුර්වේදානුකූලව සැහැල්ලු, ස්නිග්ධ, තීක්ෂ්ණ ගුණ, කටු-තික්ත රස, කටු විපාක, ශීත වීර්‍ය වේ. සෙම හා පිත සමනය කරයි. බඩගින්න, ආහාර රුචිය වඩවයි. අක්මා-ආරක්ෂකයි. තනකිරි වඩවයි, වාජීකරණයි. කැස්ස, ඇදුම, ජ්වරය, අම්ලපිත්ත, උදර වේදනා, වමන, පිපාසය, හික්කා, පීනස, හිසරදය වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කරාබුනැටි ඖෂධයක් ලෙස භාවිතා කරයි.
THERAPEUTIC AND MEDICINAL USES OF LAVANGA – A REVIEW ලෙස 2019 දී ප්‍රකාශිත පර්‍යේෂණ පත්‍රිකාවට අනුව ප්‍රතිඔක්සිකාරක, දිලීර-වෛරස් හා වෙනත් ක්ෂුද්‍රජීවීනාශක, ප්‍රතිප්‍රදාහාත්මක, වේදනානාශක, පිළිකානාශක ගුණ සහිත ඖෂධයක් බවට තහවුරු කර ඇත.එසේම එහි ඇති රසායනික සංයෝග මගින් දියවැඩියා පාලනය කරන බවත්, අක්මාව ආරක්ෂා කරන බවත් දක්වා ඇත. ආහාරයේ ඇති අධික මේදය නිසා වන ස්ථූල බව පාලනය කිරීමටත් කරාබුනැටි වලට හැකියාව ඇති.
කරාබුනැටි තෙල් වලට ආතතිය දුරු කිරීමේ හැකියාව ඇති අතර එය නින්ද නොයන රෝගීන් සඳහා ප්‍රතිකාර ලෙස යෙදිය හැකිය. එසේම දත් කුහර ඇති වීම වලක්වා ගැනීමට සහ දත් කුහර නිසා ඇති වන අධික වේදනාව සමනය කිරීමටත්, මුඛයේ හට ගන්නා තුවාල සඳහාත් කරාබුනැටි තෙල් සුදුසු වේ. එසේම මදුරුවන් පලවා හැරීමටද මෙම තෙල් යෝග්‍ය වේ.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
