BIZ REVIEWS – Belvio

author
0 minutes, 8 seconds Read

වර්තමාන සමාජය තුළ වෙසෙන බොහෝ තරුණ තරුණියන් නව විලාසිතාවන් කෙරෙහි දක්වන්නේ මහත් ආසාවක්. එම ආසාව නිසාම බොහෝ අය විවිධ වර්ණයන්ගෙන් හැඩ වූ අලංකාර නිමිඇඳුම් තෝරගන්න මේ දිනවල සූදානම් වනවා.

එළඹෙන උත්සව වෙනුවෙන් හැඩවෙන්න කැමති ඔබටම සුවිශේෂී වූ අපූර්ව විලාසිතා නිර්මාණ වෙළඳපොළට ඉදිරිපත් කරන ව්‍යාවසායකයෙක් පිළිබඳවයි BIZ REVIEWS විශේෂාංග ඔස්සේ අද ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.

නිර්මාණශීලීත්වය, ශක්තිය සහ ධෛර්යය ලොව සියලු දෙනාටම ආදර්ශයක් වෙමින් කටයුතු කර ඔහු නමින් Belvio ආයතනයේ ප්‍රධාන හිමිකරු ළහිරු එරංග.

ඉතින් අපි බලමු ව්‍යාවසායකයෙක් විදියට ඔහු සිය ව්‍යාපාරය මේ දක්වා ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද කියලා.

Belvio කියන වෙළඳ නාමයකින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ?

ඇත්තෙන්ම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස් ආවේ අපේ රටේ තරුණ පරපුරට ගැලපෙන විලාසිතාමය හා තත්ත්වයෙන් ඉහළ ඇඳුම් ලබාදීමේ අවශ්‍යතාවය නිසා . ඒ වගේම Belvio ආරම්භ කළේ අත්දැකීම් සමුදායක් නිර්මාණය කරන ලද අලූත් මගක් උදා කිරීමේ අරමුණින්.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ව්‍යාපාරය ආරම්භ කරලා?

Belvio ආරම්භ කරලා මේ වෙනකොට වසරකට ආසන්න කාලයක් ගත වී අවසන්. ඒ කාලය තුළ අපි අපේ වෙළඳ නාමය නව ආකාරයකින් ගොඩනැගීමට සමත් වුණා.

මේ දක්වා ඔබ පැමිණි ගමන් මග කෙටියෙන් පැහැදිලි කරන්න.

අපේ ගමන ආරම්භ වුණේ ඉතාමත් සුළු මට්ටමින්. පසුව අන්තර්ජාලය භාවිතා කරමින් පළමු වියදම් අඩු කර, තරුණයින්ගේ විලාසිතාවන්ට ගැලපෙන නිෂ්පාදන ඉදිරිපත් කරා. දැන් අපි ලංකාවේ ජනප්‍රිය වෙළඳ නාමයක් බවට පත්ව තිබෙනවා . ඒ ගැන තියෙන්නේ ඇත්තෙන්ම ඉතාම සතුටක්.

Belvio ආයතනය මගින් දැනට සපයන නිෂ්පාදන වර්ග මොනවාද?

Belvio වෙතින් සපයන්නේ T Shirts,short ඇතුලුව විලාසිතා ලොව ඇති නවීකරණය හා බැදි විලාසිතාවන් . තරුණ පරපුරටම නොව, සියලු වයස් ගණන්ට අපගේ නිෂ්පාදන ලබාගැනීමට පුලුවන්.

ඉදිරියේදීත් නව මාදිලියේ නිමි ඇදුම් නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අදහසක් තියෙනවද?

ඔව්, Belvio සැමවිටම නවීන විලාසිතා ගෙන ඒමට කැපවූ වෙළඳ නාමයක්. ඉදිරියේදී තාක්ෂණය සහ අනාගත විලාසිතා එක්කළ නිෂ්පාදන හඳුන්වා දීමට අපි සැලසුම් කරමින් සිටිනවා.

එළඹෙන උත්සව සමය තුළ ඔබේ ආයතනය විසින් ලබා දෙන වට්ටම් (discounts) ගැනත් අපි මතක් කරමු.

නව අවුරුදු සහ නත්තල් සමය සදහා විශේෂ වට්ටම් යෝජනා පාරිභෝගිකයන් හට ලබාදීමට මෙන්ම, 50% කට වැඩි වට්ටම් යටත් කොන්දේසි මත ලබාදීමට අප සැලසුම් කර තිබෙනවා . එළඹෙන උත්සව සමය Belvio සමඟ එකතු වන ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

වර්තමාන වෙළඳපොළ තුළ Belvio රෙදිපිළි කර්මාන්තයට ඇති ලොකුම අභියෝග මොනවාද?

ආනයනික නිෂ්පාදන සහ තරඟකාරී මිලගණන් මෙන්ම තරගකාරී වෙලද නාමයන් සමග මුහුණ දීමට සිදුවීම අපට ලැබී ඇති ලොකුම අභියෝගයි. එයට පිළිතුරක් ලෙස අපි තත්ත්වය, අලෙවිකරණය, සහ නිර්මාණනයන් මත විශේෂ අවධානය යොමු කළා.

සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වැදගත්ම සාධකය ලෙස ඔබ සිතන්නේ කුමක්ද?

සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගැනීමට නම් පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීම හා තෘප්තිය ඇති කරගැනීම අනිවාර්ය කරුණක්. ඒ සඳහා අපි නිමා වූ නිෂ්පාදන, උසස් සේවාව, සහ අලෙවිකරණ වැඩපිළිවෙළ පිළිබඳ වගකීමෙන් කටයුතු කරමින් සිටිනවා.

මේ දක්වා Belvio ආයතනය ලැබූ සාර්ථකත්වය ඔබ විස්තර කරන්නේ කොහොමද?

සාමාන්‍ය පාරිභෝගිකයින්ගෙන් විශ්වාසය දිනාගැනීම, නවීන විලාසිතා සමඟ එකතු කිරීම සහ අපගේ වෙළඳ නාමය ගෝලීය මට්ටමින් පිහිටුවමට හැකිවීම මේ දක්වා අප ලැබූ සාර්ථකත්වයයි.

Belvio ආයතනයේ සේවයේ යෙදී සිටින සේවක පිරිස ගැනත් අප කතා කරමු.

මේ වනවිට අප ආයතනයේ සේවකයින් 25 කට වැඩි කණ්ඩායමක්, නිර්මාණශීලීතා සහ කැපවීමෙන් මේ ව්‍යාපාරය ගොඩනැගීමේදී මුල් වී සිටියි.

Belvio වෙතින් නිෂ්පාදන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබේ පාරිභෝගිකයන්ට ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය.

ඔව් ඇත්තෙන්ම ඔබට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ප්‍රධාන වෙබ් අඩවිය (www.belvio.lk) සහ
සමාජ මාධ්‍ය ජාල (Instagram, Facebook, TikTok) ඔස්සේ.

ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?

Belvio නාමය ශ්‍රී ලංකාවෙන් එහා ගෙන ගොස්, ගෝලීය විලාසිතා ලෝකයට Belvio හැඳින්වීම තමයි අපේ මූලිකම පරමාර්ථය. ඒ වගේම පාරිභෝගිකයින්ට විශ්වාසනීය, විලාසිතාමය, සහ සාරවත් පිළිගැනීම් ලබාදීමටත් අපි බලාපොරොත්තු වනවා.

සටහන – බිනාලි රාජපක්ෂ

Similar Posts