Update වුණාම සංස්කෘතිය අමතක වෙනවාද?

author
0 minutes, 1 second Read

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම නව වසරක උදාව ලෙස සළකා ඒ වෙනුවෙන් උත්සව පැවැත්වීම ශ්‍රී ලාංකික ජනතාව විසින් අතීතයේ සිටම සිදු කරගෙන එනු ලබන්නකි.කොහාගේ නාදය දසත පැතිරෙද්දී අවුරුදු කාලය ළං වන බව ලොකු – කුඩා සෑම දෙනෙකුම වඩාත් හොඳින්ම දන්නා කරුණකි.සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයට කැවිලි – පෙවිලි, චාරිත්‍ර – වාරිත්‍රයන්ට සේම අවුරුදු ක්‍රීඩා හෙවත් ජන ක්‍රීඩා වලටද සුවිශේෂී ස්ථානයක් හිමිවේ.

ක්‍රම ක්‍රමයෙන් කාලය වෙන වීමත් සමග බොහෝ දේවල් මොඩර්න් වීමට පටන්ගෙනන ඇත.එම නිසාවෙන් අතීතයේ සිරිතට විරිතට මුල් තැනදී සිදු කෙරුණු නැකත් චාරිත්‍රයන්,කැවිලි පෙවිලි සකස් කිරීමේ චාරිත්‍රයන් මෙන්ම අවුරුදු ජන ක්‍රීඩාවන්ද වෙනස් වීම් වලට ලක්වී ඇත.මෙය හඳුන්වන්නේ අප්ඩේට් වීමක් ලෙසයි.එනම් වර්තමානයේ සිටිනුයේ අප්ඩේටඩ් මිනිස්සු යැයි පවසයි.කාලයට තාලයට වෙනස් විය යුතු තම සංස්කෘතිකාංග රැක ගැනීම ඉතා වැදගත් වන්නකි.එනම් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ගමන් කිරීම වඩාත් යෝග්‍ය වේ.

අවුරුදු ක්‍රීඩා සිදු කරනු ලබන්නේ පත්තිනි දේව සම්ප්‍රදායයන්ට අනුගතව යැයි ගැමියන් තුළ විශ්වාසයක් පවතියි.සත් පත්තිනි පිළිවෙත් අනුව කරනු ලබන අවුරුදු ක්‍රීඩා ලෙස ඔලිද කෙළිය, පංච කෙළිය, වැල් ඔන්චිල්ලාව, කතුරු ඔන්චිල්ලාව,අං කෙළිය, පොර පොල් ගැසීම,රබන් ගැසීම හැඳින්විය හැකිය.

අතීතයේ පැවැති අංගම්පොර,මල්ලව පොර,ඇත් පොර,ගොන් පොර,අං කෙලිය,බහු කෙළිය,ගුඩු ගැසීම,චක්කුඩු ගැසීම,තට්ටු පැනීම,ලුණු පැනීම වැනි අවුරුදු ක්‍රීඩා මගින් පිරිමි පාර්ශ්වය සතු ශක්තිය හා වේගවත් බව උරගා බැලීය.

කාන්තාවන් මූලික වී නිර්මාණය වූ අවුරුදු ජන ක්‍රීඩා වන ඔලිද කෙළිය, මේවර කෙළිය,නෙරංචි කෙළිය,බඹර කෙළිය,කවි කෙළිය,පංච කෙළිය,ඔන්චිලි පැදීම,එළුවන් කෑම,පනා හැංගීම වැනි ක්‍රීඩා කාන්තාවන් සමූහ වශයෙන් එකට එක්වී විනෝද වන ක්‍රීඩාවන් ලෙස හඳුනාගත හැකිය.

වර්තමානය වන විට බොහෝ අවුරුදු ක්‍රීඩා වියකෙමින් පවතින අතර ඒ වෙනුවට මොඩර්න් අවුරුදු ක්‍රීඩාවන් නිර්මාණය වෙමින් පවතියි. ඇඹරුන් කෙළිය,ගල්කෙළිය,හේවකම් කෙළිය,කොටි කෙළිය,පාඩා කෙළිය,අරසදි කෙළිය,වළක්පුස්ස,පුහුළු මුතු හා චෝරු ආදී අතීතයේ පැවති නමුත් වර්තමානය දැකගත නොහැකි අවුරුදු ක්‍රීඩා කිහිපයක් දැක්විය හැකිය.

කජු ක්‍රීඩාව
පුංචි දරුවන් අතර ජනප්‍රිය මෙම ක්‍රීඩාවට කජු ඇට හයක් උපයෝගී කොට ගනියි. මෙහිදී කජු ඇට සියල්ල උඩ දමා, බිම වැටුණු විට ඒවා අතර ඇඟිල්ලකින් ඉරක් අඳිනු ලබන අතර කජු ගෙඩිවල නොගෑවෙන ලෙස ඇඟිලි යැවූවොත් ඒ කජු එම පිලට අයිති වේ.මේ ආකාරයට වැඩිම කජුගෙඩි ගණනක් ගත් අය තරඟයෙන් ජයග්‍රහණය කරයි.

චක්ගුඩු පැනීම
චක්ගුඩු පැනීම වැව් තාවුල්ලක හෝ අස්වනු නෙලාගත් වෙල් යායක සිදු කරනු ලබයි. භූමියේ සීමා දෙකක් ලකුණු කරගෙන හරි මැදින් කොටස් දෙකකට බෙදා ගෙන මුලින්ම ක්‍රීඩා කරන පිල චක්ගුඩු ගුඩු කියමින් ප්‍රතිවාදී පිලේ සීමාවට ගොස් ඔවුන්ට පහර දී තමන්ගේ සීමාවට දුවගෙන එයි. පහර කෑ ක්‍රීඩකයා පරාජයට පත්වන අතර පහර දුන්නාට පසු ගුඩු ගුඩු කී ක්‍රීඩකයාත් පරාජය වේ.

පංච කෙළිය
පංච කෙලිය යනු සිංහල ජාතියට ආවේණික ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර, එය සෑම අවුරුදු සමයකම විනෝදයට සහ සන්සුන් මනසකට කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි. ජනප්‍රවාදවලට අනුව මෙය පත්තිනි දේවියගේ ක්‍රීඩාවක් ලෙස සැලකේ.

මෙම ක්‍රීඩාවේ භාවිතා වන පදවල් සහ රටා ඔස්සේ ද්‍රවිඩ සංස්කෘතික බලපෑමක් ද පෙනේ. ක්‍රීඩාවට අවශ්‍යවන්නේ පංච පොතක්, බෙල්ලෝ 6ක්, අය තැබීමට බල්ලන් හයක්, පොල් කටුවක් සහ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුය.

ක්‍රීඩාවේදී “සල්ලන් වීම”, “ඔන්ඩු”, “අය තැබීම”, “ගෙය”, “කැපීම”, “බොක්ක” වැනි විශේෂ නියමයන් පවතින අතර, මෙය කණ්ඩායම්වලින් ක්‍රීඩා කළ හැකි සහ බුද්ධිමය කුසලතා වර්ධනයටද උපකාරී ක්‍රීඩාවකි.

ඔලිඳ කෙළිය
ඔළිඳ කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. කාන්තාවන් හතර දෙනෙක් ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය වෙනකම්ම අත්වැල් ගායනා කරමින් කරන මේ ක්‍රීඩාව ගණිතමය ක්‍රමයකට සිදුවේ. ඔළිඳ පුවරුව මුතු පුවරුව ලෙසත් ඔළිඳ කොලොම්බුව ලෙසත් හැඳින්වේ.

කල්ලි කෙළිය
මෙම ක්‍රීඩාව රෑ ගුඩු පැනිල්ල,රෑ කල්ලි,සිං කෙළිය යන නම් වලින්ද හඳුන්වයි.මෙම ක්‍රීඩාවට ක්‍රීඩකයන් දෙදෙනාගේ සිට දොළහ අතර ප්‍රමාණයක් ‌ සහභාගි වේ. කල්ලි කෙළිය සඳහා යොදා ගන්නා ලී කල්ලි ලීය සහ කුට්ටා ලීය නම් වෙනවා. කුඩා වලක් හාරා කුට්ටා ලීය එහි තබා කල්ලි ලීයෙන් එය ඉවතට විසි කරනවා.

බහු කෙළිය
මෙම ක්‍රීඩාව මට්ට කැඩීම, ජල්ලි ගැසීම යනුවෙනුත් හඳුන්වනවා. මෙහිදී බෝලය සඳහා යොදා ගන්නේ උණු අළු පල්ලේ දමා තම්බා ගත් ලොකු දොඩම් ගෙඩියක් හෝ ජම්බෝල ගෙඩියක්. උඩු පිල සහ යටි පිල ලෙස දෙපිලකට බෙදී ක්‍රීඩා කරන අතර දෙපිලම උත්සාහ කරන්නේ පිල් කණුව රැක ගනිමින් බෝලය අල්ලා ගැනීමටයි.

මේවර කෙළිය
මේවර කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවක් වන අතට මේවරය ලෙස කණ පළඳන ආභරණයක්, වළල්ලක් හෝ මෙහෙකරුවෙක් නිරූපණය වේ. කාන්තාවක් තම මේවරයා දුටුවාදැයි මිතුරියන්ගෙන් ප්‍රශ්න කරන අතර තමන් එය නොදුටු බවට පිරිස දිවුරනවා. නමුත් එය සඟවාගෙන සිටින්නේත් ඔවුන් විසින්මයි. මෙම සිදුවීම සංවාදමය ගීතයක් ලෙස ඉදිරිපත් වේ.

පනා හැංගීම
ඇතැම් ප්‍රදේශවල මෙය ලේන්සු හැංගීම සහ හවරි හැංගීම ලෙස හඳුන්වන අතර මෙම ක්‍රීඩාවෙන්  කිසියම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට දරන උත්සාහය නිරූපණය වේ.

එළුවන් කෑම
එළුවකු සහ කොටියෙකු අතර ඇතිවන දෙබසක අකාරයෙන් සිදුවන මේ ක්‍රීඩාවේ පිල් දෙකක් පවතියි. මෙහිදී තරඟයේ ස්වභාවය අනුව වචන උස් පහත් කරමින් ගායනය සහ රංගනය සිදු වේ.

ඉනිවැට පෙරළීම
කාන්තාවන් සහ දරුවන් අතර ජනප්‍රිය ඉනිවැට පෙරලීමේදී, ශක්‌තිමත් වැටක්‌ ගොනුන් විසින් කැඩීමට දරන උත්සාහය වළක්‌වන්නට පිරිසක්‌ කටයුතු කිරීම සංවාදාත්මකව ඉදිරිපත් වේ. එක් පිලක් ගොනුන් ලෙසත් අනෙක් පිල වැට ලෙසත් ක්‍රීඩා කරයි.

පරම්පරාවන් වෙනස් වීමත් සමග මිනිසා වෙනස් විය යුතු අතර එම වෙනස තම අපේකම, සංස්කෘතීන් , සභ්‍යත්වයන් රැකෙන ආකාරයෙන් වෙනස් වීම වඩාත් යෝග්‍ය වේ.අප්ඩේටට් මිනිස්සු යැයි පවසා අවුරුදු ක්‍රීඩාවන් විකෘති භාවයට පත් නොකර සංස්කෘතීන් රැකගෙන ඉදිරියට ගමන් කිරීම ඉතා වැදගත් වේ.

සටහන
පෙවින්ද්‍යා රශ්මි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa