වත්මන් වෙළඳපොළ දක්නට ලැබෙන ස්වයං රැකියා අතරින් ආහාර නිෂ්පාදන වලට හිමි වී ඇත්තේ ඉතාමත් සුවිශේෂ ස්ථානයකි. ආහාර නිෂ්පාදන අතරින් කුළුබඩු ව්‍යාපාරයට අද වන විට වැඩි ඉඩකඩක් හිමි වී තිබෙන බව අපට දකින්නට පුළුවන්.
දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් ඉතාමත් ගුණාත්මක බවින් සහ සෞඛ්‍ය ආරක්ෂිතව කුළුබඩු නිෂ්පාදනයෙහිලා නියැලෙන ව්‍යාවසායිකාවක් පිළිබඳවයි BIZ REVIEWS විශේෂාංග ඔස්සේ අද ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.
“Thaprobane Dhaiya කියලා කියන්න 100%ක් ලංකාවේ නිෂ්පාදනය කරන ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුක්ත දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලබන කුළුබඩු. ” මනීෂා පෙරේරා
කාන්තාවක සතු සිය හැකියාව, ශක්තිය සහ ධෛර්යය ලොව සියලු කාන්තාවන්ටම ආදර්ශයක් වෙමින් කටයුතු කර ඇය Thaprobane Dhaiya ආයතනයේ ප්‍රධානී මනීෂා පෙරේරා.
ඉතින් අපි බලමු ව්‍යාවසායිකාවක් විදියට ඇය සිය ව්‍යාපාරය ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද කියලා.
අපි මුලින්ම ඔබ ගැන කතා කරමු
මගේ නම මනීෂා පෙරේරා. මම මානව සම්පත් කළමණාකරණය පිළිබද උපාධිධාරිනියක්. මම අවුරුදු 07 කට වැඩි කාලයක් පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණීයේ සේවය කළා. ඇත්තෙන්ම ඒ කාලයේදි මට උවමනාවක් තිබුණේ නැහැ ව්‍යාපාරයක් පටන් ගන්න. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක මට ඕන වුනා අමතර ආදායමක් එන විදිහේ දෙයක් කරන්න.

ඉතින් මම ගොඩක් කල්පනා කළා මොන වගේ දේකටද වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඒවගේම ඉල්ලුම අඩුවෙන්නේ නැති ක්ෂේත්‍ර මොනවද කියලා. එතකොට තමයි මට දැනගන්න ලැබුනේ කුළුබඩු ගැන.
ඉතින් ඊට පස්සේ මම පුද්ගලික සමාගමක් විදියට 2022 නොවැම්බර් 22 දා Thaprobane Dhaiya ව්‍යාපාර ආයතනය මම ආරම්භ කළා.
කොහොම ද Thaprobane Dhaiya කියන වෙළඳ නාමයකින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,
කුළු බඩු ව්‍යාපාරය ආරම්භක කාලය තුළ මම මුලින්ම මගේ නිවස අසල පිහිටා තිබුණ තොග වෙළදසැලකට මිරිස් කුඩු සහ මිරිස් කෑලි තුන පහ නිෂ්පාදනය කරලා බෙදා හැරියා. එතනදී මට සාමාන්‍ය ඉල්ලුමක් තිබුණා එනිසා මම තවත් වෙළදසැල් දෙක තුනකටම මේ කුළුබඩු බෙදුවා. මාසයක් දෙකක් විතර යනකොට මට හිතාගන්න බැරි විදිහට ලොකු ඉල්ලුමක් මගේ කුළු බඩු වලට තිබුණා ඇත්තම කිවිවෙත් ඉල්ලුමට සැපයුම දෙන්නත් අමාරු වුනා.
ඊට පස්සේ රිස්ක් එකක් අරං රැකියාවෙන් ඉවත් වෙලා කුළු බඩු ව්‍යාපාරයේ දිගට ම නියැලුනා.
මුල් කාලයේ කුළුබඩු සම්බන්ධයෙන් ඇසුුරුම්කරණය ප‍්‍රම්තින් කුළුබඩු ආශ‍්‍රිත නිති රොගුලාසි පිළිබදව ගොඩක් අධ්‍යනය කරා මොකද මට කොහෙත් ම වුවමනාවක් නෑ කිසිම ප‍්‍රම්තියක් නැති නිෂ්පාදන වෙළද පොලට නිකුත් කරන්න. මොකද කුළුබඩු කියන්නේ අපි ආහාරයට ගන්න දෙයක් නිසා.
