Christmas cake / නත්තල් කේක්

author
0 minutes, 4 seconds Read

නත්තලට ක්‍රිස්මස් කේක් එකක් නැතුව කොහොමද නේද…එහෙනම් පටන් ගමු …

  • රුලං 250g
  • චෙරිස් 250g
  • චව් චව් 250g ඉගුරු දෝසි 250g
  • පුහුල් දෝසි 250g
  • රේසින්ස් 250g
  • කරන්ට්ස් 250g
  • කජු 250g
  • සුල්තානා 250g
  • ස්ට්‍රෝබෙරි ජෑම් පොඩි 1
  • කැන්ඩිපීල් 250g
  • බටර් 250g
  • සීනි 250g
  • බිත්තර 10යි
  • මී පැනි / ගෝල්ඩන් සිරප් මේසහැදි 1යි
  • සුවඳ කුඩු තේහැදි 2යි
  • විස්කි / බ්‍රැන්ඩි මේසහැදි 1යි
  • වැනිලා මේසහැදි 2යි
  • රෝස එසන්ස් මේසහැදි 2යි
  • ආමන්ඩ් එසන්ස් මේසහැදි 1යි

ආමන්ඩ් පේස්ට් එක සදහා :

  • කුඩුකරගත් කජු කෝප්ප 1යි
  • අයිසිං සීනි 500g
  • ලෙමනේඩ් අවශ්‍ය පමන
  • ආමන්ඩ් එසන්ස් තේහැදි 1යි

සාදන ක්‍රමය:

කජු ඇරෙන්න අනෙක් සියලුම පලතුරු කුඩාවට කාපාගෙන එසන්ස් වර්ග ටික, ජෑම්, බ්‍රැන්ඩි, සුවදකුඩු, මීපැණි දමා හොදින් කලවම්කර සුලං නොවදින්න වසා තබන්න.

රුලං යාන්තමින් කබලෙ බැඳගෙන ඒකට බටර් දමා ගන්න.

බිත්තර වලට සීනි ටික ටික දාගෙන බීටිකරගන්න.

දැන් මේ මිශ්‍රන තුනම වේලුනු හැන්දකින් කලවම් කරන්න.

කේක් ට්‍රේ එකක් ගෙන ඒකට පත්තර පිටු එලා ඊට උඩින් බේකිං පේපර් එකක් එලාගෙන කේක් මිශ්‍රණය දමාගෙන අංශක 150 පැයක් බේක් කරගන්න.

ආමන්ඩ් පේස්ට් එක

අයිසිං සීනි වලට කජු කුඩු එසන්ස් සහ මිල්ක්මේඩ්, ලෙමනේඩ් ටික ටික එකතුකරමින් අතේ නොඇලෙන පදමට අනාගෙන ලන්ච් ශීට් එකක් මත දමා රෝලිපින් එකකින් තුනීකරගන්න.

දැන් කේක් එක කුඩු කරලා රෝස්ට් කර ගත් කජු එකතු කරලා හොදට අනා ගන්න.අවශ්‍ය ප්‍රමාණයට තුනී කරලා ආමන්ඩ් පේස්ට් එක කේක් එක මත එලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපාගන්න.

මතක තියා ගන්න.මේ කේක් එක අගල් 1-2 අතර ප්‍රමාණයට උස ගන්න….

මම දිලීකා..


ප්‍රවීන කේක් නිර්මාන ශිල්පිනී
එහෙනම ආයෙ රසම රස කේක් එකකින් හම්බෙමු…හැමෝටම සුබම සුබ නත්තලක් වේවා…

Similar Posts