දිව්‍ය ලෝකයෙන් ආව “දෙව්පුර Nelli bro “

author
0 minutes, 8 seconds Read


නෙල්ලි අපි කාටක් හොඳින් දැක හුරු පුරුදු සහ රස බලපු පළතුරක්. නෙල්ලි මුල් කර ගත් පුරාවෘත බොහෝ තිබෙනවා. නෙල්ලි දිව්‍ය ලෝකයෙන් මිනිස් ලොවට ලැබුන පළතුරක් බැව් සඳහන් වෙනවා. ඒ වගේම හින්දු විශ්වාසයන්ට අනුව නෙල්ලි ගස පාර්වතී සහ ලක්ෂ්මි දේවියගේ කඳුළුවලින් උපත ලද බැව් තවත් පුරාවෘතයක්. ඒ විතරක් නොවෙයි, අපේ පැරණ්නන් අතැඹුල විදිහට හැඳින්වූ නෙල්ලි රස පහක සංයුතියකින් යුක්තයි. මේ ගුණ නිසා මිනිසා වයසට යෑම ප්‍රමාද කරන ගුණය නිසා එය අමෘතය හා සමාන විශ්මිත පළතුරක් ලෙස ( super fruit ) හැඳින්වෙනවා. එවැනි විස්මිත පළතුරක් “දෙව්පුර Nelli bro“යනුවෙන් අපට හඳුන්වා දුන් ඇය මහනුවර, ගලගෙදර පදිංචි දිල්හාරා ශ්‍යාමදන්ති

ඔබ ගැන අපට හඳුන්වා දෙනවා නම්
මම මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. උසස් පෙළ සංගීතය අංශයෙන් හැදෑරූ මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනාට පසුව ඉංග්‍රිසි සාහිත්‍ය අංශයෙන් උපාධිය හදාරන්න හිතුනා. මේ වෙන විටත් මම උසස් පෙළ සඳහා ඉංග්‍රිසි සාහිත්‍ය බාහිරව හදාරලා සමත්ව සිටියා. ඒ නිසා මම උපාධි පාඨමාලාව ඉංග්‍රිසි සාහිත්‍ය සහ සංගීතය යන විෂයන් ඇතුලත්ව හදාරන්න පටන් ගත්තා.

මේ අතරතුර මට මහජන බැංකුවේ රැකියාවක් ලැබුණා. අභ්‍යන්තර උපාධිය අතහැර රැකියාව තෝරා ගත්තත් මම අධ්‍යාපනය අත නොහැර බාහිර උපාධිය හැදෑරුවා. මම මහජන බැංකුවේ වසර 17 ක කාලයක් සේවය කළා. බැංකු රාජකාරි සඳහා වැදගත් වෙන නිසා මම විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය උපාධියත් ලබා ගත්තා. මේ කාලයේ මම වාණිජ හා ණය අංශයේ සේවය කළ නිසා ව්‍යවසායකත්වය ගැනත් අවබෝධයක් රාජකාරිය සමගින්ම ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.
මගේ අනාගත සහකරුත් බැංකුවෙන්ම හමු වුණා. ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙක්. ඔහු නිශාන් ගුණසිංහ තුළත් ව්‍යවසායක ගති පැවැතුම් වගේම තමන්ගේම ස්වාධීන ව්‍යාපාරයක් කිරීමේ අනාගත අරමුණක් තිබුණා.

ව්‍යවසායකත්වයට යොමු වුනේ
බැංකු සේවය බොහොම කාර්ය බහුලයි. ඒ සමග ව්‍යාපාරයක් කිරීම අපහසුයි. ඒ නිසා මම බැංකු සේවයෙන් ඉවත් වෙන්න තීරණය කළා. නමුත් එකවරම එවැනි තීරණයක් ගන්නත් බැහැ. අපි ලබා ගත් ණය මුදල් පියවන්න ඕන.

ඒ වෙනුවෙන් ඔබ ගත් පියවර
අපේ අම්මයි , තාත්තයි මට පොඩිකාලේ දීපු අවවාදයක් මෙතැනදී සිහිපත් කරන්න ඕන. දුවේ.. ඉගෙන ගන්න දේ උගන්වන්න….ඒ තමා අවවාදය. මම ගමේ නංගිලා මල්ලිලාට නොමිලයේ ඉංග්‍රිසි ඉගැන්නුවා. රැකියාව කරද්දි යූ ටියුබ් එකෙත් ඉංග්‍රිසි පාඩම් පවත්වා ගෙන ගියා. මෙතෙක් සියල්ල නොමිලයේ කළත් දැන් ණය පියවා ගැනීමට මුදල් අවශ්‍ය නිසා මේ ඔන්ලයින් පාඨමාලාව මුදලක් අය කර ගෙන කරන්න මම තීරණය කළා. “ 1000 seed යනුවෙන් නම් කළ ඒ වැඩ සටහන 2018 වසරේ පටන් අවුරුදු පහක් කළා. ඒ මුදලින් ණය පියවා ගන්න හැකියාව ලැබුණා.

