“Miss Teen Sri Lanka කිරුළ කියන්නේ 2021 ඉඳන් මට තිබ්බ ලොකු හීනයක්”අන්ජානා  

author
0 minutes, 31 seconds Read

ලාබාල වියේ පටන් රංගන කටයුතු වල යෙදෙමින් නිරූපණ ක්ෂේත්‍රයේ තුළ සිය වෘත්තීමය සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ඇය දක්ෂතා රැසකින් හෙබි ඉතාමත් සුන්දර රුවැතියක්.

කැපවීම් , උත්සාහ ඇතිව තම එකම සිහිනයට දොරටු විවර කරමින් Miss Teen Sri Lanka 2025 කිරුළ ජයග්‍රහණය කිරීමට වරම් ලද ඇය නමින් අන්ජානා හීනටිගල.

එසේනම් මේ කතා බහ ඇයගේ ගමන් මග පිළිබඳ වයි.

මුලින්ම ඔබ ගැන කතා කරමු.

‎මගේ නම අන්ජානා හීනටිගල මගේ වයස අවුරුදු 20යි.මම මේ වනවිට AOD university එකේ fashion design and marketing second year student කෙනෙක්.තවද මම මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන  ක්ෂේත්‍රයේ කටයුතුවලට දායක වෙනවා.මගේ පවුලේ ඉන්නේ අප්පච්චී අම්මයි පවුලේ එකම ළමයා මම.ඒ වගේම මෙවර miss teen sri lanka 2025 තරගයේ කිරුළු ලබා ගැනීමේ මාගේ හීනයද මේ අවුරුද්දේදී මට සැබෑ කර ගැනීමට වාසනාවේ ලැබුණා.

‎Miss Teen Sri Lanka  තරඟයෙන් Miss Teen Sri Lanka  කිරුළ දිනා ගැනීම පිළිබඳව ඔබට මොකද හිතන්නේ?

‎Miss Teen Sri Lanka කිරුළ කියන්නේ 2021 ඉඳන් මට තිබ්බ ලොකු හීනයක්. ඒවගේම මගේ හිතේ තිබ්බ ලොකු target එකක්. ඉතින් තරගකරුවන් බොහෝ පිරිසකගෙන් අති දක්ෂ තරගකරුවන් 31 දෙනෙක් සමග උරෙන් උර ගැටෙමින් මම ලබා ගත්ත මේ ජයග්‍රහණය පිලිබදව මට තියෙන්නේ නිහතිමානී සතුටක් මම හිතනවා. miss teen sri lanka  තරඟය සඳහා මම කරපු කැපකිරීම් සහ මහන්සියට හොද ප්‍රතිඵලයක් මට ලැබුන කියල.

‎‎කොහොමද මේ තරඟයෙන් ඔබට ලැබුණු අත්දැකීම

‎මේ තරඟයට සම්බන්ධ වීම තුළින් මට මේ කෙටි කාලය තුළ අත්දැකීම් රැසක් හම්බුනා.ඒ අතරින් මට ලැබුන ලොකුම අත්දැකීම තමයි ටීම් එකක් විදිහට competition එකක් ඇතුලේ අපේ වැඩ සාර්ථක කරගෙන අපේ ජයග්‍රහණයට යන්නේ කොහොමද කියන එක,ඒ වගේම මගේ ගාව තියන qualities මම කොහොමද team එකක් ඇතුලේ භාවිත කරන්න කියන එක මං මේ පැජෙන්ට් එකෙන් ඉගෙන ගත්තා.

‎මෙවැනි තරඟයකට සහභාගී වීමට හිතුවේ ඇයි?

‎මම miss teen sri lanka පැජෙන්ට් එක ගැන දැනගත්තේ 2021 දී. ඉතින් ඒ වෙනකොට මගේ තව improve වෙන්න දේවල් ගොඩක් තිබ්බා. ඉතිං ඒ හැම දෙයක්ම හදාගෙන 2025 අවුරුද්දෙ දි තමයි මම මේ පැජෙන්ට් එකට apply කරේ. ඒ වගේම මාව beauty queen  කෙනෙක් කරනවා කියන එක මගේ අප්පච්චිගෙත් තිබ්බ ලොකුම හීනයක්.මේ නිසා තමයි මම මේ පැජෙන්ට් එකට සහභාගී වීමට හේතු වුණේ.

‎කුඩා කාලයේ පටන්ම නිරූපණ ක්ෂේත්‍රයට ආසාවක් තිබුණද?

‎ඔව්,මම මේ journey එක පටන් ගන්නේ මුලින්ම ටීවී කමර්ෂල් වලින්. මට හරියටම  අවුරුදු 6 දී තමයි මගේ පළවෙනි tv commercial එක කරන්නේ. ඒ පටන් ගත්ත ගමන 2022 හා 2023 යන වර්ෂ වලදී මම ITN නාලිකාව තුළ විකාශන වුන ටෙලිග්‍රාමාස් දෙකක මේන් character එකක් සහ සබ් character එකකට රංගනයෙන් දායකවුණා. ඒත් එක්කම 2022 වර්ෂයේ සිට මම මොඩ්ලින් ඉන්ඩස්ට්‍රි එකේ කටයුතු වලටත් සහභාගිවෙනවා.

වෘත්තියක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න අදහසක් තියෙනවා ද?

‎මම මේ වනවිටත් වෘත්තයක් වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවා. ඉතිං ඉදිරියටත් මගේ ටැලන්ට් එක තව improve කරගෙන නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

‎‎Miss Teen Sri Lanka තරඟයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර ඇතුළු සංවිධායකවරුන් පිළිබඳව ඔබේ අදහස 

මුලින්ම අපේ ජාතික ආධ්‍යක්ෂක චරිත් ගුණසේකර සර්ට ස්තූති කරන්න ඕනේ ලංකාවට මේ වගේ පැජෙන්ට් එකක් ගෙනල්ලා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීපු එක ගැන. ඒ වගේම ඔහුගේ සොයුරු ඉසුරු ගුණසේකර සර් ඇතුළු කාර්යමණ්ඩලය මම බොහොම ස්තූතිවන්ත වෙනවා අපගේ ආරක්ෂාව සහ අපගේ සියලු කටයුතු පිළිබඳව විමසිලිමත්ව සොයා බලා මේ journey එක යන්නෙ සියලුම ආකාරයෙන් උදව් කිරීම පිළිබඳව.

‎‎මෙම තරඟයට සහභාගී වන අනෙකුත් තරගකරුවන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? ඇත්තටම හැම තරග කාරිනියක්ම ගොඩක් දක්ෂයි. ඒ වගේම ඒ හැම කෙනෙක්ටම නොයෙකුත් ආකාරයේ දක්ෂතා රැසක් තිබ්බා. ඒ වගේම මාස එකහමාරක් වැනි කුඩා කාලයක් තුළ අපි හැම දෙනාම එකා වගේ එකමුතු වුණා .මම වගේම මගේ තරගකරුවනුත් තරඟය සඳහා උපරිම කැපවීමෙන් වැඩ කරලා කියලා මට දකින්න හම්බුනා. ඒ කියන්නේ පැජෙන්ට් එකක් තුළ අපි කොහොමද ගෘප්  එකක්කින් තමන්ව කැපී පෙනෙන ආකාරයට තමන්ගේ දක්ෂතා එළි දක්වන්නේ කියල මගේ යහලුවන්ගෙන් මට දකින්න ලැබුනා. එවගෙම අනුශූරතාවයන් දිනාගත් Muthuni Malsha, Sithuki Perera, Mayumi Sanjula සහ Hasini Weerasooriya යන අයටත් ඉදිරි කටයුතු සදහා මම සුබ පැතුම් එක් කරනවා.

‎‎මෙම තරඟයට සහභාගි වීමේදී ඔබට මුහුණ දීමට සිදුවූ අභියෝග මොනවාද? 

මේ තරඟය තුළදී මම මුහුණ දුන් ලොකුම අභියෝගය තමයි මගේ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු සමඟ පැජෙන්ට් එකේ කටයුතුත් කළමනාකරණය කර ගැනීම. එයට මා ගත් විසදුම තමයි පැජෙන්ට් එකේ කටයුතුවලට මුල් තැන දීලා වෘත්තිමය කටයුතු වලින් මඳක් බැහැර වීම.ඒ වගේම අපේ talent round එක සඳහා සූදානම් වෙද්දිත් මට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණා. ඉතින් මම හිතනවා මම ඒ හැම අභියෝගයකටම හොඳින් මුහුණ දුන්නා කියලා.

‎‎‎ආත්ම විශ්වාසය පිළිබඳ කතාබහ කිරීමේදී මෙම තරඟයෙන් ම ජය ලැබීමට නම් ඔබ විසින් ගොඩනඟා ගත යුතු  ගුණාංග සහ ආකල්ප මොනවද? 

beauty queen කෙනෙක් වෙන්න නම් ආත්ම විශ්වාසයෙන් වගේම හොද ගුණාංග  වලින් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ කෙනා නිහතමානී පරාර්ථකාමි අන් අයට උදව් කරමින් ගමනක් යන ,තමන් පිලිබදව දැඩි විශ්වාසයකින් යුතු පුද්ගලඑක් විය යුතුයි. ඉතින් beauty queen  කෙනෙක් කියන්නේ මේ හැම ගුණාංගයකින්ම සපිරුණු කෙනෙක්ට.

‎‎මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය

චරිත් සර් ට මුලින්ම ස්තුති වෙනවා මුලු ලංකාවේ ම දක්ෂ තරුණියන් ට මෙවැනි platform එකක් හදල දීම පිළිබඳව. ඒ වගේම   Miss Teen Sri Lanka අධ්‍යක්ෂක මණ්ඩලය වන, Event Producer – Isuru Gunasekara / Event Manager – Anushi Gunarathna / Event Strategicall Partner – Nirosha Mendis යන සියලු දෙනාටත්, මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනිමට දායක වුණු සියළු දෙනාටම මම ස්තුති වෙනවා.

‎ඔබේ ඉදිරි වැඩ කටයුතු 

‎මගේ පළවෙනි target එක තමයි ජූලි මාසයේ පිලිපීනයේ පැවැත්වෙන miss teen tourism 2025  තරඟයෙන් මගේ මව් රටට  ජයග්‍රහණයක් රැගෙන ඒම.

‎ඉතිං ඒ සඳහා අවශ්‍ය කරන සියළුම කටයුතු මං මේ දිනවලදී සූදානම් කරමින් පවතිනවා. ඉතින් මේ කාලවකවානුව තුළ මට ඇති ලොකුම වගකීම තමයි මට පැවරී ඇති මෙම භාරදූර‌්‍යකාරය සදහා උපරිම කැපවීමෙන් ඉටු කිරීමට වෙහෙස මහන්සි වීම.

සටහන – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa