චොකලට් ගැන කිව්වාම මහා පරිමාණයේ කර්මාන්තශාලාවක් ගැන සංකල්පයක් අපේ හිතට ආවත් තමන්ගේ නිවසේ උසස් අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවන Home made chocolate ගැන චොකලට් වගේම රසවත් කථාවක් මේ…
මගේ නම රෙහානා දිල්රුක්ෂි. මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචියි. මම මාවිල්මඩ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ කලා විෂය ධාරාවෙන් හදාරලා පාසල් අධ්‍යාපනය අවසන් කළා.
එතැනින් පසුව…
පාසල් අධ්‍යාපනය අවසානයෙන් පසු මම ආයතන දෙකකම මුදල් අයකැමිවරියක් විදිහට සහ පිලිගැනීමේ නිළධාරිනියක් විදිහට රැකියාවන්හි නිරත වුණා. එතැනින් පසුව මම විවාහ වුනා. දරුවන් සමග රැකියාවක් කරන්න අපහසු නිසා මම නිවසේ නැවතිලා දරුවන් රැක බලා ගෙන කාලය ගෙව්වා.
ව්‍යාපාරයක් ගැන ඔබට අදහසක් තිබුනාද?
නැහැ. ඒ වුනත් කලාවට මම කවදත් කැමැතියි. ඒ නිසා මම උපන්දින සුබපැතුම්පත් හැදුවා. උපන්දින සුබ පැතුම්පත් වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තිබුණා. නමුත් දැන් අනිත් නිෂ්පාදන එක්ක කර ගෙන යන්න අපහසුයි. ඒ වුනත් ඇනවුමක් ආවොත් කරල දෙනවා.
දැන් මගේ ප්‍රධානම අයිටම් විදිහට වෙඩින් චොකලට්, වෙඩින් බ්‍රවුනීස් , වෙඩින් කේක්, වෙඩින් කාඩ් , පොට් කේක්, බ්‍රවුනිස් ටබ් කේක් සහ හෝම් මේඩ් චොකලට් යන විවිධ දේවල් හදනවා.බොහෝ දෙනෙක් උපන්දින වෙනුවෙන් බ්‍රවුනීස් ඇනවුම් කරනවා. වෙඩින් වලටත් ඇනවුම් බාර ගන්නවා.

ඔබේ ව්‍යාපාරයේ ආරම්භය
ව්‍යාපාරික විදිහට මම මේක පටන් ගත්තේ මීට අවරුදු හතරකට කලින්. මුලින්ම මම බර්ත්ඩේ කාඩ් birth day card , form flower design slipers කළා.
මුලින්ම වෙඩින් ඕඩර් එකක් කළේ.
මුල්ම වෙඩින් ඕඩර් එක කළේ මීට මාස පහකට පමණ කලින්. මගේ යාළුවෙක් තමයි මට ඒ ඒඩර් එක දුන්නේ. අපි වෙඩින් එකක් කිව්වාම අනිවාරයෙන් වෙඩින් කේක් ගැන කියනවා. නමුත් මගේ යාළුවාට අවශ්‍ය වුනා හැම දෙනාම දෙන, කාලයක් ඉඳලාම මංගල්‍ය උත්සවයක් කිව්වාම කේක් අනිවාරයෙන් සඳහන් වෙන අපේ රටාව වෙනස් කරන්න. එයා මේ ගැන කියද්දී මම එයාට කිව්වා අපි එහෙම නම් වෙඩින් චොකලට් දෙමු කියලා. යාළුවත් මගේ අදහසට එකග වුණා. ඉතින් මම එයාගේ විවාහ උත්සවය වෙනුවෙන් වෙඩින් චොකලට් හැදුවා.ඒ චොකලට් එක හරිම ලස්සනයි. ඒ වගේම රසටත් ආවා.

එතැනින් පසුව ඔබ පටන් ගත්තා..
ඔව් දැන් මට ලොකු විශ්වාසයක් ඇති වුණා. එතැන් පටන් මම වෙඩින් චොකලට් හදන්න ගත්තා. අද වෙන විට මම වෙඩින් චොකලට් ඇනවුම් 200 ක් පමණ අවසානයි. ඒවා ලංකාවේ හැම තැනකටම යවලා තියෙනවා.
ඔබ wedding chocolate ඇනවුම් සම්බන්ධ පෝස්ට් එකක The lady creation කියලා සඳහන් කළාම රට වටේම සිටින මගේ පාරිභෝගිකයන් ගැන දැන ගන්න ලැබේවි. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.ඇනවුම් කරන්න ඉස්සරින් වට්ස්ඇප් ඔස්සේ අපව සම්බන්ධ කර ගෙන අවශ්‍ය ඇනවුම් තහවුරු කරන්න ඕන. cash on delivery කරන්නේ නැහැ. හදිසියේවත් ඇනවුම බාර නොගත්තොත් පාඩු වෙනවා. ඇනවුමට අදාල මුදල බැංකු ගිණුමට තැන්පත් කළාම කුරියර් මාර්ගයෙන් බෙදා හරිනවා.
හෝම් මේඩ් චොකලට්
මම හෝම් මේඩ් චොකලට් කරනවා. ඒ වෙනුවෙන් උසස් අමුද්‍රව්‍ය යොදා ගන්නවා. කල් තබා ගන්නා කිසිම දෙයක් යොදා ගන්නේ නැහැ. ඒ නිසා පොඩි අයට වුනත් බයක් නැතුව ලබා දෙන්න පුළුවනි.

ඔබේ මේ ගමනට ලැබෙන සහයෝගය
ඇත්තෙන්ම කියනවා නම් මම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලාවත් දැන ගෙන හිටියේ නැහැ. මගේ සැමියා මට පුදුම විදිහට සහයෝගයක් ලබා දෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දරුවාට වයස අවුරුදු හයයි. පොඩි දරුවාට තවම අවුරුද්දයි. ඉතින් මේ හැම දෙයක්ම බැලන්ස් කර ගන්න සැමියා මට ශක්තියක්. මගේ පිරිවැය, ලාභය පවා බැලැන්ස් කරන්නේ ඔහු. ඒ විතරක් නොවෙයි, ලොකු ඇනවුමක් ආවාම එහු උදේ ඉඳන් රැකියාවේ වෙහෙස වෙලා ගෙදර ඇවිත් රැය එළිවෙන තෙක් මට උදව් කරනවා.
අනාගතය ගැන
අනාගතය ගැන නම් බලාපොරොත්තු තිබෙනවා. මම විශාල කැපකිරීම් කළා. ඒ කැපකිරීම් නිසා අද මම සාර්ථකයි. ඉතින් හෙට දවසේ තවත් මගේ බලාපොරොත්තු සහ අරමුණු තිබෙනවා. අපේම කියලා අලෙවිසැලක් ආරම්භ කරන්න අදහස් කරනවා. දැනටමත් අපි ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.
ඇනවුමක් වෙනුවෙන් ඔබව සම්බන්ධ කර ගන්නවා නම් මගේ 0766931119 වටස්ඇප් දුරකථනයෙන් හෝ The lady creation පිටුව ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවනි.
සටහන – සිල්වා, සි