නෙල්ලි මුල් කර ගත් නිෂ්පාදනයක් වෙනුවෙන් යොමු වුනේ…
කොවිඩ් වසංගත කාලයේ මට peritoneal TB දුලබ වර්ගයේ ක්ෂය රෝග ප්‍රභේදයක් වැළඳී බරපතල ලෙස අසනීප වුණා. ඒ වෙන විටත් මම බැංකු සේවයේ යෙදී සිටියා. අසනීපයෙන් පසුව මට ප්‍රතිශක්තිය වැඩි කරන විටමින් “ C ” බහුල පළතුරු ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබුණා. ඒ නිසා පළතුරු ආහාරයට ගන්න මට අවස්ථාව අඩුයි. නැවත සේවයට යන නිසා පළතුරු කපා ගෙන අරගෙන ගියත් ඒවායේ රසය වෙනස්. මේ නිසා මගේ සැමියා නෙල්ලි තෝරා ගත්තා. එයාම සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන විජලන යන්ත්‍රයක් හදලා විජලනය කළ නෙල්ලි මට සකස් කරල දුන්නා. නමුත් ඒ නෙල්ලි මෘදු නැහැ. ඒ නිසා කෑමට ටිකක් අපහසුයි.

නෙල්ලි ගුණ ගැනත් සඳහන් කරනවා නම්..

  • නෙල්ලි ඖෂධීය ගූණයක් ඇති පළතුරක්.
  • ආයුර්වේද ඖෂධ සංයුතියේදී අරලු, බුලු සහ නෙල්ලි ප්‍රධාන සංඝටක විදිහට ගැනෙනවා.
  • සිරුරේ දාහය නිවන අතර වියපත් වීමේ සෛල නැවත හැරවීමට තරම් හැකියාවක් තිබෙනවා.
  • ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පළතුරක්.
  • අකලට කෙස් පැසීම , මුහුණ රැළි වැටීම අඳුරු කව ඇති වීම අඩු කරයි x ආහාර ජීරණය වැඩි දියුණු කරයි
  • හෘද සෞඛ්‍යට යහපත්
  • සමේ සෞඛ්‍ය වැඩි කරයි
  • නිරෝගී හිසකෙස් ප්‍රවර්ධනය කරයි
  • මතකය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
  • ආහාර රුචිය වැඩි කරන නිසා ගර්භණී මව්වරුන්ට සහ පුංචි දරුවන්ට ගුණදායකයි.

පසුකාලීනව අපි දෙන්නා එකතු වෙලා අද තිබෙන Neli Bro දක්වා මේ දියුණුව එදා ඇති වුන මුල් සිතුවිල්ලයි.

එතැන් පටන් නිෂ්පාදනය ගැනම හිතුවා
ඔව්… අපි විවිධ විදිහට පර්යේෂණ කළා. ලුණු වතුර දාලා බැලුවා. මේ අතරවාරයේ සීනි එකතු කළාම මේ නිෂ්පාදනය රස කැවිල්ලක් වගේ ප්‍රසන්න රසයකින් ආහාරයට ගන්න පුළුවන් බව අපට ඒත්තු ගියා. සාමාන්‍යයෙන් අපි කන චොකලට් එකක සීනි 50% ක් අන්තර්ගතයි. නමුත් දෙව්පුර නෙල්ලි නිෂ්පාදනයේ අන්තර්ගත සීනි ප්‍රතිශතය 39 % ක්. අපි මේ නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය රජයේ අනුමැතිය ලබා ගත්තාට අමතරව රජයේ ආයතනයක පෝෂණ තහවුරුව ලැබුණා. Nutrition Information අපට ලබා දුන් රසායනාගාර දත්ත අනුව නෙල්ලි ග්‍රෑඹ් 100 ක විටමින් “ ක්‍ ” මිලි ග්‍රෑම් 680 ක් තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිතයකදී නෙල්ලි ග්‍රෑම් 100 ක අන්තර්ගත විටමින් “ ක්‍ ” මාත්‍රාව මිලි ග්‍රෑම් 200 ක් විදිහටත් වාර්තා වෙනවා.Medical Research Institute Sri Lanka අනුව වැඩිහිටියෙකුගේ දිනක ක්‍ විටමින් අවශ්‍යතාවය මිලිග්‍රෑම් 65 කි. පැකට්ටුවක ක්‍ විටමින් මිලිග්‍රෑම් 138 ක් ඇතුලත් වෙනවා. එය දින දෙකකට සෑහෙනවා.

මුලින්ම සමාජයට හඳුන්වා දුන්නේ
අපේ පුතා එයාගේ යාළුවන්ට මේ නිෂ්පාදනය බෙදා දුන්නා. එයාලගේ ඇගයීම් ඇවිත් අපට කිව්වා. අපටත් එතැනින් යම් ධෛර්යක් ලැබුණා. අපි ෆේස් බුක් පිටුවක් පටන් ගෙන ඒ ඔස්සේ ඇනවුම් බාර ගන්නවා.

අමුද්‍රව්‍ය සොයා ගැනීම ගැන කිව්වොත්?
අමුද්‍රව්‍ය සොයා ගැනීම ලොකුම ගැටළුවක් යැයි කිව්වොත් මම නිවරැදියි. අපි දඹුල්ල , මැනික්කුඹුර , තමුත්තේගම වගේ ආර්ථික මධ්‍යස්ථානවලට ගිහින් නෙල්ලි මිළට ගන්නවා. අපි තොගයට ගත්තාට ඒ අතරින් තෝරා ගත් ප්‍රමාණයක් විතරයි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්න වෙන්නේ.

ඊටත් හේතුවක් ඇති නේද?
ඔව්..අපි නිෂ්පාදනය වෙනුවෙන් ලබා ගන්නේ බෙහෙත් නෙල්ලි. නෙල්ලිවල රසය වගේම හැඩය අනුව වර්ග තිබෙනවා. එක් එක් වර්ගවලින් ලැබෙන රස වෙනස්. අපටම අවශ්‍ය නෙල්ලි මිළට ගැනීමට තවම අපේ වෙළඳපොළ ගොඩ නැගිලා නැහැ. ඒ නිසා තොග වශයෙන් මිළට ගෙනත් විශාල ප්‍රමාණයක් ඉවත් කරන්න වෙනවා. ඉවත් කිරීමේ පාඩුව නිසා අපට නිෂ්පාදනයේ ධාරිතාවය වැඩි කිරීමත් ගැටළුවක් වෙලා තියෙනවා.

ව්‍යාපාරයේ අනාගතය
දැනට අපේ ආයතනයට සම්බන්ධව මමත් මගේ සැමියාත් සමග තවත් දෙදෙනෙක් සේවය කරනවා. අපට ධාරිතාවය වැඩි කිර ගැනීමට තිබෙන එකම ගැටළුව අමුද්‍රව්‍ය විදිහට නෙල්ලි ලබා ගැනීමේ අපහසුවයි. ඒ නිසා සුපිරි වෙළඳසැල් ජාලයට ප්‍රවේශ වෙන්න තරම් ධාරිතාවයක් දැනට නැහැ. ඒ නිසා ඔන්ලයින් ඔස්සේ අලෙවිය සිදු වෙනවා.

විදේශ රටවලටත් අපේ ඇනවුම් යවනවා. ඒ සියල්ල පුද්ගලික සමාජ සම්බන්ධතාවයන් අනුව දැනට සිද්ධ වෙනවා.
ඒ නිසා අපි දැන් ගොවියන් දැණුවත් කරනවා. කෘෂිකර්ම ව්‍යාප්ත නිළධාරී මහතුන් අපට ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. නෙල්ලි නැවත වගා කිරීමක් සිදු ුවනොත් සහ අමුද්‍රව්‍ය ලබා ගත හැකි ප්‍රදේශවලින් අපට බෙහෙත් නෙල්ලි ලබා දෙන ක්‍රමවේදයක් ගොඩ නැගුනොත් තව දුරටත් අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කරන්න පුළුවන්.

එහෙමනම්.. දිල්හාරා ශාමදන්ති සහ නිශාන් ගුණසිංහ යන දෙනොගේ හවුල් ව්‍යපාරයක් විදිහට පවත්වා ගෙන “දෙව්පුර Nelli bro “පිළිබඳව තව දුරටත් විස්තර් අවශ්‍ය නම් www.devpura.lk හෝ 074 0780165 වට්ස් ඇප් අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න. ඊට අමතරව Devpura Nature products Face book පිටුව හරහාත් සම්බන්ධ වෙන්න පුළුවන්.

සටහන
සිල්වා , සි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa