වසන්තයේ අසිරිය කැන්දන සුන්දර බක්මහේ ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් වෙනුවෙන්ම දිගහැරෙන world අවුරුදු කුමරා කුමරිය 2025 තරගාවලියේ ඩුබායිහි official choreographer වශයෙන් කටයුතු කරන චරිත් ගුණසේකර තමයි අද අපේ කතා බහත් සමග මේ එක්වී සිටින්නේ.
මොකක්ද මේ Event එක
මේ Event එක World අවුරුදු කුමරා සහ කුමරිය කියන තරඟය ගත්තොත් ඇත්තටම ලෝකයේ රටවල් 10ක පැවැත්වෙන තරඟයක්. මේකෙ විශේෂත්වයක් තමයි මේ තරගයෙන් ජයග්‍රහණය කරන ඩුබායි ඉතාලි වගේ සෑම රටකම ජයග්‍රහයිකාවන් ජයග්‍රහයකයන් හැමෝම ලංකාවට ගෙනල්ලා ලංකාවෙදී තමයි Final International Pageant එක පැවැත්වෙන්නේ. ඔවුන් අතරෙනුත් නැවත Winners ලාව අපි තෝරනවා.

විශේෂයෙන් මතක් කරන්න ඕන මේකේ International Director විදියට කටයුතු කරන ලලිත් පැරකුම්, නිරාන්. මේ දෙන්නගේ අදහසක්. ඒ වගේම ඩුබායිවල නැෂනල් ඩිරෙක්ටර් කටයුතු කරන ධනුෂ්කව විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද ධනුෂ්ක තමයි මේ වැඩේ මට බාර දුන්නේ ළමයින්ගෙ Choreographer පැත්ත. ඉතින් මම හිතනවා වෙනත් අවුරුදු කුමරා සහ කුමරිය තරඟයට වඩා මේක විශේෂ වෙනවා මොකද ලෝකයේ රටවල් දහයක පැවැත්වෙන Event එකක් නිසා.
සාමාන්‍යයෙන් Event එකට සහභාගී වෙන්න කලින් ගොඩක් අය හිතෙන දෙයක් තමයි , මොන වගේ ඇඳුමක්ද අඳින්න ඕනේ, කොහොමද මේ ඇඳුම් හොයාගන්නේ සහ මොනවගේ මේකප් එකක්ද අපි දාන්න ඕන කියන එක. ඒ සූදානම අතින් ගත්තහම මේ Event එක අනිත් Events වලට වඩා ගොඩක් වෙනස්ම කටයුත්තක් තමයි සූදානම් කරලා තියෙන්නේ. කතා කරමු ඒ ගැන…
මේ වගේ Event එකකට සහභාගී වෙද්දී ඇත්තටම කිව්වොත් රටවල් 10ක තියෙන Pageant එකක්. තමන්ගේ ලස්සන පේන්න තමන්ගේ රුව පේන්න පිරිමි කෙනෙකු තමන්ගේ කඩවසම් බව පෙනෙන හොඳ ඇඳුමක් ඇඳලා තමන්ගේ සංස්කෘතියට යන Event එකක් නිසා. අපි දැකලා තියෙනවා සමහර අය Audition වලට එද්දි Heavy Makeup එකක් Use කරනවා. ඉතින් ඒ වගේ Heavy Makeup භාවිත කරන්න එපා. තමන්ගේ Natural Beauty එක පේන සාමාන්‍ය Simple Makeup එකක් දාන්න.

ඒ වගේම තමන්ගේ ලස්සනකම තමන්ගේ කඩවසම් බව පේන්න සාමාන්‍ය චාම් ඇඳුමක් ඇන්දොත් ඒක ගොඩක් ලස්සනවෙයි. මොකද ඕනෑවට වඩා ලොකු දේවල් කරන්න ගියොත් Artificial Look එකක් තමයි එන්නේ.
ඉතින් මේ වගේ Event එකක සාමාන්‍යයෙන් තමන්ගෙ Natural Beauty එක ලස්සනට පේන්න අදිනවා නම් Choreographer කෙනෙක් විදියට මම හිතන්නේ ඇත්තටම සුදුසු කියලා.
මේ වගේ තරඟයකට සහභාගී වීමේදී ඊට අවශ්‍ය Training එක ලබා දෙන්න කොහොමද?
විශේෂයෙන්ම කියන්න ඕන මේ වගේ Event එකකට සහභාගී වෙද්දී ගොඩක් අය බයයි මේ වගේ එකකට Participate කරන්න. මොකද එයාලා හිතනවා Audition එකේදි තමන් Catwalk, Posing දන්නැති නිසා කැපෙන්න පුළුවන් කියලා.
ඒ නිසා කිසිම වෙලාවක හිතේ චකිතයක් තියාගන්න එපා. ඒකට තමයි අපි ඉන්නේ. එතකොට මේ Event එකේ Official Choreographer විදියට මම ඉන්නවා. මේකෙදි Modeling කරපු නැති අය ඉන්න පුළුවන්. Modeling ගැන කිසිම දැනුමක් නැති අය ඉන්න පුළුවන්. හැබැයි අපිට දැනුම තිබුණත් නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මූලික දැනුම ඉඳලා ඔයාලට ලබා දෙනවා.

අවුරුදු කුමරිය කියන සංකල්පය ගත්තොත් එයට අවශ්‍ය කරන ඔයාලට මූලික දැනුම සම්පූර්ණයෙන් ලබලා දෙනවා. අපි කොහොමද ස්ටේජ් එකක Ramp කරන්නෙත් Pose කරන්නේ.
ඔයාලා හිතෙනවානම් මේ වගේ Event එකකට Participate කරන්න බයයි ලැජ්ජයි කියලා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ලැජ්ජාව බය තියාගෙන මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් ඒකට තමයි අපි ඉන්නෙ ඔයාලත් එක්ක. ඔයාලට අපි මේ ගැන සම්පූර්ණ පුහුණුවක් ලබා දෙනවා.
මම නැවත කියන්නෙත් ඒකයි හිතේ කිසිම චකිතයක් තියාගන්න එපා. ඔයාලට අත්දැකීම් තිබුණත් නැතත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඉන්නවා ඔයාලව සම්පූර්ණයෙන් ම හදලා Final එකේදි එළියට දාන්න.
සාමාන්‍යයෙන් පැවැත්වෙන අවුරුදු Event එකක් සහ World අවුරුදු කුමරා සහ කුමරිය තරගය අතර ඔබ දකින වෙනස කුමක් ද?
සාමාන්‍යයෙන් පැවත්වෙන අවුරුදු කුමරිය Event එකකට වඩා World අවුරුදු කුමරා සහ කුමරිය Event එක විශේෂයක් තමයි මම අර කලින් කිව්ව වගේ ලෝකයේ රටවල් දහයක මේ Event එක පැවැත්වෙනවා. එතකොට මේක Pageant එකක යන Type එකක් තමයි යන්නෙත්.

World අවුරුදු කුමරා සහ කුමරිය කියන සංකල්පයේ ඩුබායි නියෝජනය කරන අපේ බලාපොරොත්තුව තමයි ඩුබායිවල Winners කෙනෙක් තමයි බිහිකරන්න.
මේ වගේ ඉතාලිවලවලත් නිවසීලන්ඩ්වලත් ලංකාවේත් ඔක්කොගෙම ලින්ක් එකක් මේ Event ඇති වෙනවා.
අපි සාමාන්‍ය ඉවෙන්ට් එකක් ගත්තොත් ඒක ඒ Event ටික ඇතුල විතරයි. මේකෙදි ඔක්කොම එකට Collaboration වෙච්ච Event එකක් නිසා මම හිතනවා මේකෙ Winner කෙනෙක්ට ලොකු Value එකක් ඇතිවෙනවා. මේක ලෝකයේ රටවල් ගානක පැවැත්වෙන නිසා ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය Event එකක්.
ඉතින් ඇත්තටම ස්තූති කරන්න ඕන නිරාන්, ලලිත්ට සහ ඩුබායිවල National Director විදියට කටයුතු කරන ධනුෂ්කට. ඒ වගේම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වෙනස්ම දෙයක් නිර්මාණය කළාට.
මේ වගේ Event එකකට සහභාගි වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ජය පරාජය කියන එක බාරගන්න ඕන. එතනදි තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන තරගයෙන් ඉදිරියට එන්න නම් මොන වගේ දේවල් ද වැඩි දියුණු කරගන්න අවශ්‍යය.
තරඟයක ජය පරාජය කියන එක අනිවාර්යයෙන්ම බාරගන්න ඕන. මේ ඒ ජය පරාජය බාරගන්න අපි සූදානම් නම් තමයි අපි Pageant එකකට සහභාගි වෙන්න ඕන.
ඉතින් අපි හැමවෙලේම අපි ගැන Self Confidence එකක් තියාගන්න ඕන. ඒක Number One. හැමවෙලේම පුළුවන් කියන මතයෙන් අපි ඉන්න ඕනේ. මේ වගේ තරඟයකට එන හැම කෙනෙක්ම එන්නේ දිනන්න බලාගෙන. එතකොට තමන් දිනනවා නම් දක්ෂයන් අතරින් අති දක්ෂයෙක් වෙන්න ඕනෙ.
ඉතින් ඒ නිසා හැම වෙලේම මම කියන්නේ ඒකයි අපි පටන් ගැනීම ඉඳලා Training පැත්ත හොඳට කියල දෙනවා. ඒ Training එක අපි හදාගන්න ඕන. ඒ වගේම මේකෙ ජයග්‍රහයකාවක් හෝ ජයග්‍රාහකයෙක් වෙනවා නම් තමන් හැමවෙලේම තමන්ගේ Personality එකත් හදාගන්න ඕන.
එතකොට Grooming පැත්ත හදාගන්න ඕනේ. මේ හැම දෙයක්ම එකතුවෙන්න ඕනා කුමරියක් හෝ කුමාරයෙක් වෙනවා නම්. Winner කියන Movement එකේදි Crown එකක් හම්බවෙන්නේ අනිවාර්යෙන්ම ඒකට සුදුසු කෙනෙක් වෙන්න ඕන.
ඉතින් මේ Crown එකට සුදුසුකම් ලබන්න තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒ වගේම මේ වගේ Event එකකට ඇවිල්ලා මං හිතන්නේ පැරදුනත් තමන් ජයග්‍රහණය කරලා තියෙනවා. මොකද මේ Event එකෙන් හම්බවෙන අත්දැකීම මම හිතන්නේ නෑ කිසිම වෙන කිසිම Event එකකින් හම්බ වෙයි කියලා. Crown එක ආවත් නාවත් තමන්ට හම්බවෙන Training Session එක ඇත්තටම ගොඩක් වටින දෙයක්.
සටහන – බිනාලි රාජපක්ෂ