World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ ඩුබායිහීදී පැවැත්වෙන තරගාවලිය සඳහා costumes designing අනුග්‍රාහකත්වය ලබාදෙන “OMI BATIK” ආයතනයේ ප්‍රධානී ඔමාල් අමරසේකර සමගයි LETS TALK තුලින් අද අපේ කතා බහ.

වෘත්තියක් විදියට costume designing / විලාසිතා නිර්මාණකරණය තෝරා ගත්තේ ඇයි?
මම ගොඩක් fashion designing පැත්තට කැමති කෙනෙක්. පොඩි කාලේ ඉඳන් එක එක දේවල් උත්සාහ කරලා මගේම නිර්මාණ කරා. පස්සේ ඒක hobby එකක් විදියට කරන්න පටන් ගත්තා. ඒ hobby එක තමයි අද මගේ වෘත්තීය මට්ටමෙන් කරන්නේ. මම ගොඩක්ම කරන්නේ bridal designing සහ ලංකාවට ආවේණික බතික් designs.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ආයතනය ආරම්භ කරලා,
ව්‍යාපාරය පටන් අරගෙන නම් දැනට අවුරුදු හයක් විතර වෙනවා.

මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන World අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයේ ඩුබාහි දී පැවැත්වෙන තරග වටය වෙනුවෙන් costume designing ඔබ ආයතනය මඟින් සිදුවන බව අපට අසන්නට ලැබුණා. මෙම සුවිශේෂී අවස්ථාවට ඔබේ සූදානම කොහොමද?
මුලින්ම එම අවස්ථාව මට දුන්න සියලු දෙනාට මගේ ස්තුතිය වන්ත වෙනවා. ඒක ගොඩක් ලොකු opportunity එකක් අපිට ලැබුණ ඒ වගේම ලොකු වගකීමක් රටවල් දහයක් නියෝජනය වෙමින් පවත්වන මේ තරගයට ලොකු සහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

Omi Batiks තුළින් මොනවගේ සංකල්පයක් ද ඔබ මෙම තරගාවලිය සදහා ඔබ භාවිත කිරීමට සූදානම් වන්නේ?
අපි ගොඩක්ම නිර්මාණ කරන්න ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට අපිට ඕනම නිර්මාණයක් කස්ටම කැමති විදියට අපේ අතින්ම හදලා දෙනවා. මේ ලැබුණ අවස්ථාව මෙහේ නිර්මාණ අපිට ලෝකෙට අරන් යන්න පුළුවන්. අපේ නිර්මාණ ලංකාව ඇතුලේ වගේම රටෙන් එළියෙත් ලස්සන කොල්ලො කෙල්ලො අතරට අරන් යන්න ලැබුණ දේම ලොකු සතුටක්.
මෙවැනි තරගයක් සූදානම් කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අපි ඕනම බතික් bridal , party wear නිර්මාණ customer made විදියට කරනවා. Customer ගෙ හිතේ මැවිච්ච ඒ ලස්සන නිර්මාණ ඒ විදියටම අපේ අතින් හැඩ කරලා දෙනවා. මේ සියලු නිර්මාණ මුල සිටම හැදෙන්නේ මගේ අතින් මගේ ආයතනයේ තමයි බතික් නිර්මාණ පවා සිදුවෙන්නේ.

ඔබේ නිෂ්පාදන මිළදී ගන්න අයට ඔබව සම්බන්ධ කරගත හැකි ආකාර
අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපේ social media pages හරහා.
Omi batik Omi Bridals Facebook,instagram සහ tiktok ඔස්සේ සම්බන්ධ කරගත හැකි ය.
එමෙන්ම +94 (72) 277 2554 whatsapp අංකය ඕන වෙලාවක කතා කරන්න පණිවිඩයක් තියන්න.
සටහන – බිනාලි රාජපක්ෂ