Leadership යන මාතෘකාව යටතේ පසුගිය සති කිහිපය තුළින් නායකත්වය පිළිබඳව දැක්වෙන මූලික න්‍යායන් වන Traits theory හා Behavioral theory පිළිබඳව පුළුල් විග්‍රහයක් ඔබට ලබාදුන්නා.
නැවත මතක් කිරීමක් වශයෙන් ඒ පිළිබඳ සඳහන් කරනවා නම්, Traits theory අර්ථ දැක්වීමට අනුව නායකයින් කියන පිරිස උත්පත්තියෙන් ඒවා අරගෙන එන සහ උපතින්ම එන නායකත් ගතිගුණ, ගති ලක්ෂණ ඔවුන් සතුව පවතිනවා කියන එකත් Behavioral theory අර්ථ දැක්වීමට අනුව නායකත්වය යනු නායකයා කියන පුද්ගලයා උත්පත්තියෙන් එන කෙනෙකු නොවෙයි එම පුද්ගලයා පුරුදු පුහුණු කොට නායකත්ව ගුණාංග සහිතව බිහිවන අයෙක් බවත් සඳහන් කළ හැකිය.
අද අප සූදානම් වන්නේ ඉහත කී න්‍යායන් දෙකට අමතරව නායකත්වය පිළිබඳව දක්වා ඇති සුවිශේෂී න්‍යායක් වන John C Maxwell ගේ Five Level Of Leadership පිළිබඳව ඔඹට අවබෝධයක් ලබා දීමටයි.
නායකත්වය පිළිබඳ විවිධ අය විවිධ අන්දමට අදහස් දක්වා තිබෙන බව අප සියලු දෙනා දන්නා කාරණයක්. එකී පුද්ගලයන් අතරින් එක් අයකු තමයි John C Maxwell ලෙස අප හඳුන්වන්නේ.
මේ සියල්ලටම පළමුව අප John C Maxwell යනු කවුරුන්දැයි හදුනාගනිමු.

ජෝන් කැල්වින් මැක්ස්වෙල් 1947 දී පෙබරවාරි 20, දින ඇමරිකාවේ මිචිගන් හි ගාර්ඩන් සිටි හි දී උපත ලැබීය. නායකත්වය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් බොහෝ පොත් ලියා ඇති ඔහු ඇමරිකානු කතුවරයෙක්, කථිකයෙක් සහ දේවගැතිවරයෙකු ලෙසින් සේවය කරන ලදී.
මිචිගන් හි හැදී වැඩුණු ඔහු පසුව මැක්ස්වෙල් ඔහියෝ ක්‍රිස්තියානි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු දේවත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ අමාත්‍යාංශයේ ආචාර්ය උපාධියක් ලබා ගෙන තිබුණි. කථනයට සහ ලේඛනයට පූර්ණ කාලීනව කැපවීමට පෙර ඔහු වසර 30කට වැඩි කාලයක් දේවගැතිවරයෙකු ලෙසින් සේවයේ යෙදීය.
මැක්ස්වෙල් විසින් රචිත ග්රන්ථ අතර “නායකත්වයේ ප්‍රතික්ෂේප කළ නොහැකි නීති 21,” “ඔබ තුළ සිටින නායකයා වර්ධනය කිරීම” සහ “නායකයෙකුගේ අත්‍යවශ්‍ය ගුණාංග 21” – සෑම එකක්ම පිටපත් මිලියනයකට වඩා අලෙවි වී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ඔහු නායකත්වය හා කළමනාකරණය පිළිබඳ විශාල ප්‍රමාණයක් ග්රන්ථ ප්‍රමාණයක් රචනා කළ ඇමරිකාවේ සිටින ඉතාමත් සුප්‍රකට විශේෂඥයෙකු ලෙස සැලකේ.
මොහු විසින් ඉදිරිපත් කරන Five levels of leadership එනම් විවිධ මට්ටම්වලින් නායකත්වය පුරුදු පුහුණු කරන විදිය මින් හැදින්වේ.

එහි එන අදියර 05 පහත පරිදි වේ.
Level 1 — Position
Level 2 — Permission
Level 3 — Production
Level 4 — People Development
Level 5 — Pinnacle
ජෝන් මැක්ස්වෙල් පවසන පරිදි නායකත්වය යනු අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට ගොස් පුරුදු පුහුණු කල යුතු කටයුත්තක් යැයි පෙන්වා දෙයි.
එනම් නායකත්වය කියන එක උත්පත්තියෙන්ම ලැබුන එකක් නොවෙයි එයට තව දේවල් ගොඩක් එකතු වෙනවා කියන එක තමයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉහත සඳහන් රූප සටහනට අනුව ඔහු පෙන්වා දී ඇති අදියර පහ P අකුරු පහක් මූලික කොටගෙන තමයි සකස් කොට තිබෙන්නේ.
එහි පළවෙනි අදියර ලෙස සැලකෙන Position කියන එකෙන් පෙන්වා දෙන්නේ නායකයාට තියෙන නායකත්ව වපසරිය කුළ ඇති Rights ය. දෙවැනි අදියර වන Permission හි අන්තර්ගත වී ඇත්තේ Relationship වන අතර තෙවැනි අදියර වන Production අන්තර්ගත වී ඇත්තේ results වේ.
හතරවැනි අදියර වන People Development අන්තර්ගත වී ඇත්තේ re production ය. පස්වැනි අදියර වන Pinnacle අන්තර්ගත වී ඇත්තේ respect වේ.
ඉහත සඳහන් කරුණු මගින් පෙන්වා දෙන්නේ අදියර සහ අදියරයට අදාළ වන නායකත්ව වපසරිය සෑදෙන ආකාරය යි.
එසේනම් අපි ගන්නෙ අදියර එකිනෙක විග්රහ කර බලමු.
1. Position
මෙතැනදී නායකයා කියන පුද්ගලයා නායකයෙක් වෙන්නේ එයාට තියන තනතුර හෝ එයාට තියෙන අධිකාරිය නිසායි.
උදාහරණයක් වශයෙන්,
යම් රැකියා ස්ථානයක ප්‍රධානියාට හිමි තනතුර නිසා ඔහු නායකයෙක් බවට පත් වෙනවා. එහිදී අනුගාමිකයන් ද ඇතිවන්නේ ඔහුට හිමි තනතුර නිසාය. එම පුද්ගලයාට නායකත්වය කියන එක එලෙස ලැබෙන්නේ ඔහුගේ අයිතියක් ලෙසටයි. ඒ අනුව සාමාන්‍ය නායකයෙක් කියන කෙනෙක් ආයතනයක් හෝ සමාජයක් තුළ ඇති වෙන්නේ මේ මට්ටමෙනි.
මෙලෙස රජ කෙනෙක් මැතිඇමති කෙනෙක් අධ්‍යක්ෂකවරයෙක් යන මේ හැම කෙනෙකුටම ලැබෙන අයිතිය ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ තනතුරටයි . එතකොට ඒ ඔහුගේ අනුගාමිකයන් එයාව අනුගමනය කරන්න පෙලඹෙනවා .
ඒ වගේම අනුගාමිකයන් විදියට ඔහුගේ ඒ නායකත්වය පිළිපදින්න තියෙන එකම හේතුව වෙන විකල්පයක් නොමැති නිසාවෙනි.
පලවෙනි මට්ටමේ නායකයෙක්ගේ තනතුර තීරණය කරන සාධකය මත තමයි ඔහුගේ නායකත්වය පවතිනුයේ. හමුදාවක හෝ පොලිසියේ ඕඅයිසී කියන පුද්ගලයාගේ නියෝග පිළිපදින්නේ එයාගෙ තනතුර මතයි.
කෙසේ නමුත් මින් පෙන්නුම් කරනුයේ අනුගාමිකයන් අවනත වන්නේ නායකයාගේ තනතුරට මිස පුද්ගලයාට නොවන බවයි.
2.Permission
අනුගාමිකයන් නායකයාව අනුගමනය කරන්නේ වෙන විකල්පයක් නොමැති නිසා නෙමෙයි. ඔවුන්ට ඔහුව අවශ්‍ය වන බැවින්. එතනදි එම පුද්ගලයා අනෙකුත් පුද්ගලයන් සමඟ බැඳීමක් ඇති කර ගන්නවා.
උදාහරණයක් වශයෙන්,
ආයතනයක කළමනාකාරතුමා අපි ගත්තොත් එහෙම කළමනාකාරතුමා පුද්ගලයොත් එක්ක හිතවත්. එතනදි අනුගාමිකයින් එම නායකයා පිළිබඳ යම් කිසි ගෞරවයක් හා සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. එලෙස බැදීමක් ඇති කර ගැනීමේදී නායකත්වය දරන පුද්ගලයාට සිය රැකියාව කරන අවස්ථාවේ හෝ රැකියාවෙන් පිටතදී වුවත් රැකියාව නොවුනත් උපකාරයක් අවශ්‍ය නම් ඔහුගේ අනුගාමිකයන් විසින් එම උපකාරය නායකයාට සිදු කර දීමට පෙළඹෙනවා.
මිනිස්සු අවස්ථාවක් දෙනවා එම නායකයාට තනතුර කියන එක අදාළ නොවුණත් ඒ මිනිස්සුන්ට නායකත්වය දෙන්න. එය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ ඔහුගේ අනෙකුත් අනුගාමිකයන් සහසම්බන්ධතාවය මත. නැතුව එම පුද්ගලයාගේ තනතුරු මත නොවෙයි. ඔහුට තනතුර නොමැති වුවත් ඔහුට තාමත් අර මිනිස්සුන්ගේ නායකයා ලෙස සිටිය හැකි යි. මේක තමයි දෙවන මට්ටමේ නායකයෙක් කියලා කියන්නේ.
පළවෙනි මට්ටමේදි නායකයෙකු තනතුර අනුව නායකයෙක් ලෙස බිහිවූ අතර නායකත්වය හිමි පුද්ගලයාව අනුගාමිකයන් විසින් පිළිපදින්න ගත්තේ ඔහුට හිමි තනතුර නිසාවෙනි. ඒ තනතුරට අගෞරවයක් කරන්න බැරි නිසා හෝ නොකර බැරි නිසාවෙනි.
හැබැයි දෙවැනි මට්ටමේ දී නායකයාගේ අනුගාමිකයෝ එම නායකයාට අවස්ථාව ලබා දෙන්නේ ඒ පුද්ගලයා සමග තිබෙන යම්කිසි සම්බන්ධතාවයක් හිතවත්කමක් ලෙන්ගතුකමක් යන බැඳීම නිසා වන අතර නායකයාට හිමි තනතුර නිසා නොවෙයි.
දෙවන මට්ටමේ නායකත්වය කියන්නේ මෙයයි.
ලබන සතියේ දී අපි බලාපොරොත්තු වන්නේ මෙහි එන ඉතිරි අදියර තුන පිළිබඳව විග්‍රහයක් ඔබට ලබා දීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
