A PASSPORT TO MARRIAGE
Chanzu නොහොත් Foot Binding යනු චීන සංස්කෘතියට අයත් සාම්ප්‍රදායික චීන චාරිත්‍රයකි. මෙම චාරිත්‍රය කාන්තාවන් මූලික කරගෙන පවත්වා ඇත. Foot Binding rite passage එකකි. මෙම චාරිත්‍රයෙන් කරන්නේ කාන්තාවන්ගේ කකුල් වෙළුම් පටිවලින් ඔතා කාන්තා පා ඉතාමත් ලස්සනට සිහින් ව පවත්වාගෙන යා හැකි බවට ඇති පාරම්පරික සහ සංස්කෘතික විශ්වාසය නිසා කාන්තාවන්ට ලස්සන සහ පියකරු දෙපා හිමිකර දීම තුලින් කාන්තාවන්ගේ ලස්සනත් චරිතවත්බවත් පියකරු බවත් ධනාත්මකව සහ සංකේතාත්මකව විදහා දැක්වීමයි. මෙම චාරිත්‍රය පවත්වා ඇත්තේ අතීතයේ පටන් පැවත ආ සෞන්දර්යාත්මක හේතූන් උඩය.
රෙදි පටිවලින් එතූ පාද යුගලයන් Lotus Feet ලෙස නම් කරති. ඇඟලුම් රෙදි පටි වලින් හොඳින් ගැට ගැසූ පාද යුගල සැලකූයේ Golden Lotus කියාය. මෙවැනි පාද යුගලයන් වලට සැකසූ සපත්තු කුට්ටම් නම් කෙරුනේ Lotus Shoes යන නමිනි. . Foot Binding කාන්තා rite of passage එකකි. Rite of passage යනු පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ ජීවිතයේ විශේෂ වූ යම්කිසි කාලයකට අනුව, නව අවස්ථාවක්, ජීවිතයේ වෙනසක්, චාරිත්‍රානූකූලව සනිටුහන් කරන ප්‍රධාන සංධිස්ථානයකි. (Milestone).

“Rite of passage is a custom associated with the transition from one place or stage to another/ rites marking transitions between places or stages of Life”
අධිරාජ්‍ය පාලනයක් පැවති වකවානුව තුළ චීනය තුළ දෙපා ඇඟලුම් රෙදි පටි වලින් ගැට ගැසීම සමාජ තත්වය (Status Symbol) සංකේතාත්මකව පිළිබිඹු කරන්නක් සහ කාන්තා ලාලිත්‍ය ඉස්මතු කර පෙන්වන සංකේතයක් (Mark of Feminine Beauty) විය. මෙවැනි පාද හිමිව තිබීම කාන්තාවන්ට ආභරණයක් ලෙස සැලකීය.
මෙම චාරිත්‍රය කාන්තාවන් වටා ගෙතුණු මූලික අවශ්‍යතාවයක් විය.Foot binding ක්‍රමය තුළින් කාන්තාවකට පුරුෂයකු සරණ පාවා ගැනීමට පෙර සූදානම් කර ගත යුතු (Marriage pre- requisite) විවාහයකට ඇතුළත් වීමට තිබූ මූලික සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. මෙවැනි පාද යුගල හිම්කාරිනියන් විවාහ කර ගැනීම පුරුෂයකුට අත්කරගත හැකි අති මහත් ආඩම්බරයක් විය. Golden lotus වූ සිහින් පාද යුගල සදහා silk වලින් තැනූ විශේෂ සපත්තු වර්ග නිෂ්පාදනය විය. සමහර සපත්තු Embroider දමා සරසා ගෙන ඇත. මේවා ප්‍රදර්ශණාත්මක ස්වරූපයක් හිමි කරගෙන ඇත.
ඉහළ පැලැන්තියේ කාන්තාවන්අතර foot binding සියයට සීයක් ම සිදු වී ඇත.සංසන්දනාත්මකව බැලීමේදී පහළ පැලැන්තියේ සහ වැඩකරන පැළැන්තියේ පවුල්වල ( Proletariats) වැඩිමහල් ගැහැනු දරුවන් පමණක් පාද ඇඟලුම් රෙදි පැටි වලින් ගැට ගැසීම කර ඇත. පහල පැලැන්තියට අයත් සහ වැඩ කරන ජනතාව අතර සිටි අනෙක් ගැහැනු දරුවන් කෘෂිකර්මාන්ත ආශ්‍රිත වැඩ වලට සහභාගි වීමට ඇති නිසා මෙම චාරිත්‍රය පවත්වා නැත. ආර්ථික ලෙස foot binding චාරිත්‍රය තුලින් ගැහැණු දරුවන් පැදුරු විවීම, නූල් නිෂ්පාදනය, මා දැල් නිෂ්පාදනය, සපත්තු නිෂ්පාදනය, පාපිසි නිෂ්පාදනය වැනි ගුරුෘහාශ්‍රිත කර්මාන්ත වල පසු කාලීනව නියැලී ඇත.
Chinese Foot Binding චාරිත්‍රය තුළින් බලාපොරොත්තු වන්නේ පාද අඟල් තුනකින් දිගු කිරීම තුළින් පාදයට ආකර්ෂණයක් ලබාදීමය. දින දර්ශනයේ සුදුසු නැකත් දිනයක් සහ වේලාවක් තෝරාගෙන පවුලේ වැඩිමහල් කාන්තාවක් හෝ වෘත්තීයමය සේවයක් සපයන කාන්තාවක් (professional foot binder) යොදාගෙන පාද ඇඟලුම් රෙදි පටිවලින් ගැට ගසති. මෙම රෙදි පටි මාසිකව ගලවා නැවතත් වෙළුම් දමති. පාදවල වෙළලුම් පටි ලිහිල් කිරීම, ගලවා නැවතත් ගැටගැසීම කාලයෙන් කාලයට කළ හැක. ඇඟලුම් රෙදි පටි දැමූ පාද ප්‍රධාන උත්සව සහ පොදු උත්සව අවස්ථාවලට සහභාගී වීමට යොදා ගන්නා චාරිත්‍රයකි. දිගු සිහින් පාද ආකර්ෂණීය තත්ත්වයක් ගෙන දෙන්නක් බව සිතති. කුඩා ගැහැණු දරුවකු සාමාන්‍ය වයස හතරේ සිට හය දක්වා කාලය තුළ ඇඟලුම් රෙදි පටි වෙලීම චාරිත්‍රය කරති. ඇඟලුම් රෙදි පටි ඉවත් කරන අවස්ථාවලදී දෙපා සෝදා පිරිසිදු කරති. දෙපා වල ඇති තුවාල සීරීම් වැනි දේ වලට බෙහෙත් ගල්වා සෝදා පිරිසිදු කරති. ඇඟලුම් රෙදි පටි වෙළුම් කර ඇති සෑම අවස්ථාවකම ඔවුන්ගේ පාද දිග මේස් ( stockings) හෝ ලෙගින්ස් ( leggings)සහ වර්ණවත් සපත්තු පළදිති. මෙම ඇඟලුම් පාටි දැමූ පාද ගැට ගැසීම අවශ්‍යතාවය, සහභාගිීවන වේලාව, උත්සවයේ ස්වභාවය අනුව කරුණු වෙනස් වේ.
Chinese Foot Binding චාරිත්‍රය වටා ගෙතුණු මිත්‍යා කතා බොහොමයක් ඉතිහාස පොත්වල සදහන් වී ඇත. Foot binding නාට්‍ය, රංගනය සහ සෞන්දර්යාත්මක කලාව මුල් කොටගෙන ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. මෙම චාරිත්‍රය නැට්ටුවන් විසින් ඇඟලුම් රෙදි පටි දැමූ පාද (bounded feet) ආභාෂ කොටගෙන පටන් ගත් චාරිත්‍රයක් වී ඇත. Chanzu චාරිත්‍රය ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ Emperor Taizu of Song නොහොත් Song Dynasty එක තුලළ දී බව ප්‍රචලිත ය. “Five Dynasties and Ten kingdoms period” යන කාලය තුළදී නාට්‍යාංගනාවන් මෙවැනි පාද සරසාගෙන රාජ සභාවේ නැටුම් පවත්වා ඇත. එතැන් පටන් මෙම පාද යුගල චාරිත්‍රය නැතුවම බැරි දෙයක් බවට පත් වී ඇත. තවත් මිත්‍යා කථාවක් ලෙස Pan Yuna යන කාන්තා නාට්‍යාඅංගනාව මෙම පාද යුගල ඇතිව නැටුමක් දක්වා ඇත. කාලයෙන් කාලයට මෙම චාරිත්‍රය තහනම් කිරීමට උත්සහ කර ඇති මුත් ඒවා අසාර්ථක වී දිගින් දිගටම චාරිත්‍රය පවත්වා ඇත.කාන්තා සංවිධාන වල කාන්තාවන් සටන් පාඨ ලෙස තෝරාගෙන ඇත්තේ Foot binding චාරිත්‍රයට විරුද්ධවය. ඔවුන් පවසා ඇත්තේ විවාහයක් සඳහා Foot binding අවශ්‍ය නොවන බවට සටන් පාඨ වී ඇත. 1912 දී චීන රජය Foot binding තහනම් කර ඇත.
සටහන
Surani Fernando