Thaprobane කියලා කියන්නේ ලංකාව. Dhaiya කියලා කියන්නේ සැර. මොකද මම ඒ දවස්වල මගේ වැඩපුරම විකුණුනේ සහ මම අවධානය යොමු කළේ මිරිස් වලට. ඉතින් මිරිස් කුඩුවල සැර ගතිය හිතලා තමයි එහෙම දැම්මේ.
දැනට කොපමණ කාලයක් වෙනව ද මේ ව්‍යාපාරය ආරම්භ කරල,
මේ ව්‍යාපාරය සමාගමක් විදියට මුලින්ම ආරම්භ කළේ 2022 නොවැම්බර් 22 වනදා. දැනට අවුරුදු 2කට කිටටු වෙනවා මේ ව්‍යාපාරය ආරම්භ කරල.
එදා සිට ඔබගේ ගමන් මග පිළිබද කෙටියෙන්
මුලින් ම Thaprobane Dhaiya වෙළඳ නාමය යටතේ හෝටල් වලට තොග මිලට භාණ්ඩ ලබා දීම සිදුකරා. අදටත් එහෙමයි. ඊට අමතරව විදේශ ගත වන ශ්‍රී ලංකිකයක්ට අපේ නිෂ්පාදන අලෙවි කරනවා. එහි දී අපි සුවිශේෂි ඇසුරුමක තමා අපේ නිෂ්පාදයන් ඇසුරුම් කරන්නේ.
ඊට අමතරව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේත් විශාල පරිභෝගික පිරිසක් අපේ භාණ්ඩ ම්ලදී ගන්නවා. ඇත්තෙන් ම ගොඩක් සතුටුයි. මොකද අපි මුලින් පටන් ගත්තේ නිෂ්පාදන 3කින් වුනාත් මේ වෙන කොට අපි ගාව නිෂ්පාදන විස්සකට වඩා තියෙනවා.
මම ඇත්තට ම කියන්න ඕනේ මේක මේ එක රැයකින් ගොඩනගපු දෙයක් නෙමේ. ගොඩක් මහන්සි වුනා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේ ම මේ ආපු ගමන් මාගේ දී මට ගොඩක් අය උදවි උපකාර කළා.
අදටත් අපි කුඩා ව්‍යාපාරිකයන් තවමත් අපි දේවල් ඉගෙන ගන්නවා.
දැනට ඔබ ආයතනය සපයන නිෂ්පාදන වර්ග මොනවාද?
දැනට අපි ප්‍රධාන වශයෙන්ම කුළුබඩු තමයි පාරිභෝගිකයට අපි ලබාදෙන්නේ. කුළුබඩු ගත්තෝතින් සෑම වර්ගය කුළුබඩු අපෙන් පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට සාදික්කා, වසාවාසි, එනසල් කුරුඳු, කරාබු නැටි, කරි පවුඩර් ගැන කතා කලොත් අමුතුම තුන පහ බැදපු තුන පහ ජැෆ්නා කරි පවුඩර් ගරම් මසාලා, ඉන්දියන් බිරියානි මසාලා වගේ හැම තුන පහ වර්ගයක්ම අපිට ලබා දෙන්න පුළුවන්. පාරිභෝගිකයන්ට තේ අශ‍්‍රිත නිෂ්පාදනත් තියෙනවා ඉගුරු තේ මසාලා තේ.
වැඩියෙන්ම පාරිභෝගිකින් අපෙන් ඉල්ලන්නේ මස්කරි තුන පහ වර්ග.
ඉදිරියේදී තවත් මෙවැනි නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අදහසක් තියෙනවද?
මේ කුළුබඩු වලට අමතරව අපේ Thaprobane Dhaiya පුදගලික සමාගම විසින් තවත් බ්‍රෑන්ඩ්ස් දෙකක් නිෂ්පාදනය කරනවා.
එකක් තමයි Tceylon මේ බ්‍රෑන්ඩ් එක පටන් අරගෙන දැනට මාස දෙකක් පමණ වෙනවා. මෙතනදි අපි කරන්නේ තේ ආශ්‍රිත නිෂ්පාදන කරන්නේ. දැනට අපි green tea ,ජින්ජර් ටී සහ තේ කොළ නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ දවස්වල අපි චායි ටී එකත් නිෂ්පාදනය කරල තියෙන්නෙ. ඉතින් ඔයාලට චායි ටී කියන එකත් මිලදී ගන්න පුළුවන් අපේ web site හරහා (www. thaprobane-dhaiya)
අපි අපේ දෙවන සංවත්සරයට බලාපොරොත්තු වෙනවා Hydrilla යන වෙළඳ නාමය යටතේ dehydrate කරන ලද ආහාර වර්ග පාරිභෝගිකයන්ට ලබා දෙන්න.
උදාහරණයක් විදිහට රම්පේ කරපිංචා, සුදුලූණු, ලූණූ, සේර, තක්කාලී වගේ ගෘහණියන්ට වැදගත් වන දේවල් dehydrate කරන්න පටන් ගන්නේ. ඒ සියලුම නිෂ්පාදනයන් නොවැම්බර් 22 දාට පසුව ඔබට අපෙන් ලබාගන්නට පුළුවන්.
අපිට හැමවිටම අවශ්‍ය වන්නේ සහනදායී මිලකට පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ලබාදෙන්නග අද වෙළඳපොලේ විකිණීමට කුළුබඩු ආශ්‍රිත බොහෝ නිෂ්පාදන වලට නිසි ප්‍රමිතියක් නැහැ. මෙලෙස නිසි ප්‍රමිතියක් නැති කුලුබඩු අද වෙළඳපොළේ ඉතාමත් අඩු මිලට අලෙවි වනවා. ඉතින් මෙම නිෂ්පාදන මිලදී ගන්න බොහෝ දෙනා මේවා භාවිතයෙන් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙනවා.
වර්තමාන වෙළඳපොළ තුළ ඔබේ කුළුබඩු නිෂ්පාදනයන්ට ඇති ලොකුම අභියෝග කුමක්ද?
අපිට තියෙන ලොකුම අභියෝගය තමයි දැනට වෙළඳපොලේ බාල අමුද්‍රව්‍ය වලින්ල විෂ රසායනික ද්‍රව්‍යල පිළිකාකාරක වර්ණකාරක අඩංගු කුළුබඩු වර්ග තියෙනවා. මේ කුළුබඩු වර්ග ශරීරයට ඉතාමත් අහිතකරයි.
මේ වගේ දේවල් අඩු මුදලට හම්බවෙන හින්දා ගොඩක් අය හිතනවා මේකේ ගාන අඩුයි පාට තියෙනවා අපිට මේකෙන් වාසියක් සැලසෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒකෙන් කිසිම වාසියක් සැලසෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව රෝගාතුර වෙන එකයි සිදු වන්නේ..මේ වගේ ශරීරයට අහිතකර සහ මෙවැනි බාල ප්‍රමිතියකින් තොර කුළුබඩු නිසා අපි වගේ ප්‍රමිතියක් සහිත කුළුබඩු ව්‍යාපාරිකයන්ට මේක ලොකුම හිසරදයක් වෙලා තියෙනවා.
දෙවෙනි කාරණය තමයි තත්ව සහතිකය. අපි ආහාර සම්බන්ධ නිෂ්පාදනය කරන නිසා තත්ව සහතිකය පිළිබඳව ගොඩක් උනන්දුවක් දක්වනවා. මේ දවස්වල අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා SLS සහතිකය ගන්න. නමුත් තත්ව සහතිකය ගැනීමේ ක්‍රියාවලියේදී වියදම් වන මූල්‍ය පිරිවැය සෑහෙන්න අධිකයි. එක product එකක් වෙනුවෙන් ලක්ෂයකට එහා යන මූල්‍ය පිරිවැයක් දරන්න වෙලා තියෙනවා.
කුඩා ව්‍යාපාරිකයන් නිසා අපිට දැනට එතරම් මුදලක් වැය කරන්න අපහසුයි. මොකද අපිට දැනට නිෂ්පාදන විස්සකට වැඩිය තියෙන නිසා. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේකට GMP තත්ත්ව සහතිකය ලබාගන්න. ඒ වගේම අපි වගේ කුඩා ව්‍යාපාර ගැන රජයෙන් සහනයක් ලබා දෙනවා නම් ගොඩක් අගය කරනවා.
අනෙක් කාරණය තමයි අපට ගුණාත්මක අමුද්‍රව්‍යය සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ගොඩක් අය කලවම් ද්‍රව්‍ය තමයි අඩු මුදලකට ලබා දෙන්නේ. මොකද ගුණාත්මක අමුද්‍රව්‍ය වල මිල තරමක් ඉහළයි. ඉතින් ඒ ඉහළ මිල ගණන් යටතේ තිබෙන ගුණාත්මක අමුද්‍රව්‍ය අපි ලබාගෙන අපේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට අඩු මුදලකට දෙන්න හැකියාවක් නැහැ. අපේ නිෂ්පාදනවලටත් අපට ඉහළ පිරිවැයක් වැයවෙන නිසා අපේ නිෂ්පාදන අපි කොතරම් ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට නිෂ්පාදනය කළත් පාරිභෝගිකයන් මිලදී ගන්නේ අඩු මුදලකට තියෙන ගුණාත්මක බවින් තොර කුළුබඩු වර්ග.
මෙම කුළුබඩු වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවාද ? ඒවා සපයා ගන්නෙ කොහෙන්ද?
අපි ගාව තියෙනවා කුළුබඩු වර්ග විස්සකට වැඩිය. උදාහරණයක් විදිහට කරි පවුඩර් ගත්තොත් එකකට එකක් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අමුතුන පහවලට ද්‍රව්‍ය වෙනස් බැදපු තුනපහවලට යොදන ද්‍රව්‍යවලට වඩා. ඒවගේම ගරම් මසාලා වලට යොදන ද්‍රව්‍ය වෙනස්. එතකොට අපිට ඒ දේවල්වලට අමුද්‍රව්‍ය ලබාගන්න අපිට suppliers ඉන්නවා. නුවර ප්‍රදේශයේ supplier කෙනෙක් හරහා තමයි එනසාල් කරාබුනැටි ගම්මිරිස් වගේ දේවල් ගන්නේ. එතකොට අම්බලන්ගොඩ හරහා ඉන්න suppliers ගෙන් තමයි අපිට කුරුදු හම්බවෙන්නේ. ඉතින් ඒ වගේ ලංකාවේ වටේම අපේ ජාලයක් ක්‍රියාත්මක වෙනවා අපේ නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන.
මේ දිනවල ඔබේ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඇති සුවිශේෂී මිල අඩු කිරීම් (offers) ගැනත් මතක් කරමු.
ඇත්තටම කිව්වොත් Thaprobane Dhaiya වෙතින් මුළු අවුරුද්දටම ඔයාලට ගොඩක් වටින offers තියෙනවා.
මේ හැම offer එකක්ම මාසෙන් මාසෙට වෙනස් වෙනවා.
උදාහරණයක් විදිහට සමහර මාසවල buy one get 1 free offer එක තියෙනවා , 10%, 15% සහ 20% වගේ
offers අපි අපේ පාරිභෝගිකයින්ට ලබා දීල තියෙනවා. ඊට අමතරව ඔයා ගන්න ඕනම ග්‍රෑම් 500 පැකට් එකකට ග්‍රෑම් 50 පැකට් එකක් නොමිලේ දෙනවා.
ඉතින් මේ වගේ offers ගොඩක් අපේ www.thaprobane-dhaiya.com වෙබ්අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
Thaprobane Dhaiya වෙතින් වෙළඳපොළට ගෙන එනු ලබන මෙම නිෂ්පාදන වල ගුණාත්මක භාවය සහතික කරන්නේ කෙසේද?
ඒ පිළිබඳව කතා කරනවා නම් දැනට ලංකාවේ තියෙන හොඳම වෙළෙඳ සන්නාම යන්නේ යටතේ තියෙන භාණ්ඩවලට වඩා අපේ නිෂ්පාදන ඉතා ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්.
