ශ්‍රී ලාංකීය නිරූපන තරග ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් ඉදිරිපත් වූ වසරේ දැවැන්තම නිරූපන තරඟය Miss Teen Sri Lanka 2025

author
0 minutes, 48 seconds Read

ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රය තුළ තරුණ තරුණියන් වෘත්තීයමය නිරූපණ ශිල්පියෙක් ශිල්පිනියක වීමේ ඒ සිහිනය සැබෑ කරගන්නට දරන්නේ මොනතරම් වෙහෙසක්ද? 

නිරූපණ භූමිකාව තුළ ඉතාමත් සුවිසල් මෙහෙයක් ඉටුකරමින් නිරූපණ ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලාංකීය නිරූපන තරග ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් ඉදිරිපත් වූ වසරේ දැවැන්තම නිරූපන තරඟය Miss Teen Sri Lanka 2025 හි  Nation Diroector වශයෙන් කටයුතු කරන  Colombo Model Academy (Cma) අධිපති නිරූපණ ශිල්පී චරිත් ගුණසේකර නම් වූ ඔහු සමගයි  අද අපේ කතා බහ…

කොහොමද ඉතින් ජීවිතේ

ඔව් ඇත්තටම මේ දවස්වල ටිකක් Busy වෙලා ඉන්නවා Pageant එකේ වැඩකටයුතුත් එක්ක. 

මේ වෙනකොට 2025 Miss Teen Sri Lanka Pageant එක අපි ආරම්භ කරලා තියෙනවා . ඉතින් ඒකත් එක්ක මේ දවස් වල පොඩි කාර්ය බහුලත්වයක් තියෙනවා.

වෘත්තියක් විදියට නිරූපණ කලාව තෝරා ගත්තේ ඇයි?

නිරූපණ කලාව තෝරගත්තේ ඇයි කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ මේක මම අහඹු ලෙස ආපු ගමනක්. Modeling කියන එක මගේ හිතේ තිබුණ දෙයක් නෙමෙයි.

මම Office එකක Work කරන කාලයේ දී පැවති මංගල උත්සවයක බෙස්මන් හැටියට පෙනී සිටින්න මටයි මගේ සහෝදර ඉසුරුටයි අවස්ථාවක් හම්බවුණා. ඒ මංගල උත්සවයේ ඡායාරූප ගන්න ඇවිල්ලා හිටියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහත්මයා. ඔහු ලංකාව ඉන්න දක්ෂතම ඡායාරූප ශිල්පයෙක්. එදා අපි ඇඳගෙන හිටියේ උඩරට මුල් ඇදුම ඒ කියන්නේ නිලමේ ඇඳුම. ඒ Wedding ෆොටෝ ෂූට් එකක Photos මගේ උපන්දිනය දවසේ දයාන් විතාරණ මහත්මයා උපන්දින සුභපැතුමකුත් සමග ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දාලා තිබුණා. එදා ඒ ඡායාරූප ටික ෆේස්බුක් ගිණුමේ පළ කරාට පස්සේ මට සෑහෙන්න Requests ප්‍රමාණයක් ආවා ඒ ඡායාරූපවලට. 

ඒකෙන් පස්සෙ තමයි ඇත්තටම මම Modeling කියන ක්ෂේත්‍රයට පිවිසුනේ.

පාසල් අවධියේ පටන් මේ ක්ෂේත්‍රයට ඔබකැමැත්තක් තිබුණද?

පාසල් කාලයේදී ඇත්තටම පොඩි ආසාවකුත් තිබුණා මේ ක්ෂේත්‍රයට. නමුත් ආසාව තිබුණට ඒ කාලෙදි මගේ අවශ්‍යතාවය තිබුණේ ව්‍යාපාර අංශයට. මට ඕන වුනා ඇත්තටම මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. මම කලින් කිව්වා ෆේස්බුක් ගිණුමේ පල කරපු  ජායාරූපයෙන් පස්සේ තමයි මම Modeling වලට පිවිසිලා Modeling පැත්තෙන් මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුළුවන් වුණේ.

Next Event Entertainment ඔබ ආයතනය මගින් Miss Teen Sri Lanka නමින් Pageant එකක් මේ දිනවල පැවැත්වෙමින් තිබෙනවා. මෙවැනි තරඟයක් පැවැත්වීමට ඔබට හිතුනෙ ඇයි?

ලංකාවේ Pageant තියෙනවා ඕන තරම්. අපි හැමවෙලේම කියන එකක් තමයි Branded Pageant එකක් තමයි Miss Teen Sri Lanka කියන එක. ගොඩක් අය Pageant කරන්න ගියාම Quality එක ගැන ලොකුවට හිතන්නේ නෑ. මට ඕන වෙලා තිබ්බා  මගේ Next Event Entertainment කණ්ඩායමත් එක්ක ලංකාවේ අයට Branded Pageant එකක් පෙන්නන්න. ඉතින් ඒ නිසා තමයි අපි හැමවෙලේම Pageant එකේ Quality එක Maintain කරලා ලංකාවේ අපිටම කියලා Standarded එකක්  තියාගෙන මේ වගේ දැවැන්ත Pageant එකක් කරන්න.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ Pageant එක පටන් අරගෙන, මේ කීවෙනි Pageant එකද?

ඇත්තටම 2020 ඉදලා තමයි මම Pageant කරන්න පටන් ගත්තෙ. මුලින්ම 2020 දී කරේ අවුරුදු කුමරා සහ කුමරිය Pageant එක. ඊට පස්සේ Miss Teen Sri Lanka කියන Pageant ලංකාවට මම හදුන්වාදුන්නේ කළේ 2021 දී. ඊට කලින් කවුරුත් මෙහෙම Pageant එකක් කරල තිබ්බේ නැහැ ලංකාවේ.  මෙතනදී Teen කියන සංකල්පය ලංකාවට හඳුන්වලා දීලා 2021 ඉඳලා හැම අවුරුද්දකම අපට කරන්න හැකියාව ලැබුණා. 

නමුත් 2022 කොරෝනා වසංගතයේ කාලය තුළ අපට මේ තරඟය කරන්න හැකියාවක් වුණේ නැහැ. ඒ වෙනකොට තිබුණ තත්ත්වෙත් එක්ක. ඒ කොහොම වුණත් 2023 දී ලෝකයෙන්ම International Crown එක ලංකාවට ගේන්න අපට හැකියාව ලැබුණා. 2021 ඉඳලා අවුරුදු දෙකකට පස්සේ ලෝකෙන්ම Winner  ගේන්න හැකියාව ලැබුණා. ඇත්තෙන්ම ඒක පොඩි කාලයක් තුළ මම ලබපු මම ලබපු ලොකු ජයග්‍රහණයක්.  

ඒ වගේම 2024 වසරේදී Best In Talent ලංකාවට අපි අරගෙන ආවා. ඒ වගේම 2025 දී අපි බලාපොරොත්තු වෙනවා 2023 වගේම නැවතත් ලංකාවට Crown එකක් ගේන්න හැකියාවක් ලැබෙයි කියලා.

සාමාන්‍යයෙන් පැවැත්වෙන  Pageant එකක් සහ  Miss Teen Sri Lanka Pageant එක අතර ඇති වෙනස කුමක් ද?

මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම කලින් කිව්වා වගේ අපි හැමවෙලේම බලාපොරොත්තු වෙන්නේ අපේ Quality එක Maintain කරන්න. Branded Pagent එකක් කියන එක මිනිසුන්ට පෙනිවාදීලා තියෙනවා. ඒක වචනයේ පරිසමාප්තියෙන්ම අපි පෙන්නලා ඔප්පු කරන්න ඕනේ. අපි Mini Pageants කරන විදිහ අපේ Agenda එක ගත්තොත් මේ හැම දෙයක්ම ඇත්තටම ඉතාමත් සංවිධානාත්මකව කරලා තියෙනවා. මේක Branded Pageants එකක් නිසා තමයි අපි කරන දේ හරි නිසා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම තරගකරුවන් පිරිසක් Miss Teen Sri Lanka 2025 Audition එකට සහභාගි වුණේ. 

ලංකාවේ අනෙක් Pageants වල Audition ගත්තොත්  පහක් හෝ දහයක් වගේ  ප්‍රමාණයක් තමයි තරගකරුවන් තරගකාරිනියන් ඉදිරිපත් වෙන්නේ.වෙනත් Pageants වලට පුටු තියෙනවා ළමයි නෑ. අපේ Pageant එකේදී පුටු මදි වෙන තත්වෙටම තරගකරුවන් සහභාගි වුණා. හැබැයි  ලංකාවේ පළවෙනි වතාවට අපි නුවර සහ ගාල්ල යන ප්‍රදේශ තුළ Auditions සිදුකරලා එයින් තේරී පත්වුණ අය කොළඹට ගෙනාවා. කොළඹ Audition එකට වෙනම එකසිය ගානක තරගකාරිනියන් පිරිසක් සිටියා. එතනදි පළවෙනි වටෙන් 40ක් ඊළඟ වටයෙන් 32ක් තොරාගත්තා. 

මං හිතනවා ඒ අපි කියපු දේවලුත් එක්ක 2021 ඉඳලා කරපු Pageants දැකලා තමයි මෙතරම් පිරිසක් මේ සඳහා සහභාගි වුණේ. 

අපිට වගේම විනිසුරු මඩුල්ලටත් බොහොම අමාරු උනා මෙතනින් අවසන් වටේට තරගකාරිනියන් තෝරාගන්න. ඉතින් ඒ කොහොම වුණත් මං හිතන විදියට ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා අපේ Pageant එක සහ අනෙක් Pageants අතර.

මෙලෙස Audition තුනක් අවසාන කරමින් අවසාන මහා තරඟයට මේ වනවිට තරඟකාරිනියන් රැසක් තෝරා පත් කරගෙන අවසානයි. Miss Teen Sri Lanka Pageant එකෙන් ජයග්‍රහණය කරමින් ඒ කිරුළ හිමි කරගන්නා ඒ ජයග්‍රහයිකාවට මොනවද ලැබෙන වරප්‍රසාද?

