Leadership ලිපි මාලාව ඔස්සේ නායකත්වය පිළිබඳව ඇතුලත් න්‍යායන් ඇතුළු ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පසුගිය ලිපි කිහිපය පුරා අප ඔබත් සමග සාකච්ඡා කළා.
එකී කරුණු අතරින් පසුගිය සතියේදී අප නායකත්වය පිළිබඳව විදහා දැක්වෙන Five levels of Leadership මාතෘකාව යටතේ ඔබත් සමග කතා බහ කළේ එහි එන ප්‍රධාන අදියර දෙකක් වන Position සහ Permission පිළිබඳවයි.
එසේ නම් අද අප සූදානම් වන්නේ එහි එන අනිකුත් අදියර කිහිපය පිළිබඳව ඔබට පුළුල් විග්‍රහයක් ලබාදීමටයි.
john c maxwell විසින් ඉදිරිපත් කරන ලද Five levels of leadership හි එන අදියර 05 වනුයේ,

Level 1 — Position
Level 2 — Permission
Level 3 — Production
Level 4 — People Development
Level 5 — Pinnacle
ඒ අතරින් ,
Level 3 — Production යනු,
ආයතන මට්ටමෙන් ගත්තොත් තුන්වැනි අදියරේ දී නායකයාට අනුගාමිකයන් බිහිවන්නේ එම නායකයා අදාළ ආයතනයේ දියුණුව උදෙසා සිදුකරන ලද යම් දෙයක් හෝ නිෂ්පාදනයක් වෙනුවෙන්.
උදාහරණයක් වශයෙන්
යම් පුද්ගලයෙක් කළමනාකාරවරයකු ලෙස ආයතනයකට පැමිණීමේදී අදාල පුද්ගලයාගේ රාජකාරිය වන්නේ ආයතනයට අවශ්‍ය වෙළඳ ප්‍රවර්ධන, අලෙවි කටයුතු සිදු කරමින් යම් කිසි මුදලක් යම්කිසි ප්‍රාග්ධනයක් ඉපයීමයි. ඒ සඳහා එම කළමනාකාරවරයා ඔහුගේ කාර්ය මණ්ඩලයට, සේවකයන්ට නියෝග සහ උපදෙස් ලබා දෙනවා අදාළ කටයුතු සිදු කිරීමට. එලෙස කටයුතු කරගෙන යෑමේ දී අදාළ පුද්ගලයා සහ සේවකයන් අතර ඇතිවන යම් සම්බන්ධතාවයක් ගොඩනැඟීමට පටන් ගැනෙනවා. ඔවුන් සිතනවා කළමනාකාරවරයා ගෙනයන ක්‍රියා කලාපය හොඳ බවත් එය තවත් ඉදිරියට ගෙනියා හැකි බවත්. ඒ සඳහා උත්සාහ කර බැලීමට ඔවුන් එහිදී තීරණය කෙරෙනවා. එම නිසා රාජකාරි වේලාවෙන් පසුව වුවත් අදාල කළමනාකාරීන් වරයාගේ කටයුතු සිදු කිරීමට ඔහුගේ අනුගාමිකයන් පෙලඹෙනවා.
ඒ අනුව මෙලෙස කළමනාකාරවරයා යමක් නිෂ්පාදනය කිරීම අරම්භ කෙරෙනවා. එහිදී කළමනාකාරවරයාගේ සැලැස්ම ක්‍රියාත්මක තුළින් ආයතනය දියුණුවට පත් වන අතර ඔහුගේ ක්‍රියාකලාපය තුළින් යම් කිසි ධනාත්මක දෙයක් ආයතනයට තුළ සිදු වනවා. එය එහි සේවය නියුතු පිරිසට දැනී යන විට කළමනාකාර වරයාගේ ක්‍රියා කලාපය සේවකයින් විසින් අගය කිරීමත් එලෙස ආයතනය දියුණු කිරීම තුළින් සේවකයින් හට ද දියුණු වෙන්නට පුළුවන් බව හැගීමකුත් ඔවුන් තුළ ඇතිවෙනවා. මේ තමයි තුන්වෙනි මට්ටමේ නායකයෙකුගේ ලක්ෂණ සහ තුන්වෙනි මට්ටමේ නායකයෙක්ට අනුගාමිකයන්ට ලැබෙන දේ.
එලෙස ආයතනය දියුනුවට පැමිණියාට පසුව අදාළ නායකයාගේ අනුගාමිකයන්ට නායකයා විසින් සිදු කරන දේ තමයි එහි සේවයේ යෙදෙන පිරිස දියුණු කිරීම. නායකයා වගේ තවත් පුද්ගලයන් ඇති කිරීම. ඒ අනුව මෙය තමයි re- production නැවත නිෂ්පාදනය ලෙස හඳුන්වන්නේ.
Level 4 — People Development
එහිදී සිදු කරන්නේ නායකයෙක් විදිහට මේ පුද්ගලයන්ව දියුණු කිරීමත් ඒ පුද්ගලයන්ගේ දැනුම, පෞරුෂය, පෞද්ගලික ජීවිතය, ඉලක්ක යන මේ කරුණු සඳහා ඒ පුද්ගලයාව යොමු කොට ඒ පුද්ගලයාට උදවු කිරීම සහ ආයතන මට්ටමෙන් පසුබිම සකස් කොට අවශ්‍ය කටයුතු ඉටු කර දීමයි. මේ තමයි නායකයෙකුගේ හතරවැනි මට්ටම.
ඕනෑම නායකයෙකුට ඔහුට හෝ ඇයට එම තනතුර දිගටම රැඳී සිටීමට හැකියාවක් නැහැ. එබැවින් එම පුද්ගලයා සේ තවත් දෙවන පෙළ නායකයන් බිහි කිරීමට අවශ්‍ය වනවා. ඒ අනුව හතරවැනි මට්ටමේ නායකයෙකු මෙම අදියර තුළ සිදු කරන්නේ දෙවන පෙළ නායකයකු බිහි කිරීමයි.
එහිදී ඔහු ගැන විතරක් නෙමෙයි ඔහුගේ ආයතනය ගැන ඔහුගේ පුද්ගලයන්ගේ අනුගාමිකයන් / කණ්ඩායමේ සාමාජිකයන් ගැන හිතන්නට පටන් ගන්නවා. ඔවුන්ව දියුණු කිරීමට කටයුතු කෙරෙනවා.
නායකයාගේ සංකල්පය තුළ ඇතුළත් අනෙක් විශේෂ කාරණය තමයි අනුගාමිකයන්. මොකද අනුගාමිකයෙක් නොමැති නම් නායකයෙකුත් නැහැ.
උදාහරණයක් වශයෙන්,
අපි හමුදාවක් ගත්තොත් හමුදාවට ජනරාල් කෙනෙක් ඉන්නවා. ඔහු යටතේ කර්නල්, බ්‍රිගේඩියර්, කැප්ටන්, කෝප්රල් යන පිරිස සිටිනවා.
එමෙන්ම ත්‍රස්තවාදය කණ්ඩායම ගත්තත් එහි නායකත්වය ගෙන යන පුද්ගලයා නිරතුරුවම අවධාණය යොමු කරන්නේ ඔහුගේ දැක්ම අනිත් අයට බෙදා දෙන්න ඕන කියලා.
කුමන අන්දමේ කණ්ඩායමකට වුවත් ඔවුන්ට john c maxwell විසින් ඉදිරිපත් කරන ලද Five levels of leadership අනුගමනය කිරිමේ හැකියාව පවතිනවා.
ඔහු මුලින්ම පොඩි කණ්ඩායමක් එක්ක වැඩේ පටන් අරගෙන ඊළඟට එතනින් ඉස්සරහට ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක සහසම්බන්ධතාවයක් ගෞරවයක් ගොඩනඟා ගනිමින් ඔහු යටතේ සිට අනුගාමිකයන් රැකියාවට ඔබ්බට ගොස් යම් දෙයක් කරනවා නම් රාජකාරීන් එහාට දෙයක් කරනවා නම් එවැනි ආයතන හෝ සංවිධාන ඉතා ඉක්මනින් දියුණුවට පත් වනවා. ආයතනයේ දියුණුවට මෙන්ම නායකත්වයට සහය දුන් පිරිස දියුණු කිරීම තමයි හතරවැනි මට්ටමේ නායකයෙකු විසින් කළ යුතු දේ.
ලංකාවේ සංස්කෘතිය තුළ අපි අඩුවෙන් දකින දෙයක් තමයි නායකයෝ තමන් ගේ තනතුරත් එක්ක පුද්ගලයන් එක්ක හිතවත් කම ඇති කරගෙන කටයුතු කරනවා. හැබැයි ආයතනය දියුණුවුණාට පසුව ආයතනය දියුණු කරන්න උදව් වුණු අයව දියුණු කරලා ඔහුගෙන් පස්සේ මේ පරම්පරාව හැදෙන්න ඕන කියන දේ තමයි ගොඩක් වෙලාවට අඩු. අපේ රටේ දේශපාලනය තුළ මේය මේ විදිහටම බොහෝ වෙලාවට තියනවා. මිනිස්සු තමන් නායකයෙක් තෝරා ගන්නවා. ඒ නායකයා වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා.
ඒ නායකයා යම් ආයතනයක දියුණුවක් කරලා පෙන්වනවා. තමන් දියුණු වෙනවා. තමන්ගේ දැක්ම දියුණුවක් බවට පත් කරලා පෙන්නනවා. ඉතින් නායකයා දියුණුවුණාට පස්සේ ඒ අපේ නායකයා යටතේ සිටින අනුගාමිකයින්ටත් ඉතා සතුටුයි. නායකයා දියුණු වූවත් නායකයා යටතේ සිටින අනුගාමිකයන් දියුණු කරන එක දෙවන පෙළක් හදන එක හරිම අඩුයි.
මෙයින් අදහස් වන්නේ වරදාන වරප්‍රසාද දීම නෙවෙයි. නායකයාට දැක්මක් තියනවා. ඒ දැක්ම තමයි අනුගාමිකයන්ට අනුගාමිකයන් විශ්වාස කරන්නේ. ඒ දැක්ම තමයි අනුගාමිකයන් වන්නේ ඒ ආකාරයටම තවත් පිරිසක් හදන්න ඕන. ඒ පිරිසට තමන්ගේ කුසලතා මෙන්ම තමන් මෙන් කැපකිරීම් කරන්න පුළුවන් විදියට තමයි ඔවුන්ගේ වපසරිය
හදන්න ඕන. මේක තමයි හතරවැනි අදියරේ නායකයකු තුළ තිබිය යුතු දේ.
Level 5 — Pinnacle
පස්වන අදියර යනු Five levels of leadership හි නායකත්වය ගැන කියැවෙන ඉහලම අදියරයයි. මෙතන තියෙන්නෙ නායකයාට දක්වන ගෞරවයයි.
නායකයා මොන දේ කිව්වත් මිනිස්සු කරන්නේ නායකයා පවසන දේ සිදු කරන්නේ නායකයාට තියෙන ගෞරවයට හා භක්තියට.
ඒ භක්තිය නිසාම නායකයාගේ අනුගාමිකයන් කිසිවිටෙකත් නායකයාව අභියෝගයට ලක් කිරීමක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තියෙනවා ඒ තමයි මේ මට්ටමට එක සැරේටම එන්නට බැහැ. ඉහත සඳහන් සියලුම අදියරයන් ක්‍රම ක්‍රමයෙන් අනුගමනය කරලා තමයි ඕනෑම නායකයෙකුට මේ අදියරට එන්නට හැකියාව තියෙන්නේ.
පස්වැනි මට්ටමේ දී මිනිස්සු ඒ පුද්ගලයාට නායකත්වය දෙන්නේ අවස්ථාව දෙන්නේ එයාව අනුගමනය කරන්නේ එයාගේ කියන දේ විශ්වාස කරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන දැක්මට.
උදාහරණයක් වශයෙන්
මහත්මා ගාන්ධිතුමා දැක්කා නිදහස් ඉන්දියාවක්. ඒක වෙනුවෙන් මිනිස්සු දිවි පුදලා එයාගේ පිටුපස ගියා. ඒක අර ගෞරවය නිසා. මෙවැනි නායකයෝ ලෝකයේ හරි අඩුයි.
තෙරේසා මවුතුමිය මෙවැනි තවත් සුවිශේෂ නායකයෙක්. ඒ වගේම බුදුහාමුදුරුවන් ගත්තොත් බුදුහාමුදුරුවන් වෙනුවෙන් දිවි පුදන්න පුළුවන් දිවි කැප කරන්න පුළුවන් බුදුහාමුදුරුවන් කියන දේ එලෙසම විශ්වාස කරන්න පුළුවන් අනුගාමිකයන් බොහෝ පිරිසක් සිටිනවා. බුදුහාමුදුරුවන් අද සියලුම දෙනාගේ ගෞරවය දිනා ගන්න පුලුවන් මට්ටමට ඇවිල්ල තියෙනවා. අන්න ඒක තමයි බුදු හාමුදුරුවන්ගේ දැක්ම. ඒ දැක්ම වෙනුවෙන් තමයි දෙවන පෙළක් හැදෙන්නේ. බෞද්ධ ධර්මයේ එන බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වන සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා රහත් වී සිටින සියළුම රහතන් වහන්සේලාට ධර්ම දේශනා කරල අනෙකුත් සියළුම පුද්ගලයන්ව නිවන් මාර්ගයට යොමු කරන අවශ්‍ය කටයුතු කළා.
ඒ වගේම සාමාන්‍යයෙන් නායකයෝ ගත්තාම නෙල්සන් මැන්ඩෙලා ගත්තොත් දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගෙන් නායකත්වය වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා මුළු ලෝකයේම ගෞරවයට ලක් වූ පාත්‍ර වුණු කෙනෙක්. අවුරුදු ගානක් එරට සිර කොට සිටි පිරිසටත් ඔහු සාමයෙන් මෛත්‍රියෙන් තමයි කටයුතු කළේ. ඔහුගේ සාමකාමී අවිහිංසාවාදී ඒ ප්‍රතිපත්තියට දකුණු අප්‍රිකාවේ ඉන්න සියලුම දෙනා ගරු කලා. එකෙන් තමයි ඔහු නායකයින් බවට පත්වුණේ. ඔයාගේ ඉවසීම, අවිහිංසාව, සමාව දීම යන ඒ සියලු දේත් එක්ක ඔහු pinacle ලෙවල් එකට ගියා.
ඒ හරහා ඔහු සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙලා ඒ ක්ෂේත්රයේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ නායකයා බවට පත් වුණා. මේක තමයි john c maxwell විසින් ඉදිරිපත් කරන ලද Five levels of leadership කියලා කියන්නේ.
මේ න්‍යාය අනුව පියවරෙන් පියවර යනවා මිසක් එකපාරටම pinacle අදියරයටයන්න බැහැ. එකපාරටම මහත්මා ගාන්ධි වෙන්නත් බැහැ. එකපාරටම nelson mandela වෙන්නත් බැහැ. ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් කැප කළ කරල, ලොකු විශ්වාසයක්, ලොකු අනුගාමිකයන් පිරිසක් ඔවුන්ට ආදර්ශයක් දීල, යම් කිසි දෙයක් ගොඩනඟලා ඒ ගොඩනඟපු දෙය හරහා අනෙක් අනුගාමිකයින්ටත් තමන්ගේ මට්ටමට එන්න ඉඩ දීලා අන්න ඒ මට්ටමට ආපු කෙනෙක් තමයි අර pinacle එකට යන නායකයා ලෙස හදුන්වනු ලබන්නේ.
ඒ අනුව මෙම න්‍යාය තුළ අන්තර්ගත වී ඇත්තේ නායකත්වයට පිය නගන පුද්ගලයකුට අනුගමනය කළ හැකි කුඩා මාර්ගෝපදේශයක් බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.
පසුගිය සතියෙන් – https://colombojournal.online/five-level-of-leadership-john-c-maxwell/
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