ඒකට හේතුව මෙම වෙළඳ නාමය ගොඩනැගීම පමණක් නොවේ ඔයාලගේ අදහස් මගේ නිෂ්පාදනය මාව විශ්වාස කරන මගේ නිෂ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයන් අනුව තමයි මම මේ දේ කියන්නේ. අපේ නිෂ්පාදන එකපාරක් මිලදී ගන්න කෙනා නැවත නැවත ඇනවුම් අපට ලබා දෙනවා.
ඊට අමතරව ඔයාලට පුළුවන් මගේ නිෂ්පාදන මිලදී අරගෙන ඒ නිෂ්පාදන වල තියෙන රසය සුවඳ ගුණාත්මක බව ඒ දේවල් බලන්න. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා අපේ නිෂ්පාදන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය 100%ක් කුලුබඩු කුළු බඩු වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යයක් කල් තබා ගැනීමේ ද්‍රව්‍යක් Thaprobane Dhaiya නිෂ්පාදන වල අඩංගු නැහැ. ඒ නිසා ඔයාලට බය නැතුව ඔයාලගේ පුංචි දුවලා පුතාලට වුණත් අපේ නිෂ්පාදන සහිත ආහාර ලබා දෙන්න පුළුවන්.
Thaprobane Dhaiya වෙතින් නිෂ්පාදන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ පාරිභෝගිකයන්ට දෙන පණිවුඩය කුමක්ද?
Thaprobane Dhaiya කියලා කියන්න 100%ක් ලංකාවේ නිෂ්පාදනය කරන ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුක්ත දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලබන කුළුබඩු නිෂ්පාදන. ඒවගේම කරි පවුඩර් ගැන කතා කරනවනම් අපේම Secret Recipe එක අනුව හදලා තියෙනවා ලංකාවේ තියා ලෝකෙ කොහේවත් සොයාගත නොහැකි නිෂ්පාදන.
ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියන දේවල් වල සත්‍යතාවය බලන්න අපේ වෙබ් අඩවිය හරහා . ඒ හරහා products ඕඩර් කරලා ඔයාලට බලන්න පුළුවන් අපේ නිෂ්පාදනවල ඇති රසය සහ ගුණාත්මක භාවය. එක සැරයක් හරි ඇනවුමක් ලබා දුන් කෙනෙක් අනිවාර්යෙන්ම නැවත නැවත ඇනවුම් අපට ලබා දෙනවා. මොකද ඒ අපේ කුළුබඩු වලට වඩා තත්ත්වයෙන් උසස් රසය සුවද හැමදේම තියෙන නිසා.

විශේෂයෙන්ම ඔන්ලයින් හරහා මෙම නිෂ්පාදන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට ඔබව සම්බන්ධ කර ගත හැකි වන්නේ කොහොමද?
ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් අපට ඇනවුම් ලබාදෙනවා නම් අපි වෙබ් අඩවි හරහා ඔබට ඇනවුම් ලබා දෙන්න පුළුවන්. එසේත් නොමැති නම් 0786839949 යන අංකයෙන් whatsapp message එකක් දැම්මොත් අපේ මිල ගණන් ඔබට දැනගන්නට පුළුවන්. එය හරහා ඔබට අවශ්‍ය ඇනවුම ලබා දෙන්නට පුළුවන්.
එසේත් නොමැති නම් ෆේස්බුක් එකේ අපේ Thaprobane Dhaiya පේජ් එකට මගින් ද Thaprobane Dhaiya ටික්ටොක් හෝ Thaprobane Dhaiya instagram account එක හරහාත් LinkedIn යන ගිණුම් ඔස්සේත් Thaprobane Dhaiya කියන්නේ වෙළඳ නාමය යටතේ ඔබට අවශ්‍ය දේ අපෙන් ලබාගන්නට පුළුවන්.
ඒ වගේම අපේ වෙබ් අඩවියට අමතරව කප්රුක හා Daraz යන ආයතන ඔස්සේ ද අපේ බඩු වර්ග ඔබට මිලදී ගන්නට පුළුවන්.
ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?
මගේ ප්‍රධානතම ඉලක්කය වුණේ Thaprobane Dhaiya කියන වෙළඳ නාමය පාරිභෝගිකයින් අතරට යන එක. මම අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ හැම නගරයකම Thaprobane Dhaiya නමින් Super Market එකක් ස්ථාපිත කරන්න.
සැකසුම –
බිනාලි රාජපක්ෂ