තේ යනු පානයකි. තේ යන වචනය වටා ගෙතුණු බොහෝ අර්ථකතන, යෙදුම් හා පිරුළු ඇත. තේ පැන්, පානයක්ම නොවේ. ඒ හා බැදුණු සංසංස්කෘතියක් සහ අපට නොපෙනෙන පැත්තක්ද ඇත.
ජපානයේ තේ කලාව යනු තේ බීමට වඩා එහා ගිය සංසංස්කෘතිකි . ජපාන තේ කළාවේ තේ පානයට වඩා පිළියෙල කිරීම සහ පිළිගැන්වීම ඉතාමත් වැදගත් කොට සලකන චාරිත්‍ර වේ.

ජපාන තේ සෑදීමේ උත්සවයක් (Tea Ceremony) පැවැත්වීමේ අවශ්‍යතාවය කුමක්ද?
ජපාන තේ සෑදීමේ කළාව බුද්ධාගම අනුගතව පැවැත එන චාරිත්රයකි. තේ සෑදීමේ උත්සවය මගින් සාමය සහ සමගිය ප්‍රාර්ථනා කෙරේ. මෙම උත්සවයේ තවත් පරමාර්ථයක් ලෙස සියලු දෙනා එකට එකතුවීම සහ සුහදත්වය ඇති කර ගන්නා වූ කාලයක් ලෙසටද පිළිගැනේ. තේ කෝප්පයක් තොල ගාන අවස්තාවේ ඔවුන් මතකයට ආවර්ජනය කරන්නේ ඔවුන්ගේ ව්‍යාකූල සංසංකිර්ණ ජීවිතය දෙසයි. එවන් වූ තේ පානය කිරීමේ අවස්තාවක් තමන්ගේ ජීවිතයට අස්වැසිල්ලක් ලෙසට පිලිගැනේ. ඔවුන් තේ පානය කරන අවස්තාවේ ස්තූති පූර්වක වන්නේ ඔවුන්ට ඇති ජීවිතය ගැනය.
Japanese Tea ceremony උත්සවය දෙයාකාර වේ. එනම් දිගුකාලීනව(Formal) සහ කෙටි කාලීනව (Informal) පවත්වනු ලබන තේ සාද වේ. Formal tea ceremony චායි ( Chai) ලෙසට, Informal Tea ceremony එකක් චකායි (Chakai) ලෙසටද දෙයාකාර වේ. චීනය සහ කොරියාව ඇතුළු ජපානයට ආසන්න රටවල Tea Ceremonies පවත්වති.

ජපාන තේ සෑදීමේ උත්සව පවත්වන කාළ වකවානුද උත්සවයේ ස්වභාවය අනූව වෙනස් වේ.සමහර තේ සාද පැය කිහිපයක් නිම වේ. තවත් සමහර සාද දිවා Multi – course භෝජයකින් පසු නිමා වේ.තවත් සමහර තේ සාද අතුරපසකින් පසු නිමවේ.
Japanese Tea Ceremony එකක් සදහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තිබේ.මේ අතරින් තේ සාදා ගන්නා භාජනය (Tea Bowl), විශේෂ වූ හැදි ගෑමට ගන්නා වූ ආම්පන්නය (whisk),කේතලය යන ආම්පන්න ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. මේවාට අමතරව පාරම්පරිකව පැවත එන ජන සමාජවලට ආවේනික වූ ඔවුන්ගේ මුතුන් මිත්තන් පාවිච්චි කළ වෙනත් ආම්පන්නද වෙනත් උත්සව වලට යොදා ගැනේ.
ජපාන තේ සෑදීමේ උත්සවය බොහෝ ඉපැරැණිය. ඉතිහාස ගත චාරිත්‍ර ක්‍රම වටා ගෙතුණු උත්සවයකි. ජපානය තුළ තේ සෑදීම කළාවකි. එය ජපාන සංසංස්කෘතික අනන්‍යතාවයකි.
තේ පිළියෙල කිරීම සහ සංග්‍රහ කිරීම සදහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ.තේ උත්සවය සංවිධානය කරන පාර්ශවය (Host) විසින් චාරිත්‍රනූකූලව සම්ප්‍රදායික නීති රීති සහ රෙගුලාසි වලට අඅනුගතව තේ සෑදිය යුතුය .
තේ කළාවේ ආචාර විධි (Etiquette) සහ තාක්ෂණයද යොදා ගනිමින් තේ සෑදිය යුතුය.මෙය ඉන්ග්‍රීසි භාශාවෙන් හදුන්වන්නේ Way of Tea ලෙසට ය. තේ අමුත්තන්ට පිළිගැන්වීමද කළාවකි. ජපාන තේ සෑදීමේ උත්සවය සහ කළාව ගැන දරුවන්ට පාසල්වලදී උගන්වති.
ජපාන තේ සංසංස්කෘතිය බැරෑරුම්බවකට (Formality) පත්වන්නේ චාරිත්‍ර පිළිවෙළ සහ එම උත්සවයේ දීර්ඝ බව අනූවය.
ජපාන මිත්‍යා විශ්වාස සහ ජනකතා Tea Ceremony එක වටා ගෙතී තිබේ. එයින් එකක් ලෙස බුදුදහමෙහි පැවති බවුද්ධ භික්ෂූන් හිමිනමක් තේ සෑදීමේ කලාව හදුන්වා දී ඇති බවය. තේ චාරිත්‍රානූකූලව සාදා අධිරාජ්‍යාට පිරිනමා ඇත. භික්ෂූන් වහන්සේ අතර තේ සෑදීම ප්‍රචලිත වී ඇත.

තවදුරටත්, රජයේ මිලිටරි හමුදා පාලකයින් සහ සොල්දාදුවන් අතරද තේ බීමේ කළාව ගොඩ නගා ඇත. ඒවා ඔවුන්ගේ සමාජ තත්වය පිලිබිඹු
කරන සංකේත (Status Symbol) විය.සොල්දාදුවන් උදෙසා Tea Tasting තරග සංවිධානය වී ඇත. එහිදී හොඳම තේ කොළ වර්ගය හදුනා ගත් අයෙකුට තෑගි ලබා දී ඇත.
තේ බීමට වඩා පිළියෙල කිරීම සහ පිළිගැන්වීම ඉතා වැදගත් කොට සලකනු ලබන කාරණා ලෙස සලකන අතර එමනිසා Tea Ceremony එකට කල් වේලා ඇතිව අදාල දිනයට කළින් සූදානම් විය යුතුය. Tea ceremony එක සංවිධානය කරන පාර්ශ්වය අමුත්තන්ට ආරාධනා පත්‍ර යැවිය යුතුය. තේ පිළිගැන්වීමට තැනක් සූදානම් කර ගත යුතුය. එය ගහ කොළ බහුළ ලස්සන උද්‍යානයක් හෝ නිවෙස තුළ පිරිසිදු කරගත් ස්තානයක් විය යුතුය. තේ පිලියෙළ කිරීමට යොදා ගන්නා සියලුම ද්‍රව්‍ය අලුතෙන් සකසා ගනිති. සියලුම ආම්පන්න පිරිසිදු සහ ප්‍රිය මනාප විය යුතුය.
අමුත්තන් සදහා අසුන් සලසන්නේ පැදුරු වලය.
තේ පිලිගන්වන කාමරයේ බිත්තියක පනිව්ඩය යක් ලියන ලද වාක්‍ය ඛන්ඩයක් සහිත බිත්ති සැරසිල්ලක්( Scroll) සහ ජපානයට ආවේනික වූ මල් සැරසිල්ලක් යොදා සුළු වෙන් සරසා ගනිති.
Tea Ceremony පවත්වන කාමරයේ දොරටු හොදින් වාතාශ්‍රය ලැබීමටත් අමුත්තන් හට ඇතුළු වීමටත් ඇර තිබේ. ආරාධනා ලැබූ අය එම කාමරයේ අසුන් ගනිති. අමුත්තන් තම තමන්ගේ අත් සෝදා එම කාමරයට ඇතුළු විය යුතුය. අමුත්තන් එක් එක්කෙනා පැමිණි පසු ජපාන ආචාරය (Bow) කළ යුතුය. සියලුම අමුත්තන් පැමිණි පසු පැමිණි සියලු දෙනා නැවතත් ජපාන ආචාරය පුද කරති. ඉන්පසු අමුත්තන් හට සුළු ආහාරයක් ලෙස පැණි රස කෑමක් හෝ වෙනත් ආහාරයක් පිළිගැන්වේ. පිළිගන්වනු ලබන ආහාර උත්සවයේ ස්වභාය අනූව තීරණය වේ.

තේ පිළියෙල කරන පුද්ගයා ඉතාමත් ප්‍රසන්නව තමන්ගේ සාම්ප්‍රදායික ඇදුමක් හෝ කිමෝනෝ වක් පැළදගෙන එම කාර්ය සදහා හොඳ සිතකින් සූදානම් වෙයි. විවිධාකාර ආභරණ නොපළදිති. සුවද විලවුන්ද නොගල්වති. අමුත්තන්ද සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී උත්සවයට පැමිණෙති.
තේ පිළියෙල කරන පුද්ගයා තේ සෑදීමට යොදා ගන්නා ආම්පන්න ගෙනවිත් පෙන්වයි. තේ සාදන්නිය අමුත්තන්ට පෙනෙන ස්තානයක සිට තේ සාදති.එම අමුද්‍රව්‍ය පිලිවෙළකට ස්තාන ගත කළ යුතුය. සියලුම දේට ක්‍රමවේදයක් සහ ස්තානයක් තිබේ.කේතලයකින් ජලය රත්කිරීමේ සිට තේ කොළ යෙදීමේ අවස්තාව දක්වා පිලිවෙලක් සහ ක්‍රමවේදයක් තිබේ. සාමාන්‍යයෙන් Tea Ceremony එකකදී Green Tea යොදා ගනිති. තේ කුඩු වෙනුවට තේ කොළ සාම්ප්රදායිකබව පෙන්වීමට යොදා ගැනේ.තේ සෑදූ පසුව පිලිගැන්වීම කළ යුතුය.
අමුත්තන් තේ කෝප්පය දකුණු අතින් අල්ලා ගෙන ඉන්පසුව වම් අත්ලෙහි උඩ තබා තේ පානය කළ යුතුවේ. Formal Tea Ceremony එකකදී තද පැහැති තේ (Thick Tea) කෝප්පයකින් පටන්ගෙන තේ කොළ අඩු (Thin Tea) තේ කෝප්පයක් අවසානයේ පිළිගන්වති. සියලු දෙනා තේ බී හමාර වූ පසුව නැවතත් එකිනෙකාට ජපාන ආචාරය පුද කරති.Japanese Tea Ceremony එකකදී එකිනෙකා හදුනා ගැනීමට ලැබීම, ගත කළ කාලය ඉතාමත් වටිනා රන් හා සමාන අවස්තාවක් ලෙස සැලකේ. එවැනි වටිනා අවස්තාවක් ඒ ආකාරයටම නැවතත් නොලැබේ යැයි සිතති.
උත්සව, සැමරුම් සහ සහ විනෝදාත්මක වැඩසටහන් වලට අපගේ වටිනා කාලය අනිසි ලෙස මිඩංගු කරමින් සිටින අපටත් මෙවැනි උත්සව තුලින් ලබා ගත හැකි ආදර්ශ බොහෝය.
සටහන
සුරනි ප්‍රනාන්දු