ඔව්, මේ වගේ දැඩි තරගකාරීත්වයක් තිබෙන Pageant එකේ හැමෝම කතාබහ වෙන එක තමයි අවසන් මහා රාත්‍රියේ කිරුළ කාටද හිමිවෙන්නේ කියන එක.

මේක ලොකු Competition එකක්.  අවසන් මහා රාත්‍රියේදී මොන වගේ දෙයක් සිදු වෙයිද? මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන තරගකාරිනියට අපි මෙවර ලක්ෂ තිහක් වටිනා රන් ආලේපිත කිරුළක් ලබා දෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ කිරුළ අපි ලබා දෙන්නේ ගණේමුල්ල ලිනොමී ගෝල් හවුස් වෙතින්. මෙම කිරුළට අමතරව මුදල් ත්‍යාග සහ තවත් ත්‍යාග රැසක් අපේ ඉන්න ළමයි වෙනුවෙන් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා.. 

මං හිතන්නේ මම කලින් කිව්වා වගේ Pageant එකක ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගි වුණ සහ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් හම්බවෙන වගේම තමන්ටම තියාගන්න දෙන ලක්ෂ තිහක් වටිනා ඒ රන් ආලේපිත කිරුළ මෙවර අවසන් මහා රාත්‍රියේ දී ජයග්‍රහණය කරන තරගකාරිනියට ලබා දෙනවා.

මෙවැනි තරගයක් සූදානම් කිරීමේදී විශේෂයෙන්ම ඔබට සහයෝගය ලබාදුන් අය ගැනත් අපි මතක් කරමු 

ඇත්තටම මේ වගේ තරගයක් සංවිධානය කරද්දී ලොකු පිරිසකගේ සහයෝගය මට අවශ්‍ය වෙනවා මොකද පසුගියදා ඩුබායි රාජ්‍යයේ පැවති World අවුරුදු කුමරා සහ කුමරිය National Choreography විදියට කටයුතු කරා. එතකොට අප්‍රෙල් මාසයේ අන්තිම තමයි මම ලංකාවට ආවේ. මම ලංකාවට එන්නේ නැති වුනත් මගෙන් වෙන්න ඕන හැම දෙයක්ම මගේ සහෝදර ඉසුරු ගුණසේකර සූදානම් කරලා තිබුණා. ඔහුව මේ වෙලාවේදී  විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ. 

මම ලංකාවට ඇවිල්ලත් දවස් පහකින් විතර තමයි Audition එක තිබුනේ නුවර සහ ගාල්ල යන ප්‍රදේශ වල. 

ඒ වගේම තමයි මෙවර අපිත් එක්ක Event Partner විදිහට එකතු වෙච්ච Event Media හි නිරෝෂා ප්‍රියදර්ශනී මිස්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ අපිත් එක්ක එකතුවෙලා මේ වැඩ ටික ඉතාමත් හොඳින් ඉදිරියට සිදුකරගෙන යාම පිළිබඳව. 

ඒ  වගේම අනුෂි ගුණරත්න ලංකාවේ ඉන්න ඉතාමත් දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්.  ඇයටත් ස්තූතිවන්ත ඕන වෙන්න ඕනේ මේ වෙලාවේදී.

මගේ Director Board එකේ ඉන්න අපි හතර දෙනා ම වගේම Dancing Choreography ලලිත් පැරකුම්ටත් මා මෙ මොහොතේදී ස්තූතිවන්ත වනවා. 

ඒ වගේම මාව විශ්වාස කරමින් මා සමග මෙවරත් එකතු වුණු අනුග්‍රහකභවතුන්  සියලු දෙනාටම මාව වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ ශක්තියත් එක්ක තමයි මට මේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

ඉතින් හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා නම් කියූ නොකියූ මගෙත් එක්ක මේ වෙලාවෙදි වචනයෙන් හරි උදව් කරන ඒ සියලුම දෙනාට මේ වෙලාවේ හදවතින් ම ස්තූතිවන්ත වෙනවා. 

ඉතින් මා විශ්වාස කරනවා පසුගිය තරගමෙන් මෙවරත් මේ Pageant එක ලස්සනට කරන්නටත් ඒ සතුට අප සියලු දෙනා අතරම බෙදා ගන්නත් හැකියාව ලැබෙයි කියන එක.

ඔබේ ඉදිරි වැඩ කටයුතු

මේ Pageant එකෙන් පසුව ලංකාවෙන් පිට තවත් Pageants කිහිපයක කරන්න යන්න තියෙනවා. ඒ වගේම තමයි තව Shows වගයක් තියෙනවා. ඒවත් එක්ක ඉතින් වැඩකටයුතු ගොඩක් තියෙනවා මේ අවුරුද්දේ.

 මං හිතන්නේ පසුගිය කාලයට වඩා හොඳ වැඩ කටයුතු ගොඩක් කරන්න සූදානම් කරලා තියෙනවා. මං හිතනවා මේ වගේ හොඳ දේවල් තුළින් ඉස්සරහටත් අපිට හම්බවෙන්න පුළුවන්කමක් තියෙනවා කියන එක.

සටහන – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa