මේ දිනවල න් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින clean Sri Lanka ව්‍යාපෘතිය සිංගප්පූරුවේ වර්ෂ 1965 වසරේදී මුලින්ම ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය හරහා සිංගප්පුවරුව අද පවතින තත්ත්වයට ඒමට ලොකු පිටුවහලක් සැපයිය . එකල සිංගප්පූරුව තුළ විදෙස් විදෙස් සංචාරකයන්ට යාමට ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ නිසි පරිදි කසල බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකමිනි. එහිදී එය පරිසරය පිරිසිදු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් පමණක් වුවත් ,සියලු දෙනා එකා මෙන්ම කටයුතු කිරීම නිසා කෙටි කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි විය .

ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ දේශපාලන සංස්කෘතිය පූර්ණ වෙනසකින් පසු නව ආණ්ඩුවක් බලයට පත්වී පළමු කාර්ය ලෙසයි . එහිදී පැහැදිලිවම ජනපති විසින් පළමු වසර තුළ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් සමගින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි .
දේශපාලන තත්ත්වය අලුත් වුවද රාජ්‍ය ක්ෂේත්රය තුළ පැරණි අදහස් ඇති පරණ දේශපාලන පක්ෂවල බලපෑම ඇති නොයෙක් කණ්ඩායම් මෙම පුනරුද රජයේ පළමු ව්‍යාපෘතියම අසාර්ථක කිරීමට විවිධ බලපෑම් කිරීමට හැකි සෑම අවස්ථාවක්ම පහත් ලෙස යොදා ගැනීමට මාන බලමින් සිටි . එවැනි පසුබිමක මෙම ව්‍යාපෘතිය තුළ නොතිබූ අංග හුවා දක්වමින් ” බස් වල කැලී ගැල්වීම , ත්‍රීරෝද රථ වල අමතර කොටස් ගැලවීමට ” කටයුතු කිරීම තනිකරම රංගනයකි.
මෙම ව්‍යාපෘතිය පැහැදිලිවම කුළුණු තුනක් මත රදා පවතින දීර්ඝ කාලීන සැලසුමක කොටසකි .
- පාරිසරික
- සමාජමය
- ආචාර ධර්ම
එම කුළුණු තුනයි .
නමුත් අද වන විට මෙම කුළුණු තුළ පසෙකලා පොලිසිය විසින් මහජනතාව අපහසුතාවයට පත්කිරීමෙන් කරගෙන යන මේ අමතර උපාංග ඉවත් කිරීම නිසා රජය බෙහෙවින් අසීරුවට පත්වී ඇත.
මෙම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ මෙන් කසල ඉවත් කිරීම ප්රමුඛ කරගත් කාර්යයක් නොවන අතර මෙමගින් රටේ වසර කිහිපයක සිට සිදු වූ දූෂණ වංචාසොයා බැලීම හා රාජ්‍ය පාලන අධිකාරිය තුළ සිදු විය යුතු කාර්යයන් පවා නිවැරදිව ඉටු නොවීම ගැන සොයා බලා ජනතාවගේ ඡන්දයේ වටිනාකම
තේරුම් ගෙන කටයුතු කළ යුතුවේ .
නව ආණ්ඩුවක් පත් වූ වහාම සියලු රාජ්‍ය ආයතන හා නිලධාරීන් සෘජුව ඒම ආණ්ඩුව සමඟ සිට නොගැනීම ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන බල පෙරළිතුර සුලභ කාරණයක් වී ඇත . මෙම නිසා අතිශය දුෂ්කර ප්රයත්නයකට පසු ආණ්ඩු බලය රඳා පවත්වා ගැනීම පත්වූ සෑම ආණ්ඩුවකම ඇතිවූ දුෂ්කරතාවකි . මෙම ආණ්ඩුව පත්වී මාස තුනක් යන්නටත් පෙර ජනතාව අපේක්ෂා පොදු බැදගෙන ඉල්ලීම් ඉල්ලා සිටීමත් , clean sri lanka හරහා සිදුකිරීමට අපේක්ෂිත දේ සිදු නොවීමත් හරහා නැවතත් ජනමතයට යම් බලපෑමක් සිදුවී ඇති බව විවිධ අවස්ථාවන්ගෙන් පෙනී යයි.
එහෙත් අප සියලු දෙනා පැහැදිලි කරගත යුතු යමක් ඇත . ඒ පැවති දුෂ්ඨ දුර්දාන්ත පාලන සමය තුළ රාජ්‍ය මෙන්ම සියලු ආයතන යම්කිසි අපැහැදිලි හා පුරෝකථනය කළ නොහැකි අභ්‍යන්තර හා බාහිර ගැටලු රැසකින් පෙලීමක් ජනතාවගේ අපේක්ෂා පැහැදිලිව ඉක්මනින් ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමත් වෙනත් බලවේග හා සමහර ජනමාධ්‍ය විකෘති කර හුවා දැක්වීමක් නිසා රටේ අභිවෘද්ධිය පිණිස ගත් වැදගත් තීන්දු තීරණ රැසක් පසෙකට ලා පුංචි පුංචි සිද්ධි රැසකින් ආණ්ඩුව හා රජය අපකීර්තියට පත් කිරීමට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම කටයුතු කිරීම දියුණු වෙමින් පවතින විශාල ණය බරකින් පෙළෙන රටකට නොගැලපෙන අස්ථාවරත්වයක් ඇති කිරීමට හා ඒ තුළින් වාසි ලබාගෙන මීළඟ පළාත් පාලන මැතිවරණය ජයගැනීම අරමුණු කරගත් විශාල කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතීී.
අප පුන පුනා සිහි තබාගත යුත්තේ අප ජන්දයෙන් දිනා ඇත්තේ භූගෝලීය සීමා පමණක් නොවන අතර මිලියන 69 ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන්ය . ඒ වෙනුවෙන් නව රජයට කෙටිකාල් හා දිගුකාලීන සැලසුම් රැසක් ඇති අතර අප යම්කිසි සහන කාලයක් පළමුව රජයට දිය යුතුවේ . අප සියලු දෙනා එක මෙන්ම තනි තනිව අප විසින් රට වෙනුවෙන් කළ යුතු යුතුකම ලෙස මම දකින්නේ මෙම රාජ්‍ය ආරක්ෂා කරගනිමින් ලස්සන ජීවිතයක් හා සුභ අනාගතයක් වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කිරීම හා කලබල වී ඇති සියලු දෙනා දැනුවත් කරමින් රාජ්‍ය පාලනයට අප රජය සමග සම්බන්ධ වීමයි.
එහිදී විශ්වාසය ප්රමුඛ කාර්යයක් වන අතර මේ වෙනකොට රජය එය තහවුරු කර ඇත . ඒ රටේ කිසිදු සම්පතක් විකිණීමකින් තොරව සංචිත ඩොලර් බිලියන පහ ඉක්මවා යාම සහ රට තුළ වැසී ගිය විවිධ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමයි .
ඒවාගේම ඖෂධ අනූවක පමණ මිල මේ වෙනුකොට අඩු වී ඇත .
සංචාර දෙක තුළ ( ඉන්දියාව හා චීනය ) ඇමතිවරුන් දෙදෙනෙකු පමණක් ගමන් කිරීමත් පැවති ආණ්ඩු එවැනි සංචාර සඳහා කෝටි 25කට අධික මුදලක් වියදම් කරමින් ගුවන් යනා පුරවමින් තම නෑදෑ හිතමිතුරන් එක්කාසු කර ගැනීම තුළයි
නමුත් වත්මන් ආණ්ඩුව මෙම සංචාර දෙක තුළදී පමණක් විශාල විදෙස් ආයෝජන (ඩොලර් බිලියන තුනයි දසම හතක) චීනෙන් පමණක් තෙල් පිරිපහදුවකට ලබා දී ඇති පසුබිමක වේ.
ඒ වාගේම අධික සුවපහසු වාහන පසෙකලා පොදු වාහන භාවිතා කිරීම හා පොදුවේ නවාතැන් ගැනීමක් නිසා රජයේ බදු මුදල් විශාල ප්‍රමාණයක් කෙටි කලක් තුළ ඉතිරි වී ඇත . ජනාධිපති දිවුරුම් දීමේ සිටම රජයේ විවිධ උත්සවවලින් විශාල මුදලක් දැනටමත් ඉතිරිවී ඇත .
ඊළඟ මාසයේ සිට වාහන ආනයන සීමා ලිහිල් වන අතර සංචාරකයන්ගේ පැමිණීම ද සීඝ්‍ර වර්ධනයක් අත් කර ගෙන ඇත . මේ සියලු දේ වන අතර වෙළඳපොලේ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ සහල් මාපියාව නැවත හිස ඔසවීම නිසා ජනතාව තුළ යම් අපැහැදිලි චිත්‍රයක් නිර්මාණය කිරීමට විපක්ෂ බලවේග ක්‍රියාත්මක වුණත් සැබෑවටම එය කෙටි කාලීන දුෂ්කරතාවක් වන අතර කෙටි කාලයක් තුළ මේ සියලු ගැටලුවලට ආණ්ඩුව නිසි පිළිතුරු දෙනු ඇත .
ඒ වෙනුවෙන් මෙම කෙටි කාලය තුළ සිදුවන අපහසුතා පසෙකලා නිසි පරිදි විධිමත් ආකාරයට තොරතුරු ලබාගෙන ආණ්ඩුවේ සැබෑ ක්‍රියාමාර්ග දෙස විමර්ශනශීලීව බලා සිට මෙම සියලු ගැටලු විසඳා ගැනීමට පොදු මහජනතාව ලෙස ඔබට කළ හැකි කුඩා දේ හෝ ඉටු කරමින් දූෂණ වංචාවලින් තොර සමෘද්ධිමත් රාජ්‍යයක් කරා කෙටි කාලයක් තුළ පිය නැගීමට සියලු දෙනාම අත්වැල් බැදගනිමු.
සටහන
දෙමිදු