BIZ REVIEWS – NUGA STUDIO AND ACADEMY

author
0 minutes, 19 seconds Read

ලාංකීය ගීත කලාව තුළ විවිධ ශෛලීන්ගෙන් යුත් නව ගීත නිර්මාණයන් දිනෙන් දින අපට අසන්නට ලැබෙනවා. ගීත නිර්මාණයන් මෙන්ම සංගීතය පිළිබඳව අනාගත පරපුරට අවශ්‍ය දැනුම ලබාදෙමින් සංගීතයේ අනාගත වෙනුවෙන් මහත් සේවයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන ලාංකීය ගායන තරු අතරේ කලා පරපුරකින් පැවත එන තරුණ ගායන ශිල්පී ගයාන් ගුණවර්ධනයන් විසින් මෙහෙයවනු ලබන NUGA STUDIO AND ACADEMY පිළිබඳවයි අද අප BIZ REVIEWS විශේෂ අංගය හරහා ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.

ඉතින් අපි බලමු සිය පියාණන්ගේ අඩි පාරේ යමින් කලාවට නව මානයක් එක් කිරීමට කටයුතු කරන ඔහුගේ ආයතනය ඉතාමත් සාර්ථකව ගොඩනඟා ගත්තේ කෙසේද යන්න වග.

කොහොම ද NUGA STUDIO කියන වෙළඳ නාමයකින් ස්ටූඩියෝ ආයතනයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,

NUGA STUDIO කියන නම හැදුනේ ඇත්තටම නුවන් ගයාන් කියන ඒ සුසංයෝගයෙන්. නුවන් ගුණවර්ධන වන මගේ පියාණන් සහ මම එකතුවෙලා තමයි මේ වැඩේ කරමු කියලා තීරණය කළේ. නුවන් ගුණවර්ධනත් ගයාන් ගුණවර්ධනත් ඒ නම් දෙක එකතු කරලා තමයි NUGA කියන ලේබල් එක නිර්මාණය කළේ. තාත්තට ඕනේ වුණා එයාගේ හඬ පටිගත කරන්න සහ ගීත නිර්මාණ කරන්න. ඒ වගේම මට ශබ්ද පරිපාලනය ඉංජිනේරු අංශය උගන්වන්නත් තාත්තට ම ඕන වුනා. ගීත නිර්මාණ කරද්දී ඒවායේ රෙකෝඩින්ස් සහ music composition ඉගෙන ගන්න. ඊට පස්සේ මම දිලිප් මුදලිගේ මහත්මයා ළඟටත් හේමලාල් ගීතදේව මහත්මයා ළඟටත් ගිහින් audio engineering ඉගෙනගෙන ඩිප්ලෝමාවක් හැදෑරුවා.

දැන් මට මගේ ශබ්දාගාරයේ NUGA STUDIO AND ACADEMY එක තියෙනවා. අපි ගිටාර් පන්ති, කීබෝඩ් පන්ති, හඬ පුහුණුව ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයේ පුහුණුවීම් ඒ වගේම වෙනත් සංගීත වාදන භාණ්ඩ අපි පුරුදු කරනවා. ඊට අමතරව රෙකෝඩින් පැත්ත ගත්තොත් Cove , original songs, චිත්‍රපට ගීත, පසුබිම් ගීත, ටෙලි නාට්‍ය චිත්‍රපට ගීත, වෙළඳ ප්‍රවර්ධන music videos, audio solution ඒ හැමදේම අපි ස්ටුඩියෝ එක ඇතුලේ කරනවා.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ආයතනය ආරම්භ කරල,

මුලින්ම අපි 2012 තමයි studio එක නිර්මාණය කළේ. 2012 වෙනකම් මම පෞද්ගලික අංශය ආයතනයක රැකියාවක් සිදු කරමින් සිටියේ. ඒ වෙනකොට අපේ පවුල දැඩි ආර්ථික පසුබෑමක හිටියේ. හදිස්සියේම මගේ තාත්තා රෝගාතුර වීම සහ මගේ තාත්තාගේ bypass surgery එකකුත් සිදු කිරීමට තිබූ නිසා. අපේ ගෙදරට තිබෙන ප්‍රධානම ආදායම් මාර්ගය වෙලා තිබුණේ මගේ පියාණන් ගීත ගායනා කිරීමෙන් උපයන මුදල්.
මම ඒ වෙනකොට පාසලෙන් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළා විතරයි. ඒ කාලයෙදී මට මගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකයක්වත් ගන්න සල්ලි තිබුනේ නැහැ. කොහොම හරි අපි හැමෝම එකතුවෙලා තාත්තාවත් සනීප කරලා මම රැකියාවක් කරලා අවශ්‍ය මුදල් එකතු කරලා තමයි මම පරිගණකයක් සහ ඒකට අවශ්‍ය sound card එකක් speakers headphones අරගෙන 2012 ඉඳලා මගේම කාමරය ඇතුලේ ආරම්භ කරපු ස්ටුඩියෝ 2024 ඒ කියන්නේ අවුරුදු 12ක් මේක පටන් අරගෙන මේ වෙනකොට සියලුම පහසුකම් සහිත ඉතාමත් හොඳ තත්ත්වයේ ඕනම නිර්මාණයක් කරන්න පුළුවන් අංග සම්පූර්ණ ස්ටුඩියෝ එකක් දැන් මට තියෙනවා.

ඔබේ ආයතනය සපයන සේවාවන් මොනවාද?

සාමාන්‍යයෙන් studio එකක් විදියට ගත්තොත් ශබ්ද පරිපාලන ඉංග්‍රීසියෙන් වැඩ කරනවා. Recordings, තේමා ගීත සඳහා music, background music, Dubbing, Song Mixing ඒ සේරම දේවල් කරනවා. ඒවගේම Original Music Songs, Music covers නිර්මාණය කරනවා. ඕනෑම ආකාරයක Recordings කරගන්න පුළුවන්.

අපේ Academy එක ගත්තොත් හඬ පුහුණුව, ගිටාර්, කීබෝඩ් වාදන පුහුණුව, audio engineering ශබ්ද පරිපාලන අංශයේ දේශන පවත්වනවා. ඒ වගේම වෙනත් ඕනම instrument එකක් ක්ෂ ප්‍රවීණ වාදන ශිල්පීන් ඔස්සේ ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

NUGA STUDIO නමින් ආයතනයක් පටන් ගැනීමේ අරමුණ කුමක්ද?

ඇත්තටම මූලිකම අරමුණ වුණේ මම පාසල් යන කාලේ ඉඳලම මාව සංගීත අධ්‍යක්ෂකවරයෙක් කරන්නත් ඒ වගේම සංගීතයත් එක්ක සම්බන්ධවල සංගීතය දැනුම ලබාගන්නත් කවදාහරි දවසක තාත්තගේ චිත්‍රපටවලට පසුබිම් ගායන ශිල්පීයෙකු ලෙස වැඩ කරලා කවදා හරි මා විසින් පටිගත කරනවා දකින්න තාත්තට ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒත් එක්ක අපි දෙන්නටම ලොකු ආසාවක් තිබුණා ඊළඟ පරම්පරාවට දැනුම ලබාදෙන්න. හින්දි ගීත ආශ්‍රිත තනු ගායනය සහ කලාකරුවක් නිර්මාණ වෙලා කරුවෙක් විදියට ඉස්සරහට යන්න පුළුවන් ඒ ආභාසය ලබා දෙන්න, ගායන හැකියාව හරියට දියුණු කරගන්න විදිහ, මේ හැම දෙයක් පිළිබඳව අපේ ඇකඩමිය හරහා සිදු කරන්න උවමනාවක් තිබුණා. ඉතින් මේ හින්දා තමයි අපි දෙන්නම එකතුවෙලා මේ ඇකඩමිය කරගෙන යන්න හිතුවේ.

වර්තමාන වෙළඳපොළ තුළ Studio මගින් සපයන සේවාවන්ට ඇති ලොකුම අභියෝග මොකක්ද?

ඇත්තෙන්ම එහෙම ලොකු අභියෝගයක් නැහැ. හැම ස්ටුඩියෝ එකකම තමන්ට ආවේණික දෙයක් තමා කරන්න තියෙන්නේ. හැමෝම තමන්ට ආවේණික හඬක් තමයි මේන්ටේන් කරන්නේ සහ නිර්මාණය කරන්නේ. කාටවත් කිසිම කෙනෙක් එක්කම තරඟයක් නැහැ.

මේ දක්වා ඔබේ ආයතනය ලැබූ සාර්ථකත්වය ඔබ විස්තර කරන්නේ කොහොමද?

මටත් මගේ තාත්තටත් එකට එකතු වෙලා නිර්මාණ කරන්න ලැබීම තමයි මා ලැබූ ලොකුම සාර්ථකත්වය සහ ආඩම්බර වෙන්න පුළුවන් කාරණාව. ඉතින් ඒ ඉස්සරහටත් අපේ නිර්මාණත් පසුව අපිත් එක්ක සම්බන්ධ වෙලා පරපුරේ ශිල්පීන් ශිල්පිනියන් එකතුවෙලා මේ ගමන සාර්ථක වනවා දකින්නත් ලංකාවේ කලා ක්ෂේත්‍රයට ලංකාවේ කලා ක්ෂේත්‍රයට ආයතනය හරහා ක්ෂේත්‍රයට පිවිසෙන හැම කලාකරුවෙකුම සහ දරුවෙකුම දක්ෂතාවයන් ලංකාවට කීර්ති නාමයක් ලබාදෙන අපේ ලොකුම ජයග්‍රහණය.

ඔබ ආයතනයේ සේවයේ යෙදී සිටින සේවක පිරිස ගැනත් අප කතා කරමු.

මේ ආයතනය පටන් ගත්ත දිනයේ සිට මගේ පියාණන් තමයි ප්‍රධානියා විදිහට වැඩ කරේ. මම සහ මගේ පියාණන් ඇතුළුව ආයතන අපිත් එක්ක කීප දෙනෙක් වැඩ කරල තියෙනවා. ඒ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.
ඒ වගේම අවුරුදු ගානක් එක දිගට අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ ආයතනය අපේ දියුණු කරන්නත් ඉස්සරහට ගෙනියන්නත් කොටස්කරුවෙකු ලෙසත් අති දක්ෂ නිර්මාණකරුවෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ශම්මික ගීෂාන් කියන්නේ. ඔහු මගේම සහෝදරයෙක් වගේ. ඉතින් මේ වෙනකොට එයයි මමයි තමයි අපේ තාත්තගේ ශබ්දාගාරය සහ මේ ආයතනය පවත්වාගෙන යන්නේ.

NUGA STUDIO වෙතින් සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඔබ දෙන පණිවුඩය

ඔව් අපේ ස්ටුඩියෝ මගින් ගීත නිර්මාණ හෝ පටිගත කිරීම වැනි ඔබට අවශ්‍ය සේවාව ලබා ගැනීමට මෙම අංකය ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන් 0777742082. ඒ වගේම අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමති අය ඉන්නවනම් ඉහත අංකයට whatsup පණිවිඩයක් හෝ [email protected] යන ඊමේල් ලිපිනයට ඔබේ අයදුම් පතක් එවන්න.

ආයතනයේ ඉදිරි සැලසුම්

ඔව් අපේ ආයතනයේ ඉදිරි සැලසුම තමයි නවක සංගීත කණ්ඩායම් ගායන ශිල්පීන් හඳුන්වාදීම සිදුකිරීම. ඒ වගේම වර්තමාන ජනප්‍රිය ගාන ශිල්පීන් එකතුවෙලා නව නිර්මාණ එළි දක්වන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අලුත් පරපුරේ දක්ෂ ගායන ශිල්පින් ශිල්පිනියන් එකතු කරලා ඔවුන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරලා හරියට ආටිස්ට් කෙනෙක්ව out කරන්න අපි සූදානමින් ඉන්නවා. ඊට අමතරව ලබන අවුරුද්දේ ඇල්බම් කීපයකුත් නිර්මාණ කරලා වෙනම වෙබ් අඩවියක් හරහා එළි දක්වන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

සැකසුම –

බිනාලි ජයනි රාජපක්ෂ

Similar Posts