නායකත්වය පිළිබඳ කතා බහ කිරීමේ එහි දැක්වෙන මූලික න්‍යායක් වන Traits theory පිළිබඳ විග්‍රහයක් අපි පෙර ලිපියෙන් ඔබට ලබා දුන්නා.
එසේ නම් අද අප සූදානම් වන්නේ එහි එන තවත් න්‍යායක් වන Behavioral theory පිළිබඳව පුළුල් විග්‍රහයක් ලබාදීමටයි.

Behavioral theory ආරම්භ වූයේ උත්පත්තියෙන් නායකත්ව ලක්ෂණ තිබුණත් එම පුද්ගලයා නායකයෙක් වෙන්නේ නෑ කියන තැන මිනිස්සුන් අතර කතිකාවක් ඇති වීමෙන් පසුවයි
සමාජයේ ඇතිව තිබුණ විප්ලවයන්ගෙන් පන්ති භේදය, කුල ක්‍රමය ටිකෙන් ටික ඈත් වෙනකොට සාමාන්‍ය පවුල් වලින් නායකයින් බිහිවන්නට පටන් ගත්තා. කාලයත් සමඟ ඔවුන් සමාජය තුළ විවිධ අවස්ථාවන්වලදී නායකත්වය දුන් පුද්ගලයින් බවට පත්වුණා.
මේ පිළිබඳව විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබුණේ නායකත්ව ලක්ෂණ නොතිබුණ පිරිසත් සමාජයට ලොකු වැඩ කොටසක් සිදුකර තිබෙන බවයි.
එතනදි තමයි behavioral theories යන සංකල්පය ඉදිරියට පැමිණෙන්නට පටන් ගත්තේ.
1939 අවධිය වන විට කර්ට් ලෙවින් (Kurt Lewin), රොනල්ට් ලිබිට් වැනි විද්‍යාඥයින් ඔවුන්ගේ විවිධ න්‍යායන් ඉදිරිපත් කරමින් නායකයෙක් කියන කෙනා උපතින් නායකයෙක් වෙන්නේ නොමැති බවත් එම පුද්ගලයාව පුරුදු පුහුණු කර නායකයෙක් විය හැකි බවත් පෙන්වා දුන්නා.
එතැනදි Theory X හා Theory Y න්‍යායන් ලෙස ඩග්ලස් මැග්වර්ග් 1960 දී න්‍යායන් දෙකක් ඉදිරිපත් කළා. එම න්‍යායන් අතරින් X න්‍යාය (Theory X) මගින් ඔවුන් පෙන්වා දුන්නේ නායකයෙක් විදියට හෝ ආයතන කළමනාකාරයෙකු විදියට තමන්ගේ අනුගාමිකයින් තමන් යටතේ සිටින පුද්ගලයින් බොහොම ළඟින් අධික්ෂණය කිරීමෙන් මහන්සි වී වැඩ කරන අයට වරප්‍රසාද හෝ යම් යම් තෑගිබෝග, ඔවුන්ට දීමනා ලබා දීම මෙන්ම වැඩ අඩුවෙන් කරන අයට යම් යම් දඬුවම් දීම යනාදී වශයෙන් සාමාන්‍ය නායකයෙකුට ඔහුගේ කණ්ඩායම ඉතා හොඳින් මෙහෙයවීම තුළින් ඉතා හොඳ ප්‍රතිපල ලබා ගත හැකි බව.
එතැන දී මූලික දේ තමයි නායකයා කියන කෙනාට අනිකුත් පුද්ගලයින් අධීක්ෂණය කරන්නත්, අධීක්ෂණය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් හැකියාව තියෙනවා. නායකයාට බලය තියෙනවා ඒ කණ්ඩායමට හොඳට වැඩ කරන කෙනාට යම් වරප්‍රසාද ලබා දෙන්නත්. එහෙම නොකරන දෙනාට යම් දඬුවම් දෙන්නත්.
ඒ අනුව නායකයා කියන පුද්ගලයා උත්පත්තියෙන් එන කෙනෙකු නොවෙයි ඔහු පුරුදු පුහුණු කොට ඒ අදාල තැනට යොමු කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. නායකත්ව තනතුරට එම පුද්ගලයා කණ්ඩායමට පත් කරලා ගන්නවා මිසක් එම පුද්ගලයා විසින් පත්වෙනවා නෙවෙයි.
ඉතින් මෙවැනි කාරණා නිසා මිනිස්සු මේ නායකයාගේ වගකීම ඉෂ්ට කිරීමට පෙළඹෙනවා. මෙය තමයි X න්‍යාය මගින් පෙන්වා දෙන්නේ.
එසේම Y න්‍යාය (Theory Y) මගින් පෙන්වා දෙන්නේ පුද්ගලයින්ව අධික්ෂණය නොකරත් තමන්ගේ රාජකාරිය තමන් කරන කොටස වෙනුවෙන් මොනයම් හෝ දෙයක් හරහා අභිප්‍රේරණය කොට ඒ පුද්ගලයාව තමන්ගේ වැඩේ කිරීම සඳහා වූ ඉතාමත් කණ්ඩායමක් ඇති කරන්න. ඒ වගේම නායකයාට හොද අනුගාමික පිරිසක් බිහි කරන්න.
මේ කාරණාවත් එක්ක x හා y න්‍යාය ඵලදායිතාවය වැඩි කරගෙන ආයතනයට පොදු අරමුණක් වෙනුවෙන් ඉදිරියට යන්න අවශ්‍ය පසුබිම හදනවා කියන එක තමයි behavioral theories මගින් පෙන්වා දෙනුයේ.
මෙතනදී වැඩි වශයෙන් කතා කරන්නේ යම් ආයතනයක් ගැන. යම් ආයතනයක කළමනාකාරීවරයාට පුලුවන් වේතන වැඩි කරන්න. බෝනස් දෙන්න. වැඩ නොකරන පුද්ගලයාගේ වේතන කපන්න, දඩුවම් දෙන්න. එතකොට පුද්ගලයෝ වැඩ කරන්නේ එම වරප්‍රසාද හා දීමනා එක්ක එකතු වෙලා. එමගින් නායකයාට ඉබේම ඇති වෙනවා නායකත්වය පිළිබඳ අධිකාරි බලයක්. එහිදී නායකයාට පුළුවන් ඔහු සමග වැඩ කරන පුද්ගලයන්ගේ ඵලදායීතාවය මනින්න. ඔවුන් පොදු අරමුණ කරා යන එකට කණ්ඩායමක් විදියට වැඩ කරනවද නැද්ද කියලා විමර්ශනය කරන්න.
නායකයෙකු බිහිවීමට නම් නායකයාගේ බාහිර ස්වරූපය රූපය අදාළ නොවන බවත්. ඔහු උත්පත්තියෙන්ම රදලයෙක්ද, එම පුද්ගලයාගේ පවුල් පසුබිම, බලගතු කෙනෙක් ද යන්න අදාල නොවන බවත් පැහැදිලි වෙයි. මෙතැනදී මිනිස්සු ගරු කරන්නේ ඔහුගේ නායකත්ව තනතුරටයි. ඉතින් මෙම කාරණා පිළිබඳ තමයි මෙම න්‍යාය මගින් කියැවෙන්නේ.
මෙලෙස ආයතනයක් පිළිබඳ මෙන්ම අපගේ රට හෝ සමාජය ගැන මෙම න්‍යාය ඔස්සේ සාකච්ඡා කිරීමේදී , අපේ රටේ නායකයෝ බහුතරයක් ඒ ඒ විෂයයන් ගැන විශේෂඥයෝ නොවන බව විවිධ අවස්ථා තුළින් අපට දකින්නට පුළුවනි.
උදාහරණයක් වශයෙන්,
කලින් හිටපු රාජ්‍ය නායකයා වෛද්‍යවරයෙක්ගෙන් කෘෂිකර්මය ගැන උපදෙස් ගත්තා කියලා චෝදනා තිබ්බා. එහෙනම් උත්පත්තියෙන් නායකයෙක් නොවන කෙනෙක් පුරුදු පුහුණු කොට ලබාගත් දැනුම කුසලතාවය ඇති අංශයෙන් තමයි ඔහුට හැකිවන්නේ නායකත්වය දෙන්න. ඔහු වෛද්‍යවරයෙක් විදියට හිතලා ක්‍රියා කරන්නේ කෘෂිකර්මයට උපදෙස් දෙන එක නම් ඒක ගැලපෙන්නෙ නෑ.
ඒ අනුව මින් පැහැදිලි වනුයේ තමන්ට අදාළ වෘත්තීයක පුරුදු පුහුණු කිරීම තුළින් නායකත්වය දෙන කණ්ඩායමට ඵලදායිතාවය උපරිමයට ලබා දෙන පොදු අරමුණක් සඳහා යාමට හැකියාව දෙන්න පුළුවන් නායකයෙක් බිහිකළ හැකි බව.
මෙසේ අද සමාජය තුළ විවිධ මට්ටම්වල විවිධ පරාස වල නායකයෝ ඉන්නවා. සමහර අවස්ථාවන්වල ආයතන වශයෙන් , ප්‍රාදේශීය වශයෙන් ගත්තාම කුඩා ව්‍යාපාර වෙන්න පුළුවන් ජාතික මට්ටමෙන් ගත්තාම ලොකු ව්‍යාපාර වෙන්න පුළුවන්. බහු ජාතික සමාගම් වෙන්න පුළුවන්, ජාතික මට්ටමේ, අන්තර්ජාතික මට්ටමේ, බිම් මට්ටමේ ආයතන වෙන්න පුළුවන් මේ හරහා දේශපාලන නායකයෝ ආගමික නායකයෝ හමුදා නායකයෝ ව්‍යාපාරික නායකයෝ සමාජ නායකයෝ මේ වැනි අය විවිධ නායකයින් ඉදිරිපත් වෙලා තියෙනවා නායකත්වයට. මේ හැමෝම නායකයෙක් විදිහට තමන්ගේ ආයතනයකට හරි තමන්ගේ අනුගාමිකයන් පිරිසට පොදු අරමුණක් කරා යන මඟ පෙන්වන එක තමයි කරන්නේ.
බොහෝ වෙලාවට නායකත්වය කියන එක පුහුණු කර හැකි දෙයක් කියලා තැන ඉඳගෙන ඒ එය වෙනුවෙන් විශාල මුදලක් දැනට ආයතන විසින් වියදම් කරනවා. තමන්ගේ ආයතනවලින් නායකයෝ ඇති කරන්න සහ ඔවුන්ව පුරුදු පුහුණු කරන්න.

2014 වර්ෂයේදී පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා ඇමරිකාවේ විතරක් අවුරුද්දකට ඩොලර් බිලියන 14ක් අවුරුද්දකට ආයතන විසින් වියදම් කරන කරන බව. අදාල ආයතනයේ සේවකයින්ව පුරුදු කරන්න සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහාත්.
මෙයින් පැහැදිලි වනුයේ ආයතන තුළින් විශේෂයෙන්ම ව්‍යාපාර තුළින් නායකත්වය කියන එක පුරුදු පුහුණු කරන්න පුළුවන් දෙයක් බව ඔවුන් විශ්වාස කරනවා.
මෙම නායකත්වය පිළිබඳව පුද්ගලයින් අතරත් විවිධ මතිමතාන්තර තිබෙනවා. සමහර පුද්ගලයින් කියනවා මෙය එක්තරා කලාවක් කියලා. සමහරුන් කියනවා සමහර නායකයින්ට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙනවත් එක්කම ඔවුන්ට උත්පත්තියෙන් රැගෙන කුසලතාවයනුත් අත්‍යවශ්‍යයි කියලා.
කෙසේ වෙතත් මෙකී සියලුම කරුණු වලින් පැහැදිලි වනුයේ නායකත්වය යනු නායකයා කියන පුද්ගලයා උත්පත්තියෙන් එන කෙනෙකු නොවෙයි එම පුද්ගලයා පුරුදු පුහුණු කොට නායකත්ව ගුණාංග සහිතව බිහිවන අයෙක් බව.
එසේනම් ලබන සතියේ දී අපි සූදානම් වන්නේ නායකත්වය පිළිබඳ තවත් මෙවැනිම සුවිශේෂි කරුණු කිහිපයක් පිළිබද සාක්ච්ජා කිරීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